gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9A.+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9A.+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B6%9A%E0%B7%9A.%20%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://draft.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7073902371706697246"},"published":{"$t":"2015-03-23T07:32:00.000+05:30"},"updated":{"$t":"2015-03-30T09:22:06.665+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"}],"title":{"type":"text","$t":"යහපාලනය සුන්නත්දූලි වී ඇත"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-F7FqqCSYCYo/VQ9ytTrfB2I/AAAAAAAACME/hFv96bJ77Jg/s1600/raising-maithripala-image-970x480.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"197\" src\u003d\"https://1.bp.blogspot.com/-F7FqqCSYCYo/VQ9ytTrfB2I/AAAAAAAACME/hFv96bJ77Jg/s1600/raising-maithripala-image-970x480.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACB0/2PlzRCT3EEI/s1600/yuthukama_seel_3.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cbr /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයහපාලනය සුන්නත්දූලි වී ඇත. ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්ද  විය නොහැකිය යන්න වඩාත් ප්\u200dරකට වූ දේශපාලන උදාහරණයක් මෑත ඉතිහාසයේ නොතිබුනු තරම්ය. දිනෙන් දින වඩ වඩාත් වගකීම් විරහිත ජුගුබ්සාජනක සිදුවීම් සිදුවෙමින් තිබේ. මෙවැනි වෙනසකට ජනතාව සිය චන්දය කෙසේ  භාවිතා කළේ ද යන්න දැන් ඔවුන් තුළම මතුවී ඇති ප්\u200dරශ්නයයි. මෙවැනි පාලනයකින් කිසිසේත් රටට හිතකර දේශපාලන වටපිටාවක් නිර්මාණය නොවන බවට වෙන කවරදාකටත් වඩා ජනතාව විසින් වටහා ගෙන ඇත. රටේ සිදුකල මහා දේශපාලන කුමන්ත්\u200dරනය නිසා සිදුවුනු වඩාත් සාධනීය වෙනස නම් මෙමවටහා ගැනීම බව දැන් දැන් රට තොට සිදුවන කතා බහින් පැහැදිලි වේ. වෙනසක් ප්\u200dරාර්ථනය කළ අය දැන් දැන් පශ්චත්තාපයෙන් යුතුව මෙනෙහි කරනුයේ, තමන් විසින් ස්ථාවරව තිබූ රටක් අස්ථාවර කිරීමට දායක වූ බවත්, මේ බල ලෝභී කණ්ඩායම් හුදෙක් තම පැවැත්ම සඳහාම පමණක් හැසිරෙන සුපුරුදු දේශපාලන ක්\u200dරීඩාවෙහිම නිරත වනපවිටුන් බවය.හෙළ උරුමයත්, ජවිපෙත් දැන් ජනතාව ඉදිරියේ නිරුත්තර වී ඇතිවා පමණක් නොව, ඔවුන් රාජපක්ෂ පාලනය තුළදී මෙන්ම වත්මන් පාලන කාලයේදීද ජනතාව බලාපොරොත්තු වන මැදිහත්වීමක් සිදුකළ නොහැකි බෙලහීන පාර්ශවකරුවන් පමණක් බව මනාව පෙන්වා දී ඇත.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eනිමල් සිරිපාල ඇතුඑ ශ්\u200dරීලනිපමන්ත්\u200dරී වරුන් දැන් මහ බැංකු අධිපතිවරයා ඉවත් කරව් යනුවෙන් පෙළපාලි යන්නේත්, හෙළ උරුමය විරෝධතා පෙළපාලි යන්නේත්,ඡවිපෙ පොරොන්දු ඉටු කරව් යනුවෙන් රැස්වීම් තබන්නේත් කුමකට ද? රටට ප්\u200dරකාශ කළ යහපාලනය මිත්\u200dයාවක් බවත් සිදු වන්නේ ජනතාව ප්\u200dරාර්ථනය කළ වෙනස නොවන බවත් දැන් ඉතා පැහැදිලිය. ශ්\u200dරීලනිපය තම පක්ෂ නායකයා වෙත සහහෙළ උරුමය සහ ජවිපෙ තමන් විසින් සහයෝගය දී පත්කර ගත් ජනාධිපතිවරයා වෙත මෙම කරුණු ඉදිරිපත් කොට පහසුවෙන්ම නිරාකරණය කරගත හැකිව තිබියදී පෙළපාලි සහ රැස්වීම් තැබීමට ඔවුනට සිදුවී ඇත්තේ ඇයි? මේ ක්\u200dරියාවලීන්ගෙන් පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයා ඔවුන් සමග එකට තීරණ ගන්නේ නැතිවා පමණක් නොව වෙනත් බලගතු බලවේගයක් විසින් අඩපණ කර ඇති බව නොවේ ද?එම බලවේගයන්ගේ මෙම හැසිරීම ඔවුනට ඝෟජු බලයක්පවා නොලැබී ඇති වටපිටාවකදී බව සැලකීමේදී සැබෑ බලයක් ලැබුනහොත් සිදුවිය හැකි අත්තනෝමතික පාලනය ගැන ඉතා පැහැදිලි තක්සේරුවකට පැමිණීමට රටේ ජනතාව දැනුවත් කළ යුතුය. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eවිශ්ව විද්\u200dයාල ශිෂ්\u200dයයින් සහ අනෙකුත් උසස් අධ්\u200dයාපන ආයතනවල ශිෂ්\u200dයයින් විසින් පසුගිය කාලයේදී සිදුකරණ ලද අතොරක් නැති උද්ඝෝෂණ සහ විරෝධතා දැන් සහමුලින්ම නැවතී ඇත. ඒ ඔවුන් ඉල්ලා සිටි සියඵ ඉල්ලීම් ඔවුනට ලැබී ඇති නිසා ද? එසේත් නොමැති නම් එම ඉල්ලීම් කිසිසේත් අව්\u200dයාජ නොවන,පිටුපසින් සිටිමින් ඔවුන්ව මෙහෙයවන ලද බලවේගයන්ගේ මුඛ්\u200dය පරමාර්ථය වූ පැවති රජය පලවා හැරීම සඳහා සිසුන් යොදා ගැනීම පිණිස ඉදිරිපත් වූ තාවකාලික මෙහෙයුමක්ද යන්න, තම පළමු චන්දය භාවිතා කරණ ලද මේ උගත් තරුණ තරුණියන් විසින් සොයා බැලිය යුතුය. තමනටද හොරා වෙනෙකෙකු විසින්තමන්ව මෙහෙයවා ගනු ලැබ ඇතැයි යන්න වටහා ගැනීම තරුණ හදවත් වලට වේදනාකාරී වනවාට සැක නැත. රටක අනාගතයත්, සිය අනාගතයත් යන දෙකම තීරණය කෙරෙන චන්දය වැනි වැදගත් අවස්ථාවකදී ඉතා නිදහස් මනසකින් නිවැරදි නිගමනයට පැමිණිය යුතු අතර, ආවේගශීලීව තීරණ නොගත යුතුය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉදිරි මැතිවරණයේ දී සිරිසේන ජනාධිපතිවරයා සිය සහයෝගය ශ්\u200dරීලනිප සහ එජාප යන පක්ෂ දෙකටම ලබා දීමට තීරණය කර ඇතැයි ඔහු විසින් සිදු කරණ ලද බොළඳ වගකීම් විරහිත ප්\u200dරකාශය සම්බන්දයෙන් ශ්\u200dරීලනිප ඉදිරි පෙළ මවිත වී ඇතිවාටත් වඩා ඉතා අසරණ වී ඇතිවාට සැක නැත. කිසිම ශ්\u200dරීලනිප සාමාජිකයෙකුට පිළිගත හැකි තත්වයක් නොවූවත් ශ්\u200dරීලනිප නායකත්වය අද ඇද වැටී ඇති තත්වය දෙස බැලීමේදීඔහුගෙන් මීට වඩා වැඩි පෞරුෂයක් බලාපොරොත්තු වීම විහිලුවකි. මෙය මේ කුමන්ත්\u200dරනය විශ්ලේෂණය කළ ජාති හිතෛශීන් විසින් බොහෝ කලින්ම නිවැරදිව පෙන්වා දෙන ලදී.  ශ්\u200dරීලනිප ඉදිරි පෙළ, මේ යථාර්තය පැහැදිලිව වටහා නොගත හොත් ශ්\u200dරීලනිප ඉදිරි දේශපාලන අනාගතය ඉතා අඳුරු වනු නොඅනුමානය. ඔවුන් මේ ප්\u200dරකාශය සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් ප්\u200dරශ්න කළ යුතුව ඇත. ඔවුහු ශ්\u200dරීලනිප බහුතර පසු පෙළ හා එක්ව සිරිසේන ජනාධිපතිවරයා ට පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වීමට බල කල යුතුය. නිර්භය නිවැරදි තීරණ ගැනීම ප්\u200dරමාද නොකල යුතුය. මෙය ශ්\u200dරීලනිප යට ලැබුනු කදිම අවස්ථාවක් ලෙස සුභවාදීව හසුරුවා ගත යුතුය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eතම නායකයාගේ චින්තනය සහ පෞරුෂය පිළිබඳව හොඳ තක්සේරුවක් ඇති කර ගත හැකි අවස්ථාවක්, තම එංගලන්ත සංචාරය අරභයා ඔහු විසින් සිය පාක්ෂිකයින් ඉදිරියේ පලකළ අදහස් වලින් උදා කර දුන්නේය.  සිරිසේන ජනාධිපතිවරයාට සිය ජීවිත කාලයේදී ලැබිය හැකි ඉහලම වාසනාවන් වන, එංගලන්ත රැජින සමඟ පැය භාගයක් මුන ගැසී කථා කිරීමට ලැබීම, රැජින අත් වැසුම් නොමැතිව සාකච්චාවට එක් වීම සහ එංගලන්ත අගමැතිවරයා කාරයේ දොර අසලටම පැමිණීම යනාදිය සාක්ෂාත් කර ගැනීමට ඉඩ ලැබී ඇත. කෙතරම් වාසනාවන්ත පුද්ගලයෙක් ද?ශ්\u200dරී ලංකා ක්\u200dරිකට් කණ්ඩායමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් අනවශ්\u200dය මොහොතක දී, කණ්ඩායම අමතමින් එල්ල කළ පීඩනය ද, යම් තරමකින් හෝ පසු දිනම ඔවුන් ගේ ආපසු ඒමට හේතු නොවිනැයි කිව නොහැකිය. එවැනි කණ්ඩායම් ඇමතීමක් අර්ධ අවසාන පූර්ව වටයේදී නොව ලෝක කුසලානය ලබා ගත් අවස්ථාවකදී සිදු කළේ නම් තේරුම් ගත හැකිය. මෙවැනි බොළඳ නායකයින්ගෙන් රටට හිතැති, එඩිතර තීරණ කිසි ලෙසකින් හෝ බලාපොරොත්තු නොවිය යුතුය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eදැන් රට තුල සිදු වන්නේ විකාරරූපී දේශපාලනරංගනයක් බවත්, ජවිපෙ සහ හෙළ උරුමය එහි නිරූපනය කරනුයේ නොවැදගත් අතාත්වික භූමිකාවක් බවත් දැන් පැහැදිලිය. විජයදාස රාජපක්ෂ සහ විකි ලීක්ස් හරහා එළිදරව් වුනු ජවිපෙ අපකීර්තිමත් මූල්\u200dය ගනු දෙනුත් සමග, ඔවුන්ගේ භාවිතාවද අනෙක් කවර හෝ පක්ෂයකට වඩා නොවෙනස් බව රටට ඒත්තු යාම නිසා ඔවුහු බරපතල පිරිහීමකට ලක්ව තිබේ. ඔවුන් සහ විදේශීය කුමන්ත්\u200dරනකරුවන් වසින් රට ඇද දැමූ අස්ථාවර භාවයෙන් ගොඩ ගැනීමට කිසියම් සාධනීය මෙහෙයක් මෙම පක්ෂ දෙක විසින් ඉටු කරණු ඇතැයි දැන් කිසිවකුන් හෝ පිළිගන්නේ නැත.ඉතිහාසයේ ඔවුනට හිමිව තිබූ පිළිගැනීම දැන් බරපතල සෝදාපාඵවකට ලක්වී හමාරය. ඔවුහු දැන් ජනතාවගේ වෛරයට පාත්\u200dරවෙමින් සිටිති.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය සඳහා රටට හිතැති සියඑ බලවේග ඒකරාශි කිරීම වහාම ආරම්භ කළ යුතුය. මෙහිදී විද්වත් වෳත්තිකයින්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරී ඇත. රටේ සිදුවූ කුමන්ත්\u200dරනය සාර්ථක කර ගැනීමට චන්දය භාවිතා කළ ජනතාවගේ අභිලාශයන්ද වටහා ගනිමින් වඩා පුඑල් වූත්, වඩා විශ්වාසනීය වූත් වඩා ක්\u200dරියාකාරී වූත් බලවේගයක් ගොඩ නැගිය යුතුය. වෙන කවරදාකටත් වඩා ජනතා හදවත් දිනා ගෙන ඇති මහින්ද රාජපක්ෂ මහතා වටා රොක්වන ජනතාව ශ්\u200dරීලනිප ය තුලම ගොනුකර ගැනීමට හැකි සෑම බලපෑමක්ම කළ යුතුය.   එසේ නොහැකි වන්නේ නම් ශ්\u200dරීලනිප ය අමතක කොට රට වෙනුවෙන් එකමුතු කළ හැකි කවර හෝ තරාතිරමක සියඑ බල මුඵ ඒකරාශී කර ගැනීමට දෙවරක් සිතා බැලීමට කාලයක් ඉතුරු වීනොමැත.  ශ්\u200dරීලනිප යේ ඉහල පෙලේ නායකයින් තුළ ඇති විචිකිච්චාවට පිළිතුරු දීමට සහ රට මුහුණ පා ඇති සැබෑ අවදානම ඔවුනට අවබෝධ කර දීමට දේශමාමකමහ සඟරුවණ සහ  විද්වත් වෟත්තිකයින් ස්වේච්චාවෙන්ම පෙරට ආ යුතු මොහොත එළැඹී ඇත. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපසුගිය මැතිවරණ සියල්ලකදී ම පාහේ බොහෝ වෛද්\u200dයවරුන්, ඉංජිනේරුවන්, නීතීඥයින් සහ තවත් බොහෝ වෟත්තිකයින්   මහින්ද රාජපක්ෂ මහතා ගේ ජයග්\u200dරහනය පිණිස තම දායකත්වය ලබා දුන් බව සලකා බලන විට ඔවුන් හට මේ අතිශය තීරණාත්මක පැයේදී  පැවරෙන වගකීම වෙන කවරදාකටත් වඩා වැඩිය. ඔවුන්ගේ මැදිහත් වීම දෙයාකාරයකින් වැදගත් වේ. පළමුව මහ ජනතාව අතර විශ්වාසය තහවුරු කර අපේක්ෂාව ඇති කරලීම පෙන්වා දිය හැකිය. දෙවනුව වඩාත්ම වැදගත් සාධකය වනු ඇත්තේ මහජන නියෝජිතයින් ලෙස අපේක්ෂකත්වය ලබා ගැනීම පිණිස වන තරඟයේ දී නිවැරදි පුද්ගලයින් තෝරා ගැනීම පිණිස සහාය වන ස්වාධීන මැදිහත්කරුවාගේ භූමිකාව නිරූපණය කිරීමය.  ඔවුන් දැන් පෙරමුණක් ලෙස ඒකරාශී වී මෙම කාර්යයටසහභාගී විය යුතුය. ඔවුන්ව දිරිගැන්වීම පිණිස ශ්\u200dරීලනිප යේ ප්\u200dරබුද්ධ දේශපාලන කොටස් වෙත විශාල කාර්ය භාරයක් පැවරී ඇත.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACB0/2PlzRCT3EEI/s1600/yuthukama_seel_3.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"200\" src\u003d\"https://2.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACB0/2PlzRCT3EEI/s1600/yuthukama_seel_3.jpg\" width\u003d\"200\" /\u003e\u003c/a\u003e-වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #783f04;\"\u003e********************************************\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eහරවත්ව කියවන්න.යුතුකමට එන්න..\u003cbr /\u003eඅපගේ Facebook පිටුවට Like කරන්න\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ehttps://www.facebook.com/yuthukama\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;\u003cspan style\u003d\"color: #783f04;\"\u003e*******************************************\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/03/YahapalanayaIwarai.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\n\n\u003c!-- Blogger automated replacement: \"https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url\u003dhttp%3A%2F%2F2.bp.blogspot.com%2F-qBOf70kF3U0%2FVPv_ZeH3OxI%2FAAAAAAAACB0%2F2PlzRCT3EEI%2Fs1600%2Fyuthukama_seel_3.jpg\u0026amp;container\u003dblogger\u0026amp;gadget\u003da\u0026amp;rewriteMime\u003dimage%2F*\" with \"https://2.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACB0/2PlzRCT3EEI/s1600/yuthukama_seel_3.jpg\" --\u003e\u003c!-- Blogger automated replacement: \"https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url\u003dhttp%3A%2F%2F1.bp.blogspot.com%2F-F7FqqCSYCYo%2FVQ9ytTrfB2I%2FAAAAAAAACME%2FhFv96bJ77Jg%2Fs1600%2Fraising-maithripala-image-970x480.jpg\u0026amp;container\u003dblogger\u0026amp;gadget\u003da\u0026amp;rewriteMime\u003dimage%2F*\" with \"https://1.bp.blogspot.com/-F7FqqCSYCYo/VQ9ytTrfB2I/AAAAAAAACME/hFv96bJ77Jg/s1600/raising-maithripala-image-970x480.jpg\" --\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7073902371706697246/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/03/YahapalanayaIwarai.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/7073902371706697246"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/7073902371706697246"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/03/YahapalanayaIwarai.html","title":"යහපාලනය සුන්නත්දූලි වී ඇත"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://draft.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-F7FqqCSYCYo/VQ9ytTrfB2I/AAAAAAAACME/hFv96bJ77Jg/s72-c/raising-maithripala-image-970x480.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6690920688000015657"},"published":{"$t":"2015-03-11T00:12:00.000+05:30"},"updated":{"$t":"2015-03-20T00:30:45.328+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"}],"title":{"type":"text","$t":"අයිතිකරුවකු හෝ භාරකරුවකු හෝ නැතිවිම"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-qIPcjubXVns/VP83eIrUNaI/AAAAAAAACD0/DJMlYbtPdlo/s1600/My3.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-qIPcjubXVns/VP83eIrUNaI/AAAAAAAACD0/DJMlYbtPdlo/s1600/My3.jpg\" height\u003d\"278\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\nනව රජය විසින් රට තුළ ඇතිකරන්නේ යැයි පැවසූ වෙනස සිදු වෙමින් තිබෙන්නේ ද? මෙය විමසා බැලීමට මේ ඉතාමත් ම සුදුසු කාලය බව පෙනේ. මේ රට යන ආකාරය හරිද, වැරදිද යන්න සම්බන්ධයෙන් සංවාදයක් දැන් සිදු වෙමින් තිබේ. සමාජය තුළ ඉතා පැහැදිලිවම තහවුරු වී ඇති කරුණක් ලෙස අපට පෙනී යන්නේ කිසිවකු විසින් අපේක්ෂා නොකළ අවිනිශ්චිත, ආගන්තුක පරිසරයක් රට තුළ නිර්මාණය වී ඇති බවයි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003ch3\u003e\nතිගැස්ම\u003c/h3\u003e\nරටේ ජනතාව අතරත් මාධ්\u200dය වලිනුත් කතා බහට ලක්වුනු වඩාත් ජනප්\u200dරිය මාතෳකාව වූයේ අයවැයයි. මෙවර ඉදිරිපත් කළ අයවැය අන්තර්කාලීන එකක් වුවත් එය පූර්ණ අයවැයක් බවට තදින් ප්\u200dරකාශ කරන්නට යෙදුනි. රජයක් විසින් ඉදිරිපත් කෙරුණු අයවැයකට ඉතාම කෙටි කලක් තුළදී මෙතරම් අතපසු වීම් සිදු විනැයි තමන් විසින්ම පිළිගන්නට යෙදුනු වෙනත් අයවැයක් මෑත ඉතිහාසයේ අපට දැක ගන්නට තිබුනේ නැත. එජාපයේ ම සමහර ඇමතිවරුන් විසින් මේ බව ප්\u200dරසිද්ධ මාධ්\u200dයයන්ගෙන් පිළිගන්නා ලදී. හයිබ්\u200dරිඩ් වාහන බද්ද සහ සුපිරි ආදායම් බද්ද මේ අතර ප්\u200dරධාන වේ. මේවා රජය විසින් යෝජනා කරන ලද ප්\u200dරධානම ආදායම් උපයා ගැනීමේ යාන්ත්\u200dරණයන් වන කල්හි එහි වැදගත්කම ඉතා වැඩිය. බැංකු ක්ෂේත්\u200dරයේ සහ ව්\u200dයාපාරික ප්\u200dරජාව තුළ ඇතිවී තිබෙන තිගැස්මත්, ඔවුන් පවතින ආර්ථික වැඩ පිළිවෙල \u0026nbsp;දෙස බලන උපහාසාත්මක දැක්මත් දැන් ප්\u200dරචලිතය. එජාපය සතුව ඇතැයි පැවසූ මහා ආර්ථික කළමනාකරණ හැකියාවම හුදෙක් මවා පාන ලද ව්\u200dයාජයක් මිස, කිසිසේත්ම ප්\u200dරායෝගික භාවිතාවක් නොවන බව දැන් ඉතාමත් පැහැදිලිව විදහා දක්වා ඇත.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nජනතාවට ලබා දෙන්නට යෙදුනු සහන පවා හුදෙක් මැතිවරණයක් ඉලක්ක කොට ගෙන දෙන ලද ඒවා මිස දිගු කාලීනව පවත්වා ගෙන යාමට නොවන බවට විශ්වාසයක් ජනතාව අතර දැනටමත් ඇතිවී තිබේ.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003ch3\u003e\nසැර රනිල්\u003c/h3\u003e\n\u003cbr /\u003e\nරනිල් වික්\u200dරමසිංහ තමාගේ ඒකාධිපති ස්වරූපය කිසිවකුගේ ප්\u200dරශ්න කිරීමකින් තොරවම ක්\u200dරියාත්මක කරමින් තිබේ. ඔහු විසින් තම පාර්ලිමේන්තු මන්ත්\u200dරීවරුන් කෙරෙහි \u0026nbsp;ඒකාධිපති බලය පතුරුවා ඔවුන් හීලෑ කර ගෙන \u0026nbsp;ඇත්තේ ව්\u200dයවස්ථාමය අගමැති බලයකින් නොවේ. ඔහු ඉතා පහසුවෙන් එජාප ව්\u200dයවස්ථාව මගින් එය සිදු කර ගෙන ඇත.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඅධ්\u200dයාපන අමාත්\u200dයාංශයට ඇමතිවරු පත් කිරීමේදී ඔහු ක්\u200dරියා කළ ආකාරය දැනටම අර්බුදයකට මඟ පාදා ඇත. අදාළ ක්ෂේත්\u200dරය සඳහා වන පරිනත භාවයට වඩා තම පෞද්ගලික රුචියට මුල් තැන දීම, එයටත් වඩා එම විෂයට පත් කරන ලද පුද්ගලයින් තෝරා ගැනීම දෙස බලන විට ද, අධ්\u200dයාපනය වැනි ඉතා වැදගත් විෂයක් කෙරෙහි වන ඔහුගේ සහ එජාපයේ තක්සේරුව දැන් සිදු වන දෑ දෙස බැලීමේදී කදිමට මැන ගත හැක. දෙමව්පියන් ගෙන් මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද අධ්\u200dයාපන අමාත්\u200dයාංශ චක්\u200dර ලේඛනය බොහෝ දෙනෙකුගේ මුවඟට සිනහවක් නැංවූ කරුණක් වූයේ එහිවූ අපරිණත විහිලු ස්වභාවය වුවත්, ඊට වඩා හරබර යමක් මොවුන්ගෙන් බලාපොරොත්තු වීම එයටත් වඩා විහිලුවකි. සාමාන්\u200dය පෙළ ගණිතය සම්බන්ධයෙන් ගන්නා ලද තීරණයත් පසුව එය අස් කර ගැනීම ද අපරිණත දේශපාලනයයි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nමෑතකදී රනිල් වික්\u200dරමසිංහ විසින්, නම් සඳහන් කරමින්ම මාධ්\u200dයවේදීන්ට සිදු කළ තර්ජනය සුලු කොට තැකිය හැකි නොවේ. මේ සැබෑ රනිල් වික්\u200dරමසිංහ හඳුනා ගැනීම කිසිසේත්ම ප්\u200dරමාද නොකළ යුතුය. මාධ්\u200dයවේදීන් මේ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව රටේ ජනතාව ඉතා අවධානයෙන් සිටිය යුතුය. ඔහුගේ එම තර්ජනය යහපාලනයේ කොටසක් බවටද ඔහු එදා ප්\u200dරසිද්ධියේ වහසි බස් දෙඩුවේය. හීලෑ වී සිටින චම්පිකත්, අනුර කුමාරත් තම යහළු අගමැතිගේ මේ හැසිරීම පිළිබඳව කිසිවක් හෝ පවසනවාද යන්න අප විසින් තව දුරටත් බලා සිටිය යුතු වෙමු. තවත් සතියක් පමණක් ඔහු විසින් එම මාධ්\u200dයවේදීන්ට කල් ලබා දෙන බව ඔහු විසින් ප්\u200dර කාශ කරන්නට යෙදුනි. දකුණේ එම සිංහල මාධ්\u200dයවේදීන් විසින් ජාතිවාදය ඇවිස්සීම සහ වසර දහයක් තිස්සේ ඔහුට එරෙහිව ක්\u200dරියා කිරීම රනිල්ගේ එම තර්ජනයට හේතුව ලෙස ඔහු විසින් සඳහන් කරන ලදී. මෙය ඉතා භයානක වන්නේ උතුරේ ද්\u200dරවිඩ පුවත් පත් වල පළ වන කිසිම දෙයක් කිසි ලෙසකින් හෝ වාරණය නොවන වටපිටාවකය. දකුණට වල්බූරු නිදහසක් අනවශ්\u200dය බවත්, උතුරට ඕනෑම වල්බූරු නිදහසක් තිබුනාට කමක් නැති බවත් මේ මගින් අදහස් කරන බව පෙනේ. මේ ලෙස කරුණු සිදු වුව හොත් රට පත් විය හැකි භයානක තත්වය කෙරෙහි අප සැමගේ විශේෂ අවධානය යොමු විය යුතුය. අගමැතිවරයාගේ මේ හැසිරීම වහාම පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් විය යුතුය. ජෝන් අමරතුංගට එරෙහිව විශ්වාශභංගයක් ගෙන ඒමට සිදුවූ සිද්දිය සම්බන්ධයෙන් ද ඔහු ප්\u200dරකාශ කළේ එය සුඵ දෙයක් ලෙසය. එයිනුත් නොනැවතී පාර්ලිමේන්තුව විසිරුවන බවටද තර්ජනය කරන ලදී. මොවුන්ගේ මේ යහපාලන මායාව අනාගතයට ප්\u200dරක්ෂේපනය කොට වටහා ගැනීමට අප විසින් තවත් ප්\u200dරමාද නොකළ යුතුය. යහපාලනය යැයි තමන් රැවටීමකට ලක්ව ඇතැයි ජනතාව විසින් දැන් දැන් සාකච්ඡා කරමින් සිටින බව රහසක් නොවේ.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003ch3\u003e\nජනතාවක් නැති ජනපති\u003c/h3\u003e\nනව ජනාධිපතිවරයා නිසඟයෙන් ඔහුට හිමිව තිබෙන ඌණ පෞරුෂය සහ තවත් අනෙකුත් අඩුපාඩු කම් නිසා සාපේක්ෂව බල රහිත පුද්ගලයකු ගේ තත්වයේම පැවතීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. එලෙසම අනෙක් අතට සාමාන්\u200dය පෘතග්ජන ස්වභාවයට එහා ගිය තරමේ මුසාබස් දෙඩීමෙන් පෙන්නුම් කරන්නේ වඩා සාහසික පළිගැනීමේ හැසිරීමකට වුව ඔහු යොමු විය හැකි බවක් නොවේද? මේ මෑතකදී උපහාසයෙන් යුතුව සුජීව සේනසිංහ විසින් ප්\u200dරසිද්ධියේ ප්\u200dරකාශ කරන ලද්දේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ආපන ශාලාවට පැමිණියත් කිසිවෙකු හෝ ඔහු එහිදී ගනන් නොගන්නා ලද බවයි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-_eOev50RWuk/VP845vglDKI/AAAAAAAACD8/RYKx9W0jCk0/s1600/z_p01-Ranil.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-_eOev50RWuk/VP845vglDKI/AAAAAAAACD8/RYKx9W0jCk0/s1600/z_p01-Ranil.jpg\" height\u003d\"320\" width\u003d\"270\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\nඔහු විසින් මේ පවසන සත්\u200dයය රූපවාහිනියේ වරින් වර පෙන්වන සමහර රූප රාමු වලින් ද පැහැදිලිව පෙනේ. ඔහු රැස්වීම් වලදී හෝ ජනතාව ඉදිරියට යන කවර අවස්ථාවකදී හෝ සිය අත ඔසවා කරන ආචාරයට හිමිවෙන \u0026nbsp;දුර්වල ප්\u200dරතිචාරය, හිටපු ජනාධිපතිවරයාට දැනුදු හිමිවන දැවැන්ත ප්\u200dරතිචාරය හා සැසඳීමේදී වටහා ගත හැකිය. එවැනි දර්ශන දෙස බලා සිටින කවරෙකුට හෝ හැඟී යා හැක්කේ, ජනතාව එවන් අවස්ථා වලදී මේ තමා ඉදිරියෙන් යන්නේ කුමන්ත්\u200dරණයකින් බලයට පැමිණි අයෙකු නොවේදෝ යි \u0026nbsp;සිතමින් ඔහු දෙස බලා සිටින බවය. මෙම දුර්වල ප්\u200dරතිචාරය වත්මන් ජනාධිපතිගේ සිත යම් පමණකට හෝ කඩා වැටීමකට හේතුවනු ඇති බවට සැකයක් නැත. මෙවැනි ජනාධිපතිවරයකු යටතේ, යහපාලනය කෙසේ වෙතත් වැඩි ඒකාධිපතිත්වයකට සහ දැඩි මර්ධනයකට සූදානම් වීමට අපට සිදු වුවහොත් එය පුදුමයක් නොවනු ඇත. \u0026nbsp;සිරිසේන ජනාධිපතිවරයා වෙත ආරෝපනය කර තිබූ නිර්මල ගැමි සාධාරණ චරිතය මහා ව්\u200dයාජයක් බවත්, ඔහුද තවත් එක් දේශපාලඥයකුට වඩා කිසිසේත්ම වෙනසක් නොමැති බවත් දැන් ජනතාව වසින් වටහා ගෙන ඇතුවාට සැක නැත.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003ch3\u003e\nනිවට බහුතරය\u003c/h3\u003e\nමේ සියළු අවාසනාවන්ත වටපිටාව තුළ වඩාත්ම ඛේදවාචකයක් වී ඇත්තේ බහුතර බලයක් සහිතව නිවටුන් වී සිටින නිමල් සිරිපාල ඇතුලු පිරිසගේ නිර්ලජ්ජිත ක්\u200dරියා කලාපයයි. \u0026nbsp;නිමල් සිරිපාල ඇතුලු පෙරමුණේ ඉහළ තලයේ අයට කවර තත්වයක් යටතේ හෝ අනාගත රජයක තනතුරු ගැනීමට ඉඩ පාදා ගැනීම පිණිස වන ව්\u200dයාපෘතියක් ලෙස ඔවුන්ගේ මෙම හැසිරීම තේරුම් ගත හැකිය. පාර්ලිමේන්තුවේ ප්\u200dරේක්ෂකයන් වීමට ඉඩ ඇති පෙරමුණේ බහුතර පසු පෙළ මන්ත්\u200dරීවරුන් විසින් ඉක්මණින්ම වටහා ගත යුත්තේ, ප්\u200dරමාද වීමෙන් රටට සිදුවිය හැකි විනාශය බරපතල බව සහ එය පසුව නිවැරදි කිරීමක්ද කළ නොහැකි බවය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nශ්\u200dරීලනිප යෙහි ඇති කරන ලදැයි පැවසූ යහපාලන ප්\u200dරජාතන්ත්\u200dරවාදය දැන් ඉතා කදිමට ප්\u200dරදර්ශනය වෙමින් තිබේ. ශ්රීලනිප \u0026nbsp;මන්ත්\u200dරී කණ්ඩායම තම ඡන්දය වත් ලබා නොදුන්,තම පක්ෂය හැරදා ගොස් එජාපය හා එක්ව තමන්ට එරෙහිව ප්\u200dරතිවාදීව තරඟ වැදුණු පුද්ගලයා සමඟම එකතු වී, ඔහු ලවාම තමන් ව රූකඩ ලෙස, නිවට ලෙස හසුරුවා ගනු ලැබීම කවර නම් තත්වයක් යටතේ හෝ වටහා ගත හැකි ද? මෙය සත්\u200dයම වශයෙන්ම සිදුවිය හැකි ද? මේ සිදු වන්නේ කුමක් ද? ඔවුනට දැන් තමනට රිසි ලෙස තම පක්ෂයේම අනුශාසකයෙකු මුල් කොට ගෙන පැවැත්වෙන රැස්වීමකට හෝ සහභාගි වීම පක්ෂ විනය නාමයෙන් තහනම් වී ඇත. ශ්රීෂලනිපය එජාපය සමඟ සභාග ආණ්ඩුවක් සෑදීමට ආයාචනා කර ඇත. මෙය නම් කිසි දිනෙක කිසිවෙකු හෝ සිහිනෙන් පවා අපේක්ෂා නොකළ තත්වයකි. මේ සිරිසේන පක්ෂ නායකයා විසින් හිටපු පක්ෂ නායකයාට වඩා පිරිසිදු ලෙස පක්ෂය හසුරුවන ආකාරයයි! මේ පක්ෂ නායකයාම රටේ ද නාමිකව හෝ නායකයා වන කළ, මහා විනාශයකට රට ඇදී යාමට පෙර මේ පුද්ගල චර්යාවන් හඳුනා ගැනීම සිදු විය යුතුය. එසේ නොමැති වුව හොත් ශ්\u200dරීලනිපය \u0026nbsp;බරපතල ලෙස දෙකඩ වීම වළක්වා ගැනීම අසීරු වනු ඇත. රටේ ජනතාව විසින් උපකල්පනය කරන ලද යහපාලනය මෙය නොවන බවත්, එය මෙතරම් ඉක්මනින්ම වටහා ගැනීමට තරම් කරුණු කාරණා දැන් ඇස් පනා පිටම ප්\u200dරදර්ශනය වෙමින්ද තිබේ.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003ch3\u003e\nකැඳ හැළිය සජීවීව\u003c/h3\u003e\n\u003cbr /\u003e\nකබීර් හෂීම් විසින් මාධ්\u200dය සාකච්ඡාවකදී අපූරු ප්\u200dරකාශයක් මෑතකදී සිදු කරන ලදී. එය එජාප ස්ථාවරයම බවට සැකයක් නැත. විධායක ජනාධිපති ක්\u200dරමය සහ මැතිවරණ ක්\u200dරමය වෙනස් කිරීම දින සියය තුළ ඉදිරිපත් වුවත්, එය සාකච්ඡා කොට සම්මත කර ගැනීමට කල් මදි වීමට ඉඩ ඇති බවටත්, එසේ වුව හොත් එම වෙනස් කිරීම් නොමැතිව මැතිවරණයකට යාම සිදුවනු ඇති බවත් ය. රාජිත මාධ්\u200dයය ප්\u200dරකාශකයා මෙයට හාත්පසින්ම වෙනස් වූ මතයක් ප්\u200dරකාශ කරයි. මේ අතර ශ්\u200dරීලනිපය අද පත්වී ඇති අසරණ තත්වය මනා ලෙස විදහා දක්වන අවස්ථාවක් ලෙස මැතිවරණ සංශෝදනය මුවාවෙන් එය දින සියයකට වඩා වුවත් කල් දැමීමට සිය එකඟතාවය පළ කිරීම දැක්විය හැකිය. \u0026nbsp;රතන ස්වාමීන් වහන්සේ ද මේ සම්බන්ධයෙන් ප්\u200dරකාශයක් කරණු දැකිය හැකිය. අනුර කුමාර ශ්\u200dරීලනිපයට පහර දෙමින්, වක්\u200dරව රනිල් ගේ මතයම නියෝජනය කරන බව පැහැදිලිව පෙනේ. යහපාලන ලියැවිල්ලේ ඇති කරුණු සම්බන්ධයෙන් වූ මහා සුපිරිසිදු මතය දැන් එතරම් නොවැදගත් තවත් සුපුරුදු දේශපාලන ප්\u200dරකාශයක් පමණක් බව කිසිදු විරෝධයකින් තොරවම සමාජගත වෙමින් තිබේ. රාජිත කැබිනට් මාධ්\u200dයය ප්\u200dරකාශකයා සහ අනෙකුත් ඇමතිවරුන් එකිනෙකාට පරස්පර මත ප්\u200dරකාශ කරමින් සිටිති. කවුරු කවුරුත් තමන්ට රිසි ලෙස තීරණ ගන්නා බවත් ඒවා තමන්ට ඕනෑ පරිදි ප්\u200dරකාශ කිරීමටද පසු බට නොවන බවද පෙනේ.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nබලාපොරොත්තු වූ සුපිරි ප්\u200dරජාතන්ත්\u200dරවාදයක් හෝ යහපාලනයක් හෝ අප අත්විදින්නේ නැත.\u0026nbsp;යහපාලනය සම්බන්ධයෙන් මහා ඝෝෂාවක් නැගූ “උගතුන්”, “කලාකරුවන්” දැන් ඉතා ලජ්ජා සහගත ලෙස සැඟව සිටිති. රටේ මේ ඇතිවී ඇති අස්ථාවර භාවයට මඟ විවර කළ සියලු දෙනාම මෙයට පිළිතුරු දිය යුතු ය. කවර තත්වයන් යටතේ හෝ මේ කුමන්ත්\u200dරණයට පෙර අපට ස්ථාවර රටක් තිබුණි. දැන් සිදුව ඇත්තේ ඉදිරියේ දී සිදුවන්නේ කුමක්ද යන්න ගැන පැහැදිලි චිත්\u200dරයක් මවා ගත නොහැකි අවිනිශ්චිත රටක ජීවත් වීමටය. මෙය අප කවුරුවත් ප්\u200dරාර්ථනය කරන ලද තත්වය නොවේ.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඅපි අපගේ රට වහාම ගලවා ගැනීමට මැදිහත් විය යුත්තේ ස්ථාවර නොවන රටක කිසිදෙයක් සිදු නොවන නිසාය. රටේ සියලුම ජනතාව නැවත වරක් එකාවන්ව නැගීසිටිය යුතුය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACBw/M5OaomcDI3k/s1600/yuthukama_seel_3.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACBw/M5OaomcDI3k/s1600/yuthukama_seel_3.jpg\" height\u003d\"200\" width\u003d\"200\" /\u003e\u003c/a\u003e-\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eවෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eයුතුකම සංවාද කවය\u003c/b\u003e\u003cbr /\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #b45f06;\"\u003eබුකියේ වෙනස යුතුකමට මනාපයක් (Like) දමා මිතුරන්ට ඇරයුම් කරන්න\u003c/span\u003e\u003cspan style\u003d\"color: orange;\"\u003e.\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003ca href\u003d\"https://www.facebook.com/yuthukama\" style\u003d\"font-size: 17px;\"\u003ehttps://www.facebook.com/yuthuma\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/03/Ayithikaruvaku.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6690920688000015657/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/03/Ayithikaruvaku.html#comment-form","title":"5 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/6690920688000015657"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/6690920688000015657"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/03/Ayithikaruvaku.html","title":"අයිතිකරුවකු හෝ භාරකරුවකු හෝ නැතිවිම"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://draft.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-qIPcjubXVns/VP83eIrUNaI/AAAAAAAACD0/DJMlYbtPdlo/s72-c/My3.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"5"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4842516877917686615"},"published":{"$t":"2015-02-20T06:45:00.002+05:30"},"updated":{"$t":"2015-03-06T18:59:46.727+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"}],"title":{"type":"text","$t":"ජනාධිපතිවරණයෙන් පසු ඇති වූ වෙනස"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-aGx1DN7zN9I/VORgu9TZK2I/AAAAAAAAB1M/dpF2GB361JE/s1600/MR-My3.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-aGx1DN7zN9I/VORgu9TZK2I/AAAAAAAAB1M/dpF2GB361JE/s1600/MR-My3.jpg\" height\u003d\"270\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eජනාධිපතිවරණය අවසන් වීමෙන් පසුගිය දින කිහිපය තුළ රටේ ඇති වී ඇති පරිසරය සහ වර්තමාන දේශපාලන වටපිටාව සම්බන්දයෙන් සැකෙවින් සාකච්ඡා කිරීම මාගේ මේ ලිපියේ අරමුණයි.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකවර නිශේධනීය තත්වයන් යටතේ වුවද සාධනීය ලක්ෂණ බොහොමයක්ද දැක ගත හැකිය. මහින්ද රාජපක්ෂ පාලනය බිඳ වැටීමට හේතුවක් වූ තොර තෝංචියක් නැතිව ඇසුනු ප්\u200dරශස්ති දැන් ඇසෙන්නේ නැත. ජනප්\u200dරිය චන්ද පොරොන්දු ඉටු වන බව පෙනේ. මේ අහිමි වන රාජ්\u200dය ආදායම නැවත ලබා ගන්නා අයුරු පැහැදිලි නැතත් ඉදිරි මැතිවරණයකට හොඳ ආයෝජනයක් බව නම් කිව හැක. කවර පක්ෂයක් බලයට පත් වුවද එකතු වී රාජ්\u200dය පාලනය කළ හැකියැයි විශ්වාසයක් දැනට ඇතිවී තිබේ. දූෂණයට සහ වංචාවට මින් මතු කිසිදු ඉඩක් නොතැබිය යුතු බව ඉතාමත් තදින් ජනතා සිත් තුළ තහවුරු වී ඇත. කිසි දින හසු නොවේ යැයි සිතා දූෂණ සහ වංචා කිරීමට කවරෙකු හෝ දෙවරක් සිතනු ඇත. මෙය කවරාකාර බල පෙරැලියකදී වුවද බලාපොරොත්තු විය යුතුය. කෙසේ වුවද මේ අනුන්ගේ වැරදි සොයන්නේ සුදනුන් නොවන නිසා, දිනෙන් දින පිරිහීමකට ඉඩ ඇති ජනතා විශ්වාසය හමුවේ තවත් බොහෝ දේ සිදුවනු ඇත. එසේම, රාජ්\u200dය ආදායමට එකතු කර ගැනීමට බලාපොරොත්තු වන බදු මුදල් ලබා ගැනීම දුෂ්කර වන විට ජනප්\u200dරිය නොවන විකල්ප කරා යාම ද \u0026nbsp;අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. ජනාධිපතිවරයා සහ රජය විසින් අනාගතයේ දී දෝෂාභියෝගයකට අවශ්\u200dය කරන බොහෝ සාධකද දැනටම නිර්මාණය කරමින් පවතින බව ප්\u200dරදර්ශනය වෙමින් තිබේ.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eනව ජනාධිපතිවරයෙක් පත් වී ඇත. මැතිවරණ සමයේදී, බොහෝ කතා බහට ලක් වූ අදහස වූයේ රටට වෙනසක් අවශ්\u200dයද නැත්ද යන්නයි. මේ වෙනස ඇති කිරීම සඳහා ප්\u200dරධානම සාධකය වශයෙන් සාකච්ඡාවට ගන්නා ලද්දේ, සලකා බලන ලද්දේ රාජපක්ෂ පවුලේ අය විසින් සිදු කරන ලදැයි පැවසෙන දූෂණ, හොරකම් සහ නාස්තියයි. රට තුල පැහැදිලි ලෙසම වෙනසක් සිදු වී තිබේ. එයින් බොහෝ දෙනෙකු සතුටු වන බව පැහැදිලිය. \u0026nbsp;එලෙසම හිටපු ජනාධිපතිවරයාට ජන්දය දුන් බොහෝ දෙනෙකුත් ජන්දය නොදුන් බොහෝ දෙනෙකුත් එක ලෙස ශෝකවන බව අපගේ අත්දැකීමයි. සමහරකු ප්\u200dරරකාශ කළේ සමහර නිවෙස්වල කෑමක් බීමක් පවා නොගෙන ගත කළ අයුරුයි. තවමත් ජනතාව ඔහුගේ නිවසට නොකඩවා පැමිණෙන අයුරු ප්\u200dරසිද්ධ කරුණකි. මෙය නම්, මින් පෙර පැවති කිසිදු ජනාධිපතිවරණයක අත් නොදුටු සුවිශේෂී ලක්ෂණයකි. තවමත් රටේ වඩාත්ම ජනප්\u200dරිය ම දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ බවට සැකයක් නැත.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eරටේ බහුතර ජනතාව වෙනසක් සඳහා සිය චන්දය භාවිතා කර ඇත. චන්ද්\u200dරිකා, මංගල, රාජිත, රවි, රනිල් සහ ෆොන්සේකා සමග යහ පාලනයක් ඇති කිරීමට ජනතාව තීරණය කිරීමම විශ්මය ජනකය. කෙසේ වුවත් ජනතාවට අවශ්\u200dය වූයේ යහ පාලනයකට වඩා, රැල්ල නිසා ඇතිවුණු මානසික තත්වය මත හිටපු පාලකයින් ඔය හිටියා ඇති යන්න මිස, නව පාලනය විසින් දූෂණ, හොරකම් සහ නාස්තිය සිදු නොකරනු ඇතැයි යන විශ්වාසය නොවේ. නමුත් ඔවුන් විසින් නොසලකා හරින ලද හෝ අමතක කරන ලද වැදගත්ම කරුණ වන්නේ අප විසින් අත්විඳිමින් සිටි පශ්චාද් යුදමය සාමකාමී සහ ප්\u200dරගතිගාමී වටපිටාවයි. දැනට පෙනෙන කරුණු අනුව මේ නව වෙනස නිසා ජාතීන් අතර තිබූ සංහිඳියාව සම්බන්ධයෙන් අප 2009 වසර දක්වාවත් ආපස්සට ගොස් ඇත.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමා සිතන ලෙස සිදුවී ඇති විශාලම වෙනස නම් රට තුළ නිර්මාණය වී තිබෙන අවිනිශ්චිත ස්වභාවයයි. යමක් කොයි මොහොතේ හෝ සිදු වේ යැයි දැනෙන ස්වභාවයයි. දෙමළ ඩයස්පෝරාවට ලැබුණු උත්තේජනය සහ උතුරේ ඇතිවුනු නව හැසිරීම් රටාව, පිටතට නොපෙනෙන හෝ නැතැයි නැතැයි කියමින් නොපෙන්වන වැදගත්ම සහ භයානකම වෙනස ලෙස අප විසින් හඳුනා ගත යුතුව ඇත. රාජිත විසින් පවසන, උතුරේ ඇති කළ හැකි යැයි පැවසෙන කැළඹීම කිසිදු පෙලඹවීමක් නොමැතිවම දැනුදු සිදු වී ඇත්ද යන සැකය ඔහු ගේ අතීත ක්\u200dරියාකාරකම් දෙස බලන්නෙකුට ඇතිවන්නට හැකිය. මහ හඬින් අණ බෙර ගසමින් ගෙන ආ යහපාලනය විසින් තිත්ත සත්\u200dයය පළමු පැයේ සිටම යටපත් කරන ආකාරය ගැන ඉතා විමසිලිමත් විය යුතුය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eව්\u200dයවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනිව පත්කරන ලද අගමැතිවරයා සහ සාහසික බලහත්කාරය යොදවමින් සිදු කරන ලද අග්\u200dර විනිශ්චයකාරවරයා ගේ ඉවත් කිරීම රට තුළ ඉදිරියේ දී ඇති විය හැකි භයානක මර්දනයක පූර්ව සංඥා ලෙස ජනතාව විසින් හඳුනා ගත යුතුය. දැන් අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කොට ඇත. එජාපයේ 9 දෙනෙකුට හැර ඉතුරු සියලු දෙනාටම ඇමති තනතුරු ලබා ගෙන තිබේ. ඇමති තනතුරු ලැබූ සමහර පුද්ගලයින් සහ සමහර පුද්ගලයින්ට ලබා දී ඇති ඇමති තනතුරු දෙස බලන විට මේ තනතුරු ලබා දීමේ දී හිතුවක්කාරයම මිස කිසියම් සාධනීය සාමූහික එකඟතාවයක් හෝ පාලනයක් නොතිබුනු බව පැහැදිලිය. උදාහරණයක් ලෙස ජාතික අධ්\u200dයාපනය බාර දී ඇති අය වන අකිල විරාජ් සහ රජීව විජේසිංහ ගත හැකිය. ඒ රනිල් සහ ඔහුගේ කණ්ඩායම තීන්දු කළ හැටිය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ සිදුවී ඇති වෙනස ඒ සඳහා මූලික වූ අයට දරා ගත හැකිද? මේ සම්බන්ධයෙන් චම්පිකට සහ ජවිපෙ ට පැවසීමට ඇත්තේ කුමක් ද? දැන් ඔවුන්ගෙන් දැන ගැනීමට කිසිවක් ඇත් දැයි සැකයකි. ඔවුන්ගේ වර්තමාන දේශපාලන භාවිතාව කුහක සහ කෝප ගන්වන සුලු ය. ජවිපෙ දේශපාලනය කියැවීමට උනන්දුවක් තිබූණිබොහෝ දෙනෙකු අපේක්ෂා කළ පරිදිම ඔවුන්ගේ(අනුර කුමාරගේ) සහාය එජාපයේ ජයග්\u200dරහනය පිණිස හැසිරවූ අයුරු දැක ගත හැකි විය. මෙය ජවිපෙ කෙසේ වෙතත් අනුර කුමාර විසින් මෙහෙයවනු ලබනවා යැයි පැවසෙන ක්\u200dරියාදාමයක් පිළිබඳ ඇති සැකය වඩාත් තහවුරු වූ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එය එසේ වන්නේ විජේවීර නොසලකා හැරීම, වීරවංශ හැර යාමෙන් ජවිපෙ දෙකඩ වීම, සෝමවංශ ඉවත් කිරීම, පෙරටුගාමීන් ලෙස ඉවත් වීමෙන් නැවත දෙකඩ වීම යන සියල්ලෙහිදීම අනුර කුමාර ගේ භූමිකාව නිසාය.චම්පිකගේ හැසිරීම විදහා පාන්නේ, පැරදී, පසුව ප්\u200dරතිමල්ලවයාට කෙසේ හෝ පහර දී සතුටු වන අයෙකුගේ හැසිරීම මිස ප්\u200dරබුද්ධ දේශපාලන ක්\u200dරියාකාරිත්වයක් නොවේ. මේ අනාවරණය වෙමින් පවතින්නේ ඔහු ගේ විශ්ව විද්\u200dයාලයීය සහ මුල් කාලීන දේශපාලන හැසිරීම මගින් පෙන්නුම් කළ කෙසේ හෝ ප්\u200dරමුඛයා වීමට තිබෙන නොතිත් ආශාව ය. ඔහුගේ මෑත කාලීන හැසිරීම අධ්\u200dයයනය කරන්නෙකුට පෙනිය යුතු විශේෂත්වය වන්නේ නුදුරු මැතිවරණය ඉලක්ක කොට ගත් මහින්ද රාජපක්ෂ ට එරෙහිව වන සාහසික ප්\u200dරහාරයයි. මේ නම් අප විසින් සැමදා දැක පුරුදු සුලභ දේශපාලනඥයකුගේ හිරිකිත හැසිරීමයි.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ සිදු වී වෙමින් ඇති දේ සම්බන්ධයෙන් කිසියම් හෝ සාධනීය මැදිහත් වීමක් ඔවුන් විසින් සිදු නොකරන බව අපි දනිමු. පැවති පාලනය තුළ පවා ඔවුනට අපේක්ෂා කළ තීරණාත්මක මැදිහත් වීම සිදු කළ නොහැකි විය. එවිට ඔවුන් විසින් කළ යුතුව තිබුනේ, මහින්ද රාජපක්ෂ හමුවේ පරාජය බාර ගෙන ඊළඟට ගත හැකි රටට හිතැති හොඳම පියවර ගැනීම මිස, රාජපක්ෂලාට වෛරයෙන් යුතුව පහර දීමට රටට සතුරු බලවේග සමග එකතු වීම නොවේ. ඔවුනගේ වත්මන් ක්\u200dරියාකාරිත්වය අපට පෙන්නුම් කර දෙන්නේ සුලබ අවස්ථාවාදී අතිශය ප්\u200dරාථමික හැසිරීමක් සහිතව ක්\u200dරියාත්මක වන්නාවූ සැඟවුණු න්\u200dයාය පත්\u200dරයක කොටසක් ලෙස මිස, ප්\u200dරබුද්ධ දෑ හිතකාමී දේශපාලනයක් නොවේ.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමහින්ද රාජපක්ෂගේ දේශපාලන පෞරුෂය නිසා ජවිපෙ සැහැල්ලු වී ගියේය. චම්පිකලාට මහින්දව නම්මවා ගත නොහැකි විය. මේ නිසා බලවත් වූ දේශපාලන සහ පෞද්ගලික වෛරයකින් යුතුව දැන් ඔහුට පහර දෙනු දැකිය හැකිය. ජවිපෙ ෆයිල් ඉදිරිපත් කරනුයේ පසුගිය වසර 10 තුළ පමණක් දූෂණ සිදුවී ඇති පරිදිය. එසේ කරනුයේ මහින්ද රාජපක්ෂ විනාශ කරන තරමේ කෝපයෙන් යුතුව ඔහුව කේන්ද්\u200dරගත කර ගෙනය. එපමණක් නොව පැරණි රජයෙන් අලුත් රජයට පනින ලද කිසිවකුගේ වරදක් දැන් ඔවුන් විසින් දකින්නේ නැත. පිටුපසට වසර 10ක් පමණක් සොයා බැලීමට සහ දඬුවම් කළ යුතු පුද්ගලයින් තෝරා ගත් ගැනීමට යොදා ගත් නිර්ණායක කවරේ දැයි ඔවුනට ප්\u200dරකාශ හැකි යැයි මම නොසිතමි. මේ අවස්ථාවාදී පිළිකුල් සහගත හැසිරීම රටේ ජනතාව හොඳින් වටහා ගෙන ඇතැයි අපි සිතමු. අනුර කුමාර පවසන ලෙසම අපටද කිව හැක්කේ, ලැජ්ජයි කියාය. ඔවුන් විසින් මේ කරමින් සිටිනුයේ අප රටේ බිහිවූ අද්විතීය ජාතික නායකත්වයක් ලෝකයා ඉදිරියේ සැහැල්ලුවට ලක් කිරීමට, විනාශ කිරීමට උත්සාහ කිරීමය. මෙයට ජනතාව පිළිතුරු දෙනු නිසැකය. මේ තීරණාත්මක මොහොතේදී ගම්මන්පිලගේ සහ වීරවංශගේ දේශපාලනය, චම්පිකගේ සහ අනුරගේ වත්මන් දේශපාලනයසමග සැසඳීම අනාගතයේ දී ජනතාව විසින් සිදු කරනු ඇත.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅප රටේ එදා මෙදා තුර දේශපාලනඥයන් කෙරෙහි දක්නට ලැබුනු නිර්ලජ්ජීතම සහ ජුගුප්සාජනකම හැසිරීම් මැතිවරණයට පෙර සහ පසු සමයන්හිදී ප්\u200dරදර්ශනය විය. මේ සමහරකුට අංශු මාත්\u200dරයක හෝ ලජ්ජාවක්, ප්\u200dරතිපත්තියක් තිබේද යන්න සැක සහිතය. දැන් ආපසු හැරී බැලීමේ දී, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මොවුන් සියලු දෙනා එකට තබා ගෙන වසර 10 ක කාලයක් රට, කැපී පෙනෙන ප්\u200dරගතියක් කරා ගෙන යාමට හැකි වීම ම විශ්මය ජනක කටයුත්තක් ලෙස සැලකිය යුතුය. ඔහුට නැගෙන බරපතලම චෝදනාවක් වන, ඔහු වටා සිටින්නන්ගේ දූෂණ, හොරකම් කෙරෙහි ඔහු විසින් අනුගමනය කළ නිහඬ ප්\u200dරතිපත්තිය ට හේතුව කුමක්ද යන්න දැන් ඕනෑවටත් වඩා පැහැදිලිය. ඔහු ගේ අතිශය ජනප්\u200dරිත්වයත්, පෞරුෂයත් නොවන්නට වසර 10 ක් කෙසේ වෙතත් වසර 5 කින් රජය බිඳ වැටිය හැකිව තිබුනු බව දැන් අපට වටහා ගත හැකිය. එසේම මෙම, මෛත්\u200dරී, රාජිත, මංගල සහ තවමත් හෙලිදරව් නොවූ බලවේගයන්ගේ කුමන්ත්\u200dරණය මීට කලකට ඉහතින් සිදු වීමට ඉඩ තිබිණි.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑරික් සෝල්හයිම් ද ජනාධිපතිවරණය ගැන විග්\u200dරහයක් සිදු කර ඇත. ඔහු තවමත් අප රට ගැන උනන්දු ඇයි ද යන්න ගැන චන්දය ප්\u200dරකාශ කළ ‘බහුතරය’ විසින් දැන්වත් අවබෝධ කරගත යුතුය. ඔහුට අනුව රාජ්\u200dය සේවයේ එඩිතර මිනිසුන් නොවන්නට මේ ජයග්\u200dරහනය නොලැබෙනු ඇත. මෙය චම්පිකගේ සහ අනුර කුමාරගේද විග්\u200dරහය වීම අහම්බයක් නොවන බව මගේ හැඟීම යි. ඒ රාජ්\u200dය සේවයේ සිටිතැයි පැවසෙන එඩිතර මිනිසුන්ටත්, චම්පිකටත්, අනුර කුමාරටත්, එරික් සෝල්හයිම් වැන්නන් හා එකට සමපාත විය හැකි දැයි සිතා බැලීමට දැනුදු ප්\u200dරමාද නැත. දැන් සිදු වෙමින් පවතින මේ විදේශීය බලවේගයන්ගේ ආදරණීය වටලෑම අප හට කළමනාකරණය කරගත හැකි ද? මෙය රටට ආදරය කරන සැමගේ දැඩි අවධානයට ලක්විය යුතු ය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ ඇතිවී තිබෙන දේශපාලන විකෘතිය සහ රට හමුවේ ඇති දැවැන්ත අවදානම හැකි ඉක්මනින් යම් පමණකට හෝ නිවැරදි කර ගත යුතුව ඇත. ජනතා මතය නිවැරදි ලෙස පාර්ලිමේන්තුවේදී පිළිබිඹු විය යුතුය. පාර්ලිමේන්තු මැතිවරණයකදී රටට ආදරය කරන සැබෑ ජනතා නියෝජිතයින් සොයා ගෙන \u0026nbsp;රටට හිතකර වෙනසකට නව ගමනක් යාමට මිනිසුන් පෙළ ගැස්සවීම එක්සත් ජනතා නව සන්ධානයකට ඇති තීරණාත්මක කාර්ය භාරයයි. එවැනි වෙනසකට රටේ විද්වත් වෘත්තිකයින් තීරණාත්මක ලෙස එකතු විය යුතුය. මෙය ඉතාමත් සංවිධානාත්මකව සහ බුද්ධිමත්ව, දෙමළ සහ මුස්ලිම් ජනතාවට ආදරණීය ඇමතුමක් සහිතව, කැප කිරීම් සමඟ සිදු කළ යුතු ඉතා පුළුල් කාර්යයක් විය යුතුය.මේ රට පවතින දේශපාලන අස්ථාවරභාවයෙන් සහ ව්\u200dයාකූලත්වයෙන් මිදීම පමා නොවී සිදු විය යුතුය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"125\" width\u003d\"125\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය. (ksuranpriya@gmail.com)\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය \u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/02/venasa.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4842516877917686615/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/02/venasa.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/4842516877917686615"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/4842516877917686615"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/02/venasa.html","title":"ජනාධිපතිවරණයෙන් පසු ඇති වූ වෙනස"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://draft.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-aGx1DN7zN9I/VORgu9TZK2I/AAAAAAAAB1M/dpF2GB361JE/s72-c/MR-My3.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});