gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%20%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"4"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4079970493095238598"},"published":{"$t":"2016-11-16T09:49:00.002+05:30"},"updated":{"$t":"2016-12-01T11:19:27.286+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"}],"title":{"type":"text","$t":"දෙවියෝ සහ අණ්ඩපාලයෝ"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-KmWSWslZDc4/WCveGq7WE9I/AAAAAAAACZc/u6NPA-FuPSUlcXXkvc0pFXDo_nY27IoGwCLcB/s1600/nopenena.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://3.bp.blogspot.com/-KmWSWslZDc4/WCveGq7WE9I/AAAAAAAACZc/u6NPA-FuPSUlcXXkvc0pFXDo_nY27IoGwCLcB/s640/nopenena.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-වෛද්\u200dය චන්න ජයසුමන-\u003c/b\u003e\u003cbr /\u003eඊයේ උදෑසන දෙරණ රුපවාහිනියේ “නොපෙනෙන මානය” වැඩසටහනට සහභාගී වීමි. එහිදී සාකච්ජා වූයේ දෙවියන්ගේ පැවැත්ම පිළිබඳවයි. මෙම වැඩසටහනට සහභාගී වු අනෙක් අය නම් පැපිලියාන සුනේත්\u200dරා දේවී පිරිවෙන්වාසී චන්දිම ස්වාමීන් වහන්සේ, ඉන්දික තොටවත්ත මහතා, මනෝ චිකිත්සකයකු ලෙස හඳුන්වන විද්\u200dයාකුලපති නම් මහතා, කොළඹ විශ්ව විද්\u200dයාලයේ ශ්\u200dරීපාලි මණ්ඩපයේ ජනසන්නිවේදන අංශයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සහ මහනුවර මහ රෝහලේ ලේ බැංකුවේ සේවයේ නියුතු වෛද්\u200dය නිලධාරී මහතකු වන ජනක ජයසුරිය ය.\u003cbr /\u003e\u003cbr /\u003eමේ වැඩසටහන පවත්වාගෙන යන බව පැවසෙන්නේ දෙවියන්ගේ, යකුන්ගේ නාමයෙන් සිදු කරන හොර තක්කඩි වැඩ රටට හෙළි කිරීම, මිත්\u200dයාව හෙළි කිරීම වැනි කරුණු අරභයා ය. එවැනි පුද්ගලයන්ට අභියෝග කිරීමෙන් ආචාර්ය ටියුඩර් වීරසිංහ සහ ජනක ජයසුරිය වෛද්\u200dයවරයා වීරයන් සේ රට හමුවේ ඉදිරිපත් කර තිබුණි. දෙවියන්ගේ නාමයෙන් හොර වැඩ කරන මුදල් ගරන අය ඕන තරම් සිටිනවා ඇත. ඔවුන් රටට හෙළි කල යුතුය. එහි කිසිදු වරදක් නැත. එමෙන්ම බටහිර වෙදකමේ නාමයෙන් හොර වැඩ කරන, මුදල් ගරන අය ද ඕනෑ තරම් සිටිති. ඔවුන් ගැනද රටට හෙළි කල යුතුය. ඒ සදහා ආචාර්ය ටියුඩර් වීරසිංහට සහ වෛද්\u200dය ජනක ජයසුරියට වැඩ පිළිවෙලක් තිබෙනවාදැයි මම නොදනිමි.\u003cbr /\u003e\u003cbr /\u003eමේ දෙදෙනාම උග්\u200dර භෞතික වාදීන්ය; ඔවුන්ට අනුව දෙවියන් යනු මනසේ මවා ගත් විකාර සිතුවිල්ලක් පමණි. රුසියාවේ විශ්ව විද්\u200dයාලයකින් පශ්චාත් උපාධි ලබා ගත් මාක්ස්වාදියකු වන ආචාර්ය වීරසිංහ මෙන්ම නුවර ලේ බැංකුවේ සේවය කරන වෛද්\u200dයවරයා ද දෙවියන් යකුන් විකුණමින් සිදුකරන හොර වැඩ වලට එරෙහි වීමේ නාමයෙන් සිදු කරන්නේ අනෙකකි. ඔවුන්ට අනුව පංචේන්ද්\u200dරයන්ට ගෝචර නොවන දෙයක් (සම්මුති වශයෙන් හෝ) නැත. නමුත් මේ දෙදෙනාම පැවසුවේ තමන් බෞද්ධයන් බවයි. වෛද්\u200dය ජනක දිගින් දිගටම පවසන්නේ තමන්ගේ වීරයා, ලොව පහල වූ මහා ප්\u200dරාඥයා බුදුන් වහන්සේ බවයි. එසේ පවසන ගමන් දෙවියන්, බඹුන්, අමනුෂ්\u200dයයන්ගේ පැවැත්ම ඔවුහු ප්\u200dරතික්ෂේප කරති. එසේ වූ විට සංසාර චක්\u200dරයේ සිටින්නේ ඇහැට පෙනෙන මිනිසුන් සහ තිරිසනුන් පමණි (මේ දෙදෙනා පුනර්භවය පිලිගන්නවදයි මම නොදනිමි); සිදුහත් කුමාරයා තව් තිසාවේ සිට පැමිණීම බොරුවකි; මාතෘ දිව්\u200dය රාජයාට ධර්ම දේශනා කිරීම බොරුවකි; සුමන සමන් දෙවියන්ට ධර්ම දේශනා කිරීම ද බොරුවකි; සම්\u200dයක් දෘෂ්ටික දෙවියන් මිනිසුන් සමග එක්ව මෙසිරිලක පන්දහසක් කල් ශාසනය රැකීම ද බොරුවකි; කොටින්ම කුසල් දහම් කලාට, පින් කලාට, පාරමී පිරුවාට යන්නට දිව්\u200dය ලෝක නැත.\u003cbr /\u003e\u003cbr /\u003eමේ දෙදෙනා මේ පහර දෙන්නේ බුදු දහමටයි; අපේ මිනිසුන්ගේ විශ්වාසවලටයි; පෝය දිනයේ මෙවැන්නන් දෙරණ නාලිකාවට ගෙන්වාගෙන අපේ උපාසක අම්මලාට මොවුන්ගේ පොර ටෝක් අසන්නට දෙන්නේ කාගේ උවමනාවටදැයි මම නොදනිමි. මෙරට ජාතිකවාදී අදහස් දරන බොහෝ දෙනා නරඹන එකම රුපවාහිනිය වන දෙරණට තමන් කරන මෝඩ ක්\u200dරියාවේ ප්\u200dරතිපල දැනෙන විට බොහෝ ප්\u200dරමාද වී තිබිය හැක. කොහේවත් යන කබ්බන් පොරවල් කරන්නේ දෙරණේ තීරණ ගන්නා අයගේ නොදැනුවත්කම නිසා විය යුතුය. පසුගිය රජය සමයේ මේ ආකාරයේ කබ්බන් පොරවල් කිරීම එම ආණ්ඩුව බිද වැටීමට ද හේතු විය. මේවා දැක දැක නිහඬව සිටීම නිවටකමකට වඩා තකතීරු කමකි. මේ වැඩසටහනට සහභාගී වීමට පෙර මෙන්ම පසුව ද මගේ හිතවතුන් ඇතැමකු පැවසුවේ කට්ටඩියන්, සාස්තරකරුවන්, විභාග පාස් කරවන්නන් ආදී සමාජ පිළලවලට එරෙහිව ලොකු මතයක් ඇති බවත් මෙවැනි වැඩසටහනක මාගේ අදහස් දැක්වීමෙන් මා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා ආදී අදහසක් මතු විය හැකි බවත් ය. මට හොරුන් රැක ගැනීමේ කිසිදු අවශ්\u200dයතාවක් නැති නමුත් හොරුන් ඇල්ලීමට මුවා වී බුදු දහමටත්, අපේ සංස්කෘතියටත් පහර දෙන සුක්ෂම වැඩ පිළිවෙලහෙළිදරව් කිරීමට අවශ්\u200dය විය. පුහු වීරයෝ හොර කට්ටඩින්ට වෙර දමා පහර දෙන අතරේ නාථ, පත්තිනි, සුමන-සමන්, කතරගම-මහසෙන් (කිරිවෙහෙරට අදිගෘහිත බෞද්ධ දෙවිතොමෝ ය,ස්කන්ධකුමාර නොවේ),කළු බණ්ඩාර ආදී සම්\u200dයක් දෘෂ්ටික බෞද්ධ දෙවිවරුන්ටත් කෙළගෙන යති. බෞද්ධ දෙවිවරුන් නැතැයි කියන විට, උන්වහන්සේලාට අපහාස කරන විට ඒ නොදැක්කා සේ ඉවත බලන සිංහල බෞද්ධයා මගේ හැදින්වීම අනුවනම් පොන්සියෙකි; කට්ට කෛරාටික, ව්\u200dයාජ සිංහල බෞද්ධයෙකි.\u003cbr /\u003e\u003cbr /\u003eබැලූ බැල්මට මොවුන් කරන්නේ සිරා වැඩකි. මිත්\u200dයාව හෙළිදරව් කිරීමේ වීර ක්\u200dරියාවකි. එහෙත් එය පෙරට දමා ගෙන මේ කරන්නේ අපේකම, අපේ සංස්කෘතිය විහිලුවට ලක් කර මිනිසුන් තුල ඇති ශ්\u200dරද්ධාව නැති කිරීම බව වැඩසටහන නරඹන අයකුට එක වරම නොතේරේ; හොර වෙදුන්ව කට්ටඩියන්ව හෙළි කිරීමට අවශ්\u200dයනම් ඒ සදහා සුදුසු වැඩපිළිවෙලක් යෙදිය යුතුය. බටහිර වෙදකමවත් හරියට නොදන්නා මේ අපරිණත හික්මීමක් නැති වෛද්\u200dයවරයාට සහ පෝය දවසට මාක්ස්වාදී බණ හීන් සීරුවේ දෙසා වදාරණ ආචාර්ය ටියුඩර්ට එවැන්නක් කල නොහැකි ය. ඔවුන් එම නමින් සිදු කරන්නේ අපේ මුල් වලට විස එන්නත් කිරීමයි; හොර කට්ටඩියාගේ හානිය ඔහු වෙත යන කෙනාට පමණි. එහෙත් මොවුන්ගෙන් වන හානිය ජාතියටම ය; සංස්කෘතියටම ය.\u003cbr /\u003e\u003cbr /\u003eමේ මිත්\u200dයා දෘෂ්ටිකයන් පවසන දේට එකින් එක පිළිතුරු දීමට අවශ්\u200dය වුවද ඒ සදහා ප්\u200dරමාණවත් වෙලාවක් ලැබුනේ නැත. කරුණක් කියාගෙන එන විට නිවේදකයා මැදට පැන ඔහුගේ ප්\u200dරශ්නයට පිළිතුරු දෙන්නැයි බාධා කරයි. පිළිතුරු දෙන්නේ ඔහුගේ ප්\u200dරශ්නයට බව වටහා ගැනීමට හෝ හැකියාවක් ඔහුට නොතිබිණි.\u003cbr /\u003e\u003cbr /\u003eසාමාන්\u200dය පෙළ පන්තියෙන් පසු බටහිර විද්\u200dයාව හදාරා ඇතැයි සිතිය නොහැකි ආචාර්ය ටියුඩර් නිව්ටන්, අයින්ස්ටයින් සහ කොන්ටම් භෞතිකය ගැන එතුමාගේ නවතම සොයා ගැනීම් ඉදිරිපත් කළේය. තව ද ඒ මහතා “යථාර්තය (reality)\" හරියටම දන්නා කෙනෙක් බව ද මම දැනුවත් වීමි. කෙසේවෙතත් කාල වෙලාව මදි වීම නිසා යථාර්තය හරියටම මට ඒ මහතාගෙන් දන ගැනීමට නොහැකි විය. වාක්\u200dය දෙකක් පරස්පර නැතිව කියා ගත නොහැකි අයකුට සෞන්දර්ය කලා පීඨයේ ආචාර්ය ධූරයක් දැරිය හැක්කේ එවැන්නක් එහි එතරම් වැදගත්යැයි නොසැලකෙන නිසා විය යුතුය. මෙම වැඩ සටහනට සහභාගී වන පුහු වීරයන්ගේ සැබෑ අරමුණ ඉදිරියේ දී අවස්ථාවක් ලැබුනහොත් තව දුරටත් හෙළි කරමි.\u003cbr /\u003e\u003cbr /\u003eවැඩසටහනින් පසු මට දුරකථන ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ බොහෝ දෙනා මගේ දුරකථන අංකය ලබා ගෙන තිබුනේ දෙරණට කතා කරය. ඔවුන් බොහොමයක් පැවසුවේ පෝය දවසේ දෙරණේ නටන මේ නාඩගමට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම පින් සිදුවන කටයුත්තක් බවයි. ඇතැමුන් දෙවියන් සහ අමනුෂ්\u200dයයන් ගැන ඔවුන්ගේ අත්දැකීම් මා සමග පැවසුහ. එම අත්දැකීම් වෙනත් වෛද්\u200dයවරයකුට පැවසුවහොත් මානසික රෝගයකැයි කියතැයි බියෙන් සඟවා සිටි බව ඔවුහු පැවසුහ. මානසික රෝග ගැන අපට වෙනමම විවරණයක් ඇත. එය ඉදිරියේ දී සාකච්ජා කරමු.\u003cbr /\u003e\u003cbr /\u003e\u003ca href\u003d\"https://www.facebook.com/jayasumanachanna/videos/1748201962171207/\"\u003eවැඩසටහනෙන් කොටසක් \u0026gt;\u0026gt;\u003c/a\u003e\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook :https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4079970493095238598/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/11/DeviyoSahaAndapalayo.html#comment-form","title":"4 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4079970493095238598"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4079970493095238598"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/11/DeviyoSahaAndapalayo.html","title":"දෙවියෝ සහ අණ්ඩපාලයෝ"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-KmWSWslZDc4/WCveGq7WE9I/AAAAAAAACZc/u6NPA-FuPSUlcXXkvc0pFXDo_nY27IoGwCLcB/s72-c/nopenena.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"4"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6018628491922816289"},"published":{"$t":"2016-02-10T22:55:00.001+05:30"},"updated":{"$t":"2016-02-13T22:07:19.902+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"}],"title":{"type":"text","$t":"සිංහලයාගේ ජාතකය සොයන්නට එන අවජාතකයන්ට පිළිතුරක්..."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-v-C6XvHHtnQ/VrtycKvnhwI/AAAAAAAAA7o/4JP4sd3KBMA/s1600/soin.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"443\" src\u003d\"https://4.bp.blogspot.com/-v-C6XvHHtnQ/VrtycKvnhwI/AAAAAAAAA7o/4JP4sd3KBMA/s640/soin.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e“සිංහල සීයා සිංහයෙක්ද?” — ‘සිංහ ලේ’ සහ මරියතුමියගේ කන්\u200dයා භාවය\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eසිංහල ජාතියේ සම්භවය පිළිබඳ දීපවංශයේ සහ මහාවංශයේ දැක්වෙන සිංහබාහු කතා පුවත මුල් කරගෙන සංවාදයක් පැන නැගී ඇත. වංශකතා අනුව සිංහල ජාතියේ ජෛවීය මුලාරම්භය පිය පාර්ශවයෙන් සිංහයෙකු වෙතත් මව් පාර්ශවයෙන් වගුරට වගු රජුගේ දියණිය වෙතත් දිව යයි. සිංහයා සහ සුරූපි වගු රජුගේ දියණිය අතර සංවාසයෙන් බිහිවන්නේ සිංහබාහු සහ සිංහසීවලී නම් නිවුන් දරැ දෙපළකි. ඒ දෙපළගේ එකතුවෙන් බිහිවන වැඩිමහල් දරැවා විජය කුමරැ ය. බුදුරාජාණන් වහන්සේ පිරිණිවන් පෑ දිනයේ ලංකාවට ගොඩ බසින්නේ මේ විජය කුමරැ ය; එනම් වංශකතා අනුව විජය කුමරැගේ සීයා තිරිසන් සතකු වන සිංහයෙකි. \u003cbr /\u003e\u003cbr /\u003eමේ කරැණ ඉස්මතු කරමින් මෑතක දී එක්තරා පුද්ගලයකු රෑපවාහිනි වැඩසටහනක දී පැවසුවේ සතකු හා සංසර්ගයේ යෙදිම ශ්\u200dරී ලංකාවේ නීතියට පවා පටහැනි බවත්, මිනිසුන් සතුන් අතර සංසර්ගයෙන් දරැවන් බිහිවිය නොහැකි නිසා සිංහල ජාතියේ ජෛවීය උපත පිළිබද මිත්\u200dයාව ඉවත දැමිය යුතු බවත් ය. කුමන වෛද්\u200dය විද්\u200dයාව අනුව බැලුව ද මිනිසුන් සතුන් අතර සංසර්ගයෙන් දරැවන් බිහිවිය නොහැක. ඒ ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් මේ ප්\u200dරශ්න කිරිම් සිදු කරන්නේ සිංහලයා කෙරෙහි ඇති අසිමිත වෛරයකින්, අපහාස කිරිමේ පරමාර්ථයෙන් නිසා මේ ගැන වැඩි දුරටත් සාකච්ජා කළ යුතුය. අනෙක් අතට සිංහයකු හා සංවාසයෙන් දරැවන් බිහිවිය හැකි ද යන ප්\u200dරශ්නය නඟන මේ කවරකු හෝ කන්\u200dයාවියක වූ මරියතුමියට දරැවන් ලැබනේ කෙලෙස ද යන ප්\u200dරශ්නය නගා ඇති ද යන්න ද සොයා බැලිය යුතුය. \u003cbr /\u003e\u003cbr /\u003eපැහැදිලිවම වංශකතා කතුවරැන් හෝ මේ කතාව නිර්මාණය කළ පුද්ගලයා හෝ පුද්ගලයන් පවසා ඇත්තේ ප්\u200dරබන්ධයකි. ජෛවීයව සිදු විය නොහැකි දෙයකි. එසේ නම් එවැන්නක් පවසා ඇත්තේ ඇයි? \u003cbr /\u003e\u003cbr /\u003eසිංහබාහු කතාව දෙස විමසුම් ඇසකින් බැලිමෙන් පෙනීයන්නේ සිංහල ජාතියේ ජෛවීය මූලාරම්භය එක් තැනකින් ඔබ්බට ගෙන යාමට ප්\u200dරබන්ධකරැට අවශ්\u200dය නොවූ බවයි . කාලවකවානුව ගතහොත් එය ගෞතම බුදුන් වහන්සේ දඹදිව වැඩ සිටි කාලයට සමාන්තර කාලවකවානුවකි. පියා සිංහයෙකු කී විට එම කතාව එතැනින් නිමා වේ. සිංහයාගේ පිය සිංහයා කවුදැයි සොයා යෑමට කිසිවකුට අවශ්\u200dයා නොවේ. ඊළගට එම සිංහයාගෙන් හටගත් තවත් දරැ පරම්පරාවක් නැති බව දැක්වීම සඳහා සිංහයා මරා දමයි. එය සිදු කරනුයේද සිංහ පුතා (සිංහබාහු) විසිනි. මෙය ද ජෛවීය මරණයක් නොව ප්\u200dරබන්ධයකි. ඉන් අර්ථ ගැන්වන්නේ සහ වංශ කතාවේ විස්තර කෙරනුයේද අන් කවරකුට හෝ සිංහයා මරා දැමීමට නොහැකි වු බවයි. එනම් සිංහයාගේ, පුතුට පමණක් දෙවෙනි වන අනභිබවනීයත්වයයි. ජාතියේ ජෛවීය ආරම්භයේ අනන්\u200dය බව තහවුරැ කිරීමට වංශකතා කතුවරයා ඊළග පරපුර බිහි කරවන්නේ ද සහෝදර සහෝදරියන් වූ සිංහබාහු සහ සිංහසීවලිගේ එකතුවෙනි. ඔවුහු නිකම්ම සහෝදර සහෝදරියන් නොව නිවුන් සහෝදර සහෝදරියන්\u200d ය. \u003cbr /\u003e\u003cbr /\u003eමේ සියල්ලෙන් පැහැදිලි වන්නේ අන් ජනවර්ග, ජන කොටස්, වංශ, ගෝත්\u200dර සමග සෘජුව සම්බන්ධ නොවූ ඉන් පරිභාහිරව හටගත් ජාතියක මුලාරම්භය ලිවීමට වංශකතාකරැට වූ අවශ්\u200dයතාවය යි. එම අවශ්\u200dයතාව පැන නගිනුයේ ධර්මය ආරක්ෂා කරන ජාතිය සිංහලයන් බව ඒත්තු ගැන්වීමේ දී ය. බුදුරාජාණන් වහන්සේගේ පරිනිර්වාණ දිනයේ දී විජය කුමරැ ලංකාවට ගොඩබසින බව වංශකතාකරැ දක්වන්නේ ඒ උදෙසා ය. \u003cbr /\u003e\u003cbr /\u003eකන්\u200dයාවියක වූ මරියතුමියගේ කුසින් ජෙසුස් වහන්සේ බිහිවිම පිළිබඳ ප්\u200dරබන්ධය ද ඒ ආකාර වේ. කන්\u200dයායාවියක දරැවන් ලැබීම වෛද්\u200dය විද්\u200dයාත්මකව සිදු නොවිය හැකි දෙයකි. එහෙත් ඒ තුළින් පවසන කතන්දරය තේරැම් ගන්නා බැවින් අපි එයට ගරැ කරමු. ඒ සඳහා අපහාස කිරීමේ අවශ්\u200dයතාවයක් කිසිදු බෞද්ධයෙකුට හෝ ඇතයි මම නොසිතමි. මෙහි දී ප්\u200dරබන්ධකරැට අවශ්\u200dය වන්නේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ගේ පුත්\u200dරයකු බව පැවසීමටය. එහෙත් පුරැෂයෙකු සමග එක්වීමෙන් දරැවෙකු ලැබූ බව පැවසී නම් පියාගේ කුලමල ගෝත්\u200dර ගැන සොයමින් ඔහුගේ සම්භවය ගැන ප්\u200dරශ්න කරන බැවින් එම ප්\u200dරශ්න මගහැර ජේසුස් වහන්සේ පූජනියත්වයට පත් කිරීමට මරියතුමිය කන්\u200dයාවියක බව දක්වා ඇත. එමගින් දෙවියන් වහන්සේගේ දායකත්වය වඩා ස්ථිර ලෙස තහවුරැ කෙරේ. \u003cbr /\u003e\u003cbr /\u003eසිංහබාහු කතාවේ දී වංශකතාකරැ සිංහයෙකුම මේ සඳහා යොදා ගත්තේ ඇයි දැයි කෙනෙකුට තවත් ප්\u200dරශ්නයක් මතුවිය හැකිය. සිංහයා වෙනුවට දෙවියෙකු , බ්\u200dරහ්මයකු හෝ නාගයකු (නාග නමින් හඳුන්වන දේව කොට්ඨාශය) යොදා ගත්තා නම් තිරිසනකුගෙන් පැවත එනවා නොකියා දෙවියකුගෙන් පැවත එනවා යැයි කීමට නොතිබුණා නොවේදැයි උගතෙකු ඇසුවහොත් ඒ සඳහා පැහැදිලි කිරීම කුමක් විය හැකිද? දෙවියන්, බ්\u200dරහ්මයන් හෝ නාගයන්ගේ දස්කම් විස්කම් බොහො කතුවරැ විස්තර කර තිබුණ ද රණ ශූරත්වය, නායකත්වය, අභිමානය පිළිබද ජීවමාන සංඛේතය සිංහයායි. ඊටත් වඩා ඉතාම වැදගත් කරුණක් ඇත. එනම් සිංහල ජාතියේ හැසිරීම පිළිබඳ සියුම් නිරීක්ෂණයකි. සිංහයා සාමාන්\u200dයයෙන් කම්මැලි සතෙකි; සෙවණක් ඇති තැනකට වී තමන්ගේ පාඩුවේ නිදහස් සුව විඳිමින් සිටියි; පරිසරයෙන් පැමිණෙන තර්ජන ඌ එතරම් මායිම් නොකරයි; විරැද්ධවාදියකු මේ නම් දුර්වලයෙකුයැයි අනුමානයෙන් සිංහයාට කිට්ටු කරයි; ඇතැම් විට ලඟට පැමිණ වලිගය සපා කෑවද සිංහයා වගේ වගක් නැතුව සිටියි; එහෙත් එක් සීමාවකට ළගා වූ පසුව (බිත්තියට හේත්තු කළ පසු) සිංහයා අවදි වී පහර දී සතුරා කීතු කීතු කර දමා නැවතත් වගේ වගක් නැතිව වැතීර සිටියි. සිංහයාගේ මේ සීමාව ද වරින් වර වෙනස්වන පුරෝකථනය කළ නොහැකි එකකි. මේ සියවස් විස්සකට අධික කාලයක් ජාතියක් ලෙස සිංහලයා ප්\u200dරකට කළ ලක්ෂණය ම නොවේ ද ? \u003cbr /\u003e\u003cbr /\u003eඅඩුම ගනනේ ක්\u200dරි.ව. හතර වන සියවස වන විටත් මහා විහාරීය භික්ෂුන් වහන්සේලා සිංහල ජාතියේ මේ ලක්ෂණය හොඳින් දැන සිටින්නට ඇත. මාර්ග ඵල ලාභි භික්ෂුන් වහන්සේලාගෙන් උපදෙස් හා අනුශාසනා ද නොඅඩුව ලැබුණු මහා විහාරික භික්ෂුන් වහන්සේලා ජාතියේ ජෛවීය උපතට (සංස්කෘතික උපත දුටුගැමුණු රජු හා රැවන්වැලිසෑය හා බැඳේ ) සිංහයෙකු සම්බන්ධ කිරීමට නොපැකිළිව තීරණය කළේ සිංහලයාගේ සිංහ හැසීරීම ගැන නොදැන විය නොහැකිය. \u003cbr /\u003e\u003cbr /\u003eඇතැම් විට විජය කුමරැ පැමිණෙන විටම සිංහයන් තේමා කරගත් ජනශ්\u200dරැති රැගෙන ආවා විය හැකි ය; පසුව මහා විහාරික භික්ෂුන් වහන්සේලා ඒවා ඉතා නිර්මාණශීලී ලෙස ඉදිරිපත් කළා විය හැකිය. සිංහයා තේමා කරගත් ජනශ්\u200dරැති සිංහයන් දෑසින් දුටු, ඔවුන්ගේ හැසිරිම් නිරික්ෂණය කළ ජන කොටස් අතින් නිර්මාණය වීමට වැඩි ඉඩකඩක් ඇත. මේ කලාපයේම සිංහයන් සිටිනුයේ ඉංදියාවේ ගුජරාටි ප්\u200dරදේශයේ පමණි. විජය කුමරැ පැමිණියේ නැගෙනහිර ඉංදියාවේ බෙංගාලි දේශයෙන් බව සාමාන්\u200dය පිළිගැනීමයි. එහෙත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ විජය කුමරැ ගුජරාටියෙන් පැමීණීමට වැඩි ඉඩකඩක් ඇති බවයි. මහාචාර්ය සී. ඩබ්. මද්දුමබණ්ඩාර මහතා විජය කුමරැ පැමිණි කාලයේ දේශගුණය, සුළං සහ දියවැල් අධ්\u200dයානයෙන් පෙන්වා දෙන්නේ ද ගුජරාටි ආශ්\u200dරිත ප්\u200dරදේශයකින් ඔහු පැමිණිමට වැඩි ඉඩ කඩක් ඇති බවයි. විජය කුමරැ පැමිණි කාලවකවානුව සැලකූ විට ඔහු බටහිර බෙංගාල ප්\u200dරදේශයෙන් නික්මුණේ නම් ලංකාවට පැමිණීමට වඩා බුරැමය දෙසට ගමන් කිරීමට වැඩි ඉඩක් තිබු බව මහාචාර්ය මද්දුම බණ්ඩාර පවසයි. තව ද මෑතක දී කෙරැණ ජාන අධ්\u200dයයනයකින් පෙන්වා දී ඇත්තේ සිංහලයාගේ ජාන වලින් වැඩි ප්\u200dරමාණයක් (72%) බෙංගාල ප්\u200dරදේශයේ ජනතාවට සමීපත්වයක් දක්වන බවයි. නමුත් ගුජරාටි ජනයාගේ ජාන වලට ද නෑකමක් දක්වන බව (12%) ඉන් හෙළි වී ඇත. කිසිවකුට හෝ නූතන බටහිර විද්\u200dයාත්මක දැනුම යොදා ගෙන සිංහලයාගේ ප්\u200dරභවය අධ්\u200dයයනය කිරීමට අවශ්\u200dය නම් මේ ගැන වැඩි දුරටත් පර්යේෂණ කළ හැකි ය. එසේ නොමැතිව බටහිර ජීව විද්\u200dයාවවත් හරිහැටි නොදැන ඒ මත පදනම්ව සංස්කෘතික කාරණා විවේචනයට ලක් කිරිමට විහිළුවකි. \u003cbr /\u003e\u003cbr /\u003eකෙසේ වෙතත් සිංහබාහු කතාව ජෛව විද්\u200dයාත්මකව හරි ද වැරදි ද දැයි බැලීමට අමුතු පරීක්ෂණ හෝ පණ්ඩිත කතා අවශ්\u200dය නොවේ. එහි දැක්වෙන්නේ සිංහල ජාතියේ ජෛව උපතේ පාරිශුද්ධත්වය දැක්වීම සඳහා නිර්මාණය කළ විශිෂ්ට ප්\u200dරබන්ධයකි. එහි ඉතා ප්\u200dරබල අරැතක් ඇත. මෙකී අරැත වටහා ගැනීමට නොහැකි පුහු වීරයන් සිංහබාහු කතාවට අභියෝග කරන්නේනම් මරියතුමියගේ කන්\u200dයාභාවයටත් ඒ හා සමාන තවත් බොහො දේටත් අභියෝග නොකර සිංහලයාගේ සිංහ තාත්තා ගැන පමණක් කතා කරන්නේ ඇයි දැයි පැහැදිලි කළ යුතුය. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e– වෛද්\u200dය චන්න ජයසුමන\u003c/b\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6018628491922816289/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/02/Sinhabahu.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6018628491922816289"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6018628491922816289"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/02/Sinhabahu.html","title":"සිංහලයාගේ ජාතකය සොයන්නට එන අවජාතකයන්ට පිළිතුරක්..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-v-C6XvHHtnQ/VrtycKvnhwI/AAAAAAAAA7o/4JP4sd3KBMA/s72-c/soin.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1325998063404729912"},"published":{"$t":"2015-06-12T22:17:00.000+05:30"},"updated":{"$t":"2015-06-17T06:39:00.663+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"}],"title":{"type":"text","$t":"ග්ලයිෆොසේට්\u200c තහනමේ ඇත්ත සහ නැත්ත"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-W4Piz2Fv8ck/VXxnquPM_3I/AAAAAAAADEk/FFoPCaqMCqY/s1600/gly.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"260\" src\u003d\"http://1.bp.blogspot.com/-W4Piz2Fv8ck/VXxnquPM_3I/AAAAAAAADEk/FFoPCaqMCqY/s400/gly.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-SxIYOqYs-_A/VXpkCG_wIZI/AAAAAAAADDk/8Hny8NjPkcY/s1600/b.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-0GvXtd7I738/VXpj2llTNGI/AAAAAAAADDc/qBL2w92EKos/s1600/a.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපසුගිය සති කිහිපයක කාලයේ මෙරට සහ \"නොරට වසන මෙරටට සබඳතා ඇති\" උගතුන් ගේ සාකච්ඡාවට බඳුන් වූ ප්\u200dරධාන මාතෘකාවක්\u200c නම් \"ග්ලයිෆොසේට්\u200c තහනම\"යි. ග්ලයිෆොසේට්\u200c යනු වල් නාශකයකි ත මිනිසා විසින් කෘත්\u200dරිම ලෙස නිපදවන ලද රසායන ද්\u200dරව්\u200dයයකි ත ශ්\u200dරී ලංකාවේ මෙන්ම මුළු ලෝකයේ ම ගොවිතැන් කටයුතු සඳහා යොදන ප්\u200dරධානතම රසායන ද්\u200dරව්\u200dයයයි. බටහිර විද්\u200dයාව නිපදවූ විස්\u200cමයජනක රසායන ද්\u200dරව්\u200dයයක්\u200c ලෙස බටහිර කෘෂි විද්\u200dයාඥයෝ ග්ලයිෆොසේට්\u200c හඳුන්වති. ආරම්භයේ දී මේ රසායන ද්\u200dරව්\u200dයයට පේටන්ට්\u200c අයිතිය ලබාගත්තේ කිවුල ඉවත් කරන රසායන ද්\u200dරව්\u200dයයක්\u200c ලෙස ය. ඒ 1964 වසරේ දී ය. පසුව 1969 වසරේ දී ඇමෙරිකා එක්\u200cසත් ජනපදයේ මොන්සැන්ටෝ සමාගම වල් නාශකයක්\u200c ලෙස ග්ලයිෆොසේට්\u200c සඳහා පේටන්ට්\u200c අයිතිය ලබාගත්තේ ය. (මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 2014 ජනවාරි 29 විදුසර බලන්න). \u003cbr /\u003e\u003cbr /\u003eදැන් ලංකාව තුළ ග්ලයිෆොසේට්\u200c සාමාන්\u200dය ගොවිතැන් කටයුතු සඳහා තහනම් ය. එහෙත් බොහෝ දෙනාට මේ තහනමේ සැබෑ තත්ත්වය පිළිබඳ අවබෝධයක්\u200c නැති බව පෙනේ. වඩා බැරෑරුම් තත්ත්වය නම් ග්ලයිෆොසේට්\u200c හෝ එහි තහනම ගැන හරිහැටි නො දැන ඔවුන් පුවත්පත්වලට, වෙබ් අඩවිවලට ලිපි ලේඛන ද සැපයීමයි. මේ ඇතැම්හු විශ්වවිද්\u200dයාලවල මහාචාර්යවරු වෙති. සමහරක්\u200c කෘෂි රසායන සමාගම්වල තනතුරු තානාන්තර දැරුවාහු ය ත තවමත් දරන්නෝ ද වෙති. කිහිප දෙනෙක්\u200c ලංකාවේ උපත ලබා වසරකට හෝ වසර කිහිපයකට වරක්\u200c සිය නිවාඩුවට පමණක්\u200c මේ සිරිලකට පැමිණෙන විදේශගත උගත්තු ය. පොදු වශයෙන් ගත් කල මේ අය ලිපි ලියන්නේ ඉංගි්\u200dරසි පුවත්පත්වලට සහ ඉංගී්\u200dරසි භාෂාවෙන් පළ වන වේබ් අඩවිවලට ය. ඉඳහිට සිංහල පුවත්පත්වලට ද ලියති. \u003cbr /\u003e\u003cbr /\u003eඅදින් සති 2කට පමණ පෙර රටේ ජනාධිපතිතුමා කොළඹ බණ්\u200cඩාරනායක අනුස්\u200cමරණ සම්මන්ත්\u200dරණ ශාලාවේ පැවැති උත්සවයක දී ප්\u200dරකාශ කළේ ග්ලයිෆොසේට්\u200c භාවිතය මෙරට මුළුමනින් ම නැවතූ බවත්, මේ තීරණය දැනගත් පසු ඇතැම් සමාගම්වල නියෝජිතයන් කිහිප දෙනකු තමාට එදින උදැසන කතාකර දැනට ලංකාවට ගෙන්වා ඇති ග්ලයිෆොසේට්\u200c ප්\u200dරමාණය හෝ විකුණාගැනීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටි බවත් ය. එහෙත් මෙරට ජනතාව වස විසෙන් මුදාගැනීමේ අරමුණ පෙරදැරිව තමා එකී ඉල්ලීම ප්\u200dරතික්\u200cෂේප කළ බව ජනාධිපතිතුමා පැවසී ය. මේ හා සමගාමී ව කැබිනට්\u200c මණ්\u200cඩලයට සංදේශයක්\u200c ඉදිරිපත් කළ කෘෂිකර්ම ඇමතිතුමා ග්ලයිෆොසේට්\u200c තහනමට අදාළ යම් යම් කාරණා කිහිපයකට අමාත්\u200dය මණ්\u200cඩල අනුමැතිය අපේක්\u200cෂා කළේ ය. සැබැවින් ම ජනාධිපතිතුමා ග්ලයිෆොසේට්\u200c තහනම් කළේ ද? එසේ නම් ඒ ඇයි? පෙර කී අමාත්\u200dය මණ්\u200cඩල සංදේශයේ සඳහන් වූයේ කවරේ ද? ග්ලයිෆොසේට්\u200c දැනට රට තුළ භාවිතය නැවතී ඇති ද? \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-0GvXtd7I738/VXpj2llTNGI/AAAAAAAADDc/qBL2w92EKos/s1600/a.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-0GvXtd7I738/VXpj2llTNGI/AAAAAAAADDc/qBL2w92EKos/s400/a.jpg\" /\u003e\u003c/a\u003eශ්\u200dරී ලංකාව තුළ ග්ලයිෆොසේට්\u200c තහනම පිළිබඳ මුල් වරට සංවාදය ඇරඹෙන්නේ 2012 වසරේ දී ය. 2012 නොවැම්බර් මස 22 දින පැවැති \"රජරට වකුගඩු රෝගය හා කෘෂි රසායන ද්\u200dරව්\u200dය\" පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව මගින් මේ පිළිබඳ සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට 10 දෙනකු ගෙන් යුත් විද්වත් කමිටුවක්\u200c පත් කරන ලදි. එහි සභාපතිවරයා වූයේ කෘෂිකර්ම අමාත්\u200dයංශයේ අතිරේක ලේකම් ඩී. බී. ටී. විඡේරත්න මහතා ය. පළිබෝධනාශක රෙජිස්\u200cට්\u200dරාර්වරයා සහ සෞඛ්\u200dය අමාත්\u200dයංශයේ ඉහළ තනතුරු දැරූ වෛද්\u200dයවරු දෙදෙනකු ගේ ද සහභාගීත්වය ලැබූ එකී කමිටුවේ මම ද සාමාජිකයෙක්\u200c වීමි. කමිටුවේ මුඛ්\u200dය පරමාර්ථය වූයේ ශීSඝ්\u200dරයෙන් පැතිර යන කෘෂිකාර්මික වකුගඩු රෝගය තවදුරටත් පැතිර යැම වැළැක්\u200cවීම සඳහා විශේෂයෙන් කෘෂිකර්ම අමාත්\u200dයංශය වෙතින් ගත යුතු ක්\u200dරියාමාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වන විටත් ලෝක සෞඛ්\u200dය සංවිධානය මගින් ලංකාවේ පැතිර යන වකුගඩු රෝගය පිළිබඳව සිදු කළ පර්යේෂණයේ ප්\u200dරතිඵල නිල වශයෙන් ප්\u200dරකාශයට පත් ව තිබුණේ නැත. එහෙත් අතුරු වාර්තා 4ක්\u200c ද සහිත \"Investigation and Evaluation of Chronic Kidney Disease of Uncertain Aetiology in Sri lanka - Final Report\" යන මැයෙන් අවසන් වාර්තාවක්\u200c ලෝක සෞඛ්\u200dය සංවිධානය ශ්\u200dරී ලංකාවේ සෞඛ්\u200dය අමාත්\u200dයංශයට භාර දී තිබිණි. එහෙත් යම්කිසි හේතුවක්\u200c නිසා එකී වාර්තාව සැඟව පැවතිණි. එවකට රජයේ කැබිනට්\u200c අමාත්\u200dයවරයකු ගේ මාර්ගයෙන් මේ වාර්තාව මා අතට පත් විය. මා මේ පිළිබඳව එවකට සෞඛ්\u200dය ඇමැතිතුමා ගෙන් (වත්මන් ජනාධිපතිතුමා) විමසා බැලූ විට එතුමා ප්\u200dරකාශ කළේ වාර්තා අමාත්\u200dයංශයට ලැබී ඇති බවත් විවිධ කරුණු කාරණා හේතුවෙන් එම වාර්තාව ප්\u200dරසිද්ධ වීම වැළකී ඇති බවත් ය. ඒ අනුව අපි පුවත්පත් සාකච්ඡාවක්\u200c පවත්වා එකී වාර්තාවේ තිබූ කරුණු හෙළිදරවු කළෙමු. මේ සමග ම පුවත්පත්වලට ලිපි සපයමින් (අද ග්ලයිෆොසේට්\u200c තහනමට විරුද්ධ ව දිගට හරහට ලිපි ලියන්නේ ද මේ පිරිස ය) ඇතැම් විද්වතුන් ප්\u200dරකාශ කළේ මේ වාර්තාව ව්\u200dයාජ එකක්\u200c බවත්, මාධ්\u200dයවලට ඉදිරිපත් කළ වාර්තාවේ නිල මුද්\u200dරd සටහන් නොමැති බවත්, ලෝක සෞඛ්\u200dය සංවිධානය හෝ සෞඛ්\u200dය අමාත්\u200dයංශය මේ ආකාරයේ වාර්තාවක්\u200c ගැන කිසිදු ප්\u200dරකාශයක්\u200c කර නොමැති බවත් ය. එහෙත් ඒ ගැන තැකීමක්\u200c අප නො කළේ නිල මුද්\u200dරd සහිත කොටස ඉවත් කර අදාළ වාර්තාව ජනමාධ්\u200dය වෙත ලබා දුන් නිසාත් වාර්තාවේ සුජාත බව පිළිබඳ සහතිකයක්\u200c සෞඛ්\u200dය ඇමැතිතුමා දී තිබූ හෙයිනුත් ය. කෙසේ හෝ විද්වත් කමිටු රැස්\u200cවීමට පැමිණි සෞඛ්\u200dය අමාත්\u200dයංශ නිලධාරීහු මේ වාර්තාව නිල වාර්තාවක්\u200c ලෙස පිළිගත් හ. ඒ සඳහා අවශ්\u200dය පසුබිම ඒ වන විට සකස්\u200c වී තිබිණි. අවසන් නිර්දේශය සකස්\u200c කිරීමට ලෝක සෞඛ්\u200dය සංවිධාන වාර්තාව මහත් පිටිවහලක්\u200c විය. ලෝක සෞඛ්\u200dය සංවිධාන වාර්තාව අනුව වකුගඩු රෝගීන් ගෙන් ලබාගත් මුත්\u200dරා සාම්පලවල පළිබෝධනාශක අවශිෂ්ට කොටස්\u200c වර්ග කිහිපයක්\u200c නිර්දේශ මට්\u200cටමට ඉහළින් පැවතිණි. විෂ විද්\u200dයාවේ සහ පරිසර විද්\u200dයාවේ පිළිගැනෙන පූර්ව ආරක්\u200cෂණ මූලධර්මය (Precautionary Principle) අනුව එවන් අවස්\u200cථාවක, සැලකිල්ලට බඳුන් වන රෝගය සහ අදාළ රසායන ද්\u200dරව්\u200dය අතර සෘජු සබඳතාවක්\u200c නොමැති බව සාධාරණ සැකයකින් තොර ව සනාථ කරන තෙක්\u200c නිශ්චිත රසායනය මනුෂ්\u200dය භාවිතයට හෝ පරිසරයට මුදාහැරීම නො කළ යුතු ය. මේ මූලධර්මයත් තවත් එවැනි බටහිර විෂ විද්\u200dයා සිද්ධාන්ත කිහිපයකුත් මත ලෝක සෞඛ්\u200dය සංවිධාන වාර්තාවේ සඳහන් වූ පළිබෝධ නාශක අවශිෂ්ටවල මුල් පළිබෝධනාශක වූ ප්\u200dරොපනිල්, ග්ලයිෆොසේට්\u200c, කාබරිල් සහ ක්\u200cලෝෆයිරිෆොස්\u200c යන රසායන 4 භාවිතය අත්හිටුවිය යුතු බව මම යෝජනා කළෙමි. මේ ගැන පැවැති දීර්ඝ සංවාදය අවසානයේ කමිටුව තීරණය කළේ එම රසායන ද්\u200dරව්\u200dය 4 කෘෂිකාර්මික වකුගඩු රෝගය පැතිර ඇති පළාත්වල අලෙවිය සහ භාවිතය අත්හිටුවීමට නිර්දේශ කළ යුතු බවයි. එම යෝජනාව ද සහිත ව යෝජනා 15කින් යුත් ලියෑවිල්ලක්\u200c කමිටුව පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට ඉදිරිපත් කළේ ය. ඒ සඳහා (2013 අප්\u200dරේල් මස 10 වැනි දින) කාරක සභා අනුමැතිය හිමි වූ අතර යෝජනා සඳහා කැබිනට්\u200c අනුමැතිය ලබාගැනීමෙන් පසු ක්\u200dරියාවට නැංවිය යුතු බව තීරණය විය. කිසිවක්\u200c සුමට ලෙස සිදු වූවා නොවේ. කෘෂි රසායන සමාගම් මෙන්ම ඔවුන් වෙනුවෙන් විවිධ හේතු නිසා පෙනී සිටි පුද්ගලයෝ ද ප්\u200dරසිද්ධියේ මෙන්ම අප්\u200dරසිද්ධියේ ද මීට විරුද්ධව කළ හැකි සැම දෙයක්\u200c ම කළ හ. පර්යේෂණ සඳහා උදව් උපකාර කළ මහත් කැපකිරීම් කළ සියල්ලන්ට ම නින්දා අපහාස කළ හ. මඩ පත්තර ගැසූ හ. විශ්වවිද්\u200dයාලවල සනාතන සභාවලට ලියුම් ලියූ හ. දේශපාලනඥයන් පිටුපස යමින් ඊනියා දැනුම්වත් කිරීම් කරමින්, ඔවුන් ලවා තීරණ වෙනස්\u200c කිරීමට උත්සාහ දැරූ හ. \u003cbr /\u003e\u003cbr /\u003eඅවසානයේ 2013 මැයි මස 16 වැනි දින එවකට කෘෂිකර්ම අමාත්\u200dයවරයා ව සිටි මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරිපත් කළ 22/2013 දරන අමාත්\u200dය මණ්\u200cඩල සංදේශයෙන් පෙර කී රසායන ද්\u200dරව්\u200dය 4 රෝගය පැතිර ඇති ප්\u200dරදේශවල අලෙවිය සහ භාවිතය අත්හිටුවීමේ යෝජනාව ද සහිත වූ යෝජනා 15ක්\u200c ක්\u200dරියාවට නැංවීමට කැබිනට්\u200c මණ්\u200cඩල අනුමැතිය පැතී ය. ඒ සඳහා කැබිනට්\u200c අනුමැතිය හිමි විය. කෙසේ වෙතත් සමාගම්වල බලපෑමෙන් සහ ඔවුන් ගේ සහායට සිටි විද්වතුන් කල්ලියේ කීමට මේ යෝජනා ක්\u200dරියාත්මක නො වී ය. \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-SxIYOqYs-_A/VXpkCG_wIZI/AAAAAAAADDk/8Hny8NjPkcY/s1600/b.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-SxIYOqYs-_A/VXpkCG_wIZI/AAAAAAAADDk/8Hny8NjPkcY/s400/b.jpg\" /\u003e\u003c/a\u003eමේවා මෙසේ සිදු වෙද්දී අපි පර්යේෂණ කටයුතු ද ඉදිරියට ගෙන ගියෙමු. කැලිෆොaනියා රාජ්\u200dය විශ්වවිද්\u200dයාලයයේ සේවයේ නියුතු කීර්තිමත් ශ්\u200dරී ලාංකික මහාචාර්යවරයකු වන වෛද්\u200dය සරත් ගුණතිලක මැතිතුමා ගේ මැදිහත් වීමෙන් ශ්\u200dරී ලංකාව තුළ සිදු කළ නොහැකි පර්යේෂණ ගණනාවක්\u200c ඇමෙරිකා එක්\u200cසත් ජනපදයේ විද්\u200dයාගාර කිහිපයක දී සිදු කිරීමට අපට හැකි විය. එහි දී ලබාගත් පර්යේෂණ දත්ත ද පදනම් කරගෙන ග්ලයිෆොසේට්\u200c නම් රසායනික ද්\u200dරව්\u200dය වකුගඩු රෝගය ඇති කිරීමට දායක වන ආකාරය පිළිබඳව බොහෝ දුරට සංගත බටහිර විද්\u200dයාත්මක පැහැදිලි කිරීමක්\u200c ගොඩනැඟීමට අපට හැකි විය. එය සනාථ කිරීමට අවශ්\u200dය විද්\u200dයාත්මක දත්ත සෑහෙන මට්\u200cටමකට අප සතු විය. ආරම්භයේ දී විද්\u200dයාත්මක ජර්නලවල මේවා පළ කිරීමට මා ගේ එතරම් උනන්දුවක්\u200c නො වී ය. කෙසේ වෙතත් මහාචාර්ය නලින් ද සිල්වා, මහාචාර්ය ප්\u200dරියාණි පරණගම, මහාචාර්ය සරත් ගුණතිලක, මහාචාර්ය සිසිර සිරිබන්ධන වැනි ජ්\u200dයෙෂ්ඨයන් ගේ දිරිමත් කිරීම මත කැලිෆොaනියාවේ දී ලබාගත් පර්යේෂණ ප්\u200dරතිඵල එකින් එක ක්\u200dරමානුකූල ව පළ කළ යුතු බව මම තීරණය කළෙමි. \u003cbr /\u003e\u003cbr /\u003eබටහිර විද්\u200dයා ජර්නල (සඟරා) ප්\u200dරධාන කොට දෙවර්ගයකි. එකක්\u200c නම් පාඨකයා මුදල් ගෙවා සඟරාව හෝ පර්යේෂණ පත්\u200dරිකාව ලබාගත යුතු ජර්නල ය. අනෙක කර්තෘවරයා මුදල් ගෙවා පාඨකයන්ට කියවීමට අවස්\u200cථාව ලබා දෙන (open access) ජර්නල ය. වැඩි පිරිසකට කියවීමට අවස්\u200cථාව ලබා දීමේ අරමුණින් අපි දෙවැනි වර්ගයේ ජර්නලවල අප ගේ සොයාගැනීම් පළ කිරීම ඇරඹුවෙමු. ඒ සමග ම මෙරට කුහක විද්වතුන් ප්\u200dරචාරයක්\u200c දියත් කළේ අප තත්ත්වයෙන් බාල, මුදල් ගෙවා පළ කරන ජර්නලවල මේ කරුණු පළ කර ඇති බව ය. එය අමූලික බොරුවකි. ලොව ප්\u200dරමුඛ විද්\u200dයා සඟරා සියල්ලක්\u200c ම පාහේ open access පහසුකම සපයයි. එසේ වූ පමණින් ඒවාට බාල ජර්නල යෑයි කිසිවෙක්\u200c නො කියති. අනෙක්\u200c අතට අප ගේ ප්\u200dරකාශන පළ වූ ජර්නල බටහිර විද්\u200dයා ජර්නල ප්\u200dරමිතිකරණය අනුව ඉහළින් ම පවතින ඒවා ය. මුදල් ගෙවූ පමණින් ඕනෑ ම දෙයක්\u200c ඒවායේ පළ කළ නොහැකි ය. සාමාන්\u200dය විද්\u200dයා ජර්නලයක ක්\u200dරියාත්මක වන ප්\u200dරමිතිකරණය ම ඒවායේ ද ක්\u200dරියාත්මක වේ. වැදගත් ම කරුණ නම් මේ චෝදනා කරන පිරිස නො දන්නා දේ ය. ඊට හේතුව ඔවුන් අන්තර්ජාතික සඟරාවක මේ ආකාරයේ ප්\u200dරකාශනයක්\u200c පළ කිරීමට හෝ යමක්\u200c නො කළ පිරිසක්\u200c වීම ය. මේ ගැන අත්දැකීමක්\u200c ඇති අයෙක්\u200c නම් මේ නිහීන චෝදනා නො කරයි. මේ ජර්නල සියල්ලක්\u200c ම ශ්\u200dරී ලංකාව ද ඇතුළු රටවල් ගණනාවකට මුදල් ලබාගැනීමකින් තොර ව open access පහසුකම සපයයි. \u003cbr /\u003e\u003cbr /\u003eඔවුන් පළමුව විමසනුයේ ඉදිරිපත් කරන දේ තම සඟරාවේ ප්\u200dරමිතියට ගැලපෙන කරුණු ද යන්න මිසක මුදල් ලබාගැනීම පිළිබඳව නො වේ. මුදල් ගෙවීම හෝ නො ගෙවීම තීරණය කරනුයේ අවසන් අවස්\u200cථාවේ දී ය. මේ ජර්නල සියල්ලක්\u200c ම පාහේ ලෝක බැංකු වර්ගීකරණය අනුව අඩු හෝ පහළ ආදායම් ලබන රටවල කර්තෘවරයකු ඉදිරිපත් කරන විද්\u200dයාත්මක පත්\u200dරිකා සඳහා කිසිදු මුදලක්\u200c අය නො කරයි. ශ්\u200dරී ලංකාව ද එම කාණ්\u200cඩයේ බැවින් අපට ද මුදල් ගෙවීමේ අවශ්\u200dයතාවක්\u200c මතු නො වී ය. එහෙත් සිය ජීවිත කාලය තුළ කටමැත දොඩවනවා මිසක අන්තර්ජාතික විද්\u200dයා ජර්නලයක ප්\u200dරකාශනයක්\u200c පළ කර නොමැති කුහකයන් මේ බව නො දන්නේ එවැනි ක්\u200dරියාවලියකට අනුගත වී සැබැවින් ම සිදු වන්නේ කුමක්\u200c දැයි අත්දැක නොමැති හෙයිනි. \u003cbr /\u003e\u003cbr /\u003eඅපි මුලින් ම ග්ලයිෆොසේට්\u200c ඇතුළුව අනෙකුත් විෂ ද්\u200dරව්\u200dයවල දායකත්වයෙන් ශ්\u200dරී ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගය ඇති වන ආකාරය පිළිබඳ කල්පිතය (Hypothesis) ස්\u200cවිට්\u200cසර්ලන්තයේ පළ වන විද්\u200dයා ජර්නලයක 2014 පෙබරවාරි මස පළ කළෙමු. එය දරාගත නොහැකි වූ කුහක උගත්හු මෙය හිතළුවක්\u200c පමණක්\u200c යෑයි පවසමින් ඊට අපහාස කළ හ. ඔවුන් හිතළුව (Imagination) සහ කල්පිත (Hypothesis) අතර වෙනස වත් නො දන්නා බක පණ්\u200cඩිතයෝ ම පමණක්\u200c වෙති. අපි අපේක්\u200cෂා කළ පරිදි ම ලෝක මට්\u200cටමේ ඉහළ පිළිගැනීමක්\u200c ඇති රසායන විද්\u200dයා, වෛද්\u200dය විද්\u200dයා, විෂ විද්\u200dයා බුද්ධිමතුන් ගණනාවක ගේ අවධානය ඒ කරා යොමු විය. අපේ රටේ උගතුන් එය හිතළුවක්\u200c යෑයි බැහැර කරද්දී බටහිර සැබෑ බුද්ධිමත්හු අප කල්පිතයේ ඇති අඩුපාඩු පෙන්වා දෙමින් එය වර්ධනය කළ හ. අවංකව ම එය අගය කළ හ. අප ඒ රටවලට ගෙන්වාගෙන මේ ගැන කරුණු විමසමින් පර්යේෂණ සහයෝගිතා සඳහා ආරාධනය කළ හ. මේ ගැන වැඩිදුර තොරතුරු පැවසීමට ඉක්\u200cමන් වැඩි වුව ද විදුසර පාඨකයන්ට අප සතුටෙන් දැනුම් දෙන්නේ ඒ පිරිස අතර නොබෙල් ත්\u200dයාගය ලැබූ සුවිශේෂ පුද්ගලයන් කිහිප දෙනකු සිටින බවයි. අප ගේ පර්යේෂණ නොබෙල් ත්\u200dයාග ලබාගැනීමට නො වුව ද අප රටේ සිටින උගතුන් සහ බටහිර සැබෑ බුද්ධිමතුන් අතර වෙනස පෙන්වා දීමට පමණක්\u200c මේ කරුණු සටහන් කරමු.\u003cbr /\u003e\u003cbr /\u003eමේ නම් හිතළුවක්\u200c පමණකැයි පවසමින් පුවත්පත්වලට ලිපි සැපයූවෝ එකී හිතළුව සනාථ වන දත්ත සහිත පර්යේෂණ පත්\u200dරිකා පළ වෙද්දී ඒ ගැන කථා නො කර \"හිතළුව\" ගැන පමණක්\u200c ම කතා කරමින් හිකනළුන් සේ හැසිරෙති.\u003cbr /\u003e\u003cbr /\u003e2013 මැයි මස කැබිනට්\u200c පත්\u200dරිකාවක්\u200c ඉදිරිපත් කළ ද ඊට කැබිනට්\u200c අනුමැතිය හිමි වුව ද ග්ලයිෆොසේට්\u200c තහනමක්\u200c ක්\u200dරියාත්මක නො විණි. ඊට හේතුව වූයේ එය බලාත්මක කිරීමට අවශ්\u200dය ගැසට්\u200c නිවේදනය නිකුත් නො වීමයි. කෙසේ හෝ අවසානයේ වසර එක හමාරක ප්\u200dරමාදයකින් පසු පසුගිය ජනාධිපතිවරණ සමයේ එනම් 2014 දෙසැම්බර් මස 22 නිකුත් කළ අංක 1894/4 දරන ගැසට්\u200c පත්\u200dරයෙන් අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මොණරාගල දිස්\u200cත්\u200dරික්\u200cක 4 තුළ සහ බදුල්ල දිස්\u200cත්\u200dරික්\u200cකයේ මහියංගනය, රිදීමාලියද්ද සහ කන්දකැටිය යන ප්\u200dරාදේශීය ලේකම් කොට්\u200cඨාශ තුළ ග්ලයිෆොසේට්\u200c, ප්\u200dරොපනිල්, කාබරිල්, ක්\u200cලොෆයිරිෆොස්\u200c සහ කාබොෆියුරාන් යන සක්\u200dරීය ද්\u200dරව්\u200dය අඩංගු පළිබෝධනාශක භාවිතය සහ විකිණීම තහනම් කෙරිණ. \u003cbr /\u003e\u003cbr /\u003eමේ ආකාරයෙන් නීතිගත කෙරුණ ද ඡන්ද උණුසුම සහ ඉන් පසුව ඇති වූ තත්ත්වය මත මේ තහනම කොළයට පමණක්\u200c සීමා විය. එය ක්\u200dරියාත්මක කිරීමේ නිසි ක්\u200dරමවේදයක්\u200c නො වී ය. ගොවීහු ද, වෙළෙන්දොa ද ජනමාධ්\u200dය පැවසූ දේ මිස තහනම ගැන නිසි අවබෝධයක්\u200c නො ලැබූ හ. අනුරාධපුර ගොවීහු දඹුල්ල ආර්ථික මධ්\u200dයස්\u200cථානයට එළවළු වෙළෙ¹මට පැමිණ ගෙදර යන විට \"ඩීමෝ බට්\u200cටා\" පිරෙන්න ග්ලයිෆොසේට්\u200c බහාලුම් රැගෙන ගියේ ගමට ම ඇති වෙන්න දෙන්නට ය. (දඹුල්ල අයිති වන්නේ මාතලේ දිස්\u200cත්\u200dරික්\u200cකයට ය). මේ අතර නව රජය යටතේ ද වකුගඩු රෝග නිවාරණයට වෙන ම ඒකකයක්\u200c ආරම්භ විය. එහි සාකච්ඡාවල දීත් ඉන් පිටතත් පළිබෝධනාශක තහනම ගැන යළි සාකච්ඡා විය. අලුත් දේ කරන්නට පෙර දැනට ගෙන ඇති ක්\u200dරියාමාර්ග ශක්\u200cතිමත් කිරීමට තීරණය විය. මුළු රටටට ම ග්ලයිෆොසේට්\u200c තහනමක්\u200c පැනවිය යුතු බවට ද යෝජනා ඉදිරිපත් විය. මේ කතාබහ දැනගත් විට පළිබෝධනාශක වෙළෙන්දොa මෙන්ම උගතුන් කණ්\u200cඩායම ද නැවත සක්\u200dරීය වූ හ. ග්ලයිෆොසේට්\u200c නැති ව වගා කරන්නට බැරි බවත්, භෝග ඵලදාව අඩු වන බවත්, මිනිසුන්ට බඩගින්නේ ඉන්නට සිදු වන බවත්, රටේ ආර්ථිකය කඩා වැටෙන බවත් පවසමින් ලිපි ලියමින්, ඊමේල් පණිවිඩ යවමින් නැවත වටයකින් ඔවුහු වැඩ ඇරඹූ හ. කෙසේ වෙතත් ගොඩනැගී තිබූ සමාජ වටපිටාව අනුවත්, ජනාධිපතිවරණ ඡන්ද පොරොන්දු අනුවත්, ඒ වන විටත් ප්\u200dරදේශ කිහිපයක ග්ලයිෆොසේට්\u200c තහනමට අදාළ ගැසට්\u200c පත්\u200dරය නිකුත් කර තිබූ නිසාත්, අඩිය පසුපසට ගත් සමාගම් මුළු රටෙන් ම ග්ලයිෆොසේට්\u200c අතුගෑවී යැම නතර කරවාගෙන හොඳ කුට්\u200cටියක්\u200c කඩාගෙන එය පමණක්\u200c හෝ රැකගැනීමේ සටන ඇරඹී ය. වී වගාවට හැරුණු විට ග්ලයිෆොසේට්\u200c ප්\u200dරධාන ලෙස භාවිත කරන්නේ තේ වගාවේ වල් මර්දනය සඳහා ය. කම්කරුවන් යොදා වල් ඉවත් කිරීමට වඩා පූර්ණ වල් නාශකයක්\u200c යෙදීම ඉතා වාසිසහගත ය. මේ අනුව වතුකරයට අවශ්\u200dය ග්ලයිෆොසේට්\u200c රැකගැනීම කෘෂි රසායන සමාගම්වල අවම අවශ්\u200dයතාව විය. ඒ වෙනුවෙන් විද්වත්හු ලිපි ලිවීමට පටන්ගත් හ. දැන් කම්කරු කුලිය ඉතා වැඩි බවත්, ග්ලයිෆොසේට්\u200c නැති ව තේ වගාව බැරි බවත්, තේ වැටුණොත් රටේ ආර්ථිකය වැටෙන බවත් මේ නිසා ග්ලයිෆොසේට්\u200c අවශ්\u200dය බවත් පැවසෙන ලිපි පළ වන්නට පටන් ගත්තේ ය. කෙසේ හෝ ඒ සටනින් සමාගම්වලට ජය අත් විය. අවසානයේ තීරණය වී ඇත්තේ වැවිලි භෝග සඳහා භාවිතයට ඉඩ සලසමින් අනෙකුත් ගොවිතැන් කටයුතු සඳහා ග්ලයිෆොසේට්\u200c තහනම් කිරීමට ය. ඒ අනුව ශ්\u200dරී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්\u200cථාවට (සිපෙට්\u200cකෝ) පමණක්\u200c ග්ලයිෆොසේට්\u200c රටට ආනයනය කළ හැකි ය. ඔවුන් වැවිලි කර්මාන්තකරුවන්ට තොග වශයෙන් ග්ලයිෆොසේට්\u200c නිකුත් කරනු ඇත. වෙනත් කිසිදු පෞද්ගලික සමාගමකට රටට ග්ලයිෆොසේට්\u200c ගෙන ආ නොහැකි ය. අලෙවි කළ නොහැකි ය. එනම් විවෘත වෙළෙඳපොළේ තවදුරටත් ග්ලයිෆොසේට්\u200c තිබිය නොහැකි ය. \u003cbr /\u003e\u003cbr /\u003eකෙසේ වෙතත් මේ සඳහා නීතිමය පසුබිම තවමත් සකස්\u200c වී නැත. ඉහත ආකාරයට ග්ලයිෆොසේට්\u200c තහනම් විය යුතු බව දැක්\u200cවෙන්නේ පසුගිය දා කෘෂිකර්ම ඇමතිතුමා ඉදිරිපත් කළ කැබිනට්\u200c පත්\u200dරිකාවේ ය. එහෙත් ඒ සඳහා ගැසට්\u200c පත්\u200dරිකාවක්\u200c තවම නිකුත් වී නැත. කෙසේ නමුත් පළිබෝධනාශක රෙජිස්\u200cට්\u200dරාර්වරයා ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව වෙත ලිතව දන්වා ඇත්තේ මින් මතු ග්ලයිෆොසේට්\u200c ආනයනය සඳහා බලපත්\u200dර නිකුත් නො කරන ලෙස ය. දැන් මතු වන ප්\u200dරශ්නය වන්නේ මේ වන විටත් ආනයනය කර රේගුවෙන් නිදහස්\u200c නො කරගත් ග්ලයිෆොසේට්\u200cවලට සහ මේ වන විටත් ණයවර ලිපි විවෘත කර ඇති ආනයන කිරීමට නියමිත ග්ලයිෆොසේට්\u200cවලට සිදු වන්නේ කුමක්\u200c ද යන්නයි. මේවා රටට පැමිණීම නතර කිරීමට නීතිමය තත්ත්වයක්\u200c නැත. ගැසට්\u200c පත්\u200dරයකින් හෝ වෙනත් ලිපියකින් ශ්\u200dරී ලංකා රේගුවට මේ පිළිබඳව උපදෙසක්\u200c ලැබී නැත. එහෙයින් දැනට ගුදම්වල ඇති ග්ලයිෆොසේට්\u200c මෙන්ම, බලපත්\u200dර ලබා දී ඇති ඉදිරියේ දී වරායට පැමිණීමට නියමිත ග්ලයිෆොසේට්\u200c ද සමාගම්වලට නිදහස්\u200c කිරීමට රේගුවට සිදු වේ. එක්\u200cකෝ සමාගම් මේවා පැමිණි රටට ආපසු පිටත් කර හැරිය යුතු වේ. නැතිනම් \"සිපෙට්\u200cකෝ\" වෙත විකිණිය යුතු වේ. (මන්ද වැවිලි භෝග සඳහා ග්ලයිෆොසේට්\u200c ලබා දීමට හැකි එක ම ආයතනය මේ නිසා ය). මේ දෙක ම කළ නොහැකි නම් යම් ආකාරයකට විනාශ කළ යුතු වේ. මේ තත්ත්වය හමුවේ සමාගම් උත්සාහ කරන්නේ පහත අනුපිළිවෙළින් තම ඉලක්\u200cකයට ළගා වීමට බව පෙනී යයි. \u003cbr /\u003e\u003cbr /\u003e01. කුමන ආකාරයකට හෝ තහනම ඉවත් කර ගැනීම. මේ සඳහා ඔවුන් යොදාගන්නා මූලික අවිය පසුගිය වසර කිහිපයක්\u200c තුළ ඔවුන් සමග සිටි \"විද්වතුන්\" කණ්\u200cඩායමයි. ඒ පිරිස ලවා ග්ලයිෆොසේට්\u200c යනු සබන් වතුර තරම් අහිංසක දෙයක්\u200c බවත්, ග්ලයිෆොසේට්\u200cවලින් වකුගඩු රෝගයක්\u200c ඇති වනවා යන්න හුදු හිතළුවක්\u200c බවත් දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට ඒත්තු ගැන්වීමට සමාගම් උත්සාහ දරයි. \u003cbr /\u003e\u003cbr /\u003e02. \"ප්\u200dරශ්නය ඇති වන්නේ දැනට භාවිත කරන ග්ලයිෆොසේට්\u200c හේතුවෙනි. කෙසේ වෙතත් කිවුල සමග සංයෝග නො වන, කිවුල් ජලයේ නො \u003cbr /\u003e\u003cbr /\u003eරැඳෙන \"හොඳ ග්ලයිෆොසේට්\u200c\" ඇත. ඇමෝනියම් ලවණ යොදා නිපදවූ හොඳ ග්ලයිෆොසේට්\u200cවලින් වකුගඩු ලෙඩ ඇති වීමට කිසි ම හැකියාවක්\u200c නැති නිසා තහනමේ අරුතක්\u200c නොමැත ත දැන් රටට ගෙන්වන \"නරක ග්ලයිෆොසේට්\u200c\" වෙනුවට \"හොඳ ග්ලයිෆොසේට්\u200c\" ගෙන ඒම කළ යුතු ය. මේ සඳහා පසුබිම සැකසීම දෙවැනි උපක්\u200dරමයයි. \u003cbr /\u003e\u003cbr /\u003e3. දැනට රටට ගෙන්වා ඇති සහ ඉදිරියේ දී පැමිණෙන ග්ලයිෆොසේට්\u200c ප්\u200dරමාණය හෝ විකුණාගැනීමට වසරක හෝ දෙකක සහන කාලයක්\u200c ලබාගැනීම. නැත හොත් වෙනත් ලේබලයක්\u200c යටතේ වෙනත් වල්නාශකයක්\u200c ලෙස වෙළෙඳපොළට මුදාහැරීම. \u003cbr /\u003e\u003cbr /\u003e4. ග්ලයිෆොසේට්\u200c තහනම ඉවත් කරවාගැනීමට කිසිසේත් නොහැකි නම් රසායනිකව ඊට කිට්\u200cටු ව්\u200dයqහයක්\u200c ඇති තවත් පූර්ණ වල් නාශකයක්\u200c වන ග්ලූෆොසිනේට්\u200c වෙළෙඳපොළට හඳුන්වා දී එය ගොවීන් අතර ප්\u200dරචලිත කිරීම. (මේ වන විටත් ග්ලූෆොසිනේට්\u200c ප්\u200dරජනන දුර්වලතා ඇති කරන රසායනිකයක්\u200c ලෙස හඳුනාගෙන ඇත.) \u003cbr /\u003e\u003cbr /\u003eඋක්\u200cත කරුණු සාක්\u200cෂාත් කරගැනීම සඳහා සෘජු ව හෝ වක්\u200dර ව සහාය වන විද්වත් කණ්\u200cඩායම ගෙන එන ප්\u200dරධාන තර්කයක්\u200c නම් හිතළුවක්\u200c මත පදනම් ව ග්ලයිෆොසේට්\u200c ශ්\u200dරී ලංකාවේ තහනම් කර ඇති බවත් එය මේ රටේ විද්\u200dයාත්මක ප්\u200dරජාවට කරන බරපතළ නිග්\u200dරහයක්\u200c බවත් ය. මේ මහා විද්\u200dයාඥයන් ගේ විද්\u200dයාවේ තරම කෙතරම් ද යත හොත් ග්ලයිෆොසේට්\u200c තහනම් කළේ ඇයි දැයි කියා වත් ඔවුහු නො දනිති. ඒ අප විසින් පළ කෙරුණු කල්පිතය මත පදනම් යෑයි සිතා ඔවුහු ඊට පහර දෙති. ගෙදර ඇති මුව හමට තඩි බෑවාට මුකුත් ම සිදු නො වන්නේ තහනම සඳහා යෝජනා ඉදිරිපත් වී එය කැබිනට්\u200c මණ්\u200cඩලය කරා ගොස්\u200c අනුමැතිය ද ලැබුණේ අප \"කල්පිතය\" ඉදිරිපත් කිරීමට මාස ගණනකටත් පෙර හෙයිනි. දෙවැන්න අප ගේ කල්පිතය දැන් හුදු කල්පිතයක්\u200c ලෙස ගැනීම වැරැදි ය. කල්පිතය පළ කිරීමෙන් පසු අප විසින් ප්\u200dරකාශයට පත් කරන ලද මෙන්ම ඉදිරියේ දී ප්\u200dරකාශයට පත් වන පර්යේෂණ පත්\u200dරිකාවලින් ද කල්පිතය සනාථ කිරීමට අවශ්\u200dය සාධක සහ දත්ත අපි ඉදිරිපත් කර ඇත්තෙමු. එය කල්පිතයක්\u200c යෑයි, හිතළුවක්\u200c යෑයි කියමින් උඩ පනින්නන් ගැන අනුකම්පා කිරීම හැර අන් යමත් අපට කළ නොහැකි ය. ග්ලයිෆොසේට්\u200cවලින් වකුගඩුවලට හානියක්\u200c නො වන්නේ යෑයි සිතන සහ ඒ අනුව ලිපි ලියන, මිථ්\u200dයා වපුරන පුද්ගලයන් අපේ පර්යේෂණ පත්\u200dරිකාවලින් ඒවා කියවීම මදිපුංචිකමකැයි සිතනවා නම් Klintean Wannapuk ඇතුළු පිරිස සිදු කළ පර්යේෂණ ප්\u200dරතිඵල ගැන කියවා දැනගැනීම සුදුසු යෑයි සිතමි. \u003cbr /\u003e\u003cbr /\u003eවකුගඩු රෝගයට ඇති සබඳතාව හේතුවෙන් තහනම් කර ඇත්තේ ග්ලයිෆොසේට්\u200c පමණක්\u200c නො වේ. ප්\u200dරොපනිල් ද, ක්\u200cලෝෆයිරිපොස්\u200c ද, කාබරිල් ද ඒ ආකාරයට ම 2014 දෙසැම්බර් ගැසට්\u200c පත්\u200dරිකාවෙන් තහනම් කර ඇත. එහෙත් මේ උගතුන් ගේ අවධානය ග්ලයිෆොසේට්\u200c ගැන පමණකි. ඔවුන් විද්\u200dයාත්මක සාක්\u200cෂි සොයන්නේ ග්ලයිෆොසේට්\u200cවලට පමණි. කොටින් ම \"ගොඩ දාන්න\" හදන්නේ ග්ලයිෆොසේට්\u200c පමණි. කාබරිල් තහනම් කළාට, ප්\u200dරොපනිල් තහනම් කළාට මේ අය ගේ විද්\u200dයාත්මක හදවත් උණු නො වේ. වකුගඩු රෝගයට සබඳතා ඇතැයි පැවසෙන අනෙකුත් තහනම් කළ පළිබෝධනාශකවල විද්\u200dයාත්මක උප්පැන්න, පොරොන්දම් පරීක්\u200cෂා නො කර ග්ලයිෆොසේට්\u200c ගැන පමණක්\u200c ලිපි ලිවීමට පැය ගණන්, දින ගණන් වැය කරන්නේ කාගේ අවශ්\u200dයතාවට දැයි පාඨකයන් තීරණය කළ යුතු ය. තහනම් කළ අනෙකුත් රසායන ද්\u200dරව්\u200dයවල වෙළෙඳපොළ මෙන් ශ්\u200dරී ලංකාව තුළ ග්ලයිෆොසේට්\u200c වෙළෙඳපොළ සිය දහස්\u200c ගුණයකි. කාබරිල් තහනම් කළාට කෘෂි රසායන සමාගම්වලට දැනෙන්නේ නැත. එහෙත් ග්ලයිෆොසේට්\u200c යනු ඇතැම් සමාගම්වල ලාභයෙන් 60-80%ක්\u200c ලබා දෙන වෙළෙ¹මයි. රුපියල්වලින් නම් කෝටි ප්\u200dරකෝටි ගණනකි. එක්\u200cකෝ ප්\u200dරොපනිල්, ක්\u200cලොෆයිරිපොස්\u200c, කාබරිල් නිසා ශ්\u200dරී ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගය ඇති වන බව මේ මහා විද්\u200dයාඥයන්, වියතුන්, කාටත් හොර රහසේ සොයාගෙන තිබෙනවා විය හැකි ය. ඒ ගැන ඔවුනට ප්\u200dරශ්නයක්\u200c නැත්තේ එහෙයිනි. නැතිනම් ග්ලයිෆොසේට්\u200c ගැන පමණක්\u200c අසීමිත උනන්දුවෙන් කතාබස්\u200c කරමින් සිය වටිනා කාලය කැප කරමින් වෙහෙස වන්නේ ඒ මහන්සිය අපතේ නො යැමක්\u200c බව මේ පිරිස වසර 3- 4ක සිට ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටින නිසා විය යුතු ය. \u003cbr /\u003e\u003cbr /\u003eචන්න ජයසුමන \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1325998063404729912/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/06/Glyphosate.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1325998063404729912"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1325998063404729912"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/06/Glyphosate.html","title":"ග්ලයිෆොසේට්\u200c තහනමේ ඇත්ත සහ නැත්ත"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-W4Piz2Fv8ck/VXxnquPM_3I/AAAAAAAADEk/FFoPCaqMCqY/s72-c/gly.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-329427125596548739"},"published":{"$t":"2014-02-06T00:03:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T09:56:14.442+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමාජ විචාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"}],"title":{"type":"text","$t":"කෘෂිකාර්මික වකුගඩු රෝගයේ  අභිරහස හෙළි වේද?"},"content":{"type":"html","$t":"\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\n\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d; font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-bGauZiPKx9A/UvKAGsCPTzI/AAAAAAAAAYs/mDiVvTQGyHI/s1600/a.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em; text-align: justify;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-bGauZiPKx9A/UvKAGsCPTzI/AAAAAAAAAYs/mDiVvTQGyHI/s1600/a.jpg\" height\u003d\"296\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅදින් වසර 4කට පමණ එපිට සමාජයේ එතරම් කතා බහට ලක්\u200c නො වූ, වැඩි දෙනකු නො දැන සිටි වකුගඩු රෝගයක්\u200c ගැන අද බොහෝ දෙනකු කතා කරනු දක්\u200cනට ලැබේ. එපමණක්\u200c නො ව එකී රෝගය සහ ඊට හේතු කාරණා වන දේ ගැන සංවාදය දලු ලා වැඩී නැ`ගී යනු දක්\u200cනට ලැබේ. මෙකී ප්\u200dරස්\u200cතූත වකුගඩු රෝගය ගැන මුල් වරට ලිත සාක්\u200dෂියක්\u200c හමු වන්නේ 1993-94 කාලයේ පදවි ශ්\u200dරී පුර ප්\u200dරාදේශීය ලේකම්වරයා තැබූ සටහනකිනි. තම බල ප්\u200dරදේශයේ පිරිමි ගොවීන් කිහිප දෙනකු ශරීරය ඉදිමෙන රෝගයකින් මිය යන බව හෙතෙම තම ඉහළ නිලධාරීන්ට දන්වා යවා ඇත. ඒ අනුව සිදු කළ පරීක්\u200dෂණයෙන් අනාවරණය වූයේ වකුගඩු රෝගී වීම, ඇඟ ඉදිමීමටත් මරණයටත් හේතු වී ඇති බවයි.\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003eමේ රෝගය කෙරෙහි මුල් වරට සමාජයේ පෙර නො වූ විරූ අවධානයක්\u200c යොමු වන්නේ 2008 වසරේ දී ඉරිදා දිවයින, විදුසර සහ The Island පුවත්පත්වල පළ වූ ලිපියක්\u200c හේතුවෙනි. උතුරුමැද සහ තදාසන්න ප්\u200dරදේශවල මේ වකුගඩු රෝගයට ගොදුරු වන ගම්මාන සියල්ලක්\u200c ම පාහේ එවකට කොටි ත්\u200dරස්\u200cතවාදීන් ගේ සෘජු බලපෑමට යටත් ව තිබූ සිංහල ගම්මාන ම බව එහි දී මා විසින් පෙන්වා දෙනු ලැබිණි. එම ලිපිය පෙර කී පුවත්පත්වල විශේෂයෙන් \"ඉරිදා දිවයින\" පුවත්පතේ පළ වීම හේතුවෙන් බොහෝ දෙනකු ගේ අවධානය ඒ කරා යොමු විය. ත්\u200dරස්\u200cතවාදීන් සිය ම්ලෙච්ඡ අරමුණු සාක්\u200cෂාත් කරගැනීම උදෙසා සිදු කළ ක්\u200dරියාවක ප්\u200dරතිඵලයක්\u200c ලෙස මේ රෝගය හටගත්තේ ද යන්න කුකුසක්\u200c විය. මේ ලිපිය ඉරිදා දිවයින පුවත්පතේ පළ වී දින දෙකකට පසු අනුරාධපුර-සාලියපුර වෛද්\u200dය පීඨයට ජනාධිපතිතුමා සිය විශේෂ නියෝජිතයකු ලෙස (පසුව අභාවප්\u200dරාප්ත වූ) ලක්\u200cෂ්මන් ජයකොඩි මහතා සහ තවත් නියෝජිතයකු ඒaවා මේ වැඩිදුර පැහැදිකිරීමක්\u200c ලබාගෙන විශේෂ පණිවිඩයක්\u200c ද ලබා දෙනු ලැබී ය. ඒ අනුව 2010 වසරේ දී උතුරුමැද පළාතේ පැතිර යන මේ අභිරහස්\u200c වකුගඩු රෝගයට දේශපාලනික අවධානයක්\u200c ලබා දීමට අපට හැකි විය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003eආරම්භයේ සිට ම මගේ නිරීක්\u200dෂණයක්\u200c වූයේ කිවුල් වතුර පානය කරන ගොවි මහතුන්ට මේ රෝගය වැළඳීමේ ප්\u200dරවනතාව වැඩි බවයි. කිවුල යනු ජලයේ දිය වී ඇති කැල්සියම්, මැග්නීසියම්, ස්\u200cට්\u200dරොන්චියම් වැනි ලෝහවල ලවණ හේතුවෙන් හටගන්නා තත්ත්වයකි. වතුර වීදුරුවේ සුදු පාට පටලයක්\u200c ලෙස බැඳෙන්නේත්, වතුර උණු කරන භාජනවල අඩියේ ඝනකමට බැඳෙන්නේත්, නාන කාමරවල සහ වැසිකිළිවල තද පැල්ලම් ලෙස තැන්පත් ව පසුව පතුරු ගැලවී යන මට්\u200cටමට වර්ධනය වන්නේත් කිවුලයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\n\u003cbr /\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cimg align\u003d\"right\" border\u003d\"0\" src\u003d\"http://www.vidusara.com/2014/01/29/1-2.jpg\" height\u003d\"420\" hspace\u003d\"5\" width\u003d\"300\" /\u003e\u003c/span\u003e\u003cdiv style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003e\nකෙසේ වෙතත් දැනට අප සතු වන බටහිර විද්\u200dයාත්මක දැනුමට අනුව කිවුල නිසා මනුෂ්\u200dය වර්ගයාට කිසිදු රෝගයක්\u200c හට නො ගනී. හමේ ඇති වන දද තත්ත්ව උග්\u200dර කිරීමට කිවුල් වතුර හේතු වන බවට නිරීක්\u200dෂණය ඇතිවා මිසක වකුගඩු හෝ වෙනත් අභ්\u200dයන්තර අවයවයක රෝගී තත්ත්වයක්\u200c ඇති කිරීමට කිවුල හේතු වන බවට කිසිදු සාධකයක්\u200c නැත. එපමණක්\u200c නො ව කිවුල් ජලය නිසා හෘදයට සහ එහි ක්\u200dරියාකාරීත්වයට සුබදායී බලපෑමක්\u200c ඇති බවට ද මත පළ වී ඇත.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nකිවුල් ජලය පානය කරන අයට රජරට ප්\u200dරදේශයේ වකුගඩු රෝගය වැළඳෙන බව හුදු නිරීක්\u200dෂණයක්\u200c ම පමණක්\u200c විය. එයට නිසි ජවයක්\u200c ලැබී රටේ මාතෘකාවක්\u200c බවට පත් වූයේ \"ආසනික්\u200c\" සමඟ ය. කෘෂි රසායන ද්\u200dරව්\u200dය ම`ගින් එකතු වන ආසනික්\u200c වකුගඩු රෝගය ඇති කිරීමට ප්\u200dරබල දායකත්වයක්\u200c දෙන බවට අදහසක්\u200c ප්\u200dරකාශ කළේ ප්\u200dරියන්තා සේනානායක මහත්මියයි. ඒ හෝඩුවාව ඔස්\u200cසේ සිදු කළ අධ්\u200dයයන හරහා කෘෂි රසායන ද්\u200dරව්\u200dයවල හලාහල විෂක්\u200c වන ආසනික්\u200c ඇති බවත්, එමතු නො ව එම කෘෂි රසායන ද්\u200dරව්\u200dය යොදන සියලු වගාවන්හි ඵලදාවේ ආසනික්\u200c ඇති බවත් රජරට ජනතාව ගේ මුත්\u200dරා, නියපොතු හා හිසකෙස්\u200cවල ආසනික්\u200c ඇති බවත් මිය ගිය වකුගඩු රෝගීන් ගේ අභ්\u200dයන්තර අවයවවල ද ආසනික්\u200c ඇති බවත් පෙන්වා දීමට අපට හැකි විය.\u003c/div\u003e\n\u003c/span\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nසේනානායක මහත්මිය ගේ අදහස අනුව පර්යේෂණ සිදු කර ආසනික්\u200c හමු වීමත් සමග උතුරුමැද තදාසන්න ප්\u200dරදේශවල පැතිර යන වකුගඩු රෝගයට ආසනික්\u200c, කිවුල් ජලය සහ රජරට ප්\u200dරදේශයේ දක්\u200cනට ලැබෙන වැඩි ආසනික්\u200c ප්\u200dරමාණයක්\u200c රඳවාගත හැකි යකඩ බහුල පස හේතු වන බව සූත්\u200dරගත කළෙමි.\u003c/div\u003e\n\u003c/span\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cimg align\u003d\"left\" border\u003d\"0\" src\u003d\"http://www.vidusara.com/2014/01/29/1-3.jpg\" height\u003d\"204\" hspace\u003d\"5\" width\u003d\"450\" /\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nමේ සමග රටේ දැනුම් තේරුමක්\u200c ඇති කියවන අය අතර මෙන්ම මහජනතාව අතර ද \"ආසනික්\u200c\" ගැන ප්\u200dරබල සංවාදයක්\u200c ජනිත විය. කෙසේ වෙතත් මේ සූත්\u200dරගත කිරීමේ ප්\u200dරබල අඩුපාඩු කිහිපයක්\u200c ඇති බව කල් ගත වන විට අපට අවබෝධ විය. විශේෂයෙන් ම අන්තර්ජාතික තලයේ වකුගඩු රෝග සහ විෂ විද්\u200dයාව පිළිබඳ බුද්ධිමතුන් සමග සංවාදයේ දී අපට පිළිතුරු දිය යුතු ම ප්\u200dරශ්න කිහිපයක්\u200c ඉදිරිපත් විය. ඉන් ප්\u200dරධාන එකක්\u200c වූයේ ජලයේ ඇති ආසනික්\u200c සහ අනෙකුත් විෂ ද්\u200dරව්\u200dය ප්\u200dරමාණය මෙවන් දරුණු රෝගයක්\u200c හටගැනීමට තරම් ප්\u200dරමාණවත් ද යන්නයි. අනෙක, ආසනික්\u200c සිරරට ඇතුළු වූ පසු සාමාන්\u200dයයෙන් දරුණු ම හානිය සිදු කරන්නේ අක්\u200cමාවට ය. එහෙත් මේ වකුගඩු රෝගීන් අති බහුතරයක ගේ අක්\u200cමාවට සිදු ව ඇත්තේ අවම හානියකි. අක්\u200cමාවට අවම හානියක්\u200c සිදු කරමින් වකුගඩුවලට මෙතරම් ප්\u200dරබල හානියක්\u200c සිදු කිරීමට ආසනික්\u200c සහ අනෙකුත් විෂවලට (විශේෂයෙන් බැර ලෝහ) හැකියාවක්\u200c ලැබුණේ කෙසේ දැයි පැහැදිලි කිරීමට අපට සිදු විය.\u003c/div\u003e\n\u003c/span\u003e\u003cbr /\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ අතර \"ආසනික්\u200c ගමන\" ආසනික්\u200c ම වූවක්\u200c විය. ඇතැම්හු එය තමන් ගේ වාසියට, ප්\u200dරසිද්ධියට යොදාගත් හ. ඇතැම්හු ආසනික්\u200c ගැන කතා කිරීමට ගොස්\u200c පස්\u200cස බිම ඇනගත් හ. තවත් සමහරක්\u200c එල්ල වූ පීඩනය දරා ගැනීමට නොහැකි ව ඉවත් වූ හ. කිවුල, ආසනික්\u200c හැරුණු විට තවත් රසායනයක්\u200c මේ ක්\u200dරියාවලියේ දී අතිශය වැදගත් කාර්යභාරයක්\u200c ඉටු කරන බව හැඟී ගිය ද එය කුමක්\u200c දැයි අනාවරණය කර ගැනීමට තවත් වසර 2ක්\u200c පාරමීදම් පිරීමට අපට සිදු විය. අවසානයේ එය හමු විය. එහෙත් ඒ සමග අප හමුවේ ඇත්තේ ආසනික්\u200cවලටත් වඩා බැරෑරුම් වූ සටනකි. අභියෝගයකි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cimg align\u003d\"left\" border\u003d\"0\" src\u003d\"http://www.vidusara.com/2014/01/29/1-4.jpg\" height\u003d\"226\" hspace\u003d\"5\" width\u003d\"250\" /\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nප්\u200dරියන්තා සේනානායක මහත්මියටත්, මටත් ආධාරයට මෙවර මුණ ගැසුණේ කැලිෆෝනියා රාජ්\u200dය විශ්වවිද්\u200dයාලයයේ සෞඛ්\u200dය විද්\u200dයා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සරත් ගුණතිලක මහතා ය. හෙතම ශ්\u200dරී ලාංකිකයකු විදෙAශයක වෛද්\u200dය විද්\u200dයා ක්\u200cෂේත්\u200dරයේ දරන ඉහළ ම තනතුරකට හිමිකම් කියයි. එතුමා ගේ මැදිහත් වීමෙන් පසුගිය මාස කිහිපයක කාලයේ කැලිෆෝනියා රාජ්\u200dය විශ්වවිද්\u200dයාලයයේ පර්යේෂණ කටයුතුවලට සහභාගී වීමට මට අවස්\u200cථාව හිමි විය. ඒ තුළින් අප සතු වූ අනුමානය, සැකය නිවැරැදි බවත් මෙකී රසායනික ද්\u200dරව්\u200dයය කුමක්\u200c දැයි නිවැරැදිව ම හඳුනාගැනීමටත් අපට හැකි විය.\u003c/div\u003e\n\u003c/span\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nතවත් සගවන්නට දෙයක්\u200c නැත. මේ රසායන ද්\u200dරව්\u200dයය \"ග්ලයිපොසේට්\u200c\" ය. එය වර්තමානයේ ලෝකයේ වැඩියෙන් ම භාවිත වන වල්නාශකයයි. ලොව භාවිත වන සියලු පළිබෝධනාශක සැලකුව ද ඊට වඩා වැඩි ග්ලයිපොසේට්\u200c ප්\u200dරමාණයක්\u200c භාවිත වේ. 2012 වර්ෂයේ දී ලංකාවට ග්ලයිපොසේට්\u200c කිලෝ පනස්\u200c තුන් ලක්\u200dෂයක්\u200c ගෙන්වා ඇත. එය එම වසරේ දී ලංකාවට ගෙන්වූ සමස්\u200cත පළිබෝධනාශකවලින් 51%කි. බටහිර කෘෂි විද්\u200dයාඥයන්ට අනුව ග්ලයිපොසේට්\u200c යනු නූතනත්වයේ රසායනයයි. මුළු මහත් බටහිර ශිෂ්ටාචාරය ඔසවා තැබූ රසායන ද්\u200dරව්\u200dයයයි. එසේ කීමට ඔවුන්ට හේතු රැසකි. ග්ලයිපොසේට්\u200c යනු පූර්ණ වල් නාශකයකි. වකර යෙදූ පසු කොළ පැහැයට ඇති සියලු ශාක විනාශ වේ. බටහිර ශිෂ්ටාචාරය සොයාගත් සියලු පළිබෝධනාශක පළමු වසර 10-20 ඇතුළත දී ම පරිසරයට, මිනිසාට ප්\u200dරබල අවදානමක්\u200c ඇති කරන බව ඔප්පු කිරීමට තරම් සාධක විද්\u200dයාඥයන් සතු විය. එහෙත් ග්ලයිපොසේට්\u200c භාවිතයට පැමිණ 40 වසරක්\u200c ගත වුව ද එම`ගින් සැලකිය යුතු සෞඛ්\u200dය හෝ පරිසර හානියක්\u200c වන බවට පෙන්වා දීමට විද්\u200dයාඥයන් අපොහොසත් ව ඇත. ග්ලයිපොසේට්\u200c යනු ග්ලයිසීන් නම් ස්\u200cවාභාවික ඇමයිනෝ අම්ලයේ සුළු වෙනස්\u200cකමකින් ඇති කළ කෘත්\u200dරිම රසායන ද්\u200dරව්\u200dයයකි. ඇමිනෝපොස්\u200cපොනික්\u200c හෝ ඇමිනෝපොස්\u200cපොනේට්\u200c යන රසායනික නමින් හඳුන්වයි. එහි ව්\u200dයqහය සරල ය. එහි කාබොක්\u200cසිලික්\u200c, ඇමිනෝ සහ පොස්\u200cපොනික්\u200c ලෙස ක්\u200dරියාකාරී කාණ්\u200cඩ 3කි.\u003c/div\u003e\n\u003c/span\u003e\u003cbr /\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසාමාන්\u200dය තත්ත්ව යටතේ දින හෝ සති කිහිපයකින් ග්ලයිපොසේට්\u200c වියෝජනය වී ඇමෝනියම් අයන, කාබන්ඩයොක්\u200cසයිඩ් සහ ග්ලයිසීන් බවට පත් වේ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nමේ සියල්ල ස්\u200cවාභාවික පරිසරයේ ඇති ඒවා ය. එහෙයින් මේවා අමුතු විෂක්\u200c ඇති නො කරයි. බැලූ බැල්මට ඉතා ම සුදුසු, හානියක්\u200c නැති, පරිසර හිතකාමී වල් නාශකයකි. එසේ නම් ග්ලයිපොසේට්\u200c ශ්\u200dරී ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගයට සම්බන්ධ වන්නේ කෙසේ ද? එය හමු වන්නේ ග්ලයිපොසේට්\u200c ඉතිහාසයේ ය. සැඟවුණු ඉතිහාසයේ ය.\u003c/div\u003e\n\u003c/span\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nග්ලයිපොසේට්\u200c රසායනය වල්නාශකයක්\u200c ලෙස ඇමෙරිකා එක්\u200cසත් ජනපදයේ දී පේටන්ට්\u200c අයිතිය ලබා ගන්නේa 1969 ජුලි මස 15 දින ය. (පේටන්ට්\u200c අංක 3455675). ඒ මොන්සැන්ටෝ සමාගම විසින් ය. එහෙත් මේ සොයාගැනීමට පෙර 1964 දෙසැම්බර් මස 8 වැනි දින ස්\u200cටෝපර් රසායන සමාගම අංක 3160632 යටතේ පේටන්ට්\u200c බලපත්\u200dරයක්\u200c ලබා ගෙන තිබිණි. පසුව එය මොන්සැන්ටෝ සමාගම මිල දී ගෙන වල්නාශකයක්\u200c ලෙස යළි පේටන්ට්\u200c බලපත්\u200dරයක්\u200c ලබාගෙන ඇත. 1964 දී නිව්යෝක්\u200cහි ස්\u200cටෝපර් රසායන සමාගම මේ රසායනික සංයෝගයට පේටන්ට්\u200c බලපත්\u200dරයක්\u200c ලබාගෙන ඇත්තේ වෙනත් සංයෝග ඉවත් කරන, පිරිසිදු කරන රසායන සංයෝගයක්\u200c ලෙස ය. කොටින් ම එය යොදාගෙන ඇත්තේ ගෙදරදොර නාන කාමරවල පයිප්ප සහ වතුර ටැංකිවල කිවුල ඉවත් කරන රසායනයක්\u200c ලෙස ය. ග්ලයිපොසේට්\u200cවල ඇති විශේෂත්වය කිවුල සමග ඉතා පහසුවෙන් සම්බන්ධ වී, සංයෝග වී කිවුල ඉවත් කිරීමයි. පසුව රසායන විද්\u200dයාඥයන් පෙන්වා දී ඇත්තේ කැල්සියම්, මැග්නීසියම් සහ අනෙකුත් ලෝහ අයන රඳවාගැනීමට ග්ලයිපොසේට්\u200c සතු ව සුවිශේෂි හැකියාවක්\u200c ඇති බවයි. වඩා වැදගත් ම කාරණය කිවුල හෝ වෙනත් ලෝහ අයන සමග සම්බන්ධ වූ විට ග්ලයිපොසේට්\u200c සාමාන්\u200dය ආකාරයට වියෝජනය නො වී ඉතා ස්\u200cථායි ලෙස වසර ගණනාවක්\u200c රැඳී තිබීමයි. වල් නාශකයක්\u200c ලෙස ග්ලයිපොසේට්\u200c යොදාගැනීමේ දී මේ ප්\u200dරශ්නය මතු ව ඇත. කිවුල සහිත ජලය ග්ලයිපෝසේට්\u200c දිය කිරීමට යොදාගත් විට අපේක්\u200cෂිත ප්\u200dරතිඵල ලැබී නැත. ඊට හේතුව කැල්සියම් ග්ලයිපොසේට්\u200c/මැග්නීසියම් ග්ලයිපොසේට්\u200c ඇති වීමත් ඒවා වල් නාශක ගුණයෙන් තොර වීමත් බව සොයාගෙන ඇත. මෙය ජය ගැනීම සඳහා ද විද්\u200dයාඥයෝ ක්\u200dරමයක්\u200c හඳුන්වා දුන් හ. එනම් ඇමෝනියම් ලවණයක්\u200c ග්ලයිපොසේට්\u200c සමග යොදාගැනීමයි. එවිට ඇති වන ම`ද ආම්ලික තත්ත්ව යටතේ ග්ලයිපොසේට්\u200c, කැල්සියම් සමග සංයෝජනය නො වන බව හඳුනාගෙන ඇත. මේ ගැන දිගින් දිගට ම පර්යේෂණ පවත්වා ඇති පර්යේෂකයෝ කැල්සයිම්-ග්ලයිපොසේට්\u200c රසායනයේ ව්\u200dයqහය නිර්ණය කළ හ. ඒ අනුව එක්\u200c ග්ලයිපොසේට්\u200c අණුවක්\u200c සමග කැල්සියම් හෝ වෙනත් ලෝහ අණු විවිධ අනුපාතවලට සංයෝජනය වෙමින් ත්\u200dරිත්ව සහ චාතුර්ථක ලිගන්ඩ (Tridentate and Tetradentate ligand) ඇති කරන බව නිර්ණය කර ඇත.\u003c/div\u003e\n\u003c/span\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cimg align\u003d\"left\" border\u003d\"0\" src\u003d\"http://www.vidusara.com/2014/01/29/1-5.jpg\" height\u003d\"235\" hspace\u003d\"5\" width\u003d\"350\" /\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nකෙසේ වෙතත් මොන්සැන්ටෝ සමාගම වල්නාශකයක්\u200c ලෙස ග්ලයිපොසේට්\u200c භාවිත කරන විට ඇති වන මේ තත්ත්වය පිළිබඳ කරුණු කිසි පාරිභෝගිකයන්ට හෙළිදරව් නො කිරීමට වග බලාගෙන ඇත. ග්ලයිපොසේට්\u200c සතු අසාමාන්\u200dය රසායන ක්\u200dරියාකාරීත්වය නිසා ලෝහ, බැර ලෝහ සහ අර්ධ ලෝහ රඳවා ගැනීමේ සුවිශේෂී ශක්\u200dයතාවකින් එය හෙබි ය. කිවුල යනු කැල්සියම් සහ මැග්නීසියම් නිසා හටගන්නකි. කිවුල් ජලය ස්\u200cවාභාවිකව ඇති තැනක ග්ලයිපොසේට්\u200c යෙදීමෙන් ඒවා පහසුවෙන් කිවුල සමග සංයෝග වී සාමාන්\u200dය වියෝජනයකට ලක්\u200c නො වී දීර්ඝ කාලයක්\u200c රඳා පවතියි. රසායනික පොහොර සහ පළිබෝධනාශක ආසනික්\u200c, කැඩ්මියම්, ක්\u200dරෝමියම්, නිකල් වැනි අර්ධලෝහ (ආසනික්\u200c යනු අර්ධ ලෝහයකි) සහ බැර ලෝහවලින් යුක්\u200cත අවස්\u200cථාවක එම ලෝහ ග්ලයිපොසේට්\u200c සමග පහසුවෙන් සංයෝජනය වේ. ලංකාවේ භාවිත වන ආනයනික පොස්\u200cපේට්\u200c පොහොරවල ඉහළ ප්\u200dරමාණයක්\u200c ආසනික්\u200c, කැඩිමියම්, ක්\u200dරෝමියම්, නිකල්, ඊයම් අඩංගු බව මේ වන විටත් තහවුරු කරගෙන ඇත. පොස්\u200cපේට්\u200c පොහොර වැඩියෙන් ම භාවිත වනුයේ වී සහ උක්\u200c වැනි තෘණ කුලයේ භෝග වගාවන්ට ය. ලංකාවේ වී වගා කරන ප්\u200dරදේශවල මේ හේතුවෙන් අධික විෂ ලෝහ ප්\u200dරමාණයක්\u200c පොළොවට එක්\u200c වේ. කිවුල සහිත භූගත ජලය ඇති ප්\u200dරදේශවල රසායනික පොහොරත්, පළිබෝධනාශකත් යෙදූ විට ඉන් එක්\u200c වන විෂ ලෝහ, ග්ලයිපොසේට්\u200c සමග මනාව සංයෝජනය වී දීර්ඝ කාලයක්\u200c රැඳී පවතියි.\u003c/div\u003e\n\u003c/span\u003e\u003cbr /\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ ආකාරයට කිවුල, බැර ලෝහ, ආසනික්\u200c සහ ග්ලයිපොසේට්\u200c එක්\u200c ව තනන රසායනික දැලිස (රූපය බලන්න) පිළිබඳ මූලික හඳුනාගැනීම මේ වන විටත් අප විසින් සිදු කරනු ලැබ ඇති අතර ඇමෙරිකා එක්\u200cසත් ජනපදයේ බුද්මය දේපළ නීතිය යටතේ එහි හිමිකම අපට ලැබී ඇත. මේ සොයාගැනීමත් සමඟ මෙතෙක්\u200c කල් පිළිතුරු දීමට නොහැකි ව තිබූ හෝ අර්ධ වශයෙන් පිළිතුරු දුන් ප්\u200dරශ්නවලට මනා ලෙස පිළිතුරු දීමේ හැකියාවක්\u200c අප ලබාගෙන ඇත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nපානීය ජලයේ ආසනික්\u200c සහ වෙනත් වකුගඩුවලට විෂ ලෝහ අවම සාන්ද්\u200dරණයෙන් පැවතිය ද ඒවා ග්ලයිපොසේට්\u200c සමඟ සංයෝග ව ඇති විට ලෙහෙසියෙන් සිරුරට අවශෝෂණය කරගනී. සාමාන්\u200dයයෙන් ආසනික්\u200c වැනි විෂක්\u200c ආහාර මාර්ගය ඔස්\u200cසේ අවශෝaෂණය කළ විට සිදු වන්නේ \"මෙටලෝතයොනීන්\" නම් සිස්\u200cටීන් -ඇමිනෝ අම්ලය බහුල ප්\u200dරොaටීනයකට බැඳී විෂ හරණ ක්\u200dරියාවලියකට අක්\u200cමාව කරා රැගෙන යැමයි. සිස්\u200cටීන් සහ ග්ලියිසීන් රූපීයව බොහෝ සමාන ගුණ ඇති ඇමිනෝ අම්ල 2කි. ග්ලයිපොසේට්\u200c යනු ග්ලයිසීන් විකරණයෙන් ලබාගත් රසායනයකි. මේ නිසා ආසනික්\u200c හෝ වෙනත් බැර ලෝහයක්\u200c ග්ලයිපොසේට්\u200c සමඟ බැ`දී ඇති විට එයට සිස්\u200cටීන් බහුල මෙටලෝතයෝනීන් ප්\u200dරොaටීන සමඟ බැ`දීමට නොහැකි වේ. එහි ප්\u200dරතිඵලය වන්නේ අක්\u200cමාව පසු කරගෙන \"ග්ලයිපොසේට්\u200c-ලෝහ\" සංයෝගය වකුගඩු වෙත ළ`ගා වීමයි. වකුගඩු වෘක්\u200cකාණුවක අවිදුර සංවලිත නාළිකාවේ ක්\u200dරියාකාරීත්වය හේතුවෙන් එහි දී ඇමෝනියම් අයන බහුල ලෙස ස්\u200dරාවය කෙරේ. එවිට \"ග්ලයිපොසේට්\u200c -ලෝහ\" සංයෝගය ඉහළ ඇමෝනියම් සාන්ද්\u200dරණය හමුවේ බිඳ වැටී ආසනික්\u200c සහ බැර ලෝහ නිදහස්\u200c කරයි. එනම් ග්ලයිපොසේට්\u200c යනු ආසනික්\u200c සහ බැර ලෝහ වකුගඩු කරා\u003c/div\u003e\n\u003c/span\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nරැගෙන යන වාහකයා ය. කෘෂි විද්\u200dයාඥයන් ග්ලයිපොසේට්\u200c-කිවුල සංයෝගය බිඳ දැමීමට හෝ නිපැදවීම වැළැක්\u200cවීමට යොදාගත් උපක්\u200dරමය ස්\u200cවාභාවික ලෙස වකුගඩුවේ දී ක්\u200dරියාත්මක වේ.\u003c/div\u003e\n\u003c/span\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nතව ද ග්ලයිපොසේට්\u200c ඉසීම සිදු කරන ගොවි මහතුන් ගේ ශ්වසන මාර්ගය සහ සම ඔස්\u200cසේ ද ඒවා අවශෝෂණය විය හැකි ය. ආහාර සහ විශේෂයෙන් දුම්කොළ ඔස්\u200cසේ (බුලත් සමඟ සැපීමට ගන්නා) ශරීරයට එකතු වන බැර ලෝහ සහ ආසනික්\u200c රුධිර සංසරණයේ දී ග්ලයිපොසේට්\u200c සමඟ බැඳී වකුගඩු වෙත ළ`ගා විය හැකි ය. ශ්\u200dරී ලංකාවේ උතුරු අර්ධද්වීපයේ සහ වන්නි ප්\u200dරදේශයේ ද භූගත ජලය අධික කිවුලෙන් යුක්\u200cත ය. එහෙත් මේ වන තෙක්\u200c එම ප්\u200dරදේශවලින් මේ සුවිශේෂී වකුගඩු රෝගීන් වාර්තා වන්නේ ඉතා අවම ලෙස ය. නැත හොත් වර්තා වන්නේ ම නැත.\u003c/div\u003e\n\u003c/span\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඊට හේතුව නම් කිවුල් ජලය භාවිත කළ ද තිස්\u200c වසරක්\u200c පැවති ත්\u200dරස්\u200cතවාදී ප්\u200dරශ්නය නිසා ග්ලයිපොසේට්\u200c සහ බැර ලෝහ එක්\u200c වීමට හේතු වන කෘෂි රසායන එම ප්\u200dරදේශවල භාවිත නො කිරීමයි.\u003c/div\u003e\n\u003c/span\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nමේ සමඟ ම රජරට ප්\u200dරදේශයේ ළිsංවල ජලය එන්න එන්න ම කිවුල් ගතියෙන් වැඩි වීම ද අපට පැහැදිලි කළ හැකි ය. මෙය කෙතරම් ප්\u200dරශ්නයක්\u200c ද යත් අද ඇතැම් ගොවි ගම්මානවල බීමට ජලය ගත හැකි ළිං ප්\u200dරමාණය 1කට හෝ 2කට සීමා වී ඇත. ගැමියන් පවසන්නේ අවසන් වසර 20ක පමණ කාලයේ ළිංවල ජලය කිවුල් ගතියෙන් වැඩි වන්නට වූ බවයි. මීට හේතුව ස්\u200cවාභාවික කිවුලට අමතරව ග්ලයිපොසේට්\u200c හා ලෝහ බැර ලෝහ ටිකෙන් ටික එකතු වීමෙන් හටගත් කෘෂි රසායන කිවුලයි. සාමාන්\u200dය ජනතාවට දැනෙන එක ම දෙය වතුරේ කිවුල් රස වැඩි වීමයි.\u003c/div\u003e\n\u003c/span\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඊළඟට අප මුහුණ දුන් අභියෝගය වූයේ රජරට ප්\u200dරදේශයේ වකුගඩු රෝගීන් පානයට ජලය ලබාගන්නා ළිංවල ග්ලයිපොසේට්\u200c -ලෝහ/බැරලෝහ/ආසනික්\u200c සංයෝගය ඇති බව පෙන්වීමයි. මුළු ලෝකයේ ම ග්ලයිපොසේට්\u200c විශ්වසනීය ලෙස නිර්ණය කළ හැකි විද්\u200dයාගාර ඇත්තේ කිහිපයකි. අසාමාන්\u200dය අයනික ස්\u200cවභාවය, ඉහළ ධ්\u200dරැවීයතාව, ඉහළ ජලද්\u200dරාවීයතාව, කාබනික සංයෝගවල ද්\u200dරාව්\u200dය නො වීම නිසා මෙන්ම වෙනත් සංයෝග සමඟ පහසුවෙන් සංයෝජනය වීමේ ගුණය නිසා ද ග්ලයිපොසේට්\u200c විද්\u200dයාගාරයක දී නිර්ණය අපහසු ය. ග්ලයිපොසේට්\u200c-ලෝහ/බැර ලෝහ සමඟ සම්බන්ධ වී ඇති විට කිසිසේත් ම සාමාන්\u200dය විශේලේෂණ ක්\u200dරම යොදාගත නොහැකි බව මෑතක දී ස්\u200cපාඤ්ඤ සහ ප්\u200dරංශ විද්\u200dයාඥයන් කණ්\u200cඩායම් දෙකක්\u200c වෙන් වෙන් ව පෙන්වා දී ඇත. ෙමි නිසා ග්ලයිපොසේට්\u200c-ලෝහ/ බැරලෝහ සංයෝගය නිර්ණයට විශේෂ එලයිසා (ELISA) තාක්\u200cෂණ ක්\u200dරමවේදයක්\u200c යොදාගැනීමට අපට සිදු විය. කැලිෆෝනියා රාජ්\u200dය විශ්වවිද්\u200dයාලයයේ දී මේ වන විට අප සිදු කළ පර්යේෂණවලින් හෙළිදරව් වූයේ වකුගඩු රෝගීන් ගේ ජල ප්\u200dරභවවල මෙකී රසායන ද්\u200dරව්\u200dය ඇති බවයි.\u003c/div\u003e\n\u003c/span\u003e\u003cbr /\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ සමඟ ම අප ගේ අවධානය යොමු වූයේ ශ්\u200dරී ලංකාවට සමාන රෝගී තත්ත්වයක්\u200c පැතිර යන මධ්\u200dයම ඇමෙරිකානු රටවල් සහ ගිනිකොනදිග ඉන්දීය ප්\u200dරාන්ත 2ක්\u200c වන ආන්ද්\u200dරා සහ ඔරිස්\u200cසා වෙතයි. මධ්\u200dයම ඇමෙරිකාවේ රෝගය පැතිර යන්නේ උක්\u200c, සීනි වගා කරන ගොවීන් අතර ය. එහි යොදාගන්නා වල්නාශක ද ග්ලයිපොසේට්\u200c ය ත රසායනික පොහොර වී වගාවට මෙන්ම උක්\u200c වගාවට ද අධික ලෙස යොදාගනී ත රෝගය වැළඳී ඇත්තේ භූගත ජලය පානය කරන අයට ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nආන්ද්\u200dරාවේ හා ඔරිස්\u200cසාවේ රෝගය වැළඳී ඇත්තේ වී සහ පොල් වගා කරන ගොවීන්ට ය. එහි ද ග්ලයිපොසේට්\u200c අධික ලෙස භාවිත කරයි. පානීය ජලයේ කිවුල මට්\u200cටම ඇතැම් විට ලීටරයට මිලි ග්\u200dරෑම් 1000ක්\u200c ද ඉක්\u200cමවයි. (ලෝක සෞඛ්\u200dය සංවිධානයට අනුව ලීටරයකට මිලි ග්\u200dරෑම් 180 ඉතා අධික කිවුල ලෙස සලකයි). කිවුල හැරුණු විට සිලිකා ද ඉහළ මට්\u200cටමකින් ආන්ද්\u200dරාවේ පානීය ජලයෙන් හමු වී ඇත.\u003c/div\u003e\n\u003c/span\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cimg align\u003d\"right\" border\u003d\"0\" src\u003d\"http://www.vidusara.com/2014/01/29/1-6.jpg\" height\u003d\"315\" hspace\u003d\"5\" width\u003d\"230\" /\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඅවසන් වසර 50-60 තුළ විද්\u200dයා දැනුමේ ආනුභාවයෙන් නිපදවූ කෘමීනාශක, වල්නාශක, දිලීරනාශක බොහොමයක්\u200c අද වෙළෙඳපොළේ නැත. ඊට හේතුව මනුෂ්\u200dය වර්ගයාට ඒවායෙන් සෘජු ව ම බලපෑමක්\u200c ඇති වන බව එම විද්\u200dයාවෙන් ම සාක්\u200cෂි සහිතව පෙන්වා දිමයි. මේ තරගයට ඔරොත්තු දී හතළිස්\u200c වසරක්\u200c ජය කෙහෙළි නැංවූ වල්නාශකය ග්ලයිපොසේට්\u200c ය. විද්\u200dයාගාර තත්ත්ව යටතේ දී විෂ නැති සරල සංයෝග බවට වියෝජනය වීමත්, එසේ වියෝජනය නො වී මිනිසාට අහිතකර තත්ත්වයක්\u200c උදා කළ ස්\u200cථානයක්\u200c, සාක්\u200cෂියක්\u200c නැති වීමත් \"ග්ලයිපොසේට්\u200c\" රජ වීමට හේතු විය. යුරෝපයේ හා උතුරු ඇමෙරිකාවේ ස්\u200cවාභාවික භූගත ජලයේ කිවුල ඇති, ග්ලයිපොසේට්\u200c භාවිත කරන ස්\u200cථාන ඇත. එහෙත් එම ජලය මනුෂ්\u200dය පරිභෝජනයට යොදා නො ගනී. එසේ වූවා නම් මීට පෙර මේ ප්\u200dරපංචය හඳුනාගැනීමට ඉඩ ප්\u200dරස්\u200cථා නො තිබුණා නො වේ. එහෙත් ශ්\u200dරී ලංකාවේත්, මධ්\u200dයම ඇමෙරිකානු රටවල් ගණනාවකත්, ගිනිකොනදිග ඉන්දියාවේත් පැතිරී යන කෘෂිකාර්මික වකුගඩු රෝගය හේතුවෙන් ග්ලයිපොසේට්\u200c ආධිපත්\u200dයයට 40 වරසකට පසු අභියෝගයක්\u200c එල්ල වී ඇත.\u003c/div\u003e\n\u003c/span\u003e\u003cbr /\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eආසනික්\u200c පළමු ඉනිම නම් ග්ලයිපොසේට්\u200c දෙවැනි ඉනිමයි. ආසනික්\u200c සටනින් රටට බොහෝ ජයග්\u200dරහණ අත් වූ බව කුහකයකු නො වන ඕනෑ ම අයකුට තේරුම් යනු ඇත. අද වස විස ගැන රටේ කොතැනත්, කවුරුත් කතා කරති. වකුගඩු රෝගයට පමණක්\u200c නො ව දියවැඩියාවට, පිළිකාවට කෘෂි රසායනවල ඇති සබඳකම් ගැන සංවාද බොහෝ විට ඇත. රටේ ප්\u200dරසිද්ධ ස්\u200cවාමීන් වහන්සේලා දානයකට, පිරිතකට, පාංශුකූලයකට වැඩිය ද කෘෂි රසායන ව්\u200dයසනය ගැන දෙසා වදාරති. කළු හීනටි, සුවල් සහලට, මුරුංගා, කැකිරි, කතුරුමුරුංගා, දඹලවලට වෙන දා නැති කැමැත්තක්\u200c අපේ රටේ ඇති වී ඇත. වෙන දා රූපවාහිනියේ, ගුවන් විදුලියේ, පුවත්පත්වල පළ වූ කෘෂි රසායන දැන්වීම් අද නැත. රටපුරා කුඹුරුවල ලී පටිවල සවි කළ කෘමිනාශක, වල්නාශක දැන්වීම් පුවරු අද නැත. රටපුරා විදුලි කණුවල, ගස්\u200cගල්වල අලවා තිබූ, සවි කර තිබූ කෘෂි රසායන දැන්වීම් අද නැත. කොටින් ම රටේ ජනාධිපතිතුමා පසුගිය දා ප්\u200dරසිද්ධ ඉල්ලීමක්\u200c කළේ වසවිස යොදා නො ගන්නා ගොවිතැනකට යොමු වන ලෙසයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nමේ එකක්\u200c වත් අහඹු ලෙස ලැබූ ජයග්\u200dරහණ නො වේ. බොහෝ දුක්\u200cවිඳ, කැප කිරීම් කර ලැබූ ජයග්\u200dරහණ ය. කැප කිරීම් නො කළ මිනිසුන් නො දන්නවා වුව එහි අමාරුව අපි හොඳින් දනිමු. එහි දුක අපි හොඳින් දනිමු. පළමු ඉනිමේ දී රටක්\u200c සෙලවිණි. මෙවර අපට සටන් කිරීමට සිදු වන්නේ අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය මෙන් කිපගුණයක ආදායමක්\u200c ග්ලයිපොසේට්\u200c අලෙවියෙන් ලබන සමාගම් සහ ඔවුන් ගේ ඉත්තන් සමගයි. පළමු ඉනිමේ දී උගත් පාඩම් ද සමග අපි දෙවැනි ඉනිම අරඹමු.\u003c/div\u003e\n\u003c/span\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n(මේ අධ්\u200dයයනය හා සම්බන්ධ සම්පූර්ණ විද්\u200dයාත්මක ප්\u200dරකාශනය ස්\u200cවිට්\u200cසර්ලන්තයේ පළ වන International Journal of\u003c/div\u003e\n\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nEnvironmental Research and Public Health ජාත්\u200dයන්තර විද්\u200dයා සඟරාවේ නවතම කලාපයේ අඩංගු වේ).\u0026nbsp;\u003c/div\u003e\n\u003c/span\u003e\n\u003cb style\u003d\"font-size: 17px;\"\u003e\u003cb style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/b\u003e\nවෛද්\u200dය චන්න ජයසුමන\u003c/b\u003e\u003cbr /\u003e\n\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\n\u003c/span\u003e\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\n(\u003ci\u003eවිදුසර පුවත් පතින් උපුටා ගතිමු\u003c/i\u003e)\n\u003c/span\u003e\u003cbr /\u003e\n\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/02/vakugaduRogaya.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c!-- Facebook share button End --\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/329427125596548739/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/02/vakugaduRogaya.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/329427125596548739"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/329427125596548739"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/02/vakugaduRogaya.html","title":"කෘෂිකාර්මික වකුගඩු රෝගයේ  අභිරහස හෙළි වේද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-bGauZiPKx9A/UvKAGsCPTzI/AAAAAAAAAYs/mDiVvTQGyHI/s72-c/a.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});