gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%83%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6505039349648202627"},"published":{"$t":"2014-10-31T09:30:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:45:27.348+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සරච්චන්ද්\u200dර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සිංහල"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමාජ විචාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගුණදාස අමරසේකර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සාහිත්\u200dය හා විචාර"}],"title":{"type":"text","$t":"සරච්චන්ද්\u200dරයන් එක්තරා යුගයක්, එක්තරා සමාජ බලවේගයක් "},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"strap\" style\u003d\"background-color: white; color: #002166; font-family: 'Malithi Web'; font-size: 17px; margin-bottom: 1px; margin-top: 1px;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-Gfz1Xv3CjUg/VFMEQjxH8WI/AAAAAAAABL0/i0NezugOmE0/s1600/sarachchandra.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-Gfz1Xv3CjUg/VFMEQjxH8WI/AAAAAAAABL0/i0NezugOmE0/s1600/sarachchandra.jpg\" height\u003d\"366\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eගුණදාස අමරසේකර\u003cbr /\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"color: maroon;\"\u003eදිවි ම\u200dඟෙහි සැඩ සුළං\u003cbr /\u003eහෙණ ගිගුම් කළු වලා\u003cbr /\u003eඅතරතුර නොසැලෙමින්\u003cbr /\u003eනඟා ගත් හිස ඇතිව\u003cbr /\u003eනැඟුණු රන් කොත් අයුරු\u003cbr /\u003eමොහු ද නොසැලී සිටියි...\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"color: maroon;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: maroon;\"\u003eරාමනාදන් ශාලාවේ වහලයේ රන්කොත සරච්චන්ද්\u200dරයන්ට උපමා කරමින් ‘රන්කොත’ නම් කාව්\u200dය රචනා කරන ගුණදාස අමරසේකරයන් තරම් සරච්චන්ද්\u200dරයන්ගේ ජීවන ගමන ගැන විග්\u200dරහයක යෙදෙන්නට සුමට වූ කෙනෙක් පිළිබඳ මා මතකයට නොනැ\u200dඟේ. අමරසේකරයන්, සරච්චන්ද්\u200dරයන්ගේ භාව පූර්ණ, රස පූර්ණ නිර්මාණකරණයේ සැබෑ ස්වරූපය පිළිබඳ සවිඥානික ව පුද්ගලබද්ධ විචාරයකින් තොර ව ඒ නිර්මාණයන්ට පසුබිම් වූ සමාජ, ආර්ථික, දේශපාලන කියැවීම ද මේ සංලාපය ඔස්සේ මැනවින් අවධාරණය කරයි. සරච්චන්ද්\u200dරයන්ගේ සාර්ථකත්වයට තුඩු දුන් කාරණා මෙන් ම ඔහුගේ පැවැති දුර්වලතා ද පමණක් නොව ඔහු එක්තරා යුගයක් නියෝජනය කරන දේශීය බුද්ධිමතා වශයෙන් ද හේ මෙහිදී සරච්චන්ද්\u200dරයන් හඳුනා ගනී. මේ කියැවීම බෙහෙවින් වැදගත් වන්නේ ප්\u200dරශස්ති හෝ නිර්දය විචාරයකින් තොර ව විචාරක්ෂියෙන් යුතු ව සරච්චන්ද්\u200dරයන් අවලෝකනය කරනා බැවිනි. ජන්ම ශත සංවත්සරය සමරන මේ මොහොතේ සරච්චන්ද්\u200dර උපහාර කලාපයෙන් මුවදොර වදනට අමරසේකරයන් මේ ගෙන එන ආලෝකය සරච්චන්ද්\u200dර කියැවීමේ නව මාන උදාකරන බැව් අවිවාදිත ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"color: maroon;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-Gfz1Xv3CjUg/VFMEQjxH8WI/AAAAAAAABL0/i0NezugOmE0/s1600/sarachchandra.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cbr /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cb\u003eඔබ සරච්චන්ද්\u200dරයන් හඳුනාගන්නේ 50 දශකයේ මුල් භාගයේ පමණ බව මා අසා තිබෙනවා.\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nනෑ. ඊටත් ටිකක් කලින්. 40 දශකයේ අගභාගයේ පමණ. ඒ කාලෙ මම හිටියෙ විශ්වවිද්\u200dයාල ප්\u200dරවේශ පන්තියේ. සරච්චන්ද්\u200dර මහත්තයා එංගලන්තයට ගිහින් පශ්චාත් උපාධිය නිමා කරලා ආව අලුත. එතුමා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහනක් ආරම්භ කළා ‘යෞවන සමාජය’ කියලා. තරුණ පිරිස් හැටියට අපි මේකට ඒ කාලෙ කන් දුන්නා. මමත් මේ වැඩසටහනට කතාවක් යැව්වා. ‘හ\u200dඳේ පෙම්වතා’ ඒකෙ නම. ඒ කතාව සරච්චන්ද්\u200dරයන් බොහොම අගය කරලා නාට්\u200dයමය ස්වරූපයෙන් ඉදිරිපත් කළා. ඊට පස්සේ දිගින් දිගටම සම්බන්ධතාව ඇතිවුණා. රිජ්වේ තිලකරත්න, පී. වැලිකල ඇතුළු අපි කීප දෙනෙක් ඒ වැඩසටහන නිසා තමයි සරච්චන්ද්\u200dරයන් හඳුනා ගත්තේ. එතුමා ඒ කාලෙ හිටියේ ඩික්මන් පාරේ මොරිස් ඇවනිව් එකේ. අපි නිතර ම එතැනට ගියා.\u003c/div\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eවිදෙස් ප්\u200dරකාශන සමාගමකින් පළ කළ කෙටිකතා සංග්\u200dරහයකට ඔබ ඉදිරිපත් කළ කෙටිකතාවක් ඉංග්\u200dරිසියට පරිවර්තනය කළෙත් සරච්චන්ද්\u200dරයන් යැයි ඔබ පුවත්පතකට පවසා තිබුණා.\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඔව්. පනහේ දශකයේ මුල් භාගයේ ලංකාදීප පත්තරේ තිබුණා ‘ජගත් කෙටිකතා තරගය’ කියලා එකක් ගැන. මමත් මේකට කෙටිකතාවක් යැව්වා. මෙහි විනිශ්චය මණ්ඩලයේ හිටියේ සරච්චන්ද්\u200dර, එම්. ජේ. පෙරේරා වගේ අය. ඉතින් ඔබ කිව්වා වගේ එතුමා මගේ කෙටිකතාවක් තේරුවා පමණක් නොවෙයි එය ඉංග්\u200dරීසියට පරිවර්තනයත් කළා.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eසරච්චන්ද්\u200dරයන්ට පේරාදෙණිය විශ්වවිද්\u200dයාලයේ කථිකාචාර්ය ධුරයක් ලැබී නික්ම යාමත් සමඟ ඔබ සමඟ පැවැති ඇසුර දුරස් වූවා ද?\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nසරච්චන්ද්\u200dරයන් මුලින් ම හිටියේ කොළඹ විශ්වවිද්\u200dයාලයේ, පාලි අංශයේ. සිංහල අධ්\u200dයයන අංශයේ නොවෙයි. ඔහු දර්ශනශූරී උපාධිය කළෙත් බෞද්ධ දර්ශනය විෂයෙන්. ඊට පස්සෙ තමයි පේරාදෙණිය සිංහල අධ්\u200dයයන අංශයට ගියේ. සරච්චන්ද්\u200dර කියන මේ පුද්ගලයා ඒ යුගය, ඒ සමාජය ඒ අවදිය මත තබලා සලකා බැලීම ඉතා වැදගත්. සරච්චන්ද්\u200dර මහත්මයා ගැන ගැඹුරින් අවබෝධයක් ලබාගන්න නම් ඒක අවශ්\u200dයයයි. මම හිතන හැටියට සරච්චන්ද්\u200dර කියන්නේ පුද්ගලයකුට වඩා එක්තරා යුගයක, එක්තරා බලවේගයක සංකේතයක් වැනි පුද්ගලයෙක්. එය අපි ගැඹුරින් වටහා ගත යුතුයි. බොහෝ දෙනකුට මේක තේරෙන්නෙ නැහැ. තවත් නාට්\u200dයකාරයකු, නවකතාකාරයකු විදියටයි අනෙක් අයට එතුමාව පෙනෙන්නේ.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nමම හිතන හැටියට මේ රටේ ඉංග්\u200dරීසිකාරයන් ව්\u200dයාප්ත කරපු අධ්\u200dයාපනයෙන් පහළ වෙච්ච පළමුවැනි බුද්ධිමතා සරච්චන්ද්\u200dරයන්. මාර්ටින් වික්\u200dරමසිංහ, සෙනරත් පරණවිතාන වගේ අය ඉංග්\u200dරීසි ඉගෙන ගත්තට ඉංග්\u200dරීසිකාරයන් විසින් මෙරට ව්\u200dයාප්ත කරපු ඔවුන්ගේ අධ්\u200dයාපනය ලබලා බිහිවෙච්ච අය නොවෙයි. එසේ බිහි වූ පළමු බුද්ධිමතා, ප්\u200dරාඥයා සරච්චන්ද්\u200dර කියලා මම හිතනවා. මෙය වර්තමාන පරපුර දැනගත යුතු කාරණයක්. අධිරාජ්\u200dයවාදීන්ගේ අරමුණ වුණේ ඔවුන් අනුව යන අධිරාජ්\u200dයවාදී ගැති පිරිසක් අධ්\u200dයාපනය මඟින් බිහි කරගන්නයි. මේ රටේ විශ්වවිද්\u200dයාල පටන් ගත්තේත් ඒ අරමුණින්. එහෙම නැතිව රට ගැන, ජාතිය ගැන අවධානය යොමු කරපු බුද්ධිමතුන් පිරිසක් බිහි කිරීම නොවෙයි ඔවුන්ගේ අරමුණ වුණේ. ඉතින් ඒ අවදියේ තමයි සරච්චන්ද්\u200dර කියන මේ පුද්ගලයා අපට හමුවෙන්නේ. ඒ අවදියේත් මේ රටේ හිටියා උසස් පන්තියක්, ඒ වගේම උසස් මධ්\u200dයම පන්තියක්. මේ අයට තිබුණේ රට ගැන, ජාතිය ගැන හැඟීමක් නොවෙයි.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඒ පෙළැන්තියේ බොහෝ අයගේ ඒකායන අරමුණ වුණේ සිවිල් සේවයට එකතු වීම. නමුත් සරච්චන්ද්\u200dරයන් මේ ජනප්\u200dරිය මාර්ගය ප්\u200dරතික්ෂේප කරනවා. ඒ කාලේ සිවිල් සේවයට එකතු වෙනවා කියන්නේ ජීවිතයේ මුදුන් පෙත්තට ළඟාවුණා වගේ හැඟීමක් තිබුණු කාලයක්. ඒක පිටුදැකපු එක ම පුද්ගලයා සරච්චන්ද්\u200dරයන්. එවැනි තීරණයක සිටීම ඒ කාලේ ඉතා අසීරු දෙයක්. නමුත් ඔහුට අවශ්\u200dය වුණේ සිවිල් සේවයට යන්න නොවෙයි.\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-Md0z8CX9Xoo/UoGpdfWlOwI/AAAAAAAAANU/XYRSCiLPqQw/s1600/20110607194153917_1.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-Md0z8CX9Xoo/UoGpdfWlOwI/AAAAAAAAANU/XYRSCiLPqQw/s1600/20110607194153917_1.jpg\" height\u003d\"255\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cb\u003eනමුත් ඔහු සිවිල් සේවා තරග විභාගය සඳහා පෙනී සිටිනවා.\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඔව්. මවුපියන්ගේ බල කිරීම මත එතුමා තරග විභාගය සඳහා පෙනී සිට තිබෙනවා. ඔහු ප්\u200dරශ්න පත්\u200dරවලින් ඊට සුදුසුකම් ලැබුවා. හැබැයි වාචික පරීක්ෂණයට යද්දි ඔහු නේරු කැප් එකක් දාගෙන ගිහින් තියෙනවා, ඒ මේකෙන් ගැලවෙන්න හිතාගෙන. ඔහුට එත\u00adැනදි ලකුණු පහයි ලැබිලා තියෙන්නේ. 5 ක් දීලා තියෙන්නේ ඊට වැඩිය ලකුණු දුන්නානම් තේරෙන නිසාලු. ඔහුත් එක්ක එකටම හිටිය එම්. ජේ. පෙරේරා, ඩී. ජේ. දයාරත්න වගේ අය සිවිල් සේවයට ගියා. ඒ වගේ දෙයක් ප්\u200dරතික්ෂේප කරන්න තරම් සරච්චන්ද්\u200dරයන් ආත්ම ශක්තියක් හා ප්\u200dරඥාවක් තිබුණු කෙනෙක්.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඒ යුගයේ පහළ වුණු ඉංග්\u200dරීසි අධ්\u200dයාපනය ලබපු පුද්ගලයකුට මේ වගේ ආකල්පවලින් යුතු ව, අධිරාජ්\u200dය ගැති මනසින් තොර පුද්ගලයෙක් හැටියට නැඟී සිටින්නට හැකිවීම සුවිශේෂී සිද්ධියක් හැටියට අපට දැකිය හැකියි. දැන් වගේ පරිපාලන සේවය ඒ කාලේ පහතට වැටිලා තිබුණේ නැහැ. මධ්\u200dයම පන්තියෙන් ආව අයට සිවිල් සේවයට තේරෙනවා කියන්නේ හතරමහ නිධානෙ පහළ වුණා වගේ. මහ විශාල දෑවැද්දක් එක්ක ගැහැනියක් විවාහ කරගෙන සමාජයේ ඉහළින් වැජඹෙමින් කාලය ගෙවාගන්න සිවිල් සේවය ඒ කාලේ බොහොම ප්\u200dරයෝජනවත් වුණා. එතුමා මේ සියල්ල ප්\u200dරතික්ෂේප කරන්නට තරම් ආත්ම ශක්තියක් තිබු පුද්ගලයෙක්. මේ වගේ බුද්ධිමත්තු ඒ කාලේ අවශ්\u200dය වී තිබුණා. එහි පළමුවැනියා වශයෙන් සරච්චන්ද්\u200dරයන් හඳුන්වා දිය හැකියි.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eසරච්චන්ද්\u200dරයන්ගේ ‘\u003cspan style\u003d\"font-family: Verdana;\"\u003eSinhalese Novel\u003c/span\u003e’ කියන පොතේ සිංහල හා ඉංග්\u200dරිසි යනුවෙන් නවකතාව වර්ග කළා ම සිංහල නවකතාව කියලා එකක් තියෙනව ද කියලා බොහෝ අය එතුමාගෙන් විමසා තිබුණා.\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nමට මතකයි සරච්චන්ද්\u200dර මහත්තයා මේ පොත අතින් වියදම් කරගෙන ද කොහේද මුද්\u200dරණය කළේ. පසුව ගුණසේන සමාගමෙන් මුද්\u200dරණය කළා. මුල් කාලේ එතුමා මේ පොත බෙදා දුන්නාලු කියවන්න කියලා. එහෙම කියවපු අය අහලා තියෙනවා සිංහල නවකතාව කියලා එකක් තියෙනව ද කියලා. ඒකෙන් අපට පේනවා මොන තරම් අධිරාජ්\u200dයවාදී මනසක් ද තිබුණේ කියලා. අන්න ඒ නිසා තමයි මම කියන්නේ, සරච්චන්ද්\u200dරයන් පුද්ගලයෙක් නොවෙයි, එක්තරා යුගයක්, එක්තරා සමාජ බලවේගයක් ප්\u200dරතිමූර්ති කළ ප්\u200dරාඥයෙක් හැටියට හැඳින්විය හැකියි කියා. එහෙම බිහිවුණු පළමු පුද්ගලයාත් සරච්චන්ද්\u200dරයන් කියලා මම කියන්නේ ඒකයි.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eඔබ මේ සඳහන් කරන කාරණා ඔබේ ජීවිතයට කළ බලපෑම ගැන කතා කළොත්.\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඔහු මගේ ජීවිතයට විශාල බලපෑමක් කළා. අපේ ජීවිතයේ පරමාර්ථය විය යුත්තේ අධිරාජ්\u200dයවාදී ගැතිවීම නොවේ ය, මේ රට වෙනුවෙන් සේවයක් කරන්න අපට පුළුවන් ය කියන අවධානය අප වෙත යොමු කළ පරමාදර්ශී චරිතයක් සරච්චන්ද්\u200dරයන්. ඒක මගේ ජීවිතයට හුඟක් බලපෑම් කළා. අපේ පරමාර්ථය ඉගෙන ගෙන ලොකු රස්සාවල් කරලා ලොකු පවුල් වලින් කසාද බැඳගෙන වැජඹෙන්න නොවේ ය ඊට වඩා උසස් පරමාර්ථ අපට තියෙනව ය කියන එක අපේ මනසට වැටුණේ ඔහු නිසා.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eසරච්චන්ද්\u200dරයන් අපට අනන්\u200dය වූ නාට්\u200dය කලාවක් හඳුන්වා දීමේ ප්\u200dරමුඛයා බවට පත් වෙනවා. මෙය ලාංකේය නාට්\u200dය වංශකතාවේ හැරවුම් ලක්ෂ්\u200dයයක් ලෙස හැඳින්විය හැකියි.\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඑතුමා කළ විශිෂ්ට ම සේවය තමයි සිංහල නාට්\u200dය කලාවක් බිහි කිරීම. ඒක ජාතික අවශ්\u200dයතාවක් වෙලා තිබුණේ. නොයෙක් නාට්\u200dයකරුවෝ ඒ කාලෙ හිටියා, ජෝන් ද සිල්වා ඇතුළු ව. මේ අය අතරින් සරච්චන්ද්\u200dරයන් තමයි අපට අනන්\u200dය වූ නාට්\u200dය කලාවක් බිහි කළේ.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nමෙතන්දි එක්තරා ප්\u200dරශ්නයක් මතු වෙනවා. ඔහු නාට්\u200dය බිහි කළේ ගැමි නාට්\u200dය ආශ්\u200dරයෙන්. අපේ ගැමි නාට්\u200dය, තොවිල් පවිල්, නාඩගම් ආශ්\u200dරයෙන්. හැමෝම නඟන ප්\u200dරශ්නයක් තියෙනවා. ඒ තමයි අපට නාට්\u200dය කලාවක් තිබුණේ නැති ය, සරච්චන්ද්\u200dරයන් ගැමි නාට්\u200dය ආශ්\u200dරයෙන් පළමුවෙන් ම නාට්\u200dය කලාවක් බිහි කළා ය කියන එක. මම හිතන්නේ එහෙම දෙයක් කරන්න අමාරුයි කියලයි. ගැමි නාට්\u200dය කියන එක බොහෝ විට බිහිවෙන්නේ විදග්ධ නාට්\u200dයයක් ඇසුරෙන්. විශේෂයෙන් ම අපේ ගැමි කවිය ගත්තොත් යශෝදරාවේ එහෙමත් නැත්නම් වෙස්සන්තර කතාවේ අපට පෙනෙනවා ඒවා අර කෝට්ටේ යුගයේ ‘ගුත්තිලය’ වගේ විදග්ධ කාව්\u200dයවලම දිගුවක් වගේ කියලා. නැත්නම් විදග්ධ කලාව ජනතාව අතට පත් වුණාම බිහිවුණු දෙයක් වගේ. ඒ දෙක අතරේ ලොකු වෙනසක් ඇත්තෙ නැහැ. ගැමි නාට්\u200dයයේ වුණත් තියෙනවනේ යම් යම් විදග්ධ ලක්ෂණ. අපිට කියලා විදග්ධ නාට්\u200dය කලාවක් මේ නිසා නොතියෙන්න විදියක් නෑ. ඇත්ත වශයෙන් ම සරච්චන්ද්\u200dර මහතා මේවා පාවිච්චි කළා, එහෙමත් නැත්නම් ප්\u200dරතිනිර්මාණයක් කළා. අලුතින් කළ දෙයක් නෑ. ප්\u200dරතිනිර්මාණයට අවශ්\u200dය දේවල් ගැමියන් ලබන්න ඇත්තේ එදා සමාජයෙන්.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eඔහු වඩාත් සුමට ලෙස භාවිතයේ යෙදුණේ කාව්\u200dයකරණයේ බව ඔබ නිතර අවධාරණය කරන්නක්. ඔබේ ‘සිංහල කාව්\u200dය සම්ප්\u200dරදාය’ කෘතියේ එදා මෙදාතුර පහළ වූ කවීන් තිදෙනා ලෙස තොටගමුවේ රාහුල හිමි, මුනිදාස කුමාරතුංගයන් හා සරච්චන්ද්\u200dරයන් නම් කිරීමට තරම් එතුමාගේ කාව්\u200dයකරණය පිළිබඳ ඔබට ඇල්මක් තිබෙනවා.\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඇත්ත වශයෙන් ම ඔහුට පුදුම කවි ශක්තියක් තිබුණා. ඔහුගේ නාට්\u200dයවල තියෙන්නෙත් ඒ කාව්\u200dයාත්මක ආභාසය. ඒකට බලපෑම් කළ දෙයක් තමයි එතුමාට තිබුණු සිංහල භාෂාවේ කාව්\u200dයයට අදාළ ව්\u200dයංජන ශක්තිය පිළිබඳ ගැඹුරු අවබෝධය. ඔහුගේ නාට්\u200dය ගීත අරන් බැලුවම පේනවා ඒවා මොන තරම් විශිෂ්ට කාව්\u200dය නිර්මාණ ද කියන එක. මුනිදාස කුමාරතුංගයන්ටවත් තිබුණේ නැහැ, සරච්චන්ද්\u200dරයන්ට තරම් සිංහල භාෂාවේ ව්\u200dයංජන ශක්තිය පිළිබඳ අවබෝධයක්. ඒ නිසා මූලික වශයෙන් සරච්චන්ද්\u200dරයන්ගේ නිර්මාණ අතරින් අප වඩාත් අවධානයට ලක්කළ යුතුයි, ඔහු දෘෂ්\u200dය කාව්\u200dය රචකයෙක් ලෙස.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eසරච්චන්ද්\u200dරයන්ට නාට්\u200dයකරණයේ දී බටහිර නාට්\u200dය ආභාසයක් තිබුණා යැයි ඔබ සිතනව ද?\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nමට එහෙම හිතෙන්නෙ නැහැ. මම හොඳට දන්නවා බටහිර නාට්\u200dය ඇසුරෙන් තමයි සිංහල නාට්\u200dය ගොඩනැඟිය යුතු කියලා ඔහු මුල් කාලෙ සිතුවා. දෙබස් නාට්\u200dයයෙන් අපේ නාට්\u200dය බිහි කරන්න පුළුවන් කියලයි ඔහු සිතුවෙ. ඔය දෙබස් නාටකය කියන එක ඇත්ත වශයෙන් මෑත යුගයේදී විශේෂයෙන් බටහිර නවකතාව බිහිවීමෙන් පසුව ඇතිවුණු ආකෘතිකයක්. දෙබස් නාට්\u200dය කියන්නේ නවකතාවේ ම දිගුවක්. නාට්\u200dය කලාව ජාතියක සංස්කෘතික මූලයන් එක්ක සම්බන්ධ වෙච්ච ඊට වඩා බොහොම ඈතට දිවයන කලාවක්. බොහොම ඉතිහාසයක්, සංස්කෘතියක් තියෙන රටවල බිහිවෙන්නේ අතීතයේ ඉඳන් සම්ප්\u200dරදාය මඟින් ආභාසය ලැබු නාට්\u200dයය. ජපානය, චීනය, ග්\u200dරීක නාට්\u200dය එහෙමයි. සරච්චන්ද්\u200dරයන් ඒ විදියේ නිර්මාණ කාර්යයක නිරත වීම ඉතාම වැදගත්. අපේ ගැමියන් අතර තිබුණු දෙයින් අපට අනන්\u200dය වූ නාට්\u200dය කලාවක් බිහිකර ගත හැකි ය කියලා කල්පනා කිරීම ම වැදගත්.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eසරච්චන්ද්\u200dරයන් ශෛලිගත නාට්\u200dයයේ සිරකරුවකු වුණා ද?\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nකොහොම ද එහෙම කියන්නේ. නාට්\u200dය කියලා මම මූලික වශයෙන් හඳුනාගත්තේ ශෛලිගත නාට්\u200dයයයි. දෙබස් නාට්\u200dය මේ මෑත කාලයේ ආව දෙයක්. දෙබස් නාට්\u200dයවලින් කළ හැකි මෙහෙය ඉතා සීමිතයි. ශෛලිගත, සාම්ප්\u200dරදායික නාට්\u200dය කලාව බොහොම ගැඹුරු, රටක සංස්කෘතියත් එක්ක බද්ධ වුණු, හර පද්ධති උකහා ගත්, ජාතියේ අධ්\u200dයාත්මය හා බැඳුණු නාට්\u200dය ක්\u200dරමවේදයක්.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eසමාජ, ආර්ථික, දේශපාලන කියැවීමකට වඩාත් උචිත මාධ්\u200dය වශයෙන් ඔබ සලකන්නේ කුමන මාධ්\u200dයය ද?\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nනවකතාවෙන් කරන්නේ මොකද්ද, කවියෙන් මොකද්ද කරන්නේ, දෘෂ්\u200dය කාව්\u200dයයෙන් කරන්නේ මොකද්ද කියලා අප මෙහිදී සිතිය යුතු වෙනවා. දැන් නවකතාවෙන් විශේෂයෙන් ම දේශපාලන, සමාජ ප්\u200dරශ්න මුල්කර ගත් කියැවීමක්නෙ කරන්නේ. නවකතාව මූලික වශයෙන් පාඨකයාගේ බුද්ධිය මුල්කර ගෙනයි බිහි වෙන්නේ. බටහිර පුනරුදයෙන් පසුව බිහිවුණු බටහිර නවකතාවත් එහෙමයි. කවියයි නාට්\u200dයයි ඊට වඩා වෙනස් දෙයක්. ඒවායෙන් මූලික වශයෙන් කරන්නේ අපේ හදවතට ආමන්ත්\u200dරණය කිරීම. හදවතට ආමන්ත්\u200dරණය කිරීමෙන් තමයි කවියා වර්තමාන තත්ත්ව ගැන වුණත් කතා කරන්නේ. නවකතාකරුවා බුද්ධියෙන් තමයි හදවතට ආමන්ත්\u200dරණය කරන්නේ. රසභාව මැව්වට මූලික වන්නේ බුද්ධිය. දෘෂ්\u200dය කාව්\u200dයකරුවාගේ මූලික අරමුණත් හදවතට ඇමතීම.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eඔබ මේ කියන නවකතාව හා කවිය අතර පැවතිය යුතු මූලික අරමුණ වත්මනෙහි මාරුවී ඇතැයි මට සිතෙනවා. කවියෙන් බුද්ධියටත්, නවකතාවෙන් හදවතටත් වශයෙන්.\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඒ දෙක නම් හරියන්නේ නෑ. නවකතාව මූලික වශයෙන් බුද්ධිය හරහා රසභාව නිර්මාණය කරන්නක්. කවියෙත්, දෘෂ්\u200dය කාව්\u200dයයෙත් අදහස් කියා දෙයක් නැහැ. රස බවට පත්වීමක් තියෙන්නේ. නවකතාව ඊට වෙනස්.\u003c/div\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eසරච්චන්ද්\u200dරයන් නවකතාකරණයේ දී ඔබ කියන ක්\u200dරමවේදයට වඩා එනම් බුද්ධියට වඩා හදවතටයි ආමන්ත්\u200dරණය කළේ.\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඔහු නවකතාකරුවෙක් විදියට ඒ තරම් වැදගත් මෙහෙයක් කළා යැයි මට හැ\u200dඟෙන්නේ නැහැ. ඔහු නියම වශයෙන් නවකතාකරුවෙක් කියලා කියන්නත් බෑ. මාර්ටින් වික්\u200dරමසිංහ වගේ නවකතාකරුවෙක් එක්ක ගත්තම ඔහු දුර්වල නවකතාකරුවෙක්. හේතුව ඔහුගේ මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා, විලාසිනියකගේ ප්\u200dරේමය වගේ හැම එකක් ම ගද්\u200dය නොවේ පද්\u200dය ගීත. නවකතාවෙන් අප බලාපොරොත්තු වෙන දේවල් ඒකෙන් ලැබෙන්නේ නෑ. ඒ දුර්වලකම සරච්චන්ද්\u200dරයන්ගේ නවකතා විචාරයේත් තිබුණා. විචාරයේදීත් ඔහු නවකතාවෙන් කෙරෙන කාර්යය කුමක් ද කියලා අවබෝධ කරගත්තේ නැහැ. නවකතා වශයෙන් ඔහුගේ නවකතාවල ඒ තරම් වැදගත් දෙයක් නැහැ. නවකතාවේදී කරන්නේ ඒ යුගය පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරලා, ඒ යුගය පිළිබඳ ව කැඩපතක් නිර්මාණය කිරීමයි. එහෙම නවකතාවක් සරච්චන්ද්\u200dරයන් අතින් ලියවුණේ නැහැ. ඔහු තමන්ගේ ඒ දුර්වලතාව ටිකක් විතර හදාගත්තා ‘වල්මත් වී හසරක් නොදිටිමි’ කියන නවකතාවෙන්. ඒත් ඒක සාර්ථක වුණේ නැහැ.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eසරච්චන්ද්\u200dරයන්ගේ නාට්\u200dය, නවකතා ආදි කලා භාවිත ගොඩනැඟුණේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් සංසිද්ධීන් හරහා යැයි ඔබට සිතෙනව ද?\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඒක අනිවාර්යයෙන් වෙන දෙයක්. ඕනෑම නිර්මාණකරු\u200dවකු නිර්මාණකරණයේ දී පුද්ගලබද්ධ වීමක් සිදු වෙනවා. තමන්ගේ අත්දැකීම් තමයි නිර්මාණයට බලපාන්නේ. ඔහුගේ ශ්\u200dරේෂ්ඨ ම නිර්මාණය ‘සිංහබාහු’ පුද්ගලික ඛේදවාචක මුල්කරගෙන බිහි වූ බවයි බොහෝ දෙනා පවසන්නේ.\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nසරච්චන්ද්\u200dරයන්ගේ ‘සිංහබාහු’ වගේ නාට්\u200dයයක් ගත්තොත් එය ලෝකයේ අග්\u200dරගණ්\u200dය ම නාට්\u200dයවලින් එකක්. මනමේට වඩා මෙය බොහොම ගැඹුරුයි. එය කේරලයේ හා ඉන්දියාවේත් පෙන්නුවා.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eනවකතාකරණයේ දී සරච්චන්ද්\u200dරයන්ට ඔබ මතු කළ සමාජ, ආර්ථික දේශපාලන විඥානය ආගන්තුකයි කියලා හිතෙනවා.\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඒක ඇත්ත. නවකතාකරණයේ දී විතරක් නොවෙයි, සාහිත්\u200dය විචාරයේදීත් ඒක වුණා. ඔහු පරිකල්පනීය ඉසව්වක ඉඳලයි නිර්මාණකරණයේ නිරත වුණේ.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eසරච්චන්ද්\u200dරයන් විශ්වාස කළේ අපිට ස්වාධීන සාහිත්\u200dයයක් නැති බව නොවේ ද? ඔහු ලංකාවේ සංස්කෘතිය දුටුවේ භාරතීය සංස්කෘතියේ කොටසක් විදියටයි.\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඔහු එසේ සිතීම සම්පූර්ණයෙන් ම වැරදියි. ඒක එක හේතුවක්. වික්\u200dරමසිංහ එහෙම හිතුවෙ නැහැ.\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඔහු නිතර ම හිතුවෙ අපට අනන්\u200dයතාවක්, විචාරයක්, කලා නිර්මාණයක් තියෙනවා කියලයි. සරච්චන්ද්\u200dරයන් මේක අමතක කළා. ඔහු සිතුවේ අප භාරතීය සංස්කෘතියේ ම කොටසක් විදියටයි. ඒ වගේම ඔහුට දේශපාලනමය වශයෙන් දැනුමක්, අවබෝධයක් තිබුණෙත් නැහැ. බෞද්ධ දර්ශනය පිළිබඳවත් ඔහුට එහෙම බැඳීමක් තිබුණේ නැහැ.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eනමුත් ඔහු තමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධයට කරන්නේ බෞද්ධ දර්ශනය. ඔහු බෞද්ධ දර්ශනය වැලඳ ගත්තේ බුද්ධියෙන් මිසක් හදවතෙන් නොවේ යැයි මට සිතෙනවා.\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඒක ඇත්ත. ඔහු ඒ නිරත වුණේ ශාස්ත්\u200dරීය කටයුත්තකනේ. ඇත්ත වශයෙන් සරච්චන්ද්\u200dරයන් සියලුම විශිෂ්ට ගතිගුණත් ඔක්කොම එක්ක අපේ සිංහල, බෞද්ධ, ගැමි සංස්කෘතියෙන් බිහිවුණු චරිතයක් ය කියලා කියන්න අමාරුයි. ඒ දුර්වලතාව ඔහුගේ සියලු ම දේට බලපෑවා. දේශපාලනය, විචාරය, නිර්මාණකරණය වගේ මේ හැම දෙයකට ම බලපෑවා. වික්\u200dරමසිංහ වගේ චරිතයක් ගත්තොත් ඔහු ගමෙන් ඇවිත්, ගමේ ජීවත්වුණු චරිතයක්. සරච්චන්ද්\u200dරයන්ට එහෙම දෙයක් තිබුණේ නැහැ. අපේ සංස්කෘතිය ගැන අවබෝධයක් ලබාගන්න ඔහු උත්සාහ කළේ බුද්ධියෙන් නොවේ, හදවතෙන්.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003e‘මනමේ’ වගේ නාට්\u200dයයක් ගත්ත ම සිංහල සංස්කෘතික ආභාසය යම් මට්ටමකට හෝ ඔහුට තිබුණා යැයි කියාත් සිතෙනවා.\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඔහුට ඒ පිළිබඳ බුද්ධිමය වශයෙන් පරිචයක් තිබුණා. හදවතෙන් ආව එකක් නොවෙයි. ඒ නිසා තමයි අපට ආගන්තුක බවක් දැනෙන්නේ.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eමුල් කාලයේ පටන් තිබුණු ඔබගේ දේශපාලන නැඹුරුවත්, සරච්චන්ද්\u200dරයන්ගේ සාහිත්\u200dය නැඹුරුවත් ගළපා ගන්නේ කෙසේ ද?\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nමුල් කාලයේ මම ඔහු ළඟින් ම ඇසුරු කළා. ඒ නිසා මම ඔහුගේ අනුගාමිකයෙක් හැටියට කටයුතු කළා කියන්නත් පුළුවන්. සරච්චන්ද්\u200dරයන් හා වික්\u200dරමසිංහයන් අතරේ ලොකු වාද විවාද යද්දි මම මුලින් හිටියේ සරච්චන්ද්\u200dරගේ පැත්තේ. ඒත් පසුව මට තේරුණා සරච්චන්ද්\u200dරයන්ගේ ආකල්ප හා දෘෂ්ටිය බොහොම සීමා සහිත බව. කොටින් ම කියනවනම් එක්තරා අවදියක දී මට තේරුණා සරච්චන්ද්\u200dර මහතා මූලික වුණු පේරාදෙණි සාහිත්\u200dයයේ කිසිම හරයක් නෑ කියලා. මේ සමාජයේ බොහොම සුළු පිරිසක් මූලික කරගෙන බිහිවෙච්ච, සෙසු මාධ්\u200dයයෙන් වියෝ වුණු සාහිත්\u200dයයක් හැටියට මට මේක දැනෙන්න පටන් ගත්තා. මේක මුළුමහත් ජනතාවගෙන් බිහිවුණු සාහිත්\u200dයයක් නොවේ ය කියන මට වැටහුණා. මීට වඩා සමාජයට, සාහිත්\u200dයයට වැඩක් කළ යුතුයි කියලා මට සිතුණා.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eඔබ පේරාදෙණි ගුරු කුලයෙන් ඈත් වීමත් එක්ක සරච්චන්ද්\u200dරයන් ඔබ කෙරේ දැක්වූවේ කවරාකාර ප්\u200dරතිචාරයක් ද?\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nසරච්චන්ද්\u200dරයන්ට පස්සෙ කාලෙදි මම එහෙම කළේ ඇයි කියලා වැටහුණා. පස්සෙ කාලෙ සරච්චන්ද්\u200dර මහත්තයා ධර්මිෂ්ට සමාජය එහෙම ලියන කොට ඒ ගැන අවබෝධයෙන් හිටියේ. මුලින් ඔහු හිතුවෙ මගේ ආස්ථානය පුද්ගලික එකක් කියලයි. සරච්චන්ද්\u200dරයන්ට මේක තේරෙන්න කාලයක් ගියා.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eඔහු විචාරයේ දී ඉතා අවංක විචාරකයෙක්. එයට පේරාදෙණි ගුරුකුලය බලපෑවේ නැහැ.\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nසාහිත්\u200dයකරුවකු, බුද්ධිමතකු වශයෙන් ඔහු බොහෝ දුරට අවංක පුද්ගලයෙක්. සාහිත්\u200dය කලා මතවාද, ප්\u200dරවණතා ගැන නිර්භයව අදහස් ප්\u200dරකාශ කිරීමේ දැඩි උවමනාව ඔහුට තිබුණා. 86, 87 ජේ වී පී කලබල තියෙන කාලෙ ‘ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු’ කියන පොත මම ලිව්වෙ. ඔහු ඒ පොත ඉතාම ඉහළින් අගය කළා. ඔහු එය දශක ගණනාවකින් ලියවුණු හොඳ ම පොතක් කියලා වර්ණනා කළා. ඔහුගේ සාහිත්\u200dය මතවාද පිළිබඳ ව තිබු අවංක භාවය හැරෙන්නට ඔහුට එහෙම ලියන්න හේතුවක් නෑ. අපේ අදහස් මතවාද නොගැළපීම වෙනම ම දෙයක්. ඒත් සාහිත්\u200dය මතවාද, නිර්මාණකරණය වගේ දේවල් ඉතා අවංකව කළ යුතුයි කියලා ඔහු විශ්වාස කළා. ඒක විශිෂ්ට ගුණයක්.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cb\u003eඔහුගේ අවංක සාහිත්\u200dය විචාරයත්, නිර්මාණකරණයේ දී පොදු ජනතාවගෙන් වියුක්ත කලා සේවනයකුත් ඇතිවීමට බලපෑම් කළේ සරච්චන්ද්\u200dරයන් පෙර කී සංස්කෘතීන් දෙකේ අතරමැදියකු වීම ද?\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nසරච්චන්ද්\u200dරයන් හිතුවෙ ස්වාධීන සංස්කෘතියක් අපට නෑ කියලනේ. එතුමාට ඒ සංස්කෘතික විඥානය තිබුණේ නැහැ. සංස්කෘතික විඥානයක් නැති කෙනාට දේශපාලන විඥානයක් ඇතිවෙන්නෙත් නෑ. ඒ දෙක එකට යන්නේ. සරච්චන්ද්\u200dරයි, වික්\u200dරමසිංහයි සන්සන්දනය කරද්දී මේක හොඳට වටහාගන්න පුළුවන්. මාර්ටින් වික්\u200dරමසිංහ වැනි කෙනෙක් පොළොවේ මුල් එක්ක බිහිවුණු සමාජ, ආර්ථික, දේශපාලන දැනුමක් තියෙන, විඥානයක් තියෙන නිර්මාණකරුවෙක් විදියටයි අප හඳුනා ගන්නේ. සරච්චන්ද්\u200dර එහෙම නැහැ. ගැඹුරු සංස්කෘතික, දේශපාලන විඥානයක් ඇතිව නොවෙයි නිර්මාණකරණයේ නිරත වුණේ. ඔබ කියන කරුණට හේතුව එයයි. ඔහුට උවමනාව තිබුණා අපේ සංස්කෘතිය හඳුනාගන්න.\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nහැබැයි ඔහුට ඒක හදවතින් කරන්න බැරිව ගියා. ඔහු නිරත වුණු නිර්මාණ මාධ්\u200dයයටත් ඒක ඒ තරම් වලංගු වුණේ නැහැ. නවකතාකරුවෙක් විදියට ඔහු දුර්වල වී සිටින්නේ ඒ නිසයි. කවියෙක්, දෘෂ්\u200dය කාව්\u200dය නිර්මාණකරුවෙක් විදියට ඔහු සාර්ථක වෙන්නෙත් ඒ නිසා. එයයි අප වටහා ගත යුතු වෙන්නේ. ඔහු කවියේ රස නිෂ්පාදනය වෙන හැටි හොඳට දැනගෙන හිටියා. අනෙක ඔහු විස්මය උපදවන කාව්\u200dය විචාරකයෙක්. මම ලියපු කවිවලට හිටපු හොඳම රසිකයා සරච්චන්ද්\u200dරයි. එකම දේ ඔහු කාව්\u200dය විචාරයේ ඒ හැටි නිරත වුණේ නැහැ. ඒක ඉතාමත් අභාග්\u200dයයක්.\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #333333; font-family: 'Malithi Web'; font-size: 17px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"byline\" style\u003d\"background-color: white; color: #666666; font-family: 'Malithi Web'; font-size: 9pt; letter-spacing: 1pt; line-height: 14.3999996185303px; margin: 12px 40pt 5px 1pt; vertical-align: baseline;\"\u003e\n\u003cspan style\u003d\"color: black;\"\u003eසංලාපය - සුමුදු චතුරාණී ජයවර්ධන\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"color: black;\"\u003eසේයාරුව - විමල් කරුණාතිලක (සිළුමිණ)\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"192\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"color: black;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"color: black;\"\u003ewww.yuthukama.com \u003c/span\u003e\u003c/div\u003e\n\u003c!-- Facebook share button Start --\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/10/EdiriweeraSarathChandra.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6505039349648202627/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/10/EdiriweeraSarathChandra.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6505039349648202627"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6505039349648202627"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/10/EdiriweeraSarathChandra.html","title":"සරච්චන්ද්\u200dරයන් එක්තරා යුගයක්, එක්තරා සමාජ බලවේගයක් "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-Gfz1Xv3CjUg/VFMEQjxH8WI/AAAAAAAABL0/i0NezugOmE0/s72-c/sarachchandra.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});