gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B7%93+%E0%B6%92+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B7%93+%E0%B6%92+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%83%E0%B7%93%20%E0%B6%92%20%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5307754603393562384"},"published":{"$t":"2015-10-01T20:59:00.001+05:30"},"updated":{"$t":"2015-10-02T20:52:37.017+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"එදා ජිනීවා ප්\u200dරශ්නයට ඡේ.ආර්. මුහුණදුන් හැටි - බෑණා මාමාගෙන් ඉගෙන නොගත් පාඩම..."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-c3arcV-EXdA/Vg1RMPsZJCI/AAAAAAAAEkY/GyF8mGjUz6o/s1600/JR-Jayawardene-Ranil-Wickremasinghe.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"236\" src\u003d\"http://4.bp.blogspot.com/-c3arcV-EXdA/Vg1RMPsZJCI/AAAAAAAAEkY/GyF8mGjUz6o/s400/JR-Jayawardene-Ranil-Wickremasinghe.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eලංකාට එක්සත් ජාතීන්ගේ සංගමයේ අවහිරතා වලට මුහුණ දීමට සිදුවිම මහින්ද රාජපක්ෂ පාලන සමයේ දුර්වලතා නිසා ඇති වුවයි කියන අය ට රට මුහුණ දෙන මෙම ගැටළුවේ සැබැ ඉතිහාසය දන්නේ නැත. සත්\u200dයය නම් ලංකාව එදා මෙදා තුර , ඇමරිකානු ගැති රජයන් පාලනය කරන කාලයේ සිට පවා මෙම ප්\u200dරශ්නයට මුහුණ දි ඇත. මෙය මහින්ද විසින් ඇති කළ මහින්ද ගේ ප්\u200dරශ්නයක් නොවන බවත් මෙය මිට කලින් සිට අපිට තිබෙන ප්\u200dරශ්නයක් බවත් ප්\u200dරවීන මාධ්\u200dය වේදි චන්ද්\u200dරප්\u200dරේම මහතා ගේ මෙම ලිපියෙන් පැහැදිලි වේ. මෙම ලිපිය ලියා ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ බව සළකන්න. \u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003e 1983 ජුලි කලබලවල සිට 1989 පෙබරවාරි මස ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන විශ්\u200dරාම යනතෙක්\u200c සෑම වසරකම එනම් 1983, 1984, 1985, 1986, 1987හා 1988 එක්\u200cසත් ජාතීන්ගේ සංවිධානය තුළ ලංකාවට අභියෝගවලට මුහුණ දීමට සිදුවිය. එකල මානව හිමිකම් කවුන්සිලය හඳුන්වනු ලැබුවේ “මානව හිමිකම් කොමිසම” හැටියටය. මේ ප්\u200dරධාන මානව හිමිකම් කොමිසමට අමතරව එකල එයටම අනුබද්ධ “සුළු ජාතීන් සුරැකීමේ අනුකමිටුවක්\u200c” ද විය. මෙකී අනු කමිටුවද වාර්ෂිකව රැස්\u200cවූ අතර ඔවුන්ද නොයෙක්\u200c යෝජනා සම්මත කර ගත්තේය. එම නිසා ඡේ. ආර්. ජයවර්ධන ආණ්\u200cඩුවට සෑම වසරකම මානව හිමිකම් කොමිසම රැස්\u200cවන මාර්තු මාසයේත් සුළු ජාතීන් සුරැකීමේ කමිටුව රැස්\u200cවන අගෝස්\u200cතු මාසයේත් මේ ජාත්\u200dයන්තර අභියෝගයට මුහුණ දීමට සිදුවිය. මේ යුගයේ අවුරුදු 4ක්\u200c ඇතුළත ලංකාවට එරෙහිව යෝජනා 4ක්\u200c සම්මත විය. යෝජනාවක් \u200cසම්මත වූවත් නැතත් සෑම සැසි වාරයකදීම මානව හිමිකම් කොමිසමේත් එහි අනුකමිටුවේත් විවිධ සාකච්ඡා මාතෘකාවන් යටතේ බටහිර ආණ්\u200cඩු හා රාජ්\u200dය නොවන සංවිධාන ලංකාවේ ආණ්\u200cඩුවට එරෙහිව දිගින් දිගටම දීර්ඝ විස්\u200cතර කථන ඉදිරිපත්කරන ලදී. එකල එජාපය මේ අභියෝගයට මුහුණ දුන් ආකාරය වත්මන් ආණ්\u200cඩුවට යම් මගපෙන්වීමක්\u200c ලබා ගැනීමට හැක.\u003cbr /\u003e \u003cbr /\u003e ලංකාවට එරෙහිව එක්\u200cසත් ජාතීන්ගේ සංවිධානය තුළ මුලින්ම යෝජනාවක්\u200c ගෙන එනු ලැබුවේ 1983 ජුලි කලබලවලට පසුවය. ඒ මානව හිමිකම් කොමිසමේ සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව තුළය. 1983/16 අංකය දරන මෙකී යෝජනාව “ලංකාවේ ජාතිවාදී ප්\u200dරචණ්\u200cඩත්වය” යන මැයෙන් මෙම අනුකමිටුවේ 1983 අගෝස්\u200cතු 15 සිට සැප්තැම්බර් 9 දක්\u200cවා පවත්වන ලද 36 වැනි සැසි වාරයේදී සම්මත විය. මෙම යෝජනාවේ ලංකාවේ හටගත් ජාතිවාදී ප්\u200dරචණ්\u200cඩත්වය ගැනත් මනුෂ්\u200dය ඝාතන හා දේපළ විනාශය ගැනත් එම අනු කමිටුවේ කනස්\u200cසල්ල පළ කරන ලද අතර ලංකාවෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටින මෙන් එක්\u200cසත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට උපදෙස්\u200c දෙන ලදී. එමෙන්ම මානව හිමිකම් කොමිසම විසින් මේ පිළිබඳව විමර්ශනයක්\u200c කළ යුතු බවද ඔවුන් යෝජනා කරසිටියේය.\u003cbr /\u003e \u003cbr /\u003e මේ යෝජනාව සම්මත වීමෙන් ඡේ. ආර්.ජයවර්ධන ආණ්\u200cඩුව හෙල්ලුම් කෑවේය. 1983 ජුලි කලබල වලදී සිදුවූ දුර්දාන්ත ක්\u200dරියාවල හැටියට ඒ ගැන එක්\u200cසත් ජාතීන්ගේ සංවිධානය අවධානය යොමු වීම ගැන කිසිවකුට වරදක්\u200c කිව නොහැක. නමුත් 1983 ජුලි කලබල වලදී මිනී මැරුම්, මංකොල්ල කෑම් හා දේපළ විනාශය මහ පරිමාණයෙන් සිදුවූ බව සත්\u200dයයක්\u200c වුවත් මෙකී පළමු යෝජනාවෙන් පැහැදිළි වූ කරුණක්\u200c වූයේ ජාත්\u200dයන්තර ප්\u200dරජාව මේ ප්\u200dරශ්නයේ එක්\u200c පැත්තක්\u200c දෙස පමණක්\u200c බලන බවයි. මේ ජාතිවාදී කෝලාහලයට සෘජුවම හේතුවූ දෙමළ ත්\u200dරස්\u200cතවාදී ප්\u200dරශ්නය ගැන කිසිදු සඳහනක්\u200c එහි නොවීය. එකල මෙම පළමු යෝජනාවේදී  ලංකාවට එරෙහිව ඡන්දය දුන් රටවල් වූයේ නෝර්වේ, බෙල්ජියම, ග්\u200dරීසිය, ප්\u200dරංශය, මෙක්\u200cසිකෝව, කොස්\u200cටාරිකාව, පේරු රාජ්\u200dයය, ඇමරිකා එක්\u200cසත් ජනපදය, බ්\u200dරිතාන්\u200dයය හා ඊජිප්තුව යන රටවල්ය. ශ්\u200dරී ලංකාවට පක්\u200dෂව ඡන්දය දුන් රටවල් වූයේ ඉරාකය, සුඩානය, පකිස්\u200cතානය, සිරියාව, සෝවියට්\u200c රුසියාව, යුගෝස්\u200cලාවියාව, ඉතියෝපියාව හා බංග්ලාදේශයයි. ඡන්දය ප්\u200dරකාශ කිරීමෙන් වැළකී සිටි රටවල් අතර සැම්බියාව, ඝානාව, ආජන්ටිනාව හා ඉන්දියාවවිය. නයිජීරියාව, මොරොක්\u200cකෝව, රුමේනියාව හා පැනමා යන රටවල් ඡන්දය ප්\u200dරකාශකරන අවස්\u200cථාවේ සභාවේ සිටියේ නැත. මෙහිදී සැලකිල්ලට ගත යුතු ප්\u200dරධාන කාරණයක්\u200c වන්නේ එකල කොමියුනිස්\u200cට්\u200c රාජ්\u200dයයක්\u200c වූ සෝවියට්\u200c රුසියාව එදත් ධනවාදී පිලේ රටක්\u200c වූ ලංකාවට පක්\u200dෂව සිටි බවයි. මේ අවස්\u200cථාවේදී ඉන්දියාව ද මුලින්ම ලංකාවට එරෙහිව සිටි අතර ලංකාවේ නියෝජිතයන් ඉන්දියාවේ ඇසෑම් ප්\u200dරාන්තය තුළ සිදුවන දේවල් වැනි ප්\u200dරශ්න සුළු ජාතීන් සුරැකීමේ කමිටුව තුළ ඉදිරිපත් කරනවා යෑයි කී විට ඉන්දියාව අඩියක්\u200c පස්\u200cසට ගෙන ලංකාවට එරෙහිව ඡන්දය දෙන්නේ නැතිව ඡන්දය ප්\u200dරකාශ කිරීමෙන් වැළකී සිටියේය.\u003cbr /\u003e \u003cbr /\u003e මේ මුල් යෝජනාවට ලංකාව ප්\u200dරතිචාර දැක්\u200cවූයේ 1984 ජනවාරි 03 වැනිදා එක්\u200cසත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට ලංකාවේ පවතින තත්ත්වය විස්\u200cතර කරමින් දීර්ඝ ලිපියක්\u200c ලිවීමෙනි. 1983 ජූලි කලබල අසාමාන්\u200dය සිද්ධියක්\u200c බවත් 1983 ජුලි කලබල ගැන පමණක්\u200c කතා කොට එයට හේතු වූ දෙමළ බෙදුම්වාදී ත්\u200dරස්\u200cතවාදය ගැන කිසිවක්\u200c කියා නොතිබීම ගැන එම ලිපියේ කනස්\u200cසල්ල පළකරන ලදී. එමෙන්ම ලංකාවේ දෙමළ ප්\u200dරජාවට රැකියා, අධ්\u200dයාපන හා භාෂා ක්\u200cෂේත්\u200dරවල අසාධාරණකම් සිදුවනවාය යන චෝදනාවට ද එම ලිපියේ සවිස්\u200cතරාත්මකව පිළිතුරු දී තිබුණි.\u003cbr /\u003e \u003cbr /\u003e ජුලි කලබල වලදී ප්\u200dරචණ්\u200cඩකාරී ලෙස හැසිරීම හේතුවෙන් සිරභාරයට ගෙන සිටින 6700 කට අධික කලබලකාරීන් ගැනත් එම ලිපියේ දීර්ඝ විස්\u200cතරයක්\u200c තිබුණි.\u003cbr /\u003e \u003cbr /\u003e 1984 පෙබරවාරි 6ත් මාර්තු 16ත් අතර එක්\u200cසත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම 40 වැනි සැසි වාරය සඳහා රැස්\u200cවූ විට එකී ලිපිය ඔවුන් සැලකිල්ලට ගෙන1984/111අංකය දරණ යෝජනාව සම්මත කර ගැනීමෙන් කියා සිටියේ සපයා ඇති විස්\u200cතර ගැන එම කොමිසම ශ්\u200dරී ලංකා ආණ්\u200cඩුවට ස්\u200cතුතිවන්ත වන බවයි. අදාළ සියලු පාර්ශ්වවලට සාමය සුරකින ලෙස ඉල්ලා සිටින බවත් 1984 ජනවාරියේ සිට ආරම්භ වූසර්ව පාක්\u200dෂික සමුළුවට සුබ පතන බවත් මින් ඉදිරියට මේ කාරණය සාකච්ඡා කිරීම අවශ්\u200dය නැති බවත් කියමින් යෝජනාවක්\u200c සම්මත විය. ඒ 1984 මාර්තු මාසයේය.නමුත් එම වසරේම අගෝස්\u200cතු මාසයේදී එම කොමිසමේ සුළු ජාතීන් සුරැකීමේ අනුකමිටුව රැස්\u200cවූ විට ඔවුන් ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක්\u200c සම්මත කරගත්තේය.\u003cbr /\u003e \u003cbr /\u003e සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුවේ1984/32 අංකය දරන මෙම යෝජනාවේදී ලංකාවට පක්\u200dෂව ලැබුණේ ඡන්ද 3ක්\u200c පමණි. මෙම යෝජනාවේදී ලංකාවේ නැවත වරක්\u200c ප්\u200dරචණ්\u200cඩ ක්\u200dරියා ඇවිළී යාම ගැන කනස්\u200cසල්ල පළකර තිබූ අතර මෙහිදී ඇතිවන ජීවිත හානිය හා දේපල විනාශය ගැනත් ශ්\u200dරී ලංකාවේ පුරවැසියන් ආරක්\u200dෂා කිරීමේ අවසන් වගකීම ඇත්තේ ආණ්\u200cඩුවට බවද මෙම යෝජනාවේ සඳහන් විය. මෙහිදී සියලුම පාර්ශ්වවලට සාමය සුරැකීමට ආයාචනය කරන ලද අතර සර්වපාක්\u200dෂික සමුළුවෙන් බලාපොරොත්තු වන ප්\u200dරගතිය ලැබෙනු ඇති බවට ද අපේක්\u200dෂාව ප්\u200dරකාශ කර සිටින ලදී. සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව තුළ සම්මත වූ 1984/32 යන මෙම යෝජනාව ඊට කලින් ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනා දෙකටම වඩා භයානක වූ බව කිව යුතුය. මෙම යෝජනාවේ මොවුන් “ප්\u200dරචණ්\u200cඩත්වය” යෑයි හැඳින්වූයේ 1983 ජුලි කලබල වලදී දෙමළ සිවිල් වැසියන් මැරීම හෝ කඩ ගිනිතැබීම නොව ආණ්\u200cඩුව හා ත්\u200dරස්\u200cතවාදීන් අතර ඇතිවන ගැටුම් ගැනය. එම යෝජනාවෙන් වැළැක්\u200cවීමට උත්සාහ දැරුවේ ආණ්\u200cඩුව ත්\u200dරස්\u200cතවාදීන්ට එරෙහිව උතුරු නැගෙනහිර ප්\u200dරදේශවල ගනිමින් සිටි ක්\u200dරියාමාර්ග මිස අන් කිසිවක්\u200c නොවේ.\u003cbr /\u003e \u003cbr /\u003e මේ සියලුම යෝජනාවලින් බලාපොරොත්තු වූයේ මේ යෝජනා ගෙන එන බටහිර රටවල් විසින් ලංකාවේ දේශපාලන ක්\u200dරියාවලිය තමන්ගේ අතට ගැනීමයි. 1984 අගෝස්\u200cතු මාසයේ දී සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව විසින් ලංකාවට එරෙහිව එවැනි යෝජනාවක්\u200c සම්මත කරගන්නා අතරතුර ඇමරිකා එක්\u200cසත් ජනපදයේ කොංග්\u200dරස්\u200c මණ්\u200cඩලයේ මානව හිමිකම් අනු කමිටුව හා විදේශ කටයුතු අනු කමිටුව ඒකාබද්ධව ලංකාවේ තත්ත්වය පිළිබඳව වෙනමම විමර්ශනයක්\u200c ආරම්භ කොට තිබුණි. එපමණක්\u200c ද නොව ජිනීවා නුවර සුළු ජාතීන් සුරැකීමේ කමිටුව රැස්\u200cවූ අවස්\u200cථාවේදී එකල දෙමළ එක්\u200cසත් විමුක්\u200cති පෙරමුණේ චාවකච්චේරි මන්ත්\u200dරීවරයා වූ වී. නවරත්නම් දෙමළ කණ්\u200cඩායමක්\u200c සමග ලංකාවට එරෙහිව කරුණු දැක්\u200cවීමට ජිනීවා නුවරට ගොස්\u200c සිටියේය. එපමණක්\u200c ද නොව එම අනු කමිටුව ජිනීවා නුවර සැසි වාරය ආරම්භ කර තිබූ අවස්\u200cථාවේදී එකල මුළු ස්\u200cවිට්\u200cසර්ලන්තය පුරාම එක්\u200cතරා රූපවාහිනි නාලිකාවක්\u200c ලංකාවට එරෙහි වැඩසටහනක්\u200c විකාශය කරමින් සිටියේය. මෙම වැඩසටහනේ ඉංජිනේරුවකු යෑයි කියා ගත් දෙමළ පුද්ගලයෙක්\u200c ලංකාවේ දෙමළ මිනිසුන්ට මුහුණදීමට සිදුවූ වෙනස්\u200cකම් පිළිබඳ විස්\u200cතර කතනයක්\u200c කරන ලදී.\u003cbr /\u003e \u003cbr /\u003e මේ අනුව බලන කල අවුරුදු 30ක්\u200c මුළුල්ලේ ජිනීවා නුවර ලංකාවට ඇති අභියෝගය අබඇටයකින් වත් වෙනස්\u200c වී නැත. බටහිර ජාතීන් ලංකාවට එරෙහිව යෝජනා පිට යෝජනා ගෙනඑයි. උතුරේ දෙමළ දේශපාලනඥයන් ජිනීවාවලට ගොස්\u200c ලංකාවට එරෙහිව කරුණු කියයි. ඒ අතරතුර බටහිර රටවල රූපවාහිනි නාලිකා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අතරතුර ලංකාවට එරෙහිව වැඩසටහන් විකාශය කරයි. එදත් අදත් අතර ඇති සමාන කමකාටත් මෙයින්ම පැහැදිලි වනු ඇත. 1984 දී දෙමළ ත්\u200dරස්\u200cතවාදීන්ට තිබුණේ පැරණි ගිනි අවි කීපයක්\u200c පමණි. ඔවුන්ට මෝටාර් එකක්\u200c වත් නොතිබුණි. ඒ කාලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිටියේ නැත. මුහුදු කොටි ඒකකය තිබුණේත් නැත.එතැන් සිට ක්\u200dරම ක්\u200dරමයෙන් දෙමළ ත්\u200dරස්\u200cතවාදීන් බලගතු ත්\u200dරස්\u200cතවාදී හමුදාවක්\u200c බවට පත් වී මල්ටි බැරල් රොකට්\u200c විදින, මි. මී. 152 කාලතුවක්\u200cකු දඅතැතිව එක සටනකදී යුද හමුදාවේ සම්පූර්ණ බලඇණි පිටින් ඝාතනය කරන තත්ත්වයට පත් වී මහ මුහුදේ ඩෝරා වැනි විශාල යුද යාත්\u200dරා විනාශ කිරීමටත්, කොළඹට ගුවනින් බෝම්බ දැමිය හැකි තත්ත්වයටත් වර්ධනය විය. ඉන්පසු රාජපක්\u200dෂ ආණ්\u200cඩුව ඒ ත්\u200dරස්\u200cතවාදී ත්\u200dරිවිධ හමුදාව විනාශ කර දැමුවේය. නමුත් එදා මෙදා ලංකාව තුළමේ සියල්ල සිදුවන අතරතුර ජිනීවා නුවර නාටකය වසරක්\u200c පාසා එකම ආකාරයට එකම අංග සහිතව නොකඩවා රඟදක්\u200cවා ඇත.\u003cbr /\u003e \u003cbr /\u003e මානව හිමිකම්ක වුන්සිලයෙන් ජනාධිපති මහින්ද රාජපක්\u200dෂට ඉස්\u200cපාසුවක්\u200c නොලැබෙන සේම ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනටත් කිසිදු ඉස්\u200cපාසුවක්\u200c නොලැබුණි. බටහිර බලවතුන් 1985 දීද සුළු ජාතීන් සුරැකීමේ අනුකමිටුවේ 38 වැනි සැසි වාරයේද ලංකාවට එරෙහි යෝජනාවක්\u200c සම්මත කර ගැනීමට උත්සාහ කළේය. කැනඩාව, ප්\u200dරංශය, මෙක්\u200cසිකෝව, ආජන්ටිනාව හා කොලොම්බියාව මූලිකත්වයෙන් මේ යෝජනාව ගෙන එනු ලැබූ අතර එයට සහයෝගය මදිවීම නිසා අතහැර දමන ලදී. මේ සියලුම යෝජනා වල මූලික පරමාර්ථය වූයේ ආණ්\u200cඩුව විසින් හමුදාමය බලය යොදවා ත්\u200dරස්\u200cතවාදය මැඩීම වැළැක්\u200cවීමය. 1986 දී ලංකාවට එරෙහිව යෝජනාවක්\u200c ගෙන එනු ලැබුවේ නැතත් මානව හිමිකම් කොමිසම තුළත් සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුව තුළත් ලංකාවට එරෙහිව බටහිර රටවල් හා රාජ්\u200dය නොවන සංවිධාන දීර්ඝ විස්\u200cතර කථන කරන ලදී.\u003cbr /\u003e \u003cbr /\u003e ඡේ.ආර්. ජයවර්ධන යුගයේදී ලංකාවට එරෙහි බරපතළම යෝජනාව ගෙන එනු ලැබුවේ 1987 මාර්තු මාසයේ මානව හිමිකම් කොමිසමේ 43 වන සැසි වාරයේදීය. 1987/61 අංකය දරණමෙම යෝජනාව ඉන්දියාවේ මූලිකත්වයෙන් ගෙන එනු ලැබූවකි. “ලංකාවේ තත්ත්වය” යන මැයෙන් වූ මේ යෝජනාවේ මුඛ්\u200dය පරමාර්ථය වූයේ ද යුදමය බලය යොදවා ත්\u200dරස්\u200cතවාදය පරාජය කිරීම වැළැක්\u200cවීමයි. නමුත් 1987මාර්තු මාසයේ මෙම යෝජනාව සම්මත කොට  සති 8ක්\u200c ගතවීමට පෙර ඡේ. ආර්. ජයවර්ධන ආණ්\u200cඩුව කළේ 1987 මැයි මාසයේදී යාපනය අත්පත් කර ගැනීමට වඩමාරච්චි මෙහෙයුම දියත් කිරීමයි. මෙය එතෙක්\u200c ත්\u200dරස්\u200cතවාදීන්ට එරෙහිව කර තිබූ විශාලම යුද මෙහෙයුම විය. ඒ අනුව ඊට සතිකීපයකට පෙර මානව හිමිකම් කොමිසම සම්මත කර තිබූ යෝජනාව ඡේ. ආර්. ජයවර්ධන මහතා සත පහකටවත් ගණන් ගත්තේ නැති බව පැහැදිලිය.\u003cbr /\u003e \u003cbr /\u003e ඒ කාලයේ තීන්දු ගැනීම අතිශයින්ම සරල ක්\u200dරියාවක්\u200c විය. එජාප ආණ්\u200cඩුවත් ජනතාවත් සිටියේ කොයි මොහොතක හෝ මැරුම් කෑමට සිද්ධවනු ඇතැයි යන හැඟීමෙනි. මේ නිසා ජිනීවා නුවර කුමක්\u200c කීවත් එජාප ආණ්\u200cඩුවට ඒ කිසිවක්\u200c ඇසුනේ නැත. අද තමන්ගේ ආණ්\u200cඩුවටත් ජිනීවා නුවර වසරක්\u200c පාසා යෝජනා සම්මත වූ බවට එජාපයේ කිසිවෙක්\u200c තුළ මතකයක්\u200c ද නැත. අද සිදුවී තිබෙන්නේ වෙඩි ශබ්දය බෝම්බ ශබ්දය හා ත්\u200dරස්\u200cතවාදීන් නොමැති නිසා ලංකාවේ මිනිසුන්ට වෙන කතා කිරීමට මාතෘකාවක්\u200cද නැති නිසා ජිනීවා වලින් ඇසෙන හඬ මුල් වරට ඇසෙන්නට පටන්ගෙන තිබීමේ කාරණයකි. මේ එන ප්\u200dරශ්නවලට මුහුණදිය යුතු ආකාරය ඡේ. ආර්. ඒ කාලයේදීම අපට පෙන්වා දී ඇත. ඒ ජිනීවා නුවරින් මතුවන චෝදනාවලට හැකි ආකාරයට පිළිතුරු දීලංකාවේ සිදු කළ යුතු දේවල් ලංකාවේ ආණ්\u200cඩුවට අවශ්\u200dය පරිදි සිදු කරගෙන යැමේ පූර්වාදර්ශයයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cb\u003e-සී ඒ චන්ද්\u200dරප්\u200dරේම\u003c/b\u003e\u003cbr /\u003e[දිවයින 2014/02/03]\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5307754603393562384/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/JRGeneva.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5307754603393562384"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5307754603393562384"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/JRGeneva.html","title":"එදා ජිනීවා ප්\u200dරශ්නයට ඡේ.ආර්. මුහුණදුන් හැටි - බෑණා මාමාගෙන් ඉගෙන නොගත් පාඩම..."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-c3arcV-EXdA/Vg1RMPsZJCI/AAAAAAAAEkY/GyF8mGjUz6o/s72-c/JR-Jayawardene-Ranil-Wickremasinghe.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});