gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%20%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"},{"rel":"next","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A/-/%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A?alt\u003djson-in-script\u0026start-index\u003d9\u0026max-results\u003d8"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://draft.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"27"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6911038828392941732"},"published":{"$t":"2017-09-16T01:15:00.001+05:30"},"updated":{"$t":"2017-09-16T01:15:23.679+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වංශපුර දේවගේ ජානක"}],"title":{"type":"text","$t":"ඉංග්\u200dරීසි බාසා ප්\u200dරශ්ණය"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-Dqei9ViWyDg/WbwtwLI8NQI/AAAAAAAADEc/9wXko1MTz7EV9g1EEHYoX4_e3975mmrDACLcBGAs/s1600/Eng.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://4.bp.blogspot.com/-Dqei9ViWyDg/WbwtwLI8NQI/AAAAAAAADEc/9wXko1MTz7EV9g1EEHYoX4_e3975mmrDACLcBGAs/s640/Eng.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-ආචාර්\u200dය් ජානක වංශපුර-\u003c/b\u003e\u003c/span\u003eමීට දශකයකට දෙකකට පමණ ඉහතදී සනත් ජයසූරිය ඉංග්\u200dරීසි බසින් නොපැකිලව මාධ්\u200dයයට කථා කරද්දී මම හිතුවේ ඉංග්\u200dරීසි බසට මෙරට සමාජය තුල තිබූ අනිසි ගෞරව පක්\u200dෂපාත බව ක්\u200dරමයෙන් පහව ගොස් එය තවත් බසක් පමණක් බවට පත්වේවී යැයි කියායි. මෙසේ ඉංග්\u200dරීසි බස සාමාන්\u200dයකරණයවීම හරහා වඩා වැදගත් ලෙසට ඉංග්\u200dරීසි බාසා හැකියාව වඩා පුළුල් ලෙසට සමාජගත වේවි කියාත් මා සිතුවා. ඒ සඳහා පසුගිය සමයේ පැවති ජාතිකත්ව උද්යෝගයද රැකුලක් වේවි යැයි මා සිතුවා. නමුත් මා සිතු ආකාරයට ඒ සමාජ පෙරළිය මෙරට සිදුවුනේ නෑ. ජයසූරියගෙන් පසුව අපට ලැබුනේ සංඝක්කාරයි.\u003cbr /\u003e\u003cbr /\u003eඉංග්\u200dරීසි බාසා භාවිතය රුවිතෙට යෑම එක අතකින් පසුගිය සමය තුල ජාතික ව්\u200dයාපාරයත් පොදුවේ ජාතිකත්වයත් ගත් මඟ හා සමගාමීයි. ජාතිකත්ව රැල්ලත් සමඟම ඉංග්\u200dරීසි බාසාවට තිබි අනිසි ගෞරව පක්\u200dෂපාත බව නැති කල හැකිව තිබුනත් පසුගිය සමයේ පිම්බුනු මෙරට මධ්\u200dයම පංතිය කලේ එය ආභරණයක් ලෙස සලකමින් සමාජයේ පහල ස්ථර හා තමන් අතර බෙදීමක් ඇති කර ගැනීම සඳහා ඉංග්\u200dරීසි බස යොදා ගැනීමය. ඊට ප්\u200dරතිචාරයක් වශයෙන් තවත් පිරිසක් සුද්දා උච්චාරණය කරන ආකාරයටම ඉංග්\u200dරීසි කථා කිරීමට පුහුණු වෙමින් නැගීගෙන ආ මධ්\u200dයම පංතියත් තමනුත් අතර බෙදීමක් ඇති කර ගැනීමට උත්සාහ කලහ. අවසන් ප්\u200dරතිඵලය වූයේ සමාජ විශමතාවක් ඇති කිරීමෙහිලා පෙරටත් වඩා ප්\u200dරභල කාර්යයක් කිරීමට ඉංග්\u200dරීසියට ඉඩක් ලබා දීමය. ඒ නිසා ඉංග්\u200dරීසි බාසා නිපුනත්වය පිළිබඳ ප්\u200dරශ්ණය විමසිය යුත්තේ ඉන් මෙරට කරන සමාජ අසාධාරණය පැත්තෙන් යැයි මම සිතමි. ඒ හැර වෙන මානයක් තිබේද?\u003cbr /\u003e\u003cbr /\u003eඅද යාපනයෙන් විශ්ව විද්\u200dයාලයට පැමිණෙන දෙමළ දරුවන්ටත් සිංහල ගැමි දරුවන්ටත් ඉංග්\u200dරීසි බසේ ඇත්තේ එක හා සමාන (නො)හැකියාවකි. යාපනේදී සිංහල අසාවත් නොතිබුනත් කොළඹට පැමිණ ඉතා කෙටි කලකින් දෙමළ දරුවන්ට සිංහල හුරු වෙන්නේ සිංහලුන්ගේ ආශ්\u200dරය නිසාය. අනිත් අතට යාපනේ ඉගෙන ගන්නට ඇති බාධා ඉවත් කලහොත් එහි යන සිංහල දරුවන්ද අගේට දෙමළ ඉගෙනගන්නවා ඇති. ඉංග්\u200dරීසි බාසාව ජනවාර්ගික ප්\u200dරශ්ණයේදී කිසි උදව්වක් වෙන්නේ නැත. බටහිර තාක්\u200dෂණික දැනුම ලබා ගැනීමටද ඉංග්\u200dරීසි බස අනිවාර්ය නොවේ. ඒ පිළිබඳව මටද පුද්ගලික අත්දැකීමක් ඇත. චීන සම්භවයක් ඇති මව් බාසා ඇති බොහොමයක් ආසියාතික රටවල් (චීනය, ජපානය, කොරියාව, මැලේසියාව) අපූරුවට බටහිර තාක්\u200dෂණය ලබා ගෙන බටහිර පන්නයේ ආර්ථික වර්ධනයක් ඇති කරගෙන ඇත්තේ ඔවුන්ගේ මව්බස පරයමින් ඉංග්\u200dරීසියට ගෞරව පක්\u200dෂපාතී බවක් අත්කර දීමෙන් නොවන බව පැහැදිලිය. ඒ නිසා මෙරට ඉංග්\u200dරීසි බස පිළිබඳව ඇති වැදගත්ම ප්\u200dරශ්ණය ඒ හරහා ඇති කෙරෙන සමාජ බෙදීම හා එමඟින් සිදුවෙන සමාජ අසාධාරණය යැයි මම සිතමි.\u003cbr /\u003e\u003cbr /\u003eප්\u200dරශ්ණය ඉංග්\u200dරීසි බස නිසා ඇති කෙරෙන සමාජ බෙදීම සමණය කල හැක්කේ කෙසේද යන්නය. ඊට නිතැතින්ම ලැබෙන පිළිතුර නම් සැමට ඉංග්\u200dරීසී ඉගැන්විය යුතු බවය. නමුත් අපි දැන් දශක ගණනාවක් තිස්සේ ඒ පිළිතුර ක්\u200dරියාත්මක කර ඇත. නමුත් මා දකින ආකාරයට ඉංග්\u200dරීසි ඉගැන්වීමට දරන උත්සාහයට සමානුපාත වන ප්\u200dරතිඵල අපට ලැබෙන්නේ නැත. තවමත් ගම් වලින් විශ්ව විද්\u200dයාලවලට පැමිණෙන සිසුන් බොහෝ දෙනෙකුට ඉංග්\u200dරීසියෙන් යමක් අසා හෝ කියවා තේරුම් ගැනීමටත් ඉංග්\u200dරීසියෙන් යමක් තේරුම් කර දීමටත් ප්\u200dරමාණවත් හැකියාවක් නැත. ප්\u200dරශ්ණය එය එසේ වීම නොව මීට වසර තිහකට ඉහතදී තිබි තත්වයට වඩා වැඩි වෙනසක් අද දකින්නට නොලැබීමය. ඉංග්\u200dරීසි ඉගැනීමට පහසුකම් වැඩි වෙමින් පවතිනවිට ඊට සමානුපාතිකව ඉංග්\u200dරීසි දැනුමේ දියුණුවක් ඇති නොවීමට හේතුවක් තිබිය යුතුය. මා දකින විදිහට, විශේෂයෙන්ම සිංහලුන් තුල, ඉංග්\u200dරීසි භාවිතයට ප්\u200dරතිරෝධයක් ඇත. කෙතෙරම් උත්සාහ කලද අප සමාජයේ මතුපිටින් ඇති ස්ථර වලින් මෙපිටට ඉංග්\u200dරීසි බස කැවිය නොහැක්කේ එබැවින් යැයි මම සිතමි. ප්\u200dරතිරෝධයට හේතුව කුමක් වුවත්එ සේ කැවිය නොහැකි නම් සමාජයේ ඉහල ස්ථර විසින් පහල ස්ථරවලට සමාජ අසාධාරණයක් කිරීම සඳහා ඉංග්\u200dරීසිය උපයෝගී කරගැනීම වැලකිය හැක්කේ කෙසේද?\u003cbr /\u003e\u003cbr /\u003eඉංග්\u200dරීසි බසට අප සමාජය විසින් ආරෝපණය කර ඇති අනිසි ගෞරව පක්\u200dෂපාති බවෙහි කිසිදු වටිනා කමක් නැති කල යුතුය. එය විවිධ ආකාරයට කල හැකිය. එක් ආකාරයක් නම් මෙරට මහා පරිමාණ පුද්ගලික ව්\u200dයාපාර ආයතන වල සිංහල බසින් වැඩ කිරීමට ගැනීමය. බහුතරයක් සිංහලුන් රැකියා කරන සිංහලුන්ට සේවා සපයන නැත්තම් සිංහලුන් සමඟ ගනුදෙනු කරන ආයතන වලට සිංහලෙන් වැඩ කිරීමෙන් වාසියක් මිස අවාසියක් විය නොහැකිය. අද මෙවැනි දේ කිරීමට සමාජ හෝ දේශපාලන වාතාවරණයක් නැත නමුත් ඉදිරියේදී හෝ එවැනි වාතාවරණයක සිංහලෙන් වැඩ කරන රැල්ලක් පුද්ගලික ආයතන වල ඇති කර ගත හැකිනම් ඉංග්\u200dරීසි බසට ආරෝපනය කර ඇති වැදගැම්මක් නැති වැදගත් කම නැති කර දැමිය හැකිය. මා සිතන ආකාරයට ඉංග්\u200dරීසියෙන් කෙරෙන සමාජ අසාධාරනය මැඩලිය හැක්කේ එවැනි ආකල්පීයමය සමාජ විපර්යාසයකින් පමණි. ඉංග්\u200dරීසි ඉගැන්විය යුතුය, අවශ්\u200dය අයට සුද්දන් මෙන් ඉංග්\u200dරීසි බස කථා කිරීමටද අවස්ථාව දිය යුතුය නමුත් සමාජ අසාධාරණයක් කිරීමට ඉංග්\u200dරීසි බසට ඇති ඉඩ ඇහිරිය යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook\u0026nbsp; : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6911038828392941732/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/09/EngirisiBasaPrashnaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/6911038828392941732"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/6911038828392941732"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/09/EngirisiBasaPrashnaya.html","title":"ඉංග්\u200dරීසි බාසා ප්\u200dරශ්ණය"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-Dqei9ViWyDg/WbwtwLI8NQI/AAAAAAAADEc/9wXko1MTz7EV9g1EEHYoX4_e3975mmrDACLcBGAs/s72-c/Eng.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6155870755309087867"},"published":{"$t":"2017-05-16T22:58:00.001+05:30"},"updated":{"$t":"2017-06-25T15:05:24.181+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වංශපුර දේවගේ ජානක"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"ජයග්\u200dරහණය කළේ අපි බව අමතක නොකරමු"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-hc-hPxw6CtQ/WRzcNmCUlQI/AAAAAAAAC-8/0HpMii806MYmSf_G6MdAd_c_reVgu95uQCLcB/s1600/Poster3.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://2.bp.blogspot.com/-hc-hPxw6CtQ/WRzcNmCUlQI/AAAAAAAAC-8/0HpMii806MYmSf_G6MdAd_c_reVgu95uQCLcB/s640/Poster3.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-වංශපුර දේවගේ ජානක-\u003c/b\u003e\u003cbr /\u003eයුරෝපීයයන් ඔවුන් ලෝක යුද්ධ නමින් හඳුන්වන යුද්ධ පිලිබඳ මතකය ඉන් වසර 70-80 ඉක්මවා යාමෙන් පසුවත් තවමත් බටහිර පමණක් නොවේ මුලු ලොවෙහිම ජන විඥාණයේ රඳවා ගැනීමට කටයුතු කරති. ඔවුන් එසේ කරන්නේ පැහැදිලි අරමුණක් ඇතිවය. ඒ යුධ ජයග්\u200dරහණය කලවුන්ගේ දේශපාලනය ලොව අධිපති දේශපාලනය වශයෙන් පවත්වාගෙන යාම සඳහාය.  ජර්මනියේ හෝ ජපානයේ ඊනියා දෙවන ලෝක යුද්ධ සමයේ හෝ ඊට පෙර තිබූ දේශපාලනය අද ලෝකයට වලංගු නැති කර ඇත. ඒ දේශපාලනය තර්කාණුකුල නොවෙන බවට පත් කර ඇත.  අඩුම තරමින් ජර්මනියේ හෝ ජපානයේවත් එහි පෙර තිබූ දේශපාලනයට හිස ඔසවන්නට ඉඩක් නැත. ඒ තත්වය පවත්වාගෙන යන එක ක්\u200dරමවේදයක් නම් ඊනියා ලෝක යුද්ධ පිළිබඳ ජයග්\u200dරාහකයින්ගේ කථාව නැවත නැවතත් ලෝකයට මතක් කර දීමය.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-wZ9tNC315Ns/WRs37VMpKqI/AAAAAAAAC-Y/r2SeWdxzlFIZtHEpaHrlJhwT6_iNL1AKACLcB/s1600/wa.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"257\" src\u003d\"https://2.bp.blogspot.com/-wZ9tNC315Ns/WRs37VMpKqI/AAAAAAAAC-Y/r2SeWdxzlFIZtHEpaHrlJhwT6_iNL1AKACLcB/s400/wa.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eවසර තිහක කාලයක් තිස්සේ අපි ත්\u200dරස්තවාදය සමඟ පොර බදා ජයග්\u200dරහණය කලද, ලැබූ දේශපාලන ජයග්\u200dරහණය ආපසු හැරවීමට මේ රජය කටයුතු කරමින් සිටියි. මේ රජය පත් කරන ලද්දේ මේ රට ලද ජයග්\u200dරහණය ආපසු හැරවීමට මිස වෙන කිසිවකට නොවේ. ආපසු හැරවීමේ එක් ක්\u200dරමවේදයක් නම් අප කිසිවක් ජයග්\u200dරහණය නොකල බව අපට ඒත්තු ගැන්වීමය. ඊනියා යුද්ධයක් නිමා කලා මිස ජයග්\u200dරහණයක් නොලද බව මේ රජය පුන පුනා කියන්නේ එබැවිනි. නමුත් නිමාවේ වැදගත් ප්\u200dරතිඵලය ජයග්\u200dරහණයයි. 2009 මැයි මස 18 දා ප්\u200dරභාකරන් ඇතුළු දෙමළ බෙදුම්වාදීන්ද ඔවුන්ට පන පෙවූ විදේශ බලවේගද පරාජය ලැබීය. අපි ජය ගත්තෙමු.\u003cbr /\u003e\u003cbr /\u003eවසර තිහක අතීතය මේ ජාතියට අමතක කල නොහැකිය. රට වෙනුවෙන් ජීවිතය කැප කල රණ විරුවන් අපට මතකය. ඝාතනය කෙරුනු සිවිල් වැසියන් අපට මතකය. ත්\u200dරස්තවාදයට දිවිදුන් සිවිල් වැසියන්ගේත් රණ විරුවන්ගේත් ඥාතීන් තවමත් අප අතර ජීවත් වෙති. මේ කිසිවෙක් අපේ මතකයෙන් ගිලිහීමට ඉඩ නොදිය යුතුය. නමුත් මේ කිසිවකටත් වඩා අපි ජයග්\u200dරහණය කළ බව මතක තබා ගත යුතුය. අපි ඊනියා යුද්ධයක් නිමා කලා නොව දෙමළ බෙදුම්වාදය පරාජය කරමින් ජය ලදෙමු. අපි ජයග්\u200dරහණය සමැරිය යුතුය. ඒ දෙමළ ජනයාගේ හිත රිදවන්ටවත් අධිපතිවාදී වන්ටවත් නොවේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනයට මෙරට ඉඩක් නැති බව නැවත නැවතත් තහවුරු කිරීම සඳහාය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003ca href\u003d\"http://janakawansapura.blogspot.com/2017/05/blog-post_16.html?spref\u003dfb\"\u003e[මගේ රට]\u003c/a\u003e\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook :https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6155870755309087867/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/05/May18Wijayagrahanaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/6155870755309087867"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/6155870755309087867"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/05/May18Wijayagrahanaya.html","title":"ජයග්\u200dරහණය කළේ අපි බව අමතක නොකරමු"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-hc-hPxw6CtQ/WRzcNmCUlQI/AAAAAAAAC-8/0HpMii806MYmSf_G6MdAd_c_reVgu95uQCLcB/s72-c/Poster3.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-291184040112758506"},"published":{"$t":"2017-04-25T21:02:00.000+05:30"},"updated":{"$t":"2017-04-25T21:02:01.169+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වංශපුර දේවගේ ජානක"}],"title":{"type":"text","$t":"ශ්\u200dරී ලංකාව දුර්වල රාජ්\u200dයයක් බවට පත් කෙරීම"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-f8uLgJJiroc/WP9r1A_FumI/AAAAAAAAFr0/6Qi_j0ji3r4zz2eVi0hvI5HCQtEMaVnHQCLcB/s1600/Janamatha.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://2.bp.blogspot.com/-f8uLgJJiroc/WP9r1A_FumI/AAAAAAAAFr0/6Qi_j0ji3r4zz2eVi0hvI5HCQtEMaVnHQCLcB/s640/Janamatha.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-ජානක වංශපුර-\u003cbr /\u003eමෑත කාලෙදී සංවිධානාත්මකව සිදුකෙරුනු විශාලතම දේශපාලන වෙනස මහින්ද රාජපක්\u200dෂ මහතා බලයෙන් පහ කිරීමයි. ඒ සඳහා යොදා ගැනුනු ගිහි පැවිදි දේශපාලන ක්\u200dරියාකාරීන්ට තනි තනිව හෝ එක්ව හෝ එවැනි වෙනසක් තබා ඊට ලඟින් යන දේශපාලන විපර්යාසයක්වත් කර ගැනීමට ශක්තියක් තිබුනේ නැත. අදටත් මේ අයට පවතින ආණ්ඩුවේ සහය සඳහා හෝ ආණ්ඩුවේ ගමන වෙනස් කිරීම සඳහා හෝ තනිව හෝ එක්ව කල හැකි දෙයක් නැති බව පැහැදිලියි. එසේනම් මේ දේශපාලන ක්\u200dරියාකාරීන් හරහා මහින්ද රාජපක්\u200dෂ මහතා ඉවත් කෙරුනේ කෙසේද? පැහැදිලිවම ඔවුන්ට වඩා ඉහලින් තිබි දේශපාලන බලවේග මඟින් මේ ක්\u200dර්\u200dරියාකාරීන්ව සමස්ථයක් ලෙස මෙහෙයවුනු නිසාවෙනි. අදත් අවශ්\u200dය විටෙක මහින්ද රාජපක්\u200dෂ මහතා ඉවත් කෙරුනු බලවේග වලට එලෙසම ක්\u200dරියාකාරී විය හැකිය.\u003cbr /\u003e\u003cbr /\u003eඑසේනම් අපි ඇසිය යුතු වැදගත් ප්\u200dරශ්ණය මේ බලවේග වලට මහින්ද රාජපක්\u200dෂ මහතා බලයෙන් ඉවත් කිරීමට උවමණ් වූයේ ඇයි කියාය. \u003cbr /\u003e\u003cbr /\u003eදූශණ වංචා නිසාද? ආර්ථිකය නිවැරදිව කළමණාකරණය නොකල නිසාද? අද බොහෝ දෙනාට අමතකමුත් මහින්ද රාජපක්\u200dෂ මහතා බලයෙන් පහ කල යුතුයැයි පැවසුනේ මේ හේතු නිසාය. නමුත් මේ හේතු ඇත්ත හේතු විය නොහැකි බව දැන්වත් පෙනී යායුතුය. ඒ යහපාලන රජයද දූශණ වංචා සිදුකරන නිසාවත් ආර්ථිකය නිවැරදිව කළමණාකරණය නොකරන නිසාවත් පමණක් නොවේ. රාජපක්\u200dෂ සහ රනිල්-මෛත්\u200dරී අතර මේ කරුණු සම්බන්ධයෙන් සංසන්ඳනය කිරීමට එකලද පදනමක් නොතිබුනු නිසාය. වෙනත් ආකාරයකට කියන්නේ නම් රනිල්-මෛත්\u200dරී රජයක් රාජපක්\u200dෂ රජය තරම් දූශණ වංචා නොකරාවි යැයි හෝ ආර්ථිකය වැරදිව කළමණාකරණය නොකරාවි යැයි හෝ පුරෝකථනය කිරීමට පදනමක් මීට වසර දෙකකට ඉහතදීවත් නොතිබිනි. එබැවින් දූශණ වංචා සහ ආර්ථිකය එකල මවා පාන ලද බොරු හේතුය. \u003cbr /\u003e\u003cbr /\u003eඇත්තටම මහින්ද රාජපක්\u200dෂ මහතා පහ කෙරුනේ මේ කිසි හේතුවකටවත් නොව ශ්\u200dරී ලංකාවේ රාජ්\u200dයය බලය දුර්වල කර දැමීම සඳහා ඉඩ ලබා ගැනීමටය. යහපාලන රජය හරහා එය ඉටු කෙරෙනු ඇත. රාජ්\u200dයය බලය දුර්වල කෙරෙනු ඇත්තේ පාර්ලිමේන්තුවට ඇති බලය දියාරු කර පළාත් සභා බලවත් කිරීම මඟිනි. මේ රජය මඟින් නව ව්\u200dයවස්ථාවක් සම්පාදනය කෙරෙන්නේ ඒ සඳහාය. ඒ අනුව පළාත් සභාවලට නීති කෙටුම්පත් කිරීමට හැකියාව ලැබෙනු ඇත, පාරලිමේන්තුවට වග කියූ අග්\u200dරාණ්ඩුකාරයාගේ බලය බිඳ දැමෙනු ඇත, ඉඩම් හා පොලිස් බලතල ඊට හිමිවෙනු ඇත. මෙසේ දියාරු කෙරෙන පාර්ලිමේන්තුව සතු රාජ්\u200dය බලය වර්ගවාදීව ක්\u200dරියාකරන උතුරු සහ නැඟෙනහිර පළාත් අතට පත්වෙනු ඇත. එවිට මෙරට රාජ්\u200dයයේ ඒකීය බව වර්ගවාදී දෙමළ සහ මුස්ලිම් දේශපාලකයින් මත රැඳෙනු ඇත. නමුත් ඔවුන්ටද සැබෑ බලයක් හිමි නොවෙනු ඇත. බලය බෙදීම හරහා සැබෑ බලය හිමිවෙනු ඇත්තේ සිංහලුන්ටවත් දෙමළුන්ටවත් මුසල්මානුවන්ටවත් නොව මේ සියල්ලන් සමඟ රාජ්\u200dය බලය කේවල් කරන ඉංදියාවට හෝ බටහිර ආණ්ඩුවලට හෝ වෙනයම් විදේශ බලවේගකයටය. මොවුන් මේ රටේ දේශපාලකයින් එකිනෙකා අතර කොටවමින් සදාකාලික ලෙස මෙරට දුර්වල රාජ්\u200dයයක්ව පවත්වාගෙන යන්නට කටයුතු කරනු ඇත. එයින් මෙරට කිසිම ජන කොටසකට අත්වෙන සෙතක් නැත. මේ බල කෙළිය හරහා සිංහලුන්ට නම් රටක් නැතිවෙනු ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eඉහත සඳහන් දෑ හුදෙක් බිය වැද්දීමක් පමණක් යැයි යමෙක් සිතයි නම් ඔහු විසින් කල යුත්තේ ඉංදියාවේ ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථාව පිරික්සීම පමණය. යෝජිත යහපාලන ව්\u200dයවස්ථාවෙන් ලංකාණ්ඩුවට ලැබෙන බලයට වඩා අතිශයෙන් වැඩි බලයක් ඉංදියාවේ ව්\u200dයවස්ථාවෙන් එහි මධ්\u200dයම ආණ්ඩුව ලබා දී ඇත. ඉංදියාවේ ශක්තිමත් මධ්\u200dයම ආණ්ඩුවකුත් ලංකාවේ දුර්වල මධ්\u200dයම ආණ්ඩුවකුත් තිබීමට පදනමක් තිබේද? ඊට හේතුව පරිපාලන පහසුකමද? ප්\u200dරශ්ණය පරිපාලනය නම් ලංකාව මෙන් පනස් ගණයකටත් වඩා විශාල හැට ගුණයකට වඩා ජනගහණයක් සිටින ඉංදියාව නොවේද බලය වඩාත් විමධ්\u200dයගත කල යුත්තේ? ලංකාවේ බලය බෙදෙන්නේ වෙන කිසිවකටත් නොව රාජ්\u200dයය දුර්වල කිරීමටය. සංවිධානාත්මකව මෙරට සතුරන් විසින් මහින්ද රාජපක්\u200dෂ මහතා බලයෙන් පහ කෙරුනේ දුර්වල රාජ්\u200dයයක ව්\u200dයවස්ථාව සම්පාදනය කර ගැනීම සඳහා අවශ්\u200dය ගැති ආණ්ඩුවක් පත් කර ගැනීමටය.\u003cbr /\u003e\u003cbr /\u003eමෛත්\u200dරීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූ තැන සිට මේ දක්වා මෙරට දේශපාලනයේ සිදුවෙන වැදගත් සිදුවීම් සලකා බැලුවොත් පෙනෙනු ඇත්තේ ඒ සියල්ලම කෙරුනේ මේ සිංහල විරෝධී ව්\u200dයවස්ථාව සම්පාදනය කිරීම උදෙසා බවය. ව්\u200dයවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුල ප්\u200dරධාන පක්\u200dෂ දෙක එකමුතු කල යුතු විනි. කල් තියාම 19 ව්\u200dයවස්ථා සංශෝධනයෙන් ඊනියා ජාතික රජයක් සඳහා නීති සකස් කෙරුනේ එබැවිනි. පොරොන්දු වුවත් ඡන්ද ක්\u200dරමය වෙනස් කිරීම සඳහා ව්\u200dයවස්ථාව සංශෝධනය නොකලේද නිදහස් පක්\u200dෂය බහුතරය ආසන ප්\u200dරමාණයක් ලැබීම වැලකීම සඳහාය. ඊ ළඟට නිදහස් පක්\u200dෂයේ නායකායා ලෙස ජනාධිපතිවරයා විසින් මැතිවරණය දූශණය කලේය. කෙරෙන චෝදනා  සත්\u200dය නම් බැඳුම්කර වංචාව හරහා රනිල් වික්\u200dරමසිංහ සිය මැතිවරණ ව්\u200dයාපාරයට අරමුදල් ලබා ගත්තේය. මැතිවරණයෙන් පසු පරාජය කරන ලද මන්ත්\u200dරීවරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඊනියා ජාතික රජය පිහිටුවිනි. පාර්ලිමේන්තු විපක්\u200dෂ නායකත්වය ආණ්ඩුවට විරුද්ධ සැබෑ විපක්\u200dෂ මන්ත්\u200dරීවරුන්ගෙන් උදුරාගෙන පාර්ලිමේන්තුවේ ඔවුන්ට හිමිවිය යුතු වරප්\u200dරසාද කොල්ල කන ලදී. අවසානයේ පවතින ව්\u200dයවස්ථාවට පටහැණිව මුළු පාර්ලිමේන්තුවම ව්\u200dයවස්ථාදායක මංඩලයක් බවට පත් කර එහි මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් අගමැතිතුමා පත් කෙරිනි. රටේ අනිකුත් ප්\u200dරශ්ණ නොවිසඳෙද්දී ආර්ථිකය වලපල්ලට යද්දී මේ අසමත් ආණ්ඩුව ව්\u200dයවස්ථා ව්\u200dයාපෘතිය අධි වේගයෙන් ඉදිරියට ගෙන ගියේය. ඊට ජවයක් ලැබුනේ කෙසේද?\u003cbr /\u003e\u003cbr /\u003eමහින්ද රාජපක්\u200dෂ බලයෙන් පහ කෙරීමේ සිට මේතාක් මේ රජය නියැලී සිටින්නේ ශ්\u200dරී ලංකා රාජ්\u200dයය දුර්වල රාජ්\u200dයයක් බවට පත් කිරීමේ ව්\u200dයාපෘතියේය. ඒ සඳහා විදෙස් බලවේග වල අනුමැතිය සහ අනුග්\u200dරහය වත්මන් රජයට ලැබෙන බවට සාධාරනය සැකයක් ඇත. අද වන විට මේ ව්\u200dයාපෘතියේ අවසාන අදියරට පැමිණ ඇත. මේසා විශාල මෙහෙයුමක් කරගෙන ආ සංවිධානාත්මක බලවේගයක් විසින් සටන මේ මොහොතේ අත් හරී යැයි සිතිය නොහැකිය. නමුත් ඔවුන්ට බාධක ඇත. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඔවුන්ට නැත. ජනමත විචාරණයකදීද ව්\u200dයවස්ථා ව්\u200dයාපෘතිය බොහෝවිට ජනතාව අතින් පරාජයට පත් වෙනු ඇත. මේ මොහොතේ රජය සහ රජය පවත්වාගෙන යන බලවේග සොයන්නේ වෙනත් උපක්\u200dරමයකින් සිංහල විරෝධී ව්\u200dයවස්ථාව රටේ නීතිය කරගැනීමටය. එය කුමක්දැයි අපි නොදනිමු. නමුත් ඒ සඳහා ඉඩක් රජයට ලබා නොදිය යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003eයම් හෙයකින් රටේ කලබලකාරී තත්වයක් පැන නැගියහොත් එසේත් නැත්නම් ජනතාව සිවිල් නීතිය කඩ කරන තැනට පත්වුවහොත් ජනතාව සහ ජන මාධ්\u200dය දැඩි ලෙස මර්ධනය කිරීමට රජය එය අස්වැසිල්ලක් කර ගනු නිසැකය. එපමණක් නොවේ රජයට සහය දෙන අදිසි බලවේග විසින් අරාජික තත්වය තවත් උත්සන්න කිරීමට කටයුතු කරනු ඇත. එතැන් සිට රජය කරන කියන දෑ පිළිබඳව ජනතාවට වග නොවෙනු ඇත. අසූවේ දශකයේ ජවිපෙ සහ රජය භීශණය පතුරවන අතරතුරේ ජනාධිපති ප්\u200dරේමදාස මහතා හිතේ හැටියට කොටි සමඟ ගිවිසුම් ගැසුවේය. ඒ පිළිබඳව විරෝධය දැක්වීමට සිංහලයින්ට අවකාශයක් නොලැබිනි. පසු කලෙක ප්\u200dරේමදාස මහතාගේ දේශපාලන පාවාදීම් (ඝාතනයවුනු හයසියයක් පමණ පොලිස් නිලධාරීන්ගේ ජීවිත නොවේ) ආපසු හැරවීමට හැකිවුවද වත්මන් රජය විසින් රටේ නීතිය වෙනස් කර බලය බෙදුවොත් එය ආපසු හරවුනු නොහැකිය. එබැවින් ජනතාව සහ ජනමාධ්\u200dය මර්ධනය කරමින් එහි අවධානය වෙනතක තබා ගැනීමට අවස්ථාවක් රජයට ලබා නොදීම සාමාන්\u200dය ජනතාවගේත් ආණ්ඩු විරෝධී දේශපාලන ක්\u200dරියාකාරීන්ගේත් වගකීමවේ. ශ්\u200dරී ලංකා රාජ්\u200dයය දුර්වල රාජ්\u200dයයක් බවට පත් කිරීමේ ව්\u200dයාපෘතිය පරදවමු.\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook :https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/291184040112758506/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/04/DurwalaRajyak.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/291184040112758506"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/291184040112758506"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/04/DurwalaRajyak.html","title":"ශ්\u200dරී ලංකාව දුර්වල රාජ්\u200dයයක් බවට පත් කෙරීම"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://draft.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-f8uLgJJiroc/WP9r1A_FumI/AAAAAAAAFr0/6Qi_j0ji3r4zz2eVi0hvI5HCQtEMaVnHQCLcB/s72-c/Janamatha.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3075151976748049588"},"published":{"$t":"2017-02-04T08:42:00.002+05:30"},"updated":{"$t":"2017-03-06T21:21:39.736+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වංශපුර දේවගේ ජානක"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"}],"title":{"type":"text","$t":" හිතට ආඩම්බරද දැන්?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-3Oqoo4IwooU/WJVGfek8IZI/AAAAAAAACrQ/jYWyNGgxA60H4X56CijF4EhfKTlKjVooQCLcB/s1600/NidahasaNe.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://4.bp.blogspot.com/-3Oqoo4IwooU/WJVGfek8IZI/AAAAAAAACrQ/jYWyNGgxA60H4X56CijF4EhfKTlKjVooQCLcB/s640/NidahasaNe.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-ජානක \u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eවංශපුර \u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e-\u003c/b\u003e\u003c/span\u003eආණ්ඩුව විසින් අද සමරන්නට යෙදෙන නිදහස වෙනුවෙන් අපි ලේ දන් දුන්නේ නැත. 1815 සහ 1948 නිදහස් සටන් වලින් පසු අපි නිදහස වෙනුවෙන් ලේ දන් දුන්නේ 2009දීය. අද සමරන නිදහස ඉංග්\u200dරීසීන් විසින් අපටට දන් දුන්නකි. අඩු තරමින් 1948 පෙබරවාරි හතර වෙනිදායින් පසුව ඉංග්\u200dරීසීන්ගේ රජා අපේ රජා නොවේ යැයි කීමටවත් අපට නිදහසක් නොතිබිනි. ඒ නිදහසද ලැබුනේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයෙන් නව ව්\u200dයවස්ථාවක් සම්පාදනය කර සම්මත කර ගත් 1972 මැයි මස 22 දාය. ඒ ජනරජ දිනයයි. අඩුතරමින් මැයි මාසේ අපි නිදහස සමරන්නේ නම් එය අර්ථවත් විය හැකිය. නිදහස ගැන හරි හැටි අවබෝධයක් නැතිව නිදහස ගැන හැඟීමක් ඇතිවිය හැකිද?\u003cbr /\u003e \u003cbr /\u003e ගැමුණු කුමරුට නම් රටේ නිදහස හැඟීමක් තිබිනි. රටේ නිදහස නැතිවීම ඔහුට දැනුනේ උතුරින් සොලීන්ටත් දකුණින් ගොළු මුහුදටත් සිරවී සිටීමක් ලෙසිනි. පසු කළෙක රාජත්වයට පැමිණ එළාර සමඟ යුධවැදී රට නිදහස් කර ගත්තේ ඒ හැඟීම් ක්\u200dරියාවට නගමිනි. ගැමුණු කුමරුට එසේ හැඟුනද, රටේ නිදහස මෙකල අපේ සිත්වලට එතරම් වද දෙන කාරණයක් නොවේ.\u003cbr /\u003e \u003cbr /\u003e නමුත් ඉඳ හිට අපි නිදහසක් ගැන කථා කරන්නෙමු. වරෙක ඒ නිදහස් අධ්\u200dයාපනයක් පිළිබඳවය. එහි මතුපිටින් ඇති ප්\u200dරශ්ණය මුදල් ගෙවා වෛද්\u200dය අධ්\u200dයාපනයක් ලබා ගැනීමට අයිතියක් තිබිය යුතුද නැද්ද යන්නය. නමුත් එහි සැබෑ දැවෙන ප්\u200dරශ්ණය බටහිර දොස්තරවරයෙකු වීමට ඇති අයිතියක් පිළිබඳවය. තවත් විටෙක අපි ආර්ථික නිදහස ගැන වද වෙන්නෙමු. බඩු මිල සීග්\u200dරයෙන් වැඩිවෙමින් යයි, ඊට සමගාමීව වැටුප් වැඩි වෙන්නේ නැත, තව අතකින් රජයේ බදුය, ගොවි සහණාදාර කපා හැර ඇත, පහසුවෙන් බැංකුවකින් ණයක් ගත නොහැකිය, ගෙයක් දොරක් තනා ගැනීම, ඉඩමක් මිලදී ගැනීම සිතීමටවත් නොහැකිය. මේ ප්\u200dරශ්ණ හරහා පුද්ගලිකව අපේ ආර්ථික නිදහස නැතිවෙමින් පවතියි. ඒ බව අපට හොඳින් දැනේ. මේ රජය පෙරලිය යුතුයැයි සමහරු සිතන්නේ එබැවිනි. නමුත් එහිද අපි වද වෙන්නේ අපට නැතිවෙන පුද්ගලික නිදහසක් පිළිබඳවය.\u003cbr /\u003e \u003cbr /\u003e පොදුවේ අද අපි නිදහස ගැන සිතන්නේ පුද්ගලික අයිතිවාසිකම් පදනම් කරගෙනය. අපට වැදගත් යැයි සිතෙන පුද්ගලික අයිතිවාසිකම් අපට හිමි වෙනතාක් කල් හෝ හිමි පමණින් ජීවත්වීමට හැඩ ගැසිය හැකි තාක් කල් අපි සෑහීමකට පත්වෙන්නෙමු. එසේ නොවෙනවිට අපි ඒ පිළිබඳව වද වෙන්නෙමු. උද්ඝෝෂණය කරන්නෙමු. අවාසනාවකට පුද්ගලයින්ට නිදහසක් තිබූ පමණින් සමූහයේ නිදහස ආරක්\u200dෂා වන්නේ නැත. එහෙත් සමුූහයක් ගැන සිතීමට අපට ඉස්පාසුවක් නැත. මින් කියවෙන්නේ අපට සාමූහිකත්වයක් පිළිබඳ හැඟීමක් නැති ආත්මාර්ථකාමීන් පිරිසක් බව නොවේ. ජාතියක් පිළිබඳ හැඟීමක් තවමත් අප තුල ඇත. නමුත් ජාතියේ නිදහස පිළිබඳව අපට තැකීමක් නැත.\u003cbr /\u003e \u003cbr /\u003e එක අතකින් ඊට දොස් නැගිය නොහැකිය. රටේ නිදහස පුද්ගලික නිදහස තරම් ඇඟට දැනෙන්නේ නැති බව ඇත්තය. කොටි ත්\u200dරස්තවාදය රටේ නිදහස පිළිබඳ ප්\u200dරශ්ණයක් බව අපට ඇඟට දැනෙන්නට කෙතරම් කල් ගියාද? භුටානයේ අගනුවරින් පටන්ගෙන කීවරක් අපි කොටි ත්\u200dරස්තවාදීන් සමඟ සාමය වෙනුවෙන් සාකච්ඡා පැවැත්වුවාද? සාම ගිවිසුම් ගැසුවාද? නමුත් දෙමළ ජාතිවාදීන් සමඟ සාකච්ඡා කිරීමම අපේ නිදහස නැතිකර ගැනීමක් බව අපට අවබෝධ වුනේ නැත. ඉංදියාවේ බලපෑම මත ජේ ආර් ජයවර්ධන විසින් වාර්ගික පදනම මත බලය බෙදීම සඳහා 13 වෙනි ව්\u200dයවස්ථා සංශෝධනය ගෙන එන විටද එමඟින් අපේ නිදහස නැතිවෙන බව අපට අවබෝධ වුනේ නැත. ඒ අනවබෝධයට තවත් හේතු තිබිනි. එකල අපේ රාජ්\u200dය නායකයින්ද, උගතුන්ද, බටහිර රාජ්\u200dයවල මූල්\u200dයාධාර ලබා ගනිමින් මෙහි ක්\u200dරියාකාරී වුනු සංවිධානද අපට ඒත්තු ගැන්වූයේ සිංහලුන් විසින් දෙමළ ජනයාට වරදක් කර ඇති බවය. එබස් ඇසූ අපි දෙමළ ජාතිවාදීන්ට යමක් දිය යුතුය යන මතයේ සිටියෙමු. අදටත් සමහරු ඒ මතයේ සිටිති. නමුත් ඒ පදනමින් කටයුතු කල ආර් ප්\u200dරේමදාසටවත්, චන්ද්\u200dරිකා කුමාරතුංගටවත් රනිල් වික්\u200dරමසිංහටවත් දෙමළ ප්\u200dරශ්ණයට දේශපාලන විසඳුමක් දිය නොහැකිවිය. අදටත් කුමාරතුංග මහත්මිය හා වික්\u200dරමසිංහ මහතා බලෙන් ක්\u200dරියාත්මක කිරීමට උත්සාහ කරන්නේ එකල අසමත් වුනු විසඳුමමය.\u003cbr /\u003e \u003cbr /\u003e ප්\u200dරශ්ණයට දේශපාලන විසඳුමක් ලැබුනේ දෙමළ ජාතිවාදය නිසා නිදහස අහිමි වෙන බව අපේ ඇඟට දැනුන විටය. 2009 වන විට සිංහලුන්ට තමන්ගේ පුද්ගලික නිදහස පිළිබඳ ප්\u200dරශ්ණ වලට ඉහලින් ජාතියේ නිදහස පිළිබඳ ප්\u200dරශ්ණය මතුවී තිබිනි. එකලද අපට ආර්ථික අපහසුකම් නොතිබුනා නොවේ නමුත් අපි ජාතියේ ප්\u200dරශ්ණ පුද්ගලික ප්\u200dරශ්ණ වලට ඉහලින් තැබුවෙමු. ඒ අනුව අප ලබා දුන් දේශපාලන විසඳුම කොටි විනාශ කර දැමීම විය. කොටි සටන හුදෙක් ත්\u200dරස්තවාදය මර්ධනය කිරීම සඳහාවූ මෙහෙයුමක් නොවිනි. එය දෙමළ ජාතිවාදයටත් ඊට අනුග්\u200dරහය දුන් බටහිර රාජ්\u200dයයන්ටත් එරෙහිව කෙරුනු නිදහස් සටනක් විය. සිංහලුන්ට තම නිදහස නැතිවෙන බව ඇඟට දැනී ඒ පිළිබඳව ක්\u200dරියාත්මක වනවිට ඉංග්\u200dරීසීන්ගේ අනුග්\u200dරහයෙන් ඇරඹි දෙමළ ජාතිවාදයට වසර එකසිය පනහකටත් වඩා ගෙවී ගොස් තිබිනි, ප්\u200dරභාකරන් නායකත්වය දුන් ත්\u200dරස්තවාදයට වසර තිහක් ගතවී තිබිණි. ඒ රටේ නිදහස නැතිවීම ඇඟට දැනෙන තෙක් සිටීමේ ප්\u200dරතිඵලයයි.\u003cbr /\u003e \u003cbr /\u003e නමුත් මේ වෙනවිට 2009 දී අප ලබා ගත් නිදහස පාවා දෙමින් තිබේ. පොදුවේ සිංහලුන්ගේ ඇඟට තවමත් ඒ බව දැනෙන්නේ නැත. \"සමහර විට දිනූ දේ රැක ගනිමු\" යන ප්\u200dරෝඩාකාරී ප්\u200dරචාරක දැන්වීම තවමත් ඔවුන්ගේ මනසේ රැව් දෙනවා විය හැකිය. නැත්නම් ආර්ථික ප්\u200dරශ්ණ අපට ඊට වඩා ඇඟට දැනෙනවා විය හැකිය. බඩ ගැන සිතා පත්කර ගත් ආණ්ඩුව විසින් රට පාවා දෙද්දී බඩ ගැන සිතමින් රටේ නිදහස ගැන නොතකා සිටීමට සිදුවීම සරදමකි. කෙසේ නමුත් අපි ඉතිහාසයෙන් පාඩමක් ඉගෙන ගන්නවා නම් ඒ රටේ නිදහස පිළිබඳව කනස්සලුවීමට නිදහස නැතිවෙන තෙක් නොසිටිය යුතු බවය.\u003cbr /\u003e \u003cbr /\u003e මේ රජය පත්වූ විගසම බටහිර රාජ්\u200dයයන්ගේ අනුදැනුම මත ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසමට ගෙන ආ යෝජනාවට සම අනුග්\u200dරාහකත්වය දැක්වීය. ඊට පෙර රජය විසින් වසරක් පාසා මෙවැනි යෝජනා පරාජය කිරීමට දැඩි උත්සාහයක් ගෙන තිබියදී තමන්ටම එරෙහිව කොටි ත්\u200dරස්තවාදීන්ට ආධාර කල සතුරන් සමඟ පෙළ ගැසීම කෙතරම් දීන කමක්ද? විවිධ පඬි වදන් වලින් සැඟවුනද මේ යෝජනාවල අරමුණ මහින්ද රාජපක්\u200dෂ ඇතුළු රණ විරුවන් ඊනියා ජාත්\u200dයන්තර යුධ අධිකරණයකට කැඳවා දඬුවම් පැමිණවීම විය.\u003cbr /\u003e \u003cbr /\u003e 1999 මෙලෙසම මානව හිමිකම් චෝදනා මුවාවෙන් මිලසොවික්ගේ යුගෝස්ලාවියාවට එරෙහිව බටහිර රාජ්\u200dයයන්ගේ අනුග්\u200dරහයෙන් පවතින නේටෝ සංවිධානය යුධ වැදිනි. එහි අරමුණ වූයේ මිලසොවික් බලයෙන් පහ කිරීමය. චීනයත් රුසියාවත් ඊට විරුද්වූ බැවින් මේ ප්\u200dරහාරයට එක්සත් ජාතීන්ගේ ආරක්\u200dෂක සමුළුවේ අනුමැතිය නොතිබිනි. කෙසේ නමුත් නේටෝ ප්\u200dරහාරයෙන් මිලසොවික්ගේ රජය බිඳ වැටුනු අතර ඉන් පසු නේටෝ අනුග්\u200dරහයෙන් බලයට පත් කෙරුනු රජය විසින් මිලසොවික්ට එරෙහිව මෙවැනිම ඊනියා ජාත්\u200dයන්තර යුධ අධිකරණයක් හමුවේ නඩු පවරා ඔහු සිරගත කෙරිනි. වසර ගණනාවක් සිරගතව ජීවත්වුනු මිලසොවික් සිරේදී මිය ගිය නමුත් ඉන් වසරකට පසුව ඔහුට එරෙහි චෝදනාවල සත්\u200dයතාවක් නැති බව අධිකරණය විසින්ම පිළිගැනිනි. මේ රජය විසින් යෝජනා කරන යුධ අපරාධ අධිකරණයේ අරමුණද මහින්ද රාජපක්\u200dෂ ඇතුළු රණ විරුවන්ට මේ ඉරණම අත්කර දීම නොවේ යැයි විශ්වාස කල හැකිද? එසේ නම් එය පාවා දීමක් නොවේද?\u003cbr /\u003e \u003cbr /\u003e වත්මන් රජය පත්වූ වහාම ඇරඹී අනිත් ව්\u200dයාපෘතිය වූයේ නව ව්\u200dයවස්ථාවක් සම්පාදනය කිරීමය. ඒ සඳහා මුළු පාර්ලිමේන්තුවෙන්ම සමන්විත පූර්ණ කාරක සභා බලැති ව්\u200dයවස්ථා මංඩලයක් පත් කෙරිනි. නමුත් නව ව්\u200dයවස්ථාවක් සඳහා ඊට ජන වරමක් ලැබුනේ නැත. එපමණක් නොවේ ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථා මංඩලයක් පිළිබඳව පවත්නා ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථාවේ කොතැනකවත් සඳහන් නොවේ. නීතිය වෙනස් කල යුතු වන්නේ පවත්නා නීතියට අනුව නොවේද? ව්\u200dයවස්ථා මංඩලය පාර්ලිමේන්තුව මඟ හැරයාම සඳහා යෙදුනු උපක්\u200dරමයක්ද?\u003cbr /\u003e \u003cbr /\u003e නව ව්\u200dයවස්ථා යෝජනා වලට අනුව ආණ්ඩුකාරවරයාගේ විධායක බලය අහිමි කර ඇත, පළාත් සභාවලට පොළිස් සහ ඉඩම් බලය පවරා දී ඇත, සියලු ජාතික ප්\u200dරතිපත්ති නිර්ණය කිරීම සඳහා මාධ්\u200dයම ආණ්ඩුවට හිමි අයිතිය අහිමි කර ඇත. මෙය කුමණ නමකින් හැඳින්වුවද ඒකීය රජ්\u200dයයක ව්\u200dයවස්ථාවක් නොවේ. රටේ නීති නිර්මාණය කිරීමට බලයක් තිබිය යුත්තේ පාර්ලිමේන්තුවට පමණය. ඒ බලය විසිරවූ පමණින්ම තව දුරටත් ඒ රාජ්\u200dයය ඒකීය රාජ්\u200dයයක් ලෙස හැඳින්විය නොහැකිය. පැහැදිලිවම මේ රජයේ උත්සාහය මේ රට පාවාදීමය.\u003cbr /\u003e \u003cbr /\u003e රණ විරුවන්ට දඬුවම් කිරීම, රටේ ඒකීය භාවය නැති කිරීම සඳහා නව ව්\u200dයවස්ථාවක් සම්පාදනය කිරීම, ඉංදියාවට පක්\u200dෂපාතී වෙන අයුරින් වෙළඳ ගිවිසුම් ගැසීම ආදී මේ රජය විසින් ලහි ලහියේ ක්\u200dරියාත්මක කිරීමට යෙදුනු ව්\u200dයාපෘති වල අවසන් ප්\u200dරතිඵලය රටේ නිදහස පාවා දීමය. මේ වෙනස්කම් මෙරට සිදුකෙරෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, ඒංගලන්තය, ප්\u200dරංසය, චීනය සහ රුසියාව වැනි රටවල් ජාතිකත්වයට නැඹුරුවෙමින් තිබියදී බව අමතක කල නොහැක. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්\u200dරම්ප් අද එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් වීමට කල්පණා කරමින් සිටියි. එසේ නම් රණ විරුවන් පාවාදීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ ගෙන ආ මානව හිමිකම් කොමිසම් යෝජනාවට තව දුරටත් බලයක් ඇත්ද? ඒ යෝජනා අනුව අප ක්\u200dරියාකල යුත්තේ කවුරුන් සනසන්නද? නුදුරු අනාගතයේදී බටහිර රාජ්\u200dයයන්හි ජාතිකත්ව රැල්ල, විශේෂයෙන්ම ට්\u200dරම්ප්ගේ ඇමෙරිකාව මෝදිගේ ඉංදියාවටද බලපෑම් ඇතිකරනු ඇත. එහිදී ඉංදියාවට නොවෙනස්ව සිටිය හැකිද? මේ රජය ඉංදීය සහ බටහිර බලවේග වලට යටත්ව අපේ නිදහස පාවා දෙමින් සිටින්නේ වත්මන් ගෝලීය දේශපාලන වටපිටාවටද පරස්පරවය. ඒ ගැන ආඩම්බර විය නොහැකිය.\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com\u003cbr /\u003eLike us on facebook :https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/3075151976748049588/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/02/Nidahasa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/3075151976748049588"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/3075151976748049588"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/02/Nidahasa.html","title":" හිතට ආඩම්බරද දැන්?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-3Oqoo4IwooU/WJVGfek8IZI/AAAAAAAACrQ/jYWyNGgxA60H4X56CijF4EhfKTlKjVooQCLcB/s72-c/NidahasaNe.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4312335425913938411"},"published":{"$t":"2016-12-13T11:38:00.003+05:30"},"updated":{"$t":"2017-01-09T12:51:16.657+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වංශපුර දේවගේ ජානක"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"}],"title":{"type":"text","$t":"අයියෝ වරාය! අයියෝ රට"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-v3PDkR_EzGk/WE-QJ0tYAtI/AAAAAAAACf0/Ca3nFOyOT3sgX1Lgkt_iocqPry8ypgLiACLcB/s1600/AiyoRata.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://3.bp.blogspot.com/-v3PDkR_EzGk/WE-QJ0tYAtI/AAAAAAAACf0/Ca3nFOyOT3sgX1Lgkt_iocqPry8ypgLiACLcB/s640/AiyoRata.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-වංශපුර දේවගේ ජානක-\u003c/b\u003e\u003cbr /\u003eඑජාප රජයක් බලයට ආපු හැම අවස්ථාවකම රටේ සම්පත් විකුණුවා, ප්\u200dරාග්ධනය හොයන්ඩ. නමුත් එහෙම විකුනල හොයපු ප්\u200dරාග්ධනයෙන් වැඩක් ගන්ඩ සමත් කමක් එජාපෙට කවදාවත් තිබිල නැහැ. ආණ්ඩුවේ ධූර කාලය ඇතුලෙම ඔවුන් ඒ සල්ලි කබාසීනියා කරලා දැම්මා. ඒකට මූලික හේතුව නායකයින්ගේ අසමත්කම. සාමාන්\u200dයයෙන් එජාප ආණ්ඩුවක තීරණ ගැනීමේ බලය තියෙන දෙතුන් දෙනා කොළඹ නගරයේ ප්\u200dරසිද්ධ පාසලක අධ්\u200dයාපනය ලැබීම පමණක් සුදුසුකම කරගත් අදක්\u200dෂයින්. මේ රටේ මෙවැනි පුද්ගලයින්ට වැඩ කාරයෝ හැටියට ප්\u200dරතිරූපයක් ගොඩනඟා ගන්ඩ අපහසු නෑ. නමුත් ඇත්තටම මේ අයට වැඩ බෑ. රටේ ප්\u200dරධාන ආර්ථික මර්මස්ථානයක සියයට 80ක් අවුරුදු 198කට විදේශ රටකට බදු දෙන්ඩ දක්\u200dෂයෙක් වෙන්ඩ ඕනෙද?\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-4VLTqtvJtgc/WEy4Jlp0yUI/AAAAAAAAAeg/20ddvFd6IGArGM3qgsoAIN_SYXznQt4YgCLcB/s1600/hambantota-port-image1.jpg\"\u003e\u003c/a\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමේ රටේ ලොකුම ප්\u200dරාග්ධනය මේ රටේ මිනිස්සු. වෙනත් බොහෝ රටවලට වඩා මේ රටේ මේ ප්\u200dරාග්ධනය එකතු කරගන්ඩත් පුළුවන්. අපිට ඒ පුරුද්ද තියෙනවා. අපි ගොවිතැන් කලේ තනි තනිව නෙවෙයි ගමක් හැටියට අඩු තරමින් යායක් හැටියට. සාමුහිකත්වය ගොඩනඟමින් සිදු කෙරෙන මහා පරිමාණ ආර්ථික ක්\u200dරියාවලි හරහා මේ රට දියුණු කරන්ඩ පුළුවන්. අද රට යන විදිහට තමන්ගේ මඩි තරකරනවුන් වීම හැරෙන්ඩ මිනිස්සුන්ගෙන් වෙන වැදගත් කාර්යයක් නැහැ. මේ රටේ මිනිස්සුන්ට මේ විදිහට තනියෙන් යන්ඩ දීලා ආර්ථිකය දියුණු වෙන්නේ නෑ සාමූහිකත්වය පදනම් කරගෙන මිනිස්සු ආර්ථික ක්\u200dරියාවලි වලට සහභාගී කරවා ගන්ඩ ඕනෙ. මේ රටේ තියෙන විශාලම ප්\u200dරාග්ධනය රට වෙනුවෙන් යොදවා ගන්ඩ හරි හමන් දැක්මක් තියෙන හරි හමන් නායකයෙක් අවශ්\u200dයයි. \u003cbr /\u003e\u003cbr /\u003eහරිහමන් නායකයෙක් ගොඩනඟා ගන්නකන් තව තවත් රටේ සම්පත් විකිණේවි. රට විකිනීමට එරෙහිව ජනතාව අවදි කලයුතුයි. ඒකාබද්ධ විපක්\u200dෂයේ වගකීම එයයි. හම්බන්තොට වරායේ අභ්\u200dයාසලාභීන්ගේ රැකියාව පිළිබඳ ප්\u200dරශ්ණයයි වරාය විකිනීමයි දෙකක්. වරාය සහ හම්බන්තොට ඉඩම් විදේශිකයින්ට මේ සා කාලයකට දෙනවා කියන්නේ පරම්පරා ගණනකට මේ සම්පත් අපට අහිමි වෙන බවයි. රටේ වෙනත් වරායනුත් මේ වගේ විකිනෙයිද? තිරිකුණාමලේ කාටද? වරායවල් වෙලඳ වටිනාකමකින් යුතු වුනත් ඒවාට යුධමය වටිනාකමකුත් තියෙනවා නේද? වරායවල් විදේශයන්ට විකිනීම ගැන නාවික හමුදාපතිතුමාට කීමට ඇත්තේ කුමක්ද?\u003cbr /\u003e\u003ca href\u003d\"http://janakawansapura.blogspot.com.au/\"\u003eමගේ රට\u003c/a\u003e\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4312335425913938411/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/12/blog-post.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/4312335425913938411"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/4312335425913938411"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/12/blog-post.html","title":"අයියෝ වරාය! අයියෝ රට"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-v3PDkR_EzGk/WE-QJ0tYAtI/AAAAAAAACf0/Ca3nFOyOT3sgX1Lgkt_iocqPry8ypgLiACLcB/s72-c/AiyoRata.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3620537285316766341"},"published":{"$t":"2016-07-06T22:14:00.002+05:30"},"updated":{"$t":"2016-07-22T15:33:03.575+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වංශපුර දේවගේ ජානක"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"}],"title":{"type":"text","$t":"සිංහලයාගේ ඉඩම් ප්\u200dරශ්ණය"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-n4mFUY0q5eU/V301ZGemxtI/AAAAAAAAB00/OrmdLL0t29k-iAaWOubsCEfjL2LUyKgZwCLcB/s1600/Navatkuli-3.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://2.bp.blogspot.com/-n4mFUY0q5eU/V301ZGemxtI/AAAAAAAAB00/OrmdLL0t29k-iAaWOubsCEfjL2LUyKgZwCLcB/s640/Navatkuli-3.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-වංශපුර දේවගේ ජානක-\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eවිදේශිකයින්ට මේ රටේ ඉඩම් හිමිකර ගැනීමට ඇති බාධා මේ රජය විසින් ඉවත් කර ඇත. මේ රටේ සාමාන්\u200dය මිනිස්සුන්ට විදේශ වලින් එන ඩොලර් සමඟ හැප්පීමට ශක්තියක් නැත. ඔවුන් තමන්ගේ වටිනා ඉඩම් විකුණා දමා නොවටිනා ඉඩම් වලට පසු බසිනු ඇත. එමෙන්ම සමහර මුස්ලිම්වරුන් තමන්ගේ ජාතිය සඳහා පමණක් වෙන් කර ගැනීමට සංවිධානාත්මකව ඉඩම් මිළදී ගන්නා බව රහසක් නොවේ. එතනදීද මුස්ලිම් සංවිධාන හා තරඟ කිරීමට සාමාන්\u200dය මිනිසුන්ට හැකියාවක් නැත. නමුත් මේ සැමටත් වඩා බරපතල වන්නේ සීඝ්\u200dරයෙන් නැඟෙනහිර සහ උතුරු ප්\u200dරදේශ සිංහලුන්ට තහනම් ප්\u200dරදේශයක් බවට පත්වෙමින් තිබීමය.\u003cbr /\u003e\u003cbr /\u003eජනගහණය වර්ධනය වුවද රටක පුද්ගලිකව අත්පත් කරගත හැකි ඉඩම් වපසරිය සීමිතය. මේ රටේ වැඩි ජනගහණ වර්ධන වේගයක් බලාපොරොත්තු විය හැක්කේ බහුතරයක් වන සිංහලුන්ගේය. ඒ නිසා ඉඩම් සීමාවීමේ ආනිසංස මුලින්ම දැනෙනු ඇත්තේ සිංහලුන්ටය. නමුත් අද වෙනවිට දෙමලුන්ට සහ මුසල්මාණුවන්ට නැති ඉඩම් සීමාවක් සිංහලුන් සඳහා පැනවී ඇත. ජාතියක් වශයෙන් සිංහලුන්ගේ ඉඩම් ප්\u200dරශ්ණය වැදගත් වන්නේ ඒ නිසාය.\u003cbr /\u003e\u003cbr /\u003eමේ රටේ ඕනෑම පුරවැසියෙකුට රටේ ඕනෑම තැනක ජීවත්වීමට ඇති අයිතිය ව්\u200dයවස්ථාවෙන් තහවුරු කර ඇත. නමුත් අද අපි හොඳින් දන්නා ආකාරයට කොටි ත්\u200dරස්තවාදීන් විසින් නැගෙනහිර සහ උතුරු ප්\u200dරදේශවලින් පන්නා දැමුනු සිංහල වැසියන්ට ඒ ඉඩම්වල නැවත පදිංචිවී නිදහසේ ජීවත්වීමට සාධාරන අවස්ථාවක් සලසා දී නැත. නැඟෙනහිර සහ උතුරු පළාත්වල පාසල් වල සිංහල භාශාවෙන් ඉගැන්වීම අත් හැරෙනවිට සිංහලුන්ට එහි නිදහසේ ජීවත්විය හැකියැයි කිව හැකිද?\u003cbr /\u003e\u003cbr /\u003eනමුත් අපි කථා කල යුත්තේ කොටි ත්\u200dරස්තවාදීන් විසින් පලවා හැරි එනම් අසූවේ දශකයේ පමණ එහි ජීවත්වූ සිංහල පවුල් ගැන පමණක්ද? හෙට උපදින සිංහලයින්ට උතුරේ හෝ නැඟෙනහිර හෝ ජීවත්වීමට අයිතියක් නැද්ද?\u003cbr /\u003e\u003cbr /\u003eවිවාදයකින් තොරව ඔවුන්ටද එහි ජීවත්වීමට අයිතියක් තිබිය යුතුය. මේ රට සියලු ජාතීන්ට එකසේ අයිති යැයි පවසන්නේ නම් එය එසේ විය යුතුය. නමුත් ව්\u200dයවස්ථාවෙන් ඒ අයිතිය දී ඇති පමණින් අනාගත සිංහලුන්ට නැඟෙනහිර හෝ උතුරේ ගොස් පදිංචි විය නොහැකිය. ඒ සඳහා සිංහල පාසල් ඇතිවිය යුතුය, සිංහලුන් සඳහා පංසල් පල්ලි ඇති කල යුතුය, ඔවුන්ගේ ආරක්\u200dෂාව තහවුරු කල යුතුය. මේවා කර දීම ආණ්ඩුවක වගකීමය. ව්\u200dයවස්ථාව කොළයක ලියා තැබූ පමණින් එහි ඇති අයිතීන් තහවුරු වන්නේ නැත. ආණ්ඩුවකට විධායක බලය දී ඇත්තේ ව්\u200dයවස්ථාව තහවුරු කිරීමටය. නමුත් මේ ආණ්ඩුව ඒ සඳහා කරන්නේ කුමක්ද?\u003cbr /\u003e\u003cbr /\u003eඉතා පැහැදිලිවම දෙමළ ජාතික සංධානය ඇතුළු දෙමළ ජාතිවාදීන් ගේ උවමණාව සිංහලයින්ට උතුරේ හෝ නැඟෙනහිර හෝ ජීවත්වීමට ඇති අයිතිය නැති කිරීමය. දැනටමත් ඔවුන් මේ අයිතිය සිංහලුන්ගෙන් උදුරා ගැනීම සඳහා බොහෝ දුර ගොස් ඇත. දෙමළුන්ට සහ මුසල්මාණුවන්ට මේ රටේ ඕනෑම තැනක ජීවත්වීමට යම් බාධක තියෙන්නට පුළුවන. ඒවා නිවැරදි කල යුතුය. නමුත් ඔවුන් හා සසඳන විට සිංහලුන්ට උතුරේ හෝ නැඟෙනහිර ජීවත්වීමට ඇති බාධාව අති මහත්ය. එය හිතාමතා සංවිධානාත්මකව ක්\u200dරියාත්මක කෙරෙන දේශපාලන ව්\u200dයාපෘතියකි. හෙළුවෙන්ම ජාතිවාදයකි.\u003cbr /\u003e\u003cbr /\u003eසිංහලුන් නැඟෙනහිර සහ උතුරු පළාත්වල පදංචිවීම ඊනියා ජනාවාසකරණයක් ලෙස හැඳින්වීමට අප පුරුදු කර ඇත. අපි මේ සංකල්පයෙන් නිදහස්විය යුතුය. ඉංග්\u200dරීසීන් ඕස්ටේ\u200dර්ලියාවට ගොස් එහි බලෙන් පදිංවි වීම අඩුම තරමින්වත් ජනාවාසකරණයකි. ලංදේසීන් ඉංදියාවේ ද්\u200dරවිඩයින් මෙරට උතුරේ පදිංචි කෙරවීම ජනාවාසකරණයකි. ඉංග්\u200dරීසීන් ඉංදියාවේ ද්\u200dරවිඩයින් උඩරට ඉඩම්වල පදිංවි කරවීම ජනාවාසකරණයකි. නමුත් හම්බන්තොට සිංහලුන් කිලිනොච්චියේ ගොස් පදිංචිවීම ඕස්ටේ\u200dර්ලියාවේ පුරවැසියෙක් එක් ප්\u200dරාන්තයක සිට තවත් ප්\u200dරාන්තයක පදිංචි වීමට වඩා වැඩි දෙයක් නොවේ. අද පවතින තත්වයේ සිට එවැනි සමබරතාවක් ඇති කරගැනීමට වසර තිහ හතලිහක් හෝ ඊට වැඩි කාලයක් ගත විය හැකිය. නමුත් එය රාජ්\u200dය අනුග්\u200dරහයෙන් ක්\u200dරියාත්මක විය යුතු වැඩ සටහණකි. එසේ නොවී ස්වභාවිකව ඒ සමබරතාව ඇති වන්නේ නැත. විශේෂයෙන් ඒ සඳහා ඇති ජාතිවාදී දේශපාලන බාධක රාජ්\u200dයය මැදිහත්වී ඉවත් කල යුතුය. ව්\u200dයවස්ථාව තහවුරු කරනවා යැයි කියන්නේ එයටය.\u003cbr /\u003e\u003cbr /\u003eඅනාගත සිංහලුන්ට නැඟෙනහිර සහ උතුරු ප්\u200dරදේශවල ඉඩම් අත් පත් කරගෙන රටේ ඕනෑම පුරවැසියෙකුට හිමි අයිතීන් බුක්ති විඳිමින් එහි ජීවත්වීමට ඉඩ ප්\u200dරස්ථාව සලසා දීම රජයේ වගකීමය. එය කල හැකි රාජ්\u200dයයක් අපි තනාගත යුතුය. එවැනි රාජ්\u200dයයක් ගොඩනැඟිය හැකි ආණ්ඩුවක් අපි පත් කරගත යුතුය. රනිල් වික්\u200dරමසිංහගේ ආණ්ඩුව පත්කර දී ඇත්තේ සිංහලුන්ගේ අයිතීන් පැහැර ගෙන රාජ්\u200dයය දියකර හැරීමට විනා සිංහලුන්ට අයිතීන් ලබාදීමට නොවේ. ඉදිරියේදී ව්\u200dයවස්ථාව වෙනස් කරමින් උතුරට එකක් සහ දකුණට එකක් වශයෙන් මේ රටේ සමාන බල ඇති ආණ්ඩු දෙකක් පිහිටවුවහොත් සිංහලයාගේ ඉඩම් ප්\u200dරශ්ණ ගැන කථා කරලා හමාරය.\u003cbr /\u003e\u003cbr /\u003e-යුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u003cb\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/3620537285316766341/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/07/SinhalayageIdam.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/3620537285316766341"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/3620537285316766341"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/07/SinhalayageIdam.html","title":"සිංහලයාගේ ඉඩම් ප්\u200dරශ්ණය"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-n4mFUY0q5eU/V301ZGemxtI/AAAAAAAAB00/OrmdLL0t29k-iAaWOubsCEfjL2LUyKgZwCLcB/s72-c/Navatkuli-3.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4067429444572768003"},"published":{"$t":"2015-12-04T19:34:00.001+05:30"},"updated":{"$t":"2015-12-07T23:24:57.246+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වංශපුර දේවගේ ජානක"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"පාදඩ මධ්\u200dයම පංතිය"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-z86ag9RF_qg/VmGdUA0142I/AAAAAAAAAY4/hArEkrNQIFk/s1600/night.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"436\" src\u003d\"http://1.bp.blogspot.com/-z86ag9RF_qg/VmGdUA0142I/AAAAAAAAAY4/hArEkrNQIFk/s640/night.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපසුගිය දිනක නරි බෑණා නාටකය නැවතත් නැරඹීමට අවස්ථාවක් ලැබිනි. නරි බෑණාත් සිංහබාහුත් මනමේත් යන නාටක තුනම මා මුලින්ම නැරඹුවේ කුඩා කල එකම වකවානුවකය. එකලද වඩාත් මගේ සිත්ගත්තේ නරි බෑණා නාටකයය. එහි එන ගීත වල කන්කළු බව ඊට හේතුවන්නට ඇති. මේ නාට්\u200dය තුන අතරින් ඇඟට දැනෙන දේශීය ගතියක් වඩාත්ම ඇත්තේ නරි බෑණා තුල බව පසුව මට අවබෝධවිනි. එහි ඒ ගුණ තවමත් ඇත. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eකෙසේ වෙතත් නරි බෑණා නාටකයේ කියැවෙන්නේ තරමට වඩා ඉදිමෙන්නට ගොස් පීචං වෙන නරියෙකු ගැනය. මට ඒ නරියා සිහිගන්වන්නේ මෙරට වර්තමාන මධ්\u200dයම පංතියය. දශකයක පමණ කාලයක සිට මෙරට මධ්\u200dයම පංතිය ලෙස හඳුනාගන්නා සමාජ කොටසක් සීඝ්\u200dර ලෙස ව්\u200dයාප්තවෙමින් පවතී. කොටි ත්\u200dරස්තවාදය පරාජය කිරීමෙන් පසු එහි වරධන වේගය තවත් වැඩිවී ඇතැයි සිතේ. මේ පංතිය සාපේක්\u200dෂ වශයෙන් ආර්ථික ශක්තියෙන් ධනාත්මක වර්ධනයක් අත් කරගෙන ඇත. නමුත් ඒ සමඟම ඔවුන්ගේ අපේක්\u200dෂාවන් වලට ඊට වඩා වර්ධනයක් ලැබී ඇත. පොදුවේ ගත්විට මේ මධ්\u200dයම පංතියට තමන්ගේ අපේක්\u200dෂා මුදුන් පත් කර ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නැත. මා එය පාදඩ මධ්\u200dයම පංතියක් ලෙස හඳුන්වන්නේ ඒ අර්ථයෙනි. \u003cbr /\u003e\u003cbr /\u003eබටහිර රටවල මධ්\u200dයම පංතියේ තත්වය මෙතරම් සෝචනීය නැත. පොදුවේ ගත් විට ඒ මධ්\u200dයම පංතියට තමන්ගේ අපේක්\u200dෂාවන් ඉටුකර ගැනීමට හැකි අතර ඒ නිසා ඔවුන්ට ආරථික නිදහසක්ද හිමිය. මේ හේතුවෙන් බටහිර මාධ්\u200dයම පංතිය, අවම වශයෙන්, ඇමෙරිකානු මධ්\u200dයම පංතිය අපට සාපේක්\u200dෂව උසස් මධ්\u200dයම පංතියක් ලෙස හැඳින්විය හැකිය. මීට වසරකට ඉහත ඇමෙරිකාවේ සිට ශ්\u200dරී ලංකාවේ ස්ථිර පදිංචිය සඳහා පැමිණෙන විට උසස් මධ්\u200dයම පංතියකින් පාදඩ මධ්\u200dයම පංතියකට මාරුවෙන බව මම නොදැන සිටියෙමි. සංක්\u200dරමනය වීමට ගත් තීරණය ගැන පසු නොතැවුනද මෙරට ඇතිවී ඇති සමාජ විපර්යාසය ගැන මම දුක් වෙමි.\u003cbr /\u003e\u003cbr /\u003eඒ ඒ රටවල සංස්කෘතීන්ට අනුව ඒ ඒ සමාජවල අපේක්\u200dෂාවන් වෙනස්ය. ප්\u200dරශ්ණය අපේක්\u200dෂාවන්ට සරිලන ආර්ථික හැකියාවක් ඇත්ද යන්නය. එසේ නොවේ නම් කල යුත්තේ සමාජයක් වශයෙන් හික්මීමය. අපි මේ රට සංවර්ධනය කල යුත්තේ අපේක්\u200dෂාවන් සහ ආර්ථික වර්ධනය අතර සැමවිටම ගතික සමතුලිත බවක් පවත්වා ගනිමින්ය. නමුත් සිදුවී ඇත්තේ හික්මීම බල්ලට දමා අපේක්\u200dෂාවන්ට සරිලන ලෙස ආර්ථිකය වර්ධනය කරගැනීමට පුද්ගලයින් වශයෙනුත් සමාජයක් වශයෙනුත් අපි උත්සාහ කිරීමය. \u003cbr /\u003e\u003cbr /\u003eබටහිර රටවල් ඊනියා සංවර්ධනයක් අත් කර ගැනීමේදී ඔවුන්ට මේ ප්\u200dරශ්ණය නොතිබුනි. සංවර්ධනය වෙද්දී ඔවුන්ගේ අපේක්\u200dෂාවන් ක්\u200dරමයෙන් වෙනස් වුනි. නමුත් අපේක්\u200dෂාවන් මොනවාදැයි තීරණය කලේද ඔවුන්මය. ඒ නිසා ඔවුන්ට අපේක්\u200dෂාවන් සහ වර්ධනය අතර ගතික සමතුලිත බවක් පවත්වාගැනීමට හැකිවිනි. නමුත් අපේ අපේක්\u200dෂාවන් ගැන නිර්ණායකයන් අපට දී ඇත්තේ බටහිර සංස්කෘතිය විසිනි. ආර්ථික සංවර්ධනය දුවන්නේ ඒ පිටුපසය. අපේ මධ්\u200dයම පංතිය පාදඩ වෙන්නේ ඒ නිසාය.\u003cbr /\u003e\u003cbr /\u003eසිඟාල ගෝත්\u200dරයේ වුනද නරි බෑණාහි නරියාට නරියෙකු වීම නිසා තමන් අපේක්\u200dෂාකල මනුස්ස දුව නොලැබී යයි. නරියෙක් වූවා මදිවට නාටකයේ වත්මන් සංස්කරණයේදී නරියා නිරූපනය වෙන්නේ නපුංසකයෙකු ලෙසය. ඒ නරියාට නම් කොහොමටත් නොහැකිය. මෙරට මධ්\u200dයම පංතියටද එසේමය. කලාව ජීවිතය අනුකරණය කරනවා යැයි කියන්නේ මෙවැනි දේට විය හැකිය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n-වංශපුර දේවගේ ජානක\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nයුතුකම සංවාද කවය\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nwww.yuthukama.com\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nhttps://www.facebook.com/yuthukama\n\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4067429444572768003/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/PadadaPanthiya.html#comment-form","title":"4 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/4067429444572768003"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/4067429444572768003"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/PadadaPanthiya.html","title":"පාදඩ මධ්\u200dයම පංතිය"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-z86ag9RF_qg/VmGdUA0142I/AAAAAAAAAY4/hArEkrNQIFk/s72-c/night.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"4"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6766307950516180742"},"published":{"$t":"2015-12-01T07:24:00.001+05:30"},"updated":{"$t":"2015-12-04T19:35:28.147+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වංශපුර දේවගේ ජානක"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":" රටේ ආර්ථික දත්ත කොල්ල කෑමට ඉඩ දිය යුතුද?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-AzfaxQs0J0M/Vlz9nJGnsyI/AAAAAAAAAWw/LUUyN7sJi4o/s1600/digi.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"425\" src\u003d\"http://2.bp.blogspot.com/-AzfaxQs0J0M/Vlz9nJGnsyI/AAAAAAAAAWw/LUUyN7sJi4o/s640/digi.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\"\u003e\nආර්ථික දත්ත ඩිජිටල්කරණය සඳහා මිලියන 10,000ක් මෙවර අය වැයෙන් වෙන් කෙරී ඇත. රටේ දීර්ඝ කාලීන තාක්\u200dෂණික සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සුභදායකය. නමුත් ඊනියා සංවර්ධන කටයුතු හරහා රටේ ආර්ථිකයත් රාජ්\u200dය බලයත් විදේශ බලවේගයන්ගේ අවශ්\u200dයතාවන්ට අනුව නොහැසිරවීමට වග බලා ගැනීම රජයේ යුතුකමය. \u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eඅය වැය කථාවේ 192 සහ 193 ඡේද වල මෙසේ සඳහන් වෙයි.\u003cbr /\u003e\u003cbr /\u003e192. ගරු කථානායක තුමනි, රජය, විවෘත රාජ්\u200dය සහභාගීත්වය (Open Government Partnership) සඳහා කැපවී සිටිනවා.  ජාතික දත්ත තලය (national data platform) ක්\u200dරියාත්මක කිරීම මඟින් ශ්\u200dරී ලංකාවට විවෘත රාජ්\u200dය සහභාගිත්වයෙහි අවශ්\u200dයතා සම්පූර්ණ කිරීමට තවදුරටත් සහායක් ලැබෙනු ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e193. උසස් ඩිජිටල්කරණ වැඩසටහන් ක්\u200dරියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 10,000 ක ප්\u200dරතිපාදනයක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. (ඉංග්\u200dරීසි පිටපතෙහි උසස් ඩිජිටල්කරණය නෙුවට ඇත්තේ advanced digitization of economy කියාය. ඩිජිටල්කරණයට හසුවන්නේ ආර්ථික දත්ත බව සිංහල පිටපතෙහි සඳහන් නොවන්නේ මක් නිසාදැයි කිව හැක්කේ මුදල් අමාත්\u200dයවරයාටය.)\u003cbr /\u003e\u003cbr /\u003eඅයවැයෙන් ඒ ඒ විශයන් සඳහා වෙන් කෙරෙන මුදල් සලකා බැලූවිට රුපියල් මිලියන 10,000 ක් යනු විශාල මුදලකි. උදාහරණයක් වශයෙන් මෙගා පොලිස් ව්\u200dයාපෘතියටත්, පුබුදමු පොළොන්නරුව ව්\u200dයාපෘතියටත්, මුළු රටේම ප්\u200dරාථමික පාසල් නවීකරණය කිරීම සඳහාත් වෙන වෙනම යෝජනාවී ඇත්තේ ඒ හා සමාන ප්\u200dරතිපාදනය. නමුත් මෙහිදී වැදගත් ප්\u200dරශ්ණය ප්\u200dරතිපාදනයේ විශාලත්වය නොව රජය ඒ මුදලින් කරන්නේ කුමක්ද යන්නත් කරන්නේ කාගේ උවමණාවටද යන්නත්ය. \u003cbr /\u003e\u003cbr /\u003eවිවෘත රාජ්\u200dය සහභාගීත්වය (OGP) යනු රාජ්\u200dයය විනිවිද භාවය වෙනුවෙන් ක්\u200dරියාකාරී වනවා යැයි ප්\u200dරකාශ කර සිටින ජාත්\u200dයන්තර සංවිධානයකි. OGP හි සාමාජිකයෝ බහුතරයක් බටහිර රටවල් හා බටහිර ආණ්ඩුවල බලපෑමට ලක්වන රටවල්ය. OGPහි එකම දකුණු ආසියාතික සාමාජිකයා ශ්\u200dරී ලංකාවය. ශ්\u200dරී ලංකාවට එහි සාමාජිකත්වයක් ලැබුනේ විජේදාස රාජපක්\u200dෂ මහතාගේ ඉල්ලීමකට අනුව මේ වසරේ ඔක්තෝබර් මාසයේය.\u003cbr /\u003e\u003cbr /\u003eප්\u200dරධාන වශයෙන් OGP සංවිධානයට මුල්\u200dයාධාර සපයන්නේ බ්\u200dරිතාන්\u200dයය සහ ඇමෙරිකානු රජයන්ය. එහි ප්\u200dරඥාප්තියට අනුව ඊනියා විනිවිද භාවයක් උදෙසා රජයන්ට බල කිරීමත් ඒ වෙනුවෙන් ක්\u200dරියාකාරි වෙන සිවිල් සංවිධාන වලට ආධාර කිරීමත් මේ සංවිධානයේ වගකීම ලෙස සැලකෙයි. OGP සමඟ අත්වැල් බැඳගෙන සිටින ලංකාවේ ක්\u200dරියාත්මක වන සිවිල් සංවිධානය කුප්\u200dරකට ට්\u200dරාන්ස්පේරන්සි ඉන්ටර්නැශනල් සංවිධානයයි. එයද යැපෙන්නේ බ්\u200dරිතාන්\u200dය සහ ඇමෙරිකාව ඇතුළු බටහිර ආණ්ඩු කිහිපයක ආධාර මතය. ඊනියා විනිවිදභාවයක් උදෙසා රජයට බාහිරින් එන බලපෑම්  වලත් අභ්\u200dයන්තරයෙන් එන බලපෑම් වලත් මුූලාශ්\u200dරය එකමය. මෙවැනි දේ මෙරට සිදුවන්නේ පළමු වතාවට නොවේ. පැහැදිලිවම රජය රුපියල් මිලියන 10,000 වැය කිරීමට බලාපොරොත්තුවන ව්\u200dයාපෘතිය ඒංගලන්තයේ සහ ඇමෙරිකාවේ ආර්ථික සහ දේශපාලනික අවශ්\u200dයතාවන් මත කෙරෙන්නෙකි.\u003cbr /\u003e\u003cbr /\u003eOGP සංවිධානය දුප්පත්බව, පරිසර දූශණය, තිරසාර සංවර්ධනය වැනි විශයයන්හි උනන්දුවන බව ප්\u200dරකාශ කර සිටියද ඔවුන්ට ඒවා විසිරුනු අදහස් බව ඔවුන්ගේ ලේඛන පිරික්සීමේදී පෙනීයයි. ඒ ඇස් බැන්ඳුම් තුල ඔවුන් සැබැවින්ම ක්\u200dරියාකාරී වී ඇත්තේ රාජ්\u200dයයක ආර්ථික හා සමාජීය තොරතුරු ලෝකයට නිදහස් කිරීම සම්බන්ධයෙනි. රාජ්\u200dය කටයුතු වල යම් පාරදෘශ්\u200dය බවක් තිබිය යුතුය. රජයක පාරදෘශ්\u200dය බව තිබිය යුත්තේ රටේ ජනතාවටය. නමුත් OGP සංවිධානයේ අරමුණු ඊට එහා යන බව ඔවුන්ගේ ප්\u200dරකාශිත මූලෝපායන් තුල පැහැදිලිවේ:\u003cbr /\u003e\u003cbr /\u003e“Promote public access to timely and disaggregated information and open data on government activities related to the implementation and financing of the 2030 Agenda for Sustainable Development, in line with national legislation and international commitments . We support development of the International Open Data Charter and intend to explore its implementation in our countries.” - Joint Declaration on Open Government for the Implementation of the 2030 Agenda for Sustainable Development.\u003cbr /\u003e\u003cbr /\u003eමෙහි සඳහන් වෙන්නේ ඩිජිටල්කරණයට ලක් කෙරුනු රාජ්\u200dය තොරතුරු පොදු ප්\u200dරජාවට මුදා හැරිය යුතු බවය. නමුත් මෙහි වැදගත් කරුණ හුදෙක් තොරතුරු නිදහස් කිරීම පිළිබඳව නොව එම තොරතුරු කොටස් වලට වෙන් කෙරුනු දත්ත වශයෙන් (disaggregated) ලබා දිය යුතු බව වීමය. උදාහරණයක් වශයෙන් කොළඹ නගරයේ වෙසන සිංහලුන්ගේ ප්\u200dරතිශතය දත්ත එකතු කිරීම තුලින් ගොඩනඟා ගන්නා තොරතුරකි. නමුත් කොළඹ නගරයේ එක් එක් නිවසක වෙසෙන මිනිසුන්ගේ ජාතිය, ආගම, වයස, අධ්\u200dයාපනය, රැකියාව ආදී තොරතුරු එකතු නොකරන ලද, ප්\u200dරාථමික මට්ටමේ දත්තයන්ය. මේවා ඉලෙක්ට්\u200dරොණික දත්ත වන අතර රටේම තොරතුරු ගත් විට ප්\u200dරමාණයෙන්ද අති විශාල වේ. මේ ආකාරයේ දත්ත පරිශීලණය කිරීමට විශේෂඥ දැනුමක් අවශ්\u200dයය. රටේ සාමාන්\u200dය ජනතාවට එවැනි හැකියාවක් නැති අතර වඩා වැදගත් ලෙසට එවැනි දත්ත පරිශීලණය කිරීමට සාමාන්\u200dයයෙන් ඔවුන්ට උචමණාවක්ද නැත. උචමණාවක් සහ හැකියාවක් ඇති රටේ විශ්ව විද්\u200dයාල පර්යේෂකයින් මහ බැංකුව වැනි රජයේ ආයතනවල සේවකයින් වැනි අයට මේ ආකාරයේ ප්\u200dරාථමික මට්ටමේ දත්ත ඒවා රැස් කර ගබඩා කරන රජයේ ආයතන හරහා රාජකාරි මට්ටමෙන් ලබා ගැනීමට ක්\u200dරමවේද දැනටමත් තිබිය හැකිය. නැතිනම් එම ක්\u200dරමවේද තනාගත හැකිය. ඒ සඳහා ජාත්\u200dයන්තර සංවිධානවල මැදිහත්වීමක් අනවශ්\u200dයය. නමුත් OGP සංවිධානයේ ස්ථාවරය ප්\u200dරාථමික මට්ටමේ මෙවැනි තොරතුරු ඉලෙක්ට්\u200dරොනික දත්ත බවට පරිවර්තනය කර පොදු ප්\u200dරජාවට නිදහස් කල යුතු බවය. එවිට අවශ්\u200dයනම් මේ දත්ත විදේශ රටවල ආර්ථික විශ්ලේෂකයින්ට පවා කොන්දේසි විරහිතව ලබා ගත හැකි වනු ඇත. රුපියල් මිලියන දස දහසේ ව්\u200dයාපෘතිය ඒ සඳහා බව පැහැදිලිය. මෙහි අරමුණ කුමක්ද?\u003cbr /\u003e\u003cbr /\u003eමිනිසුන්ගේ අනන්\u200dයතාවන් පිළිබඳ, ඔවුන්ගේ ගනුදෙනු පිළිබඳව, නිශ්පාදන සහ වෙළඳාම් පිලිබඳව ආදී වශයෙන් ප්\u200dරාථමික මට්ටමේ තොරුතුරු රජයේ මෙන්ම පෞද්ගලික ආයතන වල දිනපතා නිපදවෙයි. ආයතන හරහා තිරස් අතටත් කාලයේ සිරස් අතටත් ගත්කල විශාල දත්ත ප්\u200dරමාණයකි. එහි විවිධවත්වයද විශාලය, එම දත්ත සිඝ්\u200dරයෙන් වෙනස් වන්නේද වේ. මෙවැනි දත්ත විශ්ලේශණය කිරීම සඳහා අවශ්\u200dය විශේෂඥ තාක්\u200dෂණික දැනුම පොදුවේ හැඳින්වෙන්නේ මහා පරිමාණ දත්ත (Big Data) තාක්\u200dෂණය යනුවෙනි. මහා පරිමාණ දත්ත විශ්ලේශණයේ මූලික අරමුණ දත්තවල අඩංගු දෑ පිළිබඳව යම් යම් නිගමණ වලට එළඹීම නොවේ. එසේ වුනි නම් රුපියල් මිලියන දස දහසේ ව්\u200dයාපෘතිය පිළිබඳව එතරම් කනස්සලක් ඇතිවන්නේ නැත.\u003cbr /\u003e\u003cbr /\u003eමහාපරිමාණ දත්ත විශ්ලේශණයේ මූලික අරමුණ අනාගතය පිළිබඳ අනාවැකි පල කිරීමය. ඒ අනුව රටක ඩිජිටල්කරණයට ලක්වෙන ආර්ථික සහ සාමාජීය දත්ත හරහා ඒ රටේ නිශ්පාදනය, පරිභෝජනය, භෞතික සම්පත්, දේශගුණය, කෘෂිකර්මාන්තය ආදිය වෙනස් වෙන ආකාරය අධ්\u200dයනය කර රටේ අනාගත ආරථික සහ සාමාජීය තත්වයන් පිළිබඳව පුරෝකතනයක් කිරීමට හැකිවනු ඇත. විවෘත සමාජ වල සමාජ-ආර්ථික රටාවන් අන් රටවල් හා බැඳි පවතී. එබැවින් වඩා නිවැරදි ලෙස එම පුරෝකථනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ රටවල් විශාල සංඛ්\u200dයාවක මහා පරිමාණ ප්\u200dරාථමික දත්ත වලට හිමිකම් කියන විශ්ලේශකයෙකුටය. අපි අපේ දත්ත ඩිජිටල්කරණය කර මුදා හැරියද මුළු ලෝකයේම දත්ත ලබා ගැනීමට හැකියාවක් අපට නැත. OGP සංවිධානය හරහා ඒ හැකියාව ලබා දෙන්නේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් වලටය.\u003cbr /\u003e\u003cbr /\u003eසමාජයක් මෙහෙයවිය හැක්කේ අනාගතය ගැන නිවැරදි දැකීමක් ඇති බලවේගයකටය. එබැවින් කිසියම් සමාජයක (රටක හෝ ලෝකයේම හෝ) අනාගතය පිළිබඳව නිවැරදිව අනාවැකි පල කිරීමට හැකිවීම මත දේශපාලන බලයක් ගොඩනැඟේ. මහාපරිමාණ දත්ත පිටුපස ඇත්තේ ඒ දේශපාලන බලය ගොඩනැඟීමේ අරමුණය. දැනට මහාපරිමාණ දත්ත විශ්ලේශණයට අවශ්\u200dයය තාක්\u200dෂණික දැනුමත් ඊට පහසුකමුත් ඇත්තේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලය. ඊනියා රාජ්\u200dය විනිවිදභාවයක් වෙනුවෙන් යැයි කියමින් රටේ ආර්ථික දත්ත කොල්ල කන ව්\u200dයාපෘතිය පිටුපස ඇත්තේ නව අධිරාජ්\u200dයවාදී ක්\u200dරමයයි. OGP සංවිධානයට හවුල් නොවීම නිසා අඩු තරමින් අපේ අසල්වැසි ඉංදියාව හෝ ඒ බව හඳුනාගෙන ඇති බව පෙනේ. තමන්ට එරෙහිවූ යෝජනාවකට අත්සන් තැබීමට තරම් දීනවූ මේ රජයට රටේ ආර්ථික දත්ත පාවාදීම එතරම් කජ්ජක්ද?\u003cbr /\u003e\u003cbr /\u003eමූලාශ්\u200dර\u003cbr /\u003eOGP 4 year strategy\u003cbr /\u003eOPG 2030 Agenda \u003cbr /\u003e Joint Declaration\u003cbr /\u003eFunding: Transparency International - Sri Lanka\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-වංශපුර දේවගේ ජානක\u003cbr /\u003e\u003cbr /\u003e \u003c/span\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003e\nwww.yuthukama.com\n\u003cbr /\u003e\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003cbr /\u003e\nhttps://www.facebook.com/yuthukama\n\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6766307950516180742/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/DigiRob.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/6766307950516180742"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/6766307950516180742"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/DigiRob.html","title":" රටේ ආර්ථික දත්ත කොල්ල කෑමට ඉඩ දිය යුතුද?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-AzfaxQs0J0M/Vlz9nJGnsyI/AAAAAAAAAWw/LUUyN7sJi4o/s72-c/digi.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});