gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"4"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5419604212678363469"},"published":{"$t":"2015-06-23T23:07:00.001+05:30"},"updated":{"$t":"2015-06-25T20:56:52.205+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහින්ද"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ආචාර්ය ගාමිනී සමරනායක"}],"title":{"type":"text","$t":"මහින්ද කොහිබද?"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-KVVVpPI9zPM/VYmZPFLOo7I/AAAAAAAADOE/AZlhhEIcgZU/s1600/mahindaKoibatada.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"450\" src\u003d\"http://3.bp.blogspot.com/-KVVVpPI9zPM/VYmZPFLOo7I/AAAAAAAADOE/AZlhhEIcgZU/s640/mahindaKoibatada.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-ආචාර්ය ගාමිනී සමරනායක \u003cbr /\u003e\u003cbr /\u003e2015 ජනවාරි 8 වන දින පවත්වනු ලැබු ශ\u200d්\u200dරී ලංකාවේ හත්වෙනි ජනාධිපතිවරණය අවසන් වී දින 150 ක් ඉක්ම ගියද එමගින් ඇති කරනු ලැබූ දේශපාලන විශ්මය හා කුතුහලය තව දුරටත් තීව\u200d්\u200dර වෙමින් පවති. ඇතෙමෙකු එය දේශපාලන විප්ලවයක් ලෙසට හුවා දැක්වීමට වීර්\u200dය දරන අතර තවකෙකු එය මැතිවරණ කුමන්ත\u200d්\u200dරණයක් ලෙසට පෙන්වා දීමට තැත් කරති. එම පදයන්හී සැබෑ අර්ථය කුමක් ද යන්න සෙවීමට හා විස්මිත වු දේශපාලන පෙලගැසීම පිළිබඳව අවධානය යොමු කිරීම මෙම ලිපියෙහි පරමාර්ථය වේ.\u003cbr /\u003e\u003cbr /\u003eපසුගිය ජනාධිපති මැතිවරණය තුලදී මහින්ද ගෙදර යැවීම පොදු අපේක්ෂකයා වටා ගොනු වු සියළු දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධානයන් ගේ මූලික පරමාර්ථය විය. එය ඔවුහු රාජපක්ෂ රෙජිමය පරාජය කිරීමක් ලෙසට ප\u200d්\u200dරකාශ කර ඇත. එයට පෙරාතුව ශ\u200d්\u200dරී ලංකාවේ කිසිදු පාර්ලිමේන්තු  හා ජනාධිපති ආණ්ඩුවකට එරෙහිව රෙජිමය යන පදය මැතිවරණ දේශපාලයේදී භාවිත කොට නැත. මලලසේකර ඉංග\u200d්\u200dරීසි සිංහල ශබ්ද කෝෂයට අනුව රෙජිම් ( Regime) යයි කීමේදී රජයනය, රාජ්\u200dය පාලන ක\u200d්\u200dරමය අදහස් කර ඇත. වැඩිදුරටත් එමගින් ආණ්ඩුව යන්න අපහාසාත්මක ලෙසට හැඳින්වීම සඳහා ව්\u200dයවහාර කරයි.\u003cbr /\u003e\u003cbr /\u003eඑකල විරුද්ධ පක්ෂ විසින් රාජපක්ෂ රෙජිමය ලෙසට පසුගිය එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුව හැඳින්වීම මගින් එය රාජපක්ෂ පවුලේ පාලනයක් ලෙසට හඳුන්වා දීමට උත්සාහ කොට තමන් එම පවුල් පාලන දේශපාලනයට විරුද්ධ බව පෙන්වා දීමට උත්සාහ කරන ලදි. එලෙස රාජපක්ෂ පවුලේ පාලනය යැයි කීමේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස සිටීම, බැසිල් රාජපක්ෂ ඇමතිවරයෙකු ලෙස සිටීම , චමල් රාජපක්ෂ කථානායක වශයෙන් කටයුතු කිරීම, නාමල් රාජපක්ෂ මන්ත\u200d්\u200dරීවරයෙකු ලෙසට ක\u200d්\u200dරියා කිරීම හා ගෝඨභය රාජපක්ෂ ආරක්ෂක අමාත්\u200dයාංශයෙහි ලේකම් වශයෙන් කටයුතු කිරීම අදහස් කර ඇත.\u003cbr /\u003eඑකම පවුලේ සාමාජිකයින් දේශපාලනය කටයුතුවල නියලීම ලෝකයෙහි බොහෝ රටවලින් දක්නට ඇති දෙයකි. පවුල් දේශපාලනය හා සම්බන්ධවීම ඉන්දියාව හා පකිස්ථානය, පිලිපීනය යන ආසියාතික රටවල් වෙතින් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය හා බි\u200d්\u200dරතාන්\u200dය යන බටහිර රටවල් වෙතින් ද දක්නට ඇත. බොහෝවිට 2016 දී ඇමරිකාව එක්සත් ජනපදයෙහි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ප\u200d්\u200dරජාතන්ත\u200d්\u200dරවාදී පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් හා සමුහ ආණ්ඩු පක්ෂයෙන් ඩෙප් බුෂ් ඉදිරිපත් විය හැකිය. ශ\u200d්\u200dරී ලංකාවේ පවුල් දේශපාලනය පමණක් නොව එක්සත් ජාතික පක්ෂය හා ශ\u200d්\u200dරී ලංකා නිදහස් පක්ෂ යන ප\u200d්\u200dරධාන පක්ෂ දෙක වටා පැවති පාලනය ප\u200d්\u200dරභූ පැලැන්ති (la\u200dlan) දෙකක අරගලය ලෙස ජානිස් ජිගින්ස් තම ආචාර්ය උපාධිය සඳහා පේරාදෙණිය විශ්ව විද්\u200dයාලයට ඉදිරිපත් කරන ලද Caste and family in the politics of the Sinhalese, 1947 -1976 (සිංහල දේශපාලනය තුල පවුල හා කුලය 1947 -1976 ) යන නිබන්ධනය මගින් පෙන්වා දී ඇත. එය පසුව කෘතියක් ලෙසට මුද\u200d්\u200dරණය කරන ලදි.\u003cbr /\u003e\u003cbr /\u003eඑම කෘතියට අනුව ශ\u200d්\u200dරී ලංකාවේ මැතිවරණ දේශපාලනය සේනානායක, කොතලාවල, විජේවර්ධන, ජයවර්ධන, කොරයා යන ප\u200d්\u200dරභූ පවුල් කීපයක් එකතුව හා බණ්ඩාරනායක, රත්වත්ත, ඔබේසේකර හා දිවිතොටවල යන පවුල් අතර පැවතී ඇත. එම කෘතියට අනුව එම පවල් ගැටුම 1943 බලංගොඩ රාජ්\u200dයමංත\u200d්\u200dරණ සභා අතුරු මැතිවරණයේ දී සිට ආරම්භ වී ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e1931 රාජ්\u200dය මන්ත\u200d්\u200dරණ සභා මැතිවරනයේදී බලංගොඩ ආසනය ශ\u200d්\u200dරීමත් කුඩා රත්වත්ත ජයග\u200d්\u200dරහණය කළ අතර , ඔහු 1936 දී සෞඛ්\u200dය හේතූන් මත තරඟ කොට නැත.1936 දී එම ආසනය දිනූ එච්.ඒ.ගණසේකර හට අල්ලස් චෝදනා මත පසුව ආසනය අහිමිව ඇත. ඒ අනුව 1943 දී පැවැත් වූ අතුරු මැතිවරණයට සේනානායක පාර්ශවයෙන් ශ\u200d්\u200dරීමත් ප\u200d්\u200dරැන්සිස් මොලමුරේ ඉදිරිපත් වු අතර රත්වත්ත පාර්ශවයෙන් සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ පියා වු ශ\u200d්\u200dරිමත් බාන්ස්් රත්වත්තේ ඉදිරිපත් වූහ. මෙකල දී ශ\u200d්\u200dරී ලංකාව තුල දේශපාලන පක්ෂ ක\u200d්\u200dරමයක් නොතිබුන අතර මැතිවරණ සටන ප\u200d්\u200dරභූ පවුල් ආශ\u200d්\u200dරයෙන් සිදුවූහ. එකල වනවිට දී බණ්ඩාරනායක - සිරිමා අතර විවාහය සිදුවීම මත බණ්ඩාරනායකගේ සහයෝගයද, රත්වත්තේ පාර්ශවයම හිමිවූහ. \u003cbr /\u003e\u003cbr /\u003eඑම අතුරු මැතිවරණයේදී රාජපක්ෂයන්ගේ සහයෝගය ද ශ\u200d්\u200dරීමත් බාන්ස් රත්වත්තේ වෙත හිමිව ඇත. එම අතුරු මැතිවරණය මගින් ශ\u200d්\u200dරීමත් ප\u200d්\u200dරැන්සිස් මොලමුරේ ජයග\u200d්\u200dරහණය කල අතර එමගින් සේනානායක පැලැන්තිය (la\u200dlan) හා රත්වත්ත - බණ්ඩාරනායක පැලැන්තිය අතර දේශපාලන බල අරගලයෙහි ආරම්භය සනිටුවහන් කර ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eනිදහසින් පසුව එක්සත් ජාතික පක්ෂය සේනානායක, කොතලාවල, ජයවර්ධන, විජේවර්ධන හා කොරයා යන පවුල් සමූහයෙහි දේශපාලන සංවිධානය ලෙසට පරිවර්තනය වූහ. එකලදී එම පක්ෂය ( යූ.එන්.පී.*මාමාලාගේ සහ බෑනලාගේ (Uncle Nephew Party) ලෙසට පක්ෂය අපහාසාත්මක ලෙස හඳුන්වා ඇත.  එම පදය ශ\u200d්\u200dරීමත් ජෝන් කොතලාවලට විසින් ද වරින් වර ප\u200d්\u200dරකාශ කර ඇත. එම පක්ෂය තුල නායකත්වය සහ තීන්දු ගැනීමේ කාර්ය ඉහත සඳහන් පවුල් මත තීන්දු වී ඇත. වර්තමාන එක්සත් ජාතික පක්ෂය විජේවර්ධන, වික\u200d්\u200dරමසිංහ, ජයවර්ධන  හා සේනානායක යන පවුල් වෙතින් ක\u200d්\u200dරියාත්මක වේ. එහි අනාගත නායකත්වය විජේවර්ධන පවුල වෙත ලැබිය හැකිය. ඒ අනුව තවදුරටත් එජාප යනු මාමලාගේ හා බෑනලාගේ පක්ෂය ලෙසට හැඳින්විය හැකිය.\u003cbr /\u003e\u003cbr /\u003e1951 දී එස්.ඩබ්ලියු.ආර්.ඞී.බණ්ඩාරනායක, ඞී.ඒ. රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙකු සමග එක්සත් ජාතික පක්ෂ රජයෙන් ඉවත්ව ශ\u200d්\u200dරී ලංකා නිදහස් පක්ෂය පිහිට වුහ. ශ\u200d්\u200dරීලනිප වෙතින් සේනානායක පැලැන්තියට විකල්පව බණ්ඩාරනායක, රත්වත්ත ඔබේසේකර පැලැන්තිය නියෝජනය වූහ. එජාප වෙතින් නාගරික ධනපති පංතිය නායෝජනය වු අතර ශ\u200d්\u200dරීලනිප වෙතින් රදල ප\u200d්\u200dරභූ පවුල් මත පදනම් ව සාමාන්\u200dය ජනතාව නියෝජනය වුහ.\u003cbr /\u003eශ\u200d්\u200dරී ලංකාව වැනි කලක් යටත්ව සිට පසුව නිදහස ලබාගත් රටක සර්වජන ජන්දබලය හා පාර්ලිමේන්තු ආණ්ඩුක\u200d්\u200dරම පැවතිය ද දේශපාලනය ප\u200d්\u200dරතිපත්ති හෝ දේශපාලන මතවාදයන්ට වඩා දේශපාලන ප\u200d්\u200dරභූ පවුල්මත ක\u200d්\u200dරියාත්මක වීම අරුමයක් නොවීය. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ රෙජිමය පලවා හරිමු යන සටන් පාඨය භාවිත වුව ද සේනානායක හා බණ්ඩාරනායක පවුල් හා පැලැන්ති පාලනයන් හා සංසන්දනාත්මක සැලකීමේදී එහි ප\u200d්\u200dරභූ පවුල් රෙජිමයක් නොතිබුණි. රාජපක්ෂ පවුල සේනානායක හා බණ්ඩාරනායක පැලැන්තිය සමග සංසන්දනාත්මකව සැලකීමේ දී ප\u200d්\u200dරභූ පවුල් සම්භවයක් නොමැති බව සඳහන් කල යුතුය. ආණ්ඩුව යයි සඳහන් කිරීමේදී ව්\u200dයවස්ථාදායකය, විධායකය හා අධිකරණය ත\u200d්\u200dරිත්වය අදහස් කලද රෙජිමය යන්න ඊට වඩා පුළුල් හා සංකීර්ණ වූවකි. මේ අනුව රෙජිමය යැයි කීමේදී ව්\u200dයවස්ථාදායකය, විධායකය, අධිකරණය පමණක් නොව පරිපාලනය, වානිජ්\u200dය හා වෙළඳ අංශය, ආරක්ෂක අංශය හා මාධ්\u200dයයද අයත් කල හැකිය. මෙම අර්ථකථනයට අනුකූලව පවුල් හෙවත් පැලැන්ති රෙජිමය ඉතා පැහැදිලිව සේනානායක හා බණ්ඩාරනායක පැලැන්ති සමුහය වෙතින් මනාව පෙන්වා දී ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e1947 සිට 1952 දක්වා එජාප ආණ්ඩුවෙහි නායකත්වය ඞී.එස්.සේනානායක ඉසුළු අතර  ඔහුගෙන් පසු 1952 -53 දක්වාත් 1960 මාර්තු හා ජූලි දක්වාත්, 1965-1970 අතරේදීත් ඔහුගේ පුත් ඩඞ්ලි සේනානායක විසින් දරා ඇත. 1953-1956 අතර කාලයෙහි එජාප ආණ්ඩුව ඞී.එස්. සේනානායකගේ බෑනා වු ශ\u200d්\u200dරීමත් ජෝන් කොතලාවල විසින් උසුලා ඇත. එලෙස පක්ෂ නායකත්වය හා ආණ්ඩුනායකත්වය පමණක් නොව අධිකරණ, පරිපාලන වානිජ්\u200dය හා වෙළඳ ආරක්ෂක හා මාධ්\u200dය යන අංශයන් ගේ ආධිපත්\u200dයය ද ඉහත කාලයන්හි දී සේනානායක පැලැන්තිය විසින් දරා ඇත. ශ\u200d්\u200dරී ලංකාවෙහි එක් විශ්ව විද්\u200dයාලයක්ව තිබූ සමය තුලදී ශ\u200d්\u200dරීමත් නිකුලස් ආටිගල  උපකුලපති වශයෙන් පත්වීමත් සමග (1952-1965) උසස් අධ්\u200dයාපනය ද සේනානායක පැලැන්තිය සතු වූහ.\u003cbr /\u003e\u003cbr /\u003e1956 සිට 1959 දී එස්.ඩබ්ලියු.ආර්.ඞී.බණ්ඩාරනායක ඝාතනය තෙක්ම ශ\u200d්\u200dරී ලංකා නිදහස් පක්ෂය හා ආණ්ඩු බලය බණ්ඩාරනායක වෙත පැවතියද ඔහු විසින් තම ආණ්ඩු බලය පවත්වා ගැනීම සඳහා තම ඥාතීන් සම්බන්ධ කර නොගනී. ඔහුට පසුව බණ්ඩාරනායක, රත්වත්ත, ඔබේසේකර පැලැන්තිය දේශපාලනයට සම්බන්ධවීම  සිරිමා බණ්ඩාරනායක පාලන කාලයේදී සිදුවී ඇත. ඇය ප\u200d්\u200dරථම වරට 1960-65 දී ද පසුව 1970-77 දක්වාත් ආණ්ඩු බලය හොබවන ලදි. එම කාල සීමාව තුලදී විශේෂයෙන් 1970-77 අතරේදී බොහෝ බණ්ඩාරනායක, රත්වත්ත ඥාතීන් දේශපාලනයට හා පරිපාලන කටයුතු වල අනුයුක්තව ඇත.  1970 -77 කාලය තුලදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනයගේ ආණ්ඩුවෙහි ප\u200d්\u200dරධාන සහායකයා ලෙසම අනුර බණ්ඩාරනායක කටයුතු කල අතර සුනේත\u200d්\u200dරා බණ්ඩාරනායක හා ඇගේ සැමියා හා චන්ද\u200d්\u200dරිකා බණ්ඩාරනායක ද වගකිව යුතු තනතුරු දරන ලදි. එහි ප\u200d්\u200dරතිඵලයක් ලෙස 1977 මැතිවරණයේදී එජාප විසින් රත්වත්ත බණ්ඩාරනායක”පවුල් ගස”යන පත\u200d්\u200dරිකාව මැතිවරණ ප\u200d්\u200dරචාරක කටයුතු සඳහා බහුලව උපයෝගි කරගෙන ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e1977 පාර්ලිමේන්තු පරාජයෙන් පසුවද 1994 දක්වා ශ\u200d්\u200dරීලනිප නායකත්වය සිරිමා බණ්ඩාරනායක මැතිනිය වෙත පැවති අතර 1994 සිට 2005 දක්වා පක්ෂයෙහි බලය චන්ද\u200d්\u200dරිකා බණ්ඩාරනායක විසින් හොබවන ලදි. 2005 ජනාධිපතිවරණය වෙතින් මහින්ද රාජපක්ෂ බලයට පත්වීම වු කලී සේනානායක - වික\u200d්\u200dරමසිංහ හා බණ්ඩාරනායක ප\u200d්\u200dරභූ පවුල් හි දේශපාලන ආධිපත්\u200dයයට බලගතු පහරක් වූහ. එහි ප\u200d්\u200dරතිඵලයක් ලෙසට පැරණි සතුරු ප\u200d්\u200dරභූ  පැලැන්ති රාජපක්ෂ ගෙදර යැවීමට පෙරමුණ ගත්හ. එම අරමුණ ඉටු කර ගත් පසු එය විප්ලවයක් ලෙසට පෙන්වා දීමට ආයාශයක් දරා ඇත. එය සත්\u200dය වශයෙන්ම විප්ලවයකට වඩා අරාබි වසන්තයක දේශීය නිරූපනයකි. ඒ සඳහා ශ\u200d්\u200dරී ලංකාවෙහි බහුතරයෙහි බහුතරය නොව සුළුතරයෙහි බහුතරය කුමන්ත\u200d්\u200dරණකාරීව උපයෝගී කරගෙන ඇත. එය පැහැදිලි වශයෙන් මැතිවරණ ප\u200d්\u200dරතිඵලයට අනුව ශ\u200d්\u200dරී ලංකාවේ සිතියම සැලකීමේදී දක්නට ඇත. ඒ සම්බන්ධව සමහර බටහිර රටවල් හා ඔත්තු සේවාවන්ගේ දායකත්වය ඉහලින්ම ලැබී ඇත. එහිදී ශ\u200d්\u200dරී ලංකාවේ පදිංචි නොවු විදේශීය රටවල වාසය කරන බෙදුම්වාදී  සුළු ජාතික ශ\u200d්\u200dරී ලාංකිකයන් ද දායක විය. ඔවුහු මාධ්\u200dය මගින් ඩයස්පෝරාව (Diaspora) ලෙස හඳුන්වති. එය සාවද්\u200dය වූවකි. එම පදය මගින් යුදෙව්වරුන්ගේ විසිරියෑම මුලිකවම අදහස් කර ඇත. එම පදයෙහි මූලාශ\u200d්\u200dරය බයිබලය වේ. එයට අනුකූලව යුදෙව්වන් හට දෙවියන්වහන්සේ විසින් පොරොන්දු වූ කිරි හා පැණියෙන් ඉතිරී ගිය දේශයක් ඇත. එය වර්තමාන ඊශ\u200d්\u200dරායලය වේ. ශ\u200d්\u200dරී ලාංකික ද\u200d්\u200dරවිඩ ජනතාව 1983 ජාතිවාදී අරගලයෙන් පසුව බටහිර රටවල සරණාගතයින් ලෙසට යෑම වූ කලී බෙදුම්වාදී අරගලයෙහි උපාය උපක\u200d්\u200dරමික සිදුවීමකි. ඔවුන් ශ\u200d්\u200dරී ලංකාවෙහි වාසය නොකරන (non residence) ශ\u200d්\u200dරී ලාංකිකයන් ලෙසට හැදින්විය යුතුය. ඉන්දියාව තම එබඳු පුද්ගලයින් එලෙස හඳුන්වනු ලැබේ.\u003cbr /\u003e\u003cbr /\u003eඉහත කී ඊනියා ශ\u200d්\u200dරී ලාංකික වසන්තය සම්බන්ධව ඉන්දියාවේ  රෝ  (Raw) ඔත්තු සේවාව ද මැදිහත් වී ඇත. මෙම කාරණාව මා හට පුත්\u200dයක්ෂ වු එක් අවස්ථාවක් ලෙසට ජනාධිපතිවරණයට  පසුව මැනිලා නගරයේ දී එහි සිටින ඉන්දීය තානාපතිතුමා මැතිවරණ ප\u200d්\u200dරතිඵල සම්බන්ධව දැක්වු ප\u200d්\u200dරකාශය සඳහන් කළ හැකිය. ඔහුට අනුව මහින්ද පලවා හැරීමේ ව්\u200dයාපාරය මීට අවුරුදු දෙකකට ඉහත දී ආරම්භ කරන ලද අතර ශ\u200d්\u200dරී ලංකාවේ බුද්ධි අංශය ඒ බව දැන ගෙන සිටියේ නැත. ඔහු විසින් ශ\u200d්\u200dරී ලංකාවේ බුද්ධි අංශය ඉතා දුර්වලයයි සඳහන් කළහ.\u003cbr /\u003e1920 සිට මැතිවරණ ප\u200d්\u200dරචාරක කටයුතු වලදී ප\u200d්\u200dරබල අපේක්ෂකයන්ට එරෙහිව පුද්ගලික අපහාස, අවලාද චරිතඝාතන බෙහෙවින් භාවිත කර ඇත. එකලදී එම කාර්ය කවි කොළකාරයන් විසින් මනාව සිදුකර ඇති අතර ඊනියා අඩු කුල වල සහාය ද ඉතා සූක්ෂමව හසුරුවා ගෙන ඇත. මෙම මැතිවරණයේදී මහින්දට එරෙහිව මූණුපොත් (Facebook) බහුලව භාවිතා කරන ලද අතර සුළු ජාතික සහායද සංවිධානාත්මකව හසුරුවා ගෙන ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eඅද වන විටදී ශ\u200d්\u200dරී ලංකාවේ මැතිවරණ දේශපාලන ඉතිහාසයෙහි කිසිදා සිදු නොවු සිදුවීමක් සිදුවෙමින් පවතී. පොදු විපක්ෂය අද ආණ්ඩුව අපේක්ෂා කළ පරිදි ජනාධිපතිවරණයෙන් මහින්දව පරදා ගෙදර යැවීමට හැකිවී නොමැත. එයට හේතුව මැතිවරණයට පසුව ශ\u200d්\u200dරී ලාංකික මහජනතාව බුරුතු පිටින් මහින්ද ගේ ගෙදරට යාම ය. ඒ අනුව මහින්දට ගෙදර සිටීමට නොහැකි වී ඇත. එය පැහැදිලි වශයෙන්ම ”මහින්ද \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-tIUmHdMVC7U/VYmcVXtbf7I/AAAAAAAADOY/DE0VZK_QLzU/s1600/lead-Mahinda-rally.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"300\" src\u003d\"http://4.bp.blogspot.com/-tIUmHdMVC7U/VYmcVXtbf7I/AAAAAAAADOY/DE0VZK_QLzU/s400/lead-Mahinda-rally.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eසමග නැගිටිමු” යන තේමාව යටතේ දිනේෂ්, විමල්, වාසු හා ගම්මන්පිල විසින් නුගේගොඩින් ආරම්භ කොට මහනුවර, රත්නපුර, කුරුණෑගල, මාතර පවත්වනු ලැබූ දැවැන්ත දේශපාලන රැස්වීම් මගින් මනාව පෙන්වා දී ඇත. එමගින් පෙන්වා දෙන දේශපාලන යථාර්ථය නම් පසුගිය මැතිවරණයෙන් මෛත\u200d්\u200dරී - රනිල් ජයග\u200d්\u200dරහණය නොකළ බව පමණක් නොව මහින්ද එමගින් පරාජය වී නොමැති බවය. ඔහු ලැබූ පරාජය තාවකාලීක බව මහින්ද සමග නැගිටිමු  යන වැඩසටහන් සැලකීමේදී දක්නට ඇත. එයට බහුතර ජනතාව සම්බන්ධවීමත් සමග බහුතර ශ\u200d්\u200dරීලනිප පාර්ලිමේන්තු මන්ත\u200d්\u200dරීන්, පළාත් සභා මන්ත\u200d්\u200dරීන් ප\u200d්\u200dරාදේශීය සභා මන්ත\u200d්\u200dරීන් සම්බන්ධ  වෙමින් පවති.\u003cbr /\u003eමෙයට සමාන වු ජනතා ප\u200d්\u200dරතිචාරයක් යුඑන්පී ආණ්ඩුව විසින් සිරිමා බණ්ඩාරනායක මැතිනිය ගේ ප\u200d්\u200dරජා අයිතිය නැති කිරීමත් සමග දක්නට තිබුනි. අද බොහෝ ශ\u200d්\u200dරීලනිප නායකයන්ට යුඑන්පි රජය විසින් මැතිනියගේ ප\u200d්\u200dරජා අයිතිය අහිමි කිරීම අමතක වුවද ඇයට ආදරය කරන පාක්ෂිකයන්ට එම සිදුවීම කිසිසේත් අමතක නැත. අමතක කරන්නේ ද නැත.\u003cbr /\u003e\u003cbr /\u003eමහින්ද ට ශ\u200d්\u200dරීලනිප යෙන් තරඟ කිරීමට ඉඩ නොදෙන බව වර්තමාන ශ\u200d්\u200dරීලනිප නායකත්වය විවෘතව ප\u200d්\u200dරකාශයට පත් කර ඇත. ඔහු ආවොත් සුළු ජාතික ජන්ද නොලැබෙන බව එයට හේතු වශයෙන් දක්වා ඇත. පාර්ලිමේන්තු මැතිවරණයකදී සුළු ජාතිකයන් තම වාර්ගික දේශපාලන පක්ෂවලට පමණක් තම ජන්දය පාවිච්චි කරනු ලැබේ. වර්තමානයේදී ක\u200d්\u200dරියාත්මක වන සමානුපාතික නියෝජන ක\u200d්\u200dරමය මගින් එය ඉතා පහසුවෙන් සිදුකල හඅකිව ඇත. මේ අනුව එය පිලිගත නොහැකි තර්කයකි. ශ\u200d්\u200dරීලනිප ය ට මහින්ද නොවේ නම් සුළු ජාතික ජන්ද පමණක් නොව බහුතරයෙහි බහුතර බලය ද අහිමි වනු ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eමහින්ද ගෙදර ගොස් නැති අතර ඔහු මහජනතාව සමග ඇත. මහින්ද ඩාර්ලි පාරේ ද නැති අතර ඔහු ශ\u200d්\u200dරිලනිප ප\u200d්\u200dරමුඛ එජනිස පාක්ෂිකයන් සමග ඇත. ශ\u200d්\u200dරිලනිප යනු කොන්ක\u200d්\u200dරීට් ගොඩනැගිල්ලක් නොව රටට ආදරය කරන ජනසමූහයක එකතුවකි. එම ජනසමූහයෙහි ආකර්ෂණය මහින්දට මිස අන් කිසිවෙකුට නොවන බව ඉඳුරා ප\u200d්\u200dරකාශ කළහැකිය. ඒ අනුව ශ\u200d්\u200dරීලනිප ප\u200d්\u200dරමුඛ එක්සත් ජනතා නිදහස් සංවිධානය ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය ජයග\u200d්\u200dරහනය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා වශයෙන් නම් කළ යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e-යුතුකම සංවාද කවය\u003c/b\u003e\u003cbr /\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5419604212678363469/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/06/MahindaKohida.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5419604212678363469"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5419604212678363469"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/06/MahindaKohida.html","title":"මහින්ද කොහිබද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-KVVVpPI9zPM/VYmZPFLOo7I/AAAAAAAADOE/AZlhhEIcgZU/s72-c/mahindaKoibatada.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5334279514260274508"},"published":{"$t":"2015-02-15T13:16:00.003+05:30"},"updated":{"$t":"2015-03-06T20:35:45.717+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහින්ද"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහින්ද පතිරණ"}],"title":{"type":"text","$t":"ශ්\u200dරී ලංකාව අරාජිකත්වයේ පාමුළ ?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"text_exposed_root text_exposed\" id\u003d\"id_54e04cbe73dcf2438589525\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-I3aGpSU4BnA/VOBOBVtLovI/AAAAAAAAByM/4m-sEPRWxFE/s1600/arajikathvaya.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-I3aGpSU4BnA/VOBOBVtLovI/AAAAAAAAByM/4m-sEPRWxFE/s1600/arajikathvaya.jpg\" height\u003d\"469\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003e\nවත්මන් ආණ්ඩු සභාගයේ තිබෙන පිරිමැසිය නොහැකි න්\u200dයාය පරස්පරතා ඉතා නුදුරේ දීම ශ්\u200dරි ලංකාව අත්කරගෙන තිබෙන ආරක්\u200dෂක හා ආර්ථික ජයග්\u200dරහණ ආපසු හැරවිය හැකි මට්ටම දක්වා පැතිර යාමේ අවදානමක් මතු ව තිබේ. විශේෂයෙන් ම දැනට න්\u200dයායික මට්මේ පවතින පතුල නොපෙනෙනෙ තරම් වන පරස්පරතා පූර්ණ ප්\u200dරාගෝගික ක්\u200dරියාමාර්ග දක්වා වර්ධනය වුවහොත් කෙනෙකු සිතනවාට වඩා අසුභවාදී විපාක ජාතියට රැගෙන එනු නියත ය.\u003cspan class\u003d\"text_exposed_hide\"\u003e...\u003c/span\u003e\u003cspan class\u003d\"text_exposed_show\"\u003e එජාපය, හෙළ උරුමය, මුස්ලිම් කොන්ග්\u200dරසය, දෙමළ ජාතික සංධානය, කුඩා අන්ත වාංමාංශික පක්\u200dෂ, වාමාංශික ඇකඩමික් කණ්ඩායම් යන මේවා කිසි දිනෙක එක් ව තබා ගෙන ජාතික සංවර්ධන ඉලක්ක පසුපස හඹා යත හැකි නොවේ. ඔවුන් උඩට පහළට දිගට හරහට ජාතික රාජ්\u200dය අදිනු ඇත. යාන්තම් නැගී එන සංවර්ධනයේ ලංකාව වන් තැනක තිබෙන රටකට ප්\u200dරබල න්\u200dයෂ්ටියක් නැති එවැනි අරාජික සංධාන විනාශකාරී ය. \u003cbr /\u003e\u003cbr /\u003eමහතිර් මොහොමඩ් මැලේසියාව අද තිබෙන තැනට ඔසවා තැබීමේ දී ද ප්\u200dරජාතන්ත්\u200dරවාදය, සිවිල් අයිතිවාසිකම්, දූෂණය වැනි මහින්ද මුහුණ දුන් තරමේ අභියෝගවලට මුහුණ පෑවේ ය. මහතිර්ගේ ම මුදල් ඇමතිවරයා වන අන්වර් ඊබ්\u200dරහිම් යොදා ගනිමින් රට ආපස්සට හැරවීමට ඇමරිකාව හා බ්\u200dරිතාන්\u200dය ප්\u200dරමුඛ රටවල් උත්සාහ කළ ද ශ්\u200dරී ලංකිකයින් මෙන් මැලේසියානු ජනතාව කුමන්ත්\u200dරණයට හසු වූයේ නැත. බැරී වේන් (2010) මහතිර්ගේ චරිතාපදානය ලියමින් මෙසේ ලියයි: නැගී ආ ජීවන මට්ටම, ආචාර්ය මහතිර්ගේ රුව සහිත ගොඩනැගිලි හා මැලේසියානු ජාතික අභිලාෂයන් නොවළහා ආරක්\u200dෂා කිරීම වැනි දෙය ඒ තාක් රට තුළ නොවූ විරූ ජාතික අනන්\u200dයතාවක්, ප්\u200dරෞඩබවක් හා ආත්ම විස්වාසයක් ජනිත කළේ ය. ඔහු මැලේසියාව, ලෝක සිතියම මත, බොහෝ මැලේසියානුවන් ආදරය කරන තැනක ස්ථාපනය කළේ ය. මහින්ද රාජපක්\u200dෂ කළේ ද මෙය නොවේ ද? \u003cbr /\u003e\u003cbr /\u003eගැඹුරු දේශපාලන පරස්පරතා නිදහසින් පසු වසර 60 තුළ ම ලංකාව තුළ පැවතුණි. විශේෂයෙන් ම ජේ ආර්, ප්\u200dරේමදස හා චන්ද්\u200dරිකා යුගවල දී රට එක් දිශානතියක් කරා යොමු කොට බෙදුම්වාදය පරාජය කළ නොහැකි වූයේ එකී පරස්පරතා අතික්\u200dරමණය කළ නොහැකි නායකත්වයක් රට තුළ නොතිබූ නිසා ය. එහෙත්, බෙදුම්වාදය පරාජය කිරීමට ද ඉන් පසු ව රට දැවැන්ත සංවර්ධන ඉලක්ක වෙත රැගෙන යාමට ද මහින්දට හැකි වූයේ මෙකී විනාශකාරී පරස්පරතා ජාතික රාජ්\u200dය ඒකකයට හානි නොකරණ දුරක තැබීමට ඔහු සමත් වීම නිසා ය. මහින්ද සියළු දෘෂ්ටිවාද එක් තැනකට ගොනුකරමින් ෆ්\u200dරැන්සිස් ෆුකුයාමාගේ අර්ථයෙන් ‘ඉතිහාසය අවසන් කළේ ය’. එහෙත්, මහින්දගෙන් පසු බලය ගත්තේ ඔහුගේ දෘෂ්ටිවාදයට කට්ටි පනිමින් සිටි මෙරට සමාජ-සංස්කෘතික මූලයන්ගෙන් බහිෂ්කරණය වූ ආන්තික (marginalized) පිරිසකි. ලාංකේය ඓතිහාසික මුල් තමා විසින් ම සිඳ ගැනීම හේතුවෙන්\u200d මහින්ද තන්ත්\u200dරය තුළට පෑහීමට නොහැකි ව කලක් ස්වයංකොන්කරණයකට පත්ව සිටීම නිසා ම ඇති කරගත් මහින්දට එරෙහි ජන්මාන්තර වෛරය මෙම කණ්ඩායමේ පොදු දේශපාලන අවිය විය. එජාප, ජවිප, හා හෙළ උරුමයට අයත් බහුතර පොදු ජන ඡන්ද දායකයා තම නායකයින් සේ මෙවන් ආන්තික මනෝභාවයන් සිය කැමැත්තෙන් දරණු නොපෙනේ. එහෙත්, තම නායකයින්ගේ කියුම් කෙරුම් හා සමපාත වීමට සිදුවීම නිසා ඔහු වත්මනෙහි සිටින්නේ දැඩි අනන්\u200dයතා අර්බුදයක ය. \u003cbr /\u003e\u003cbr /\u003eපුද්ගලික අනන්\u200dයතා අර්බුද මෙසේ දිස්වන විට සාමූහික වශයෙන් වන අනන්\u200dයතා අර්බුදයකට ද හංස පාක්\u200dෂිකයින් දැන් මුහුණ දී තිබේ. ඒ මහින්දට සාපේක්\u200dෂ ව තමා ගොඩ නැගීම හේතුවෙන් මහින්ද නැති තැන තමා යනු ඇත්ත වශයෙන් ම කවුදැයි තමන්ට ම හඳුනා ගැනීමේ දැවැන්ත අභියෝගයයි. රන්ජන් රාමනායක, වසන්ත සමරසිංහ වැනි නොමේරූ මන්ත්\u200dරීවරුන්ගේ ‘හොරු ඇල්ලීමේ මෙහෙයුම්’ හරහා හංස සංධානය ඉටුකර ගනිමින් සිටින්නේ ඇත්ත වශයෙන් ම හොරු අල්ලා ගැනීමේ කාර්යක් නොව ‘තමා අල්ලා ගැනීමේ’ කාර්යයි, එනම් තමා කවුදැයි හඳුනා ගැනීමේ කාර්යයි. සියළු පාපයන්ට වග කිවයුත්තා මහින්ද බවත් එනිසා ඔහු අත් අඩංගුවට ගතයුතු බවත් කියමින් ඇතැම් ඇමැතිවරුන් තවදුරටත් මහින්දට එරෙහි වෛරය වැපිරීමට උත්සාහ ගන්නේ ද තම සන්ධානය නුඳුරේ දී ම කැඩී බිඳී යතැයි යන බිය නිසා ය. \u003cbr /\u003e\u003cbr /\u003eපසුගිය දින කිහිපය තුළ ආණ්ඩුවේ ක්\u200dරියාවලිය මදක් නිරීක්\u200dෂණය කිරීමෙන් පවතින සභාගයේ අභ්\u200dයන්තර පරස්පර මනාව දත හැකි ය. උදාහරණයක් ලෙස මැතිවරණ සමයේ දැඩි විවේචනයට ලක් වූ මහින්දගේ පෝර්ටි සිටි පිළිබඳ කැබිනට් ප්\u200dරකාශකවරයා එකක් කියන විට අගමැතිවරයා පාර්ලීමේන්තුවේ දී අනෙකක් කියන්නේ ය. ජවිප නායක අනුර කුමාර කියන්නේ තෙවැනි කතාවකි. ඇමති අර්ජුන රණතුංග සිව්වැන්නකි. ලක්\u200dෂමන් කිරිඇල්ල ඇමතිවරයාට අනුව වත්මනෙහි එවැනි ව්\u200dයාපෘථියක් මෙසිරිලක පවතින්නේ ම නැත. හෙළ උරුමය මේ පිළිබඳ හඬ ඇසෙන තරම් නිහඬ ය. තවත් සටන් පාඨයක් වූයේ හොරු, කුඩුකාරයින් හා එතනෝල්කරුවන් ය. එසේ සිටිතැයි කියන වුන් අඩංගුවට ගන්නැයි රංජන් රාමනායක, හා හිරුණිකා ප්\u200dරේමචන්ද්\u200dර වැනි අය දිනපතා මාධ්\u200dය හමුවේ දෙස් දෙවොල් තබති. එහෙත් රජය කරවන කිසිවෙකු මෙම ප්\u200dරකාශ බැරෑරුම් ඒවා ලෙස සලකන බවක් නොපෙනේ. මේ අතර, මෛත්\u200dරීපාල සිරිසේන ජනපතිකරවීම සඳහා සුවිසල් සේවයක් කළ දෙමළ සංධානය උතුරේ සිට ලංකා රාජ්\u200dයයට එරෙහි ව සමූල ඝාතක චෝදනා අඩංගු ප්\u200dරඥප්තියක් සම්මත කරගන්නා විට රාජිත ඇමැතිවරයා එය විවේචනය කරනු පෙනේ. තව බොහෝ පරස්පරතා ය. ප්\u200dරශ්නය වන්නේ මෙවන් තත්වයක දී, කුමන පාර්ශවය නියෝජනය කරන මතය රජයේ මතය ලෙස ගන්නේ ද යන ගැටළුවයි. උදා; ලෙස වරාය නගර ගැටළුවේ දී අප අත්පොළසන් දිය යුත්තේ රාජිත ඇමැතිවරයාට ද අගමැතිවරයාට ද? සමූල ඝාතක ප්\u200dරඥප්තිය හමුවේ උතුරු පළාත් ජනයා විසින් පිළිගත යුත්තේ තමාගේ පළාත් සභාව ද එසේත් නැතිනම් තමා විසින් පත්කළ ජනාධිපතිවරයා ද?\u003cbr /\u003e\u003cbr /\u003eමේ අතර, කරලියට නොපැමිණිය ද සැඟ වී තිබී එළියට ඒමට නියමිත පරස්පරතා ද බොහෝ ය. එක්සත් ජාතික පක්\u200dෂය නවලිබරල් ය. ජවිපය හා මෙම රජය පත්කිරීමට දර දිය අදින හා ඇදි විශ්වවිද්\u200dයාල ආචාර්යවරුන්ගේ සම්මේලනය වැනි සංවිධාන වාමාංශික බව කියවේ. (වත්මන් ජවිපය වාමාංශික ද දක්\u200dෂිණාංශික ද යන්න නිශ්චිත ව කිව නොහැකි ය. අධීරාජ්\u200dයවාදී ඇමරිකාවට එරෙහි ව තිබෙන එකම විකල්ප කඳවුර වන චීනය හා රුසියාව ජවිපයට නයාට අඳු කොල සේ පෙනීම මෙම සැකයට හේතුවයි. වසන්ත සමරසිංහ රුසියානු තානාපති කාර්යාල භූමියට එරෙහි ව රන්ජන් රාමනායක භූමිකාව කරන අතර අනුර කුමාර චීන පෝර්ටි සිටිය කෙසේ හෝ වළකන බවට සපත කරයි). මෙවන් පසුබිමක ජවිපය වැනි පක්\u200dෂ සාම්ප්\u200dරදායික ව පුද්ගලික විශ්වවිද්\u200dයාලවලට එරෙහි ය. එහෙත් නවලිබරල් එජාපය මෙම මතයේ නැත. ඔවුන් ශ්\u200dරිලනිප රජය ඉක්මවා පුද්ගලික විශ්වවිද්\u200dයාල ව්\u200dයාපෘතිය ඉදිරියට ගෙන යාමට නියමිත ය. පසුගිය අයවැයෙන් අධ්\u200dයාපනය සඳහා වත්මන් රජය මහින්දට වඩා රුපියල් බිලියනක් පමණක් වෙන් කොට අධ්\u200dයාපනයට “සියයට 6 ක් ක්\u200dරමානුකූලව” දෙන බව කියූ දේශපාලන පොරොන්දුවට ෆූටා වැනි සංවිධාන මුදල් අමාත්\u200dය රවී කරුණානායක වෙනුවෙන් උත්මාචාර වෙඩිමුර පවත්වන විට අධ්\u200dයාපන අමාත්\u200dය අකිල විරාජ් කාරියවසම් විසින් සියයට 6 සටනට කණේ පහරක් ගසමින් මේතාක් නොවූ විරූ ලෙස පාසැල්වල මුදල් එකතු කිරීමට නෛතික බලයක් ලබා දෙමින් චක්\u200dරලේඛයක් නිකුත් කර තිබේ. \u003cbr /\u003e\u003cbr /\u003eමේ මසක් වැනි ඉතා කෙටි කලක් තුළ මතු ව ආ පරස්පරතා පිළිබඳ රට ම දන්නා කාරණා ය. එහෙත් මේ වන විට සැලසුම් කරමින් යන තවදුරටත් විදේශ ණය ලබා ගැනීම් වැනි එකී නොකී බොහෝ කාරණා කරලියට ඒමට නියමිත ව තිබේ. හෙළ උරුම නායකයින් විසින් සැදූ ‘ඒක පුද්ගල ණය උගුල’ සියයට සියයකින් ම වැඩි කිරීමට සිදුවන කාලය වැඩි ඈතක නොවේ. \u003cbr /\u003e\u003cbr /\u003eමේ අතර, රුපියල් 350 ක සහතික මිලක් නියම කළ රබර් මිල දැන් මහින්ද රජයේ 300 න්ද බැස 220 වී තිබේ. රුපියල් 80 සහතික මිලක් නියම කළ තේ දළු කිලෝවක මිල රුපියල් 55 කි. ඩීසල් හා පෙට්\u200dරල් මිල අඩු වූව ද එළවලු හා සෙසු බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල අඩු වූයේ නැත (කොත්තමල්ලි හා උඳු වැනි දෙය අපගේ සාමාන්\u200dය ගොසරි ලැයිස්තුවේ නැත) සහල් මිල එන්න එන්න ම වැඩි වෙමින් තිබෙනු පෙනේ. මේ අතර, සරදියෙල් වැනි බදු ප්\u200dරතිපත්ති, ආර්ථික කළමනාකරණ දුබලතා හා ඉදිරියේ දී අපේක්\u200dෂිත අස්ථාවර ආර්ථික ප්\u200dරතිපත්ති හේතුවෙන් ලංකාවේ කොටස් වෙළඳ පොල ද කඩා වැටෙමින් තිබේ. මේ සියල්ල ම නිසා මහා පරිමාණ විදේශ ආයෝජන ලංකාවට පැමිණීම පිළිබඳ නව සැක සංකා මතු වෙමින් තිබේ.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan class\u003d\"text_exposed_show\"\u003e\u003cbr /\u003eමේ සිදු වෙමින් තිබෙන්නේ අප විසින් ඉහත සාකච්ඡා කරන ලද න්\u200dයාය පරස්පරතා කෙමෙන් ප්\u200dරායෝගික තලයට සේන්දු වීමේ මූලික සලකුණු නොවේ ද ? ශ්\u200dරී ලංකාව පිළිබඳ ජාතික හැඟීමක් නොමැති පුද්ගලයින්ගේ ක්\u200dරියා නිසා විනාශ වීමේ අවධානමට ලක් ව තිබෙන ශ්\u200dරී ලාංකික ජාතික අභිලාෂ නොවේ ද?\u003c/span\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eමහින්ද පතිරණ\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003e(ජ්\u200dයෙෂ්ඨ කථිකාවාර්ය -සබරගමුව විශ්වවිද්\u200dයාලය)\u003c/span\u003e\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/b\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය \u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/02/arajikathvaya.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5334279514260274508/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/02/arajikathvaya.html#comment-form","title":"5 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5334279514260274508"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5334279514260274508"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/02/arajikathvaya.html","title":"ශ්\u200dරී ලංකාව අරාජිකත්වයේ පාමුළ ?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-I3aGpSU4BnA/VOBOBVtLovI/AAAAAAAAByM/4m-sEPRWxFE/s72-c/arajikathvaya.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"5"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-595927383679804524"},"published":{"$t":"2014-12-04T09:29:00.001+05:30"},"updated":{"$t":"2015-03-08T08:17:56.566+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"බෙදුම්වාදය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහින්ද"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දර්ශන කස්තුරිරත්න"}],"title":{"type":"text","$t":"2015 ජනාධිපතිවරණය සහ බෙදුම්වාදයේ දේශපාලන සංරචකය"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-fQkLj7ACQjE/VH_vqWLMbjI/AAAAAAAABZE/50EIlIr-iMQ/s1600/Mahindmy3.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-fQkLj7ACQjE/VH_vqWLMbjI/AAAAAAAABZE/50EIlIr-iMQ/s1600/Mahindmy3.jpg\" height\u003d\"326\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නියමිත කාලයට වසර දෙකකට පමණ පෙර \nජනාධිපතිවරණයක් කැදවා ඇත. තමන්ගේ ආණ්ඩුවේ ගිලිහෙන ජනප්\u200dරියත්වය හමුවේ ඔහු \nමේ පියවර ගන්නට ඇතැයි සිතිය හැකිය. එසේම 2015 මාර්තු මස රැස්වන ජෙනීවා මානව\n හිමිකම් කවුන්සිල රැස්වීමෙන් යම් තීරණාත්මක බලපෑමක් ඇති වීමට ඉඩ ඇති නිසා \nඑයට පෙර ජනවරමක් දේශීයව දිනා ගැනීමද ඔහුට වැදගත් විය හැකිය. කෙසේ හෝ වේවා \nදැන් තිබෙන තත්වය අනුව ජනාධිපතිවරණයක් 2015 ජනවාරි මස 8 වන දින පැවැත්වෙයි.\n එහිදී ජාතික බලවේග ගත යුතු තීරණය සහ ඒ තීරණය ගත යුත්තේ ඇයිද යන්න අප දකින \nආකාරයට පැහැදිලි කිරීම මෙම ලිපිය ලිවීමේ අරමුණ වෙයි.\u003cbr /\u003e\nමහින්ද රාජපක්ෂගේ ප්\u200dරතිවාදියා ශ්\u200dරිලනිපයේ මෛත්\u200dරිපාල සිරිසේනය. \nමෛත්\u200dරිපාල මහතා ජාතිකත්වයට බර ප්\u200dරතිරූපයක් තිබූ නායකයෙකි. විශේෂයෙන්ම \nසිගරට් අරගලය වැනි කාරණාවලින් ඔහු පහුගිය කාලයේ ඒ ප්\u200dරතිරූපය තහවුරු කර \nගත්තේය (ඒ කාලයේද මෙවැනි පිම්මක් පැනීමේ අදහසක් ඔහුට හෝ අද ඔහුට අනුග්\u200dරහය \nදක්වන කණ්ඩායම්වලට තිබිණිදැයි අපි නොදනිමු). රනිල් වික්\u200dරමසිංහ වෙනුවට පොදු\n අපේක්ෂකයා ලෙස මෛත්\u200dරිපාල සිරිසේන මහතා ඉදිරිපත් වීමම තවමත් රටේ ප්\u200dරධාන \nදේශපාලන මතවාදය ජාතික මතවාදය බව තහවුරු කරන්නකි. රනිල්ට නොලැබෙන සිංහල ඡන්ද\n මෛත්\u200dරිපාල මහතාට ලැබීම මීට ප්\u200dරධාන හේතුව වෙයි. හෙළ උරුමය මෙහිදී ඒ සදහා \nආධාරකයක් වෙයි. මෛත්\u200dරිපාල යනු රනිල්ගේ කොන්ඩමයක් නම් හෙළ උරුමය යනු ඒ \nකොන්ඩමයට උඩින් පළදින තවත් කොන්ඩමයකි. 2010දී පරාජයෙන් බේරී විපක්ෂ \nනායකධූරය රැක ගැනීමට ෆොන්සේකා කොන්ඩමය පමණක් භාවිත කළ රනිල් වික්\u200dරමසිංහ \nමහතා, මෙවර බලය ලබා ගැනීමට කොන්ඩම් දෙකක්ම එකවර භාවිත කරනු දැකිය හැකිය. \n2004දී ශ්\u200dරිලනිප ඡන්ද කඩා එජාප ආණ්ඩුවක් පිහිටුවීමට කඩේ ගිය හෙළ උරුමය (එය\n අසාර්ථක විය) නැවත වතාවක් එජාප ආණ්ඩුවක් පිහිටුවීමට තීරණාත්මකව මැදිහත්ව \nසිටී. ජාතික ව්\u200dයාපාරය දේශපාලන වශයෙන් ශක්තිමත් වන විට එහි පෙරමුණේම සිට \nලකුණු දමා ගන්නා හෙළ උරුමයේ දෙබිඩි පිළිවත මතු වන්නේ ජාතික බලවේග දේශපාලන \nවශයෙන් වඩා අස්ථාවර වන අවස්ථාවලය. 2004 පාර්ලිමේන්තුවේ කථානායක ධූරය තේරීම \nඑවැනි එක් තීරණාත්මක අවස්ථාවකි. ඉදිරි ජනාධිපතිවරණයේ ප්\u200dරතිඵලය කුමක් වුවත්\n හෙළ උරුම ව්\u200dයාපෘතිය මෙතැනින් අවසාන වනු ඇත. මේ එහි කූටප්\u200dරාප්තියයි. එහි \nඅවසාන පිම්මයි. ඒ පිම්ම ඔවුන් පිටුපස සිටින විජාතික බලවේගවලට ඉතා වැදගත් \nපිම්මකි.\u003cbr /\u003e\n\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-shJQ7b1tPLU/VHtXi7KBYeI/AAAAAAAABX8/LbQFapFx88Q/s1600/2151.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-shJQ7b1tPLU/VHtXi7KBYeI/AAAAAAAABX8/LbQFapFx88Q/s1600/2151.jpg\" height\u003d\"256\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003ca href\u003d\"http://www.lankadeepa.lk/index.php/top_story/279084\"\u003eමෛත්\u200dරිපාල මහා දෙසැම්බර් 1 වන දින පොදු විපක්ෂයේ පක්ෂ සහ පුද්ගලයන් අතර අත්සන් කළ ගිවිසුමේ ප්\u200dරධානම කරුණක් මතු වෙයි.\u003c/a\u003e\n එය නම් විධායක ජනපති ධූරය අහෝසි කර පාර්ලිමේන්තු පාලන ක්\u200dරමයක් ඇති කරන \nබවය. එවැනි පාලන ක්\u200dරමයක විධායක බලය පැවරෙනුයේ අගමැතිවරයා ප්\u200dරමුඛ කැබිනට් \nමණ්ඩලයටය.\u0026nbsp;\u003ca href\u003d\"https://www.youtube.com/watch?v\u003df7VgUw7PMnE\" target\u003d\"_blank\"\u003eමෙහිදි රනිල් අගමැති කරන කතාව ඔහු කිවේ පළමු මාධ්\u200dය හමුවේදීය\u003c/a\u003e. පසුව ඔහු ඒ ගැන එතරම් කතා නොකළ අතර එමගින් සිංහල ඡන්ද කැඩීම වැළක්විම එයට හේතුව විය හැකිය. \u003ca href\u003d\"http://www.lankadeepa.lk/index.php/top_story/279418\" target\u003d\"_blank\"\u003eකෙසේ\n වෙතත් \u0026nbsp;දෙසැම්බර් 2 දින මෛත්\u200dරිපාල මහතාට සහය දීමට ගත් එකගතාවයේදී හෙළ \nඋරුමයේ චම්පික රණවක මහතාද රනිල් අගමැති වීම ගැන සදහන් කර ඇත\u003c/a\u003e. එජාපය \nමෛත්\u200dරිපාල මහතාට සහය දෙන්නේ නිකම් විය නොහැකිය. මේ නිසා මෛත්\u200dරිපාල මහතා \nපොදු විපක්ෂය සමග ඇති කරගෙන තිබෙන එකගතාවය අනුව සිදු වීමට වඩාත්ම ඉඩ ඇති \nදෙය නම් රනිල් අගමැති ධූරය උසුලන පාර්ලිමේන්තු බලය ඇති ආණ්ඩුවක මෛත්\u200dරිපාල \nනාමික ජනාධිපතිවරයෙකු වීමය. 2001-2003 සමයේ විරුද්ධ පක්ෂයේ විධායක ජනපති \nකෙනෙක් සිටින විට පවා රනිල් කටයුතු කළ ආකාරය සලකන විට මෙවැනි ආණ්ඩුවක \nක්\u200dරියාකලාපය කෙසේ වේදැයි නිගමනය කිරිමට අංජනම් එළි බැලීමට අවශ්\u200dය නොවේ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\nදෙමළ බෙදුම්වාදයේ සංරචක තුනක් ඇත. එ් යුධමය, දේශපාලනමය, සහ මතවාදීමය සංරචක \nතුනයි. මෙයින් යුධමය සංරචකය නන්දිකඩාල් කලපුවේදී පැරදුනි. මතවාදී සංරකයද අද\n එතරම් ශක්තිමත් නොවේ. එහෙත් දේශපාලන සංරචකය ටිකෙන් ටික ඉන් පසුව වර්ධනය \nවිය. උතුරු පළාත් සභාව පිහිටුවීම එහි ප්\u200dරධාන සන්ධිස්ථානයකි. එහෙත් මහින්ද \nරාජපක්ෂ ජනාධිපතිවරයා එයට රිසිසේ ක්\u200dරියාත්මක වීමට ඉඩ නොදුන්නේය. මහින්ද \nබෙදුම්වාදයේ දේශපාලන සංරචකය ආපස්සට හැරවීමට ප්\u200dරමාණවත් පියවර ගත්තේ නැතැයි \nඅපි සිතමු. අනෙක් අතට ඔහු එය වර්ධනය වීමට ඉඩ දුන්නේද නැත. ඔහු උතුරු පළාත් \nමහ ඇමතිවරයා ඉල්ලු පරිදි ආණ්ඩුකාරවරයා මාරු කිරීමට මෙන්ම යුධ හමුදාව ඒ \nපළාත්වලින් ඉවත් කිරීමටද විරුද්ධ විය. ඔහු යටතේ ඉඩම් සහ පොලිස් බලතල පළාත් \nසභාවලට නොලැබුනි. රනිල් යටතේ එන ආණ්ඩුවකින් මේ තත්වය සහමුලින්ම වෙනස් වීමට \nඉඩ ඇති බව අපේ විශ්වාසය වෙයි. එය 2001-2003 අත්දැකීම් මත එන නිගමනයකි.\u003cbr /\u003e\n\u003cbr /\u003eරනිල් වික්\u200dරමසිංහ අගමැති ධූරය දරන ආණ්ඩුවකින් පහසුවෙන් බෙදුම්වාදයේ \nදේශපාලන සංරචකය දැනට වඩා සිය ගුණයකින් ශක්තිමත් විය හැකි බව අපේ හැගීමය. \nඑහි පළමු පියවර 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්\u200dරියාත්මක කිරීම (ඉඩම් සහ \nපොලිස් බලතල පළාත් සභාවලට ලබා දීම), උතුරු සහ නැගෙනහිර පළාත්වල \nආණඩුකාරවරුන් මාරු කර බෙදුම්වාදයට හිතැති පුද්ගලයන් පත් කිරීම, උතුරු සහ \nනැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කිරීම, උතුරු සහ නැගෙනහිර පළාත්වලින් හමුදාව \nඉවත් කිරීම වැනි දෑ විය හැකිය. ඇත්තටම මේ ඉල්ලීම් කාලයක පටන් ඉදිරිපත් \nවෙයි. පාර්ලිමේන්තු ක්\u200dරමය යටතේ එන රනිල්ගේ ආණ්ඩුවක්, විධායක ක්\u200dරමය යටතේ \nඇති මහින්දගේ ආණ්ඩුවකට වඩා මේ ඉල්ලීම්වලට එකග වීමේ සම්භාවිතාව ඉතා වැඩිය. \nමෙහි ඊළග පියවර අභ්\u200dයන්තර ස්වයං පාලනය ඉල්ලීමයි. මේ අභ්\u200dයන්තර ස්වයං පාලනය \nඅවුරුදු කිහිපයකින් ජනමත විචාරණයකින් වෙන් වීම පහසුවෙන්ම සිදුවිය හැක්කකි. \nචන්ද්\u200dරිකාගේ පැකේජයේද එවැනි යෝජනා අන්තර්ගතව තිබිණි. ඇත්තවශයෙන්ම \u003ca href\u003d\"https://www.youtube.com/watch?v\u003d6StAUE9LI6s\" target\u003d\"_blank\"\u003eචන්ද්\u200dරිකා මෛත්\u200dරිපාලගේ මාධ්\u200dය සාකච්ඡාවේදී තම පැකේජය ගැනද කිහිපවරක්ම මතක් කිරීම බළලා මල්ලෙන් එළියට පැනීමකි \u003c/a\u003e\u0026nbsp;(38 මිනිත්තුවේ සිට බලන්න)\u0026nbsp;(මාධ්\u200dය සාකච්ඡාවේදී ඇගේ එක් විවේචනයක් වූයේ මහින්ද මේවා ගැන ප්\u200dරමාණවත් උනන්දුවක් නොදැක්වූ බවය). \u003ca href\u003d\"http://www.vfmradio.lk/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F-%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83/#\" target\u003d\"_blank\"\u003eඑසේම\n පොදු අපේක්ෂකයාගේ එකගතාවය අත්සන් කරන රැස්වීමේදී චන්ද්\u200dරිකා කලකට පසු පොදු\n අපේක්ෂකයා මාර්ගයෙන් ‘සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන එක්සත් \nලංකාවක්‘ පිහිටුවන බවට ප්\u200dරතිඥා දුන්නාය.\u003c/a\u003e පොදු අපේක්ෂකයාගේ කර මතින් බිහිවන නව ආණ්ඩුව ඒකීය රාජ්\u200dයය වෙනුවෙන් පෙනී නොසිටින බව පැහැදිලිය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nමේ ආකාරයට පියවරෙන් පියවර වෙනම රාජ්\u200dය බිහිවීම හිතලුවක් නොවන අතර \u003ca href\u003d\"http://en.wikipedia.org/wiki/South_Sudanese_independence_referendum,_2011\" target\u003d\"_blank\"\u003eනෝර්වේ මැදිහත්වීමෙන් දකුණු සුඩානයේද,\u003c/a\u003e එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමේන්\u003ca href\u003d\"http://en.wikipedia.org/wiki/East_Timorese_independence_referendum,_1999\" target\u003d\"_blank\"\u003e නැගෙනහිර ටිමෝරයේදී \u003c/a\u003eසිදු\n වූයේ මේ ආකාරයට ස්වයං පාලනය සහ ජනමත විචාරණ හරහා වෙන්වීමකි. එම රාජ්\u200dයය \nඊශ්\u200dරායල පන්නයේ දෙමළ ෆැසිස්ට්වාදී රාජ්\u200dයයක් වනු ඇති. එම නව රාජ්\u200dයය \nවිසින් දේශසීමා පුළුල් කිරීම සහ ජනපදකරණය හරහා ලංකාවේ ඉතිරි ටිකත් ගිල \nගැනීම හෙවත් ලංකාව දකුණු ආසියාවේ පලස්තීනය බවට පත්වීම කාලය පිළිබද \nප්\u200dරශ්නයක් පමණි. චෙල්වනායගම්ගේ ‘දැන් ටිකක්, පසුව හුගක්‘ න්\u200dයාය \nචෙල්වනායගම්ට පමණක් අනන්\u200dය වූවක් නොවේ. ඇත්ත වශයෙන්ම දෙමළ වර්ගවාදීන්ට \nමුලින්ම අවශ්\u200dය වූයේ මධ්\u200dයයේ එනම් ලංකා රාජ්\u200dයයේ බලය ලබා ගැනීමය. ජී.ජී. \nපොන්නම්බලම් රාජ්\u200dය මණ්ත්\u200dරණ සභාවේ 50ට 50 බලය ඉල්ලුවේ (මෙහිදි ඔහු කරේ \nසිංහල 50ක් සහ දෙමළ 50ක් ඉල්ලීම නොව දෙමළ 50ක් සහ සිංහල ඇතුළු අන් \nසියල්ලන්ටම 50ක් ඉල්ලීමකි) උතුරු නැගෙනහිර දෙපළාතට නොව මුළු ලංකාවටමය. \nචෙල්වනායගම් උතුරු නැගෙනහිර පළාත් සදහා වූ දෙමළ රාජ්\u200dයයක් යන ඉල්ලීමට පසු \nබැස්සේ \u0026nbsp;සර්වජන ඡන්ද බලය ලැබිමත් සමග රාජ්\u200dය මණ්ත්\u200dරණ සභාවේ බහුතරය සිංහල \nවූ පසු තව දුරටත් මධ්\u200dයයේ බලය ලබා ගැනීම ප්\u200dරායෝගික නොවන බව පැහැදිලි වූ \nපසුවය. යම් හෙයකින් උතුරු නැගෙනහිර දෙමළ රාජ්\u200dයය සාක්ෂාත් වුවහොත් දෙමළ \nවර්ගවාදීන් නැවතත් මුලටම යනු ඇත. බෙදුම්වාදීන් සහ වර්ගවාදීන් කප්පම්කරුවන් \nවැනිය. කප්පම් දීමෙන් කප්පම්කරුවන් සැනසිය හැකියැයි යමෙක් සිතන්නේ නම් ඒ \nමුළාවකි. එයින් සිදුවන්නේ කප්පම්කරුවන් වඩාත් ධෛර්යමත් වී වඩ වඩාත් කප්පම් \nඉල්ලීම සහ ලබාගැනීම පමණය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-2QkSQ1sKmL4/VH_SE1hlHKI/AAAAAAAABYk/Efzw6W54GnI/s1600/lead-National-Movement-for-Social-Justice.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-2QkSQ1sKmL4/VH_SE1hlHKI/AAAAAAAABYk/Efzw6W54GnI/s1600/lead-National-Movement-for-Social-Justice.jpg\" height\u003d\"193\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003eමෙය විය හැකි නරකම දෙය උනත් මේ සිදුවීම් පෙළ සිදුවීමට හොදටම ඉඩ ඇති බව අපේ හැගීමය. \u003ca href\u003d\"https://www.youtube.com/watch?v\u003doftcyIyeorY\" target\u003d\"_blank\"\u003eමෙතැනින්\u0026nbsp;දැක්වෙන්නේ ඉන්දියාවේ ප්\u200dරධානම පෙළේ දේශපාලන විශ්ලේෂකයන් සහ ක්\u200dරමෝපායන් සැලසුම් කරන්නන්ගේ සාකච්ඡාවකි\u003c/a\u003e\u003ca href\u003d\"https://www.youtube.com/watch?v\u003doftcyIyeorY\" target\u003d\"_blank\"\u003e.\u003c/a\u003e\n ඔවුන්ට අනුව ඉන්දියාවේ දේශපාලන අභිලාශයන්ට මහින්ද රාජපක්ෂ බාධාවකි. ඒ චීන \nමැදිහත්වීම නිසාත් ඊට අමතරව ඔවුන්ට අවශ්\u200dය ආකාරයට මහින්ද 13 වන සංශෝධනය හෝ \nඊටත් එහා ගිය බලය බෙදීමක් ක්\u200dරියාත්මක නොකරන නිසාත්ය (ඔවුන් කියන්නේ මහින්ද\n 13 ගැන බයිලා කියමින් ඔවුන්ව අන්දන බවය. එය අපේ පැත්තෙන් බලන කල මහින්දට \nකළ හැකි ලොකුම ප්\u200dරශංසාවකි). එසේම ලංකාවේ \u0026nbsp;ෆෙඩරල් ක්\u200dරමය ක්\u200dරියාත්මක \nකිරිමද ඔවුන්ට වැදගත් වෙයි. ඔවුන්ට අවශ්\u200dය ලංකාව තුළ ඔවුන්ට පාලනය කළ හැකි \nමට්ටමේ ෆෙඩරල් රාජ්\u200dයයකි. එහෙත් එය එතනින් නතර නොවෙයි. වරක් දෙමළ \nත්\u200dරස්තවාදීන්ට අනුග්\u200dරහය දක්වා තම රාජ්\u200dය නායකයා අහිමි කරගත් කෞටිල්\u200dයලාට \nනොවැටහෙන කරුණ නම් එම දෙමළ ෆෙඩරල් රාජ්\u200dයය වෙනම දෙමළ රාජ්\u200dයයක් බවට පත් වීම\n කාලය පිළිබද ප්\u200dරශ්නයක් පමණක් බවය. බටහිර රටවල භූමිකාව මෙහිදී වැදගත් \nවෙයි. මෙහි අවසන් \u0026nbsp;ප්\u200dරතිඵලය දීර්ඝකාලීනව ඉන්දියාවේ භෞමික අඛණ්ඩතාවයටද \nඑමගින් තර්ජනයක් එල්ලවීමය. සන්නද්ධ කැරැල්ලකදී මෙන් නොව, ලංකා ආණ්ඩුවේ \nඅනුමැතිය ඇතිව, බටහිර රටවල ආශිර්වාදය සහ මෙහෙයවීම මත සිදු වන බෙදුම්වාදී \nරාජ්\u200dය තාන්ත්\u200dරික ක්\u200dරියාවලිකයදී, ඉන්දියාවට ලංකාවේ වෙනම දෙමළ රාජ්\u200dයයක් \nබිහිවීම වැළැක්වීමට සෘජුව මැදිහත් වීමට ඇති අවකාශ අවම වෙයි.\u003cbr /\u003e\n\u003cbr /\u003eඅද එල්ටීටීඊ සංවිධානය භූමිකාවේ නැති වීම ඇත්තටම බෙදුම්වාදයේ දේශපාලන \nසංරචකයට වෙස්වළාගත් ආශිර්වාදයක් වෙයි. චන්ද්\u200dරිකාගේ පැකේජය හෝ රනිල්ගේ සාම\n ගිවිසුම් කාලයේ දුන් යෝජනා එල්ටිටීඊය පිළිගත්තානම් අද ඊළම බිහිවී හමාරය. \nඑහෙත් ෆැසිස්ට්වාදි දැඩි මතධාරී සංවිධානයක් වූ එල්ටිටීඊයට අවශ්\u200dය වූයේ සටන්\n කිරීමෙන්ම ඊළම දිනා ගැනීමටය. ඔවුන් සාකච්ඡා යොදා ගත්තේ තම යුධ ව්\u200dයාපාරයට \nඅරමුදල්, පිරිස් සහ සම්පත් රැස් කිරීමට අවකාශය සහ කාලය ලබා ගැනීමට පමණි. \nඑහෙත් ඔවුන්ට අනුරූපික සුඩාන සහ ටිමෝර බෙදුම්වාදී කණ්ඩායම් බටහිරයන්ගේ \nසැලසුමට එකග වී පියවරෙන් පියවර ගොස් වෙනම රාජ්\u200dයයක් දිනා ගත්හ. අද සිටින \nදෙමළ බෙදුම්වාදී දේශපාලකයන්ද එවැනි ක්\u200dරම ක්\u200dරමයෙන් වෙනම රාජ්\u200dයයක් දිනා \nගැනීමට එක පයින් කැමති වෙති. එයට අකුල්හෙලිමට එල්ටීටීඊයක් නොමැති වීම \nඔවුන්ට අමතර වාසියක් වෙයි. මෙහිදී මහින්ද ආණ්ඩුව කළ වරද නම් යුධ ජයග්\u200dරහණය \nමාකට් කරමින් ඡන්ද ගරමින් බෙදුම්වාදයේ දේශපාලන සංරචකය අමතක කිරීමය. යුධ \nජයග්\u200dරහණයෙන් දෑස් නිලංකාර වූ මහාජනතාවද බෙදුම්වාදයේ දේශපාලන සංරචකය නොතකා \nහැරි අතර ටික කලකින් යුධ ජයග්\u200dරහණයද ඔවුන්ට අමතක විය.\u003cbr /\u003e\n\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-xBZRjm4tD1g/VH_ex751kSI/AAAAAAAABY0/pUYjPEBp2H0/s1600/10003491_306708742867235_3575497349859427792_n%5B1%5D.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-xBZRjm4tD1g/VH_ex751kSI/AAAAAAAABY0/pUYjPEBp2H0/s1600/10003491_306708742867235_3575497349859427792_n%5B1%5D.jpg\" height\u003d\"266\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003eඅප හිතවත් ආචාර්ය නිර්මාල් රංජිත් සිය ෆේස්බුක් සටහනක දැක්වූ ආකාරයට (\u003cspan style\u003d\"background-color: white; color: #141823; font-family: Helvetica, Arial, 'lucida grande', tahoma, verdana, arial, sans-serif; font-size: 14.3999996185303px; line-height: 15.4559993743896px;\"\u003eලංකාවේ\n දේශපාලන ප්\u200dරධාන ධාරාව තුළ සිංහල-බෞද්ධ ජාතිකවාදයේ මධුසමය තීරණාත්මක ලෙස \nඅවසන් වී ඇත. එහෙත් දෘෂ්ටිවාදයක් ලෙස එහි ශක්තිය දුර්වල වී නැත. එමනිසා යලි\n දේශපාලන පුනරාගමනයකට හැකියාව ඇත. ඒ නිසා මේ තත්වය නිවැරදිව තක්සේරුකර අපතේ\n නොයැවීමට කටයුතු කිරීම අවශ්\u200dය වේ. - නිර්මාල් දේවසිරි - 27-11-2014)\u003c/span\u003e\u0026nbsp;මේ\n ඡන්දය සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේගයේ දේශපාලන බලය වළලා දැමිය හැකි \nඡන්දයකි. ඔහු පොදු අපේක්ෂක ව්\u200dයාපාරයේ මාධ්\u200dය ප්\u200dරකාශකයා ලෙස කටයුතු කළ \nඅයෙකි. යහපාලන සහ ප්\u200dරජාතන්ත්\u200dරවාදී කතා මේ බව වසා ගැනීමට ඇටවූ බොරු බයිලා \nපමණක් වෙයි. මේ ඡන්දයේද තීරක කාරණය වන්නේ ඒකීය රාජ්\u200dයයද නැද්ද යන්නය. එහෙත්\n එය තේරුම් ගැනීම අපහසු වන්නේ විජාතික බලවේග ජාතික සළුපිළි අැදගෙන ඉදිරිපත්\n විම නිසාය. නිර්මාල් මෙසේ කියන විට, චන්ද්\u200dරිකා එක්සත් ලංකාවක් ගැන කතා \nකරන විට, චම්පික මේ ඡන්දය ‘යහපාලනය ගැන ඡන්දයක් මිස ඒකීය හෝ ෆෙඩරල් භාවය \nපිළිබද ඡන්දයක් නොවේය‘ කියමින් සිංහලයන්ගේ ඇස්වලට වැලි ගසයි. කොහොමත් \nරනිල්ගේ ආණ්ඩුවකට සහය ගැනීමට නම් කුඩුකාරයන්ට සහ එතනෝල් කාරයන්ට ඇමති \nපට්ටම් සහ/හෝ මුදල් දීමට සිදුවෙයි. පොදු අපේක්ෂකයාගේ එකගතාවයේ ඇමති මණ්ඩල \nසීමාව හැලී අත්තේ සභාග ආණ්ඩුවකට මන්ත්\u200dරීරුන් බාගැනීමටනම් යළිත් වරක් ජම්බෝ\n කැබිනට්ටුවක් අවශ්\u200dය වන හෙයිනි.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eචම්පිකම කියන ආකාරයට මහින්දටද ඒ ආණ්ඩුවට එකතු විය හැකිය. එවිට චම්පික සතුව \nඇති මහින්දගේ ෆයිල් 1000ට සිදු වන්නේ කුමක්ද? එවිට මහින්දගේ ෆයිල් ටික සමග \nයහපාලනයද අමතක කර දැමීමට චම්පිකට සිදු වනු ඇත.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eමේ අවදානම් සහගත තත්වය \u0026nbsp;උදා වීමට ප්\u200dරධානම වගකිවයුතු පාර්ශව කීපයක් වෙයි. \nඉන් ප්\u200dරධානම පාර්ශවය නම් අන් කවරෙකුවත් නොව මහින්ද රාජපක්ෂමය. ඔහු පහුගිය \nඅවුරුදු 5 තුළ ගෙන ගිය පාලනය ලංකා ඉතිහාසයේ වඩාත්ම දූෂිත මෙන්ම ඥාති \nසංග්\u200dරහයෙන් අනූන පාලනයකි. එසේම කුඩු, එතනෝල්, කැසිනෝ ආදී දුරාචාරවලට උපරිම\n අනුග්\u200dරහ දැක්වූ පාලනයකි. නීතිය සම්පූර්ණයෙන්ම බිද වැට්ටවූ පාලනයකි. ඔහුගේ\n ආණ්ඩුවේ ආර්ථික ක්\u200dරමය කොමිස් අාර්ථික ක්\u200dරමයකි. සංවර්ධන ආකෘතිය කොමිස් \nසංවර්ධනයකි. ඔහුගේ සංවර්ධනයෙන් පොදු ජනතාවට වූ සෙතක් නැත. සිදුවූයේ ණය බර \nසහ ජීවන බර තව තවත් වැඩිවීමය. යුධ ජයග්\u200dරහණයෙන් ලත් ජනප්\u200dරියතාව ඔහු \nවේගයෙන් අහිමි කරගත්තේය. ඔහුගේ අසීමිත පවුල්වාදය නිසා ශ්\u200dරිලනිපය \nජ්\u200dයෙෂ්ඨයන් ඔහු හැර ගියහ. ශ්\u200dරිලනිපය දෙකඩ විය. එයින් වාසිය අත්වූයේ \nබෙදුම්වාදීන්ටය. එහෙත් ඔහුගේ එකම එක හොඳක් ඇත. ඒ බෙදුම්වාදයට ඉඩ නොතැබීමය.\n ඔහුගේ ඇති එකම හොඳ එයයැයි සිතමි. එහෙත් ඒ හොඳ ඉතා වැදගත් වෙයි. අප දකින \nආකාරයට වඩාත්ම වැදගත් වන්නේ එයයි. මන්ද ලංකා රාජ්\u200dයයේ අනාගත පැවැත්ම ඒ මත \nතීරණය වන හෙයිනි. දුෂණය හෝ නීතිය බිද වැටීම මෙන් නොව ඒකීය රාජ්\u200dය සමග කරන \nසෙල්ලමෙන් ආපසු හැරවිය නොහැකි සදාකාලික හානියක් සිදුවෙයි. ලංකා රාජ්\u200dයයේ \nපැවැත්මම අභියෝගයට ලක් වෙයි. මොනවා කරන්ඩත් රටක් තිබිය යුතුය. එහෙත් බොහෝ \nදෙනාට තම ඡන්දය ප්\u200dරකාශ කිරීමේදී ඒකීය රාජ්\u200dයය හැරෙන්නට අනිකුත් කාරණාද \nවැදගත් වෙයි. සමහර විට කවුරුන් බලයට පත්වුවත් ඒකීය රාජ්\u200dයයේ පැවැත්ම ගැන \nඅර්බුදයක් අනාගතයේ ඇති වන්නට ඉඩක් නැතැයි ඔවුන් සිතීමටද ඉඩ ඇත. එහෙත් ඒ එසේ\n නොවන බව අපේ අදහසය. \u003cbr /\u003e\n\u003cbr /\u003eපොදු විපක්ෂය බලයට පත්වුවත් මේ දුර්වලකම්වල ලොකු වෙනසක් වේයැයි අපි \nනොසිතමු. ඩඩිලි සිරිසේන අනාගත බැසිල් රාජපක්ෂ කෙනෙක් වීමේ ලකුණු පෙන්වා \nඇත. එසේම ආණ්ඩුවක් පිහිටුවිමට නම් මේ ඉන්න කැසිනෝ සහ කුඩු කාරයන් පිරිසම \nමුදල් හෝ ඇමතිකං පෙන්වා (සමහර විට මහින්ද ගාව තිබු ෆයිල්ම මේ අය බා ගැනීමට \nපාවිච්චි කිරීමට බැරි නැත. මේ නම් පශ්චාත් නූතන යහපාලනයකි!) මේ පැත්තට \nගැනීමට සිදුවෙයි. එවැනි තත්වයක යහපාලනය විහිලුවක් වෙයි. \u0026nbsp;2016 අප්\u200dරේල් වන \nවිට වත්මන් පාර්ලිමේන්තුවේ නිලකාලය අවසන් වුවත් පොදු විපක්ෂයේ එකගතාවයට \nඅනුව අවම වශයෙන් (උපරිම සීමාවක් දක්වා නැත) අවුරුදු 2ක් රනිල්ගේ සභාග \nආණ්ඩුව පවතිනු ඇත. එනම් කුමන හෝ ගේමක් ගසා පාර්ලිමේන්තු ඡන්දය කල් දමා \nගැනිමක් අපට බලාපොරොත්තු විය හැකිය. මේ ක්\u200dරියාදාමයේ අවසන් ප්\u200dරතිඵලය ලංකා \nඉතිහාසයේ ලොකුම දේශපාලන පරාජිතයා කිසිදු ජනවරමක් නැතිව ලංකාවේ අනාගතය තීරණය\n කරන චරිතය බවට පත් වීමය. මහාජනතාව ඡන්දයෙන් පත් කළ ආණ්ඩුව සහ විධායක \nජනාධිපතිවරයා වෙනුවට වෙනත් පිරිසක් රට පාලනය කිරීමය. මෙහි ඇති \nප්\u200dරජාතන්ත්\u200dරවාදයක් නම් නැත. මෙය සිදුවුවහොත් ඇත්තටම එය ලංකා ඉතිහාසයේ \nලොකුම ප්\u200dරජාතන්ත්\u200dර විරෝධී ක්\u200dරියාව වනු ඇත.\u003cbr /\u003e\n\u003cbr /\u003eමේ තත්වයට වගකිව යුතු අනිත් පාර්ශවය නම් ජාතික බලවේගවලම න්\u200dයායාචාර්යවරුය. \nවිශේෂයෙන්ම ආචාර්ය නලින් ද සිල්වා පහුගිය කාලයේ මහින්ද රාජපක්ෂට කොන්දේසි \nවිරහිත සහයක් දැක්වීය. වඩා විවේචනාත්මක සහයක් දුන්නේනම් මහින්ද ඊට අනුව තම \nපිස්සු කෙළීම ටිකක් හෝ අඩු කරගැනීමට ඉඩ තිබු බව අපේ හැගීමය. නමුත් සිදුවූයේ\n පනින රිලවුන්ට ඉණිමක් බදින්නාක් වැනි වැඩකි. මේ තත්වය විශේෂයෙන්ම මතු වූයේ\n රාජපක්ෂ ආණ්ඩුවේම කොටසක් මෙහෙයවිමෙන් සහ ආශිර්වාදයෙන් රට පුරා ක්\u200dරියාත්මක\n කෙරුණු මුස්ලිම් විරෝධී වැඩපිළිවලත් සමගය (මෙයට ආණ්ඩුවේම සමහර ඇමතිවරු පවා\n එදා විරුද්ධ වූහ). අලුග්තම ප්\u200dරහාරය එහි කූටප්\u200dරාප්තිය විය. ආචාර්ය නලින් ද\n සිල්වා මේ ක්\u200dරියාදාමය සාධාරණීකරණය කළ අතර එය වැරදි බව අපි එදා මෙන්ම අදද \nකියමු. එයින් රට තුළ වර්ගවාදයක් වර්ධනය වී රට අස්ථාවර විය. මුස්ලිම් ජනතාවද\n බෙදුම්වාදය සහ අන්තවාදය දෙසට වඩාත් තල්ලු විය. එදා මහින්දව මුස්ලිමුන්ට \nවිරුද්ධව උසි ගැන්වූ හෙළ උරුමය මෙන්ම 2010දී මහින්ද සමග සිටි මුස්ලිම් \nජනතාවද අද මහින්ද හැර දමා ඇත. තමන් රැවටුනු බව තේරෙන විට රාජපක්ෂවරු \nප්\u200dරමාද වැඩිය. දැන් නැවත තම සුවච කීකරු බොදු බල සේනාව ලවා වෙනත් වටයකින් \nප්\u200dරචාරණය \u0026nbsp;අරඹා ඇත. බොබසේනාව දැන් මුස්ලිම් විරෝධය අමතක කර දමා \nබෙදුම්වාදයට විරුද්ධ ස්ථාවරයකට යාම අහඹුවක් නොවේ. එහෙත් දැන් ප්\u200dරමාද \nවැඩිය. ගුණදාස අමරසේකර මහතා ආණ්ඩුවට විවේචනාත්මක සහයක් දුන් නමුත් ඔහුට \nප්\u200dරමාණවත් ඉඩක් මාධ්\u200dයවලින් නොලැබුනි. පොදුවේ ජාතික බලවේග මහින්දකරණය විම \nමේ තත්වය නිර්මාණය වීමට ප්\u200dරධාන හේතුවක් වූ බව අපි සිතමු.\u003cbr /\u003e\n\u003cbr /\u003eවිමල් වීරවංශ වැනි ජාතික බලවේග නියෝජනය කරනවාය කියන දේශපාලකයන්ද මහින්දගේ \nඅත්තනෝමතික වැඩපිළිවල වෙනස් කිරීමට කිසිදු ආකාරයට ප්\u200dරමාණවත් පීඩනයක් හෝ \nප්\u200dරතිරෝධයක් දුන්නේ නැත. බොහෝ විට අපි විමල් වීරවංශගෙන් දැක්කේ අවංක \nපීඩනයක් රාජපක්ෂ ආණ්ඩුවට එල්ල කිරීමට වඩා තිර රචනයකට අනුව කරන බොරු \nරගපෑමක්යැයි සිතිය හැකි තත්වයකි. ජාතිකවාදීය කියාගන්නා හෙළ උරුමයට මහින්දගේ වැරදි මතක් වූයේ ජනාධිපතිවරණය \nකිට්ටු වූ පසුවය. ඒ වන විටත් ඔවුන් සිටියේ පොදු අපේක්ෂකයා සමගය. 18වන \nසංශෝධනය හරහා ඒකාධිපතිත්වයක් නිර්මාණය කර රාජ්\u200dයය අසමතුලිත කර අස්ථාවර \nකිරීමට මේ සියලු පාර්ශව එදා මතවාදීව සහ දේශපාලනිකව සහය දුන්හ.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nදැන් තිබෙන ප්\u200dරශ්නය මේ තත්වය උඩ ජාතික බලවේග කුමක් කළ යුතුද යන්නය. ජාතික \nබලවේගවලට ඇති එක් විකල්පයක් නම් ජාතික බලවේග කඩේ යවන, ඒ ජාතික බලවේග සතුටු \nකිරීම පිණිසම බෙදුම්වාදයට ඉඩ නොදෙන මහින්දව දිගටම තබා ගැනීමය. අනෙක් \nවිකල්පය නම් ජාතික සළුපිළි පැළදගෙන එන සෘජු විජාතික බලවේග බලයට පත් කිරීමය.\n මේ ගැන තීරණයක් ගැනීම ඔබටම බාර කරමි. මහින්ද බලයට පත් වුවත් ඔහුගේ බලය \nඅඩුවනු ඇති බව මගේ හැගීමයි. මන්ද ශ්\u200dරිලනිපය දෙකඩ වූ තත්වයක් තුළ \nපාර්ලිමේන්තුව තුළ තමාට සහය පවත්වාගැනීමටත් දෝෂාභියෝග අනතුර අවම කිරීමටත් \nපෙර තරම්ම අත්තනෝමතික පාලනයට යාමට ඔහු පසුබට වනු ඇත. රාජපක්ෂ ආණ්ඩුවකට වඩා \nශ්\u200dරිලනිප ආණ්ඩුවකට වැඩි අවස්ථාවක් දීමට අකමැත්තෙන් වුවද ඔහුට සිදුවනු ඇත. \nඑය රටට හිතකරය. කෙසේ වෙතත් ජාතික බලවේගවල දිගු කාලින න්\u200dයායපත්\u200dරය විය \nයුත්තේ පුද්ගල චරිත වන්දනාවේ ගොස් ඇණ ගැනීමට වඩා ඒකීය රාජ්\u200dයය නොබිදිය හැකි\n ලෙස තහවුරු කරන ව්\u200dයවස්ථාවක් සහ නීති ක්\u200dරමයක්, ජාතික ආර්ථිකයක් සහ \nසදාචාරවත් සමාජයක් බිහිකරගැනීමය. ඒ සදහා වන මතවාදී සහ දේශපාලනික \nක්\u200dරියාවලියක් ඇරඹිමය. වඩා ප්\u200dරධාන විය යුත්තේ මතවාදය මිස පුද්ගලයන් නොවේ. \nඅපට අවශ්\u200dය ජාතික මතවාදයක් පසුපස පුද්ගල චරිත මෙහෙයවන ජාතික ව්\u200dයාපාරයක් \nමිස මතවාදය ‘බැක්පැක්‘ එකක දමාගෙන පුද්ගල චරිත පසුපස අන්ධ භක්තියෙන් (කඩේ) \nයන ජාතික ව්\u200dයාපාරයක් නොවේ. මේ අවුල ඇතිවීමට ප්\u200dරධාන හේතුවද එයමය. ඔබට යමක්\n විශ්වාස කිරීමට අවශ්\u200dය නම් විශ්වාස කළ යුත්තේ පුද්ගලයන් නොව මතවාදයන්ය. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-දර්ශන කස්තුරිරත්න\u0026nbsp; \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eයුතුකම සංවාද කවය\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003ewww.yuthukama.com\u003c/b\u003e\u003c/span\u003e\n\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/12/bedumwadeeAnathura.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/595927383679804524/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/12/bedumwadeeAnathura.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/595927383679804524"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/595927383679804524"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/12/bedumwadeeAnathura.html","title":"2015 ජනාධිපතිවරණය සහ බෙදුම්වාදයේ දේශපාලන සංරචකය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-fQkLj7ACQjE/VH_vqWLMbjI/AAAAAAAABZE/50EIlIr-iMQ/s72-c/Mahindmy3.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-504541343272907813"},"published":{"$t":"2014-11-09T22:08:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:37:36.718+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"චම්පික"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"හෙළ උරුමය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගම්මන්පිල"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහින්ද"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"}],"title":{"type":"text","$t":"ජනපතිවරණයේ දී හෙළ උරුමයේ උපාය"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-9HfeVdUrn44/VF-VCFTHerI/AAAAAAAABPM/Y61pNiV4STs/s1600/index.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"268\" src\u003d\"https://4.bp.blogspot.com/-9HfeVdUrn44/VF-VCFTHerI/AAAAAAAABPM/Y61pNiV4STs/s1600/index.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ශවකරුවෙකු ලෙස වසර නවයක් කටයුතු කළ ජාතික හෙළ උරුමය ඉදිරි ජනපතිවරණයේ දී සංධානයේ ඉවත් වන බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති. නමුත් සංධානයෙන් ඉවත් වී හෙළ උරුමයට ඇති විකල්ප පිළිබඳ බහුතරයක් ව්\u200dයාකූල වී ඇත. එබැවින් හෙළ උරුමයට ජනපතිවරණයේ දී කළ හැකි දෑ පිළිබඳ අපි විමසමු.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-a1UFosmAv6w/VF-VPgTWmBI/AAAAAAAABPU/ONn-FGIHsS8/s1600/champika_rajapakse.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-OpIou_2YDIE/VF-Ok6slF5I/AAAAAAAABOs/PK6OaIV8Y4I/s1600/UG82612A.jpg\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003c/a\u003e\u003cbr /\u003e 2005 ජනපතිවරණය ලංකාවට අතිශයින්ම වැදගත් වූවකි. දෙමළ ත්\u200dරස්තවාදය සමග සාකච්ඡා කරනු වෙනුවට යුදමය ලෙස පරාජය කිරීම තෝරා ගත්තේ 2005 දී පත් වුණු ජනපතිය. කොටි ත්\u200dරස්තවාදය පරාජය කළ නොහැකි බවට ජාතික සහ ජාත්\u200dයන්තර වශයෙන් ගොඩ නැගී තිබුණු මත වාදය පුස්සක් කරමින් වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුලත කොටි ත්\u200dරස්තවාදය පරාජය කිරීමට එම ආණ්ඩුවට හැකි විය. 2005ට පෙර ආණ්ඩු විශ්වාස කලේ ලංකාව සන්ධීය හෙවත් පෙඩරල් රාජ්\u200dයයක් බවට පෙරලීමෙන් දෙමළ බෙදුම්වාදය පරාජය කළ හැකි බවයි. නමුත් 2005 දී පත්වුණු ආණ්ඩුව විශ්වාස කලේ සන්ධීය රාජ්\u200dයයක් තුල දෙමළ බෙදුම්වාදය සවිමත් වන බවයි. එබැවින් ඉන්දියාවෙන් සහ ඇමෙරිකාවෙන් කුමන බලපෑම් එල්ල වුවත් ඒකීය රාජ්\u200dයය රැක ගැනීමට ආණ්ඩුව සමත් විය.\u003cbr /\u003e තම ප්\u200dරධාන ආදායමක් බවට පත් වී තිබුණු දුම්වැටි සහ මත්පැන් අලෙවිය සීමා කරන නීති ගෙන ඒම ද එම ආණ්ඩුව ඉටු කළ තවත් වැදගත් කාර්යභාරයකි. ක්\u200dරීඩා සඳහා මත්ද්\u200dරව්\u200dය සමාගම් කරන අනුග්\u200dරහයන් නැවැත්වීම, සියළුම ආකාරයේ මත්ද්\u200dරව්\u200dය ප්\u200dරචාරණය තහනම් කිරීම, ප්\u200dරසිද්ධියේ මත්ද්\u200dරව්\u200dය පාවිච්චිය තහනම් කිරීම, මත්පැන් බලපත්\u200dර නිකුත් කිරීම සීමා කිරීම සහ ආණ්ඩුවේ මන්ත්\u200dරිවරුන්ට තෑග්ගක් ලෙස ලබා දුන් මත්පැන් අලෙවිසැල් බලපත්\u200dර නවතා දැමීම “මතට තිත“ සංකල්පය යටතේ සිදුවිය. එමෙන්ම ආණ්ඩුවේ ලාභ ලබන ආයතන කුණු කොල්ලයට පෞද්ගලිකරණය නැවැත්වීම ද ආණ්ඩුවෙන් සිදු වුණු තවත් වැදගත් සේවාවකි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-a1UFosmAv6w/VF-VPgTWmBI/AAAAAAAABPU/ONn-FGIHsS8/s1600/champika_rajapakse.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"258\" src\u003d\"https://3.bp.blogspot.com/-a1UFosmAv6w/VF-VPgTWmBI/AAAAAAAABPU/ONn-FGIHsS8/s1600/champika_rajapakse.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eමෙම ජයග්\u200dරහණ සියල්ලටම හේතු වූයේ හෙළ උරුම සංධානය සමග ඇති කර ගත් එකඟතාවයේ කොන්දේසිය. ඒකීය රාජ්\u200dය සුරැකීම සහ ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය නැවැත්වීම එකී ගිවිසුමේ මූලික කොන්දේසි විය. කොටි ත්\u200dරස්තවාදය සටන් විරාම ගිවිසුම කඩ කළහොත් යුදමය ප්\u200dරතිචාර දැක්වීම දෙපාර්ශවය අතර ඇති වුණු අලිඛිත එකඟතාවය විය. ජාත්\u200dයන්තර බලපෑම් හමුවේ එය ගිවිසුමේ කොන්දේසියක් කිරීමට සංධානය මැලි විය. මාවිල් ආරු සොරොව්ව වසා දමා කොටි සටන් විරාමය බරපතල ලෙස උල්ලංඝණය කළ විට හෙළ උරුම නායකයින් මාවිල් ආරු බලා පා ගමනක් ඇරඹුවේ එම එකඟතාවය අනුව සටන් ඇරඹීමට ආණ්ඩුවට බල කරමිනි. හෙළ උරුමයේ එම ඓතිහාසික පා ගමන කොටි සංවිධානයේ අවසානයේ ආරම්භය සනිටුහන් කළ ජයග්\u200dරාහී යුද්ධයට ආණ්ඩුව තල්ලු කෙරිණි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e හෙළ උරුමය විසින් “මතට තිත“ ව්\u200dයාපෘතිය “මහින්ද චින්තන“ ප්\u200dරතිපත්ති ප්\u200dරකාශයට ඇතුළත් කළා පමණක් නොව එය \u200dක්\u200dරියාත්මක කිරීමට අවශ්\u200dය නීති ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පසුගිය අට වසර තුල ලංකාවේ දුම්වැටි භාවිතය 30%කින් පහත වැටුණේ මෙම ව්\u200dයාපෘතිය හේතුවෙනි. එමෙන්ම ලංකාවේ සංචාරකයින්ගේ පැමිණීම ද ඒක පුද්ගල ආදායම ද තුන් ගුණයකින් ඉහළ ගිය පසුබිමකත් ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයෙන් ලෝකයේ 131 ස්ථානයේ සිටීමට ලංකාවට හැකි වූයේ ද මෙම ව්\u200dයාපෘතිය හේතුවෙනි.\u003cbr /\u003e\u003cbr /\u003e 2005 ජනපතිවරණය ආසන්නයේ දී ජාතික හෙළ උරුමය විසින් නුගේගොඩ දී ප්\u200dරසිද්ධ රැස්වීමක් පවත්වා සංධානයට සහය පළ කිරීමට ඉදිරිපත් කළ කොන්දේසි හේතුවෙන් රටට දැවැන්ත ජයග්\u200dරහණ අත් කර ගැනීමට හැකි විය. 2005 දී අත්සන් කළ ගිවිසුමේ ප්\u200dරගතිය සළකා 2010 දී ගිවිසුමකින් තොරව සංධානයට සහය පළ කිරීමට හෙළ උරුමය තීරණය කරන ලදී. නමුත් ජාතික හෙළ උරුමයේ අපේක්ෂාවන් 2010 දී ඉදිරිපත් කළ “මහින්ද චින්තන ඉදිරි දැක්ම“ට අඩංගු කෙරිණි. එකී ගිවිසුම ඉදිරි ජනපතිවරණය ප්\u200dරකාශයට පත් කිරීමෙන් අවසන් වේ. එබැවින් ජාතියට ජයග්\u200dරහණ ගෙනෙන නව කොන්දේසි සමූහයකට ජනපති රාජපක්ෂ එකඟ කර ගැනීම හෙළ උරුමයේ අපේක්ෂාවයි.\u003cbr /\u003e දූෂණ විරෝධි ආයතන සවිමත් කිරීම, ජනපති ධූරයේ බලතල අඩු කිරීම සහ මනාප ඡන්ද ක්\u200dරමය අහෝසි කර ඒ වෙනුවට සමානුපාතික සහ කොට්ඨාශ යන දෙවර්ගයම මුසු ක්\u200dරමයක් ස්ථාපිත කිරීම හෙළ උරුමයේ යෝජනා අතර වේ. මෙම යෝජනාවන්හි සෘජු ඉලක්කය වී ඇත්තේ ජනපති මහින්දයි. ඒ මෙම යෝජනා ක්\u200dරියාත්මක කිරීම සඳහා අවශ්\u200dය විධායක බලය ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය ද ඔහු සතු බැවිණි. වෙනත් අයෙකු මෙම යෝජනා වලට එකඟ වුවත් ඔහුට කළ හැක්කේ තම ප්\u200dරතිපත්ති ප්\u200dරකාශයට මෙම යෝජනා අඩංගු කිරීම පමණි. එවැනි අපේක්ෂකයෙකු ජයග්\u200dරහණය කළත් මෙම යෝජනා ක්\u200dරියාත්මක කිරීමට අත්\u200dයාවශ්\u200dය පාර්ලිමේන්තු තුනෙන් දෙකේ බලයක් ඔහු සතු නොවේ. එවැනි බලයක් සමානුපාතික ක්\u200dරමය යටතේ කිසිම අයෙකුට ලබා ගැනීමට ද නොහැක. මෙම පසුබිම තුල වඩාත් ප්\u200dරායෝගික වන්නේ මෙම යෝජනා ජනපති මහින්ද මගින් ක්\u200dරියාත්මක කිරීමට වෑයම් කිරීමයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e ඉහත විස්තර කළ අයුරින් අනෙකුත් අපේක්ෂකයින්ට මෙන් නොව ජනපති මහින්දට පෙරොන්දු ලබා දෙනු වෙනුවට පොරොන්දු ඉටු කිරීමට අවශ්\u200dය බලය තිබේ. නමුත් ගැටළුව වී ඇත්තේ එම පොරොන්දු ඉටු කරයි ද යන්නයි. රටේ ඒකීයභාවය සුරැකීම සහ සංවර්ධනය යන ක්ෂේත්\u200dරයන්හි ජනපති මහින්ද දැවැන්ත ජයග්\u200dරහණ ජාතියට ලබා දී ඇත. නමුත් ඔහු දුර්වලව කටයුතු කර ඇත්තේ යහ පාලනය ක්ෂේත්\u200dරයේය. 2005 දී හෙළ උරුමයට ද 2010 දී සමස්ත ජාතියට ද පොරොන්දු වූයේ විධායක ජනපති ධූරයේ බලතල කප්පාදු කිරීමටයි. නමුත් එය කිසිම අයුරකින් සිදු නොවිණි. එමෙන්ම මැතිවරණ කොමිසම ස්ථාපිත නොකෙරුණු අතර දැනට ක්\u200dරියාත්මක වන්නේ ඵලදායී නොවන දූෂණ විරෝධි කොමිසමකි. එබැවින් හෙළ උරුමය මෙම ක්ෂේත්\u200dරයේ සිදු කිරීමට අපේක්ෂා කරන සංශෝධන හුදු මැතිවරණ ප්\u200dරකාශනයක අඩංගු කිරීම ප්\u200dරමාණවත් නොවේ. ජනපති මහින්ද මෙම යෝජනා අතුරෙන් වැදගත්ම යෝජනා කිහිපයක් ජනපතිවරණයට පෙර සිදු කර තම සද්භාවය පෙන්නුම් කළ යුතුය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e අද බොහෝ දෙනෙක් මතු කරන ප්\u200dරශ්නයක් තිබේ. ඒ ජනපති මහින්ද ඉහත යෝජනා පිලි නොගත්තොත් හෙළ උරුමයට කළ හැක්කේ කුමක්ද? ජනපතිවරණයට පෙර කිසිම යෝජනාවක් ක්\u200dරියාත්මක නොකළොත් හෙළ උරුමයට ගත හැකි විකල්ප තිබේ ද? හෙළ උරුමය මහ හඩින් ගර්ජන කළත් මහින්ද හැර වෙනත් විකල්පයක් හෙළ උරුමයට තිබේ ද? රනිල් වික්\u200dරමසිංහට සෘජුව හෝ වක්\u200dරව සහය පළ කිරීමට හෙළ උරුමයට හැකි ද? ජනතාව මතු කරන මෙම ප්\u200dරශ්න වලට පිළිතුරු සපයා ගත යුතුය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e ජනපති මහින්ද හෙළ උරුමයේ ඉල්ලීම් ඉටු නොකළොත් හෙළ උරුමයට ඇති එකම විකල්පය රනිල් වික්\u200dරමසිංහ මහතාට සහය දීම නොවේ. ඒ වෙනුවට තෙවන අපේක්ෂකයෙකුට සහය ලබා දීමට හෙළ උරුමයට හැකිය. ජනපතිවරණය ද්විත්ව සටනකි. එබැවින් කුඩා පක්ෂ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු වෙනුවට වඩාත් ප්\u200dරිය කරන්නේ ජය ගත හැකි අපේක්ෂකයෙකුට සහය පළ කිරීමටයි. නමුත් විවිධ හේතු මත මේ බලවේග සහ පක්ෂ වික්\u200dරමසිංහ මහතාට සහය පළ කිරීමට මැලි වෙති. බොහෝ පක්ෂ මෙන්ම වෘත්තීය සහ වෘත්තීය සමිති බලවේග අපේක්ෂා කලේ විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකුට සිය සහය පළ කිරීමටයි. දැවැන්ත ව්\u200dයවස්ථා ප්\u200dරතිසංස්කරණ යෝජනාවලියක් සමග මාදුළුවාවේ සෝභිත නාහිමි පෙරට පැමිණි අවස්ථාවේ දී මෙම බලවේගයන්හි බලාපොරොත්තු දැල් වී තිබිණි. නමුත් එජාපය විසින් රනිල්ගේ අපේක්ෂකත්වය ප්\u200dරසිද්ධ කරමින් එම අපේක්ෂාවන් සුන් කරන ලදී. ජවිපෙ සහ ප්\u200dරජාතන්ත්\u200dරවාදි පක්ෂය ජනපතිවරණ වර්ජනයකට සැරසෙන්නේ සියළු දෙනාට සහය දිය හැකි පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තිබුණු අවස්ථාව එජාපය විසින් විනාශ කළ බැවිනි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e පසුගිය වසර නවය තුල ලංකාවේ මධ්\u200dයම පන්තිය පස් ගුණයකින් පමණ වර්ධනය වුණු බව මීට පෙර අපි පෙන්වා දුන්නෙමු. සංධානය මෙන්ම එජාපය ද පිළිබඳ කළකිරී සිටින්නේ මෙම පිරිසයි. පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී ජවිපෙට සහ ප්\u200dරපට 14%ක තීරණාත්මක ඡන්ද කුට්ටියක් ලබා දුන්නේ මෙම පිරිසයි. මෙම ඡන්ද කුට්ටිය ඉලක්ක කර ගනිමින් අනෙකුත් කුඩා පක්ෂ වල ද සහයෙන් යහ පාලනය තේමාව කරගත් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හෙළ උරුමයට හැකියාව ඇත. පරිසර හිතකාමිත්වය, යහ පාලනය, ධාර්මික බව සහ කළමනාකරණය යන ක්ෂේත්\u200dරයන්හි හෙළ උරුමය පෙන් වූ හැකියාව සහ කැපවීම මෙහි ලා සුදුසුකම්ය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003e ජවිපෙ සහ ප්\u200dරප පොදු අපේක්ෂක යෝජනාව ප්\u200dරතික්ෂේප කරතියි අපි මොහොතකට සිතමු. හෙළ උරුමයට තවත් විකල්පයක් ඇත. ඒ බොදු බල සේනා සහ සිහළ රාවය වැනි සිංහල බෞද්ධ සංවිධාන එකමුතු කර ගනිමින් නිහඬ බහුතරය වෙනුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමයි. 2004 දී ඇති වුණු බොදු රැල්ල හමුවේ හෙළ උරුමයට 5%ක් ඉක්මවා ඡන්ද හිමි විය. වත්මන් පිබිදීම ඊටත් වඩා තීව්\u200dර හෙයින් එවැනි අපේක්ෂකයෙකුට ඉහළ බලාපොරොත්තු තබා ගත හැක.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-OpIou_2YDIE/VF-Ok6slF5I/AAAAAAAABOs/PK6OaIV8Y4I/s1600/UG82612A.jpg\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"268\" src\u003d\"https://4.bp.blogspot.com/-OpIou_2YDIE/VF-Ok6slF5I/AAAAAAAABOs/PK6OaIV8Y4I/s1600/UG82612A.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eතෙවන අපේක්ෂකයෙකුගේ පැමිණීමෙන් මහින්ද පරදවා රනිල් ජය ගනු ඇතැයි සමහරෙක් බිය පළ කරති. ඇත්තෙන්ම තෙවන අපේක්ෂකයෙකු සමස්ත ඡන්ද ගණනින් 3.5%ක් හෙවත් ලක්ෂ 5ක් ගන්නේ නම් ජනපතිවරණයේ ජයග්\u200dරාහකයා කවුදැයි එතරම් වැදගත් නොවේ. ජනපතිවරණය වැනි ධ්\u200dරැවිකරණය වූ ඡන්දයක දී එවැනි අපේක්ෂකයෙකු ලක්ෂ 5ක් ලබා ගන්නේ නම් ඊ ළඟට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අනිවාර්රයෙන් ඒ බලවේගය ඡන්ද ලක්ෂ 8ක් ලබා මන්ත්\u200dරි ධූර 15ක් පමණ ලබා ගනු ඇත. එවිට කවුරුන් ජනපති වුවත් ඒ ආණ්ඩුවේ දුරස්ථ පාලකය තිබෙන්නේ මෙම තෙවන බලවේගය අතේය. ඇත්තෙන්ම රට පාලනය කරන්නේ ඔවුන්ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉහත දැක්වූ විකල්ප අපට භාවිතා කිරීමට සිදු වන්නේ ව්\u200dයුහමය වෙනසකට ජනපති මහින්ද එකඟ නොවුණොත් පමණි. තුනෙන් දෙකේ ව්\u200dයවස්ථාදායක බලය මෙන්ම විධායක බලය ද අත ඇති ජනපතිවරයා දැවැන්ත සමාජ පෙරලියකට එකඟ කර ගැනීම ජාතියට ජයග්\u200dරහණ ගෙන ආ හැකි පහසුම ක්\u200dරමයයි.\u003cbr /\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"https://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" /\u003e\u003c/a\u003e\u003cbr /\u003e-උදය ප්\u200dරභාත් ගම්මන්පිල\u003cbr /\u003eප්\u200dරදීපය – ලංකාදීප | 2014.10.16\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003c/span\u003e \u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003c!-- Facebook share button Start --\u003e\n\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/11/HelaUrumayeUpaya.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003c!-- Facebook share button End--\u003e\n\n\n\n\u003c!-- Blogger automated replacement: \"https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url\u003dhttp%3A%2F%2F3.bp.blogspot.com%2F-a1UFosmAv6w%2FVF-VPgTWmBI%2FAAAAAAAABPU%2FONn-FGIHsS8%2Fs1600%2Fchampika_rajapakse.jpg\u0026amp;container\u003dblogger\u0026amp;gadget\u003da\u0026amp;rewriteMime\u003dimage%2F*\" with \"https://3.bp.blogspot.com/-a1UFosmAv6w/VF-VPgTWmBI/AAAAAAAABPU/ONn-FGIHsS8/s1600/champika_rajapakse.jpg\" --\u003e\u003c!-- Blogger automated replacement: \"https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url\u003dhttp%3A%2F%2F4.bp.blogspot.com%2F-OpIou_2YDIE%2FVF-Ok6slF5I%2FAAAAAAAABOs%2FPK6OaIV8Y4I%2Fs1600%2FUG82612A.jpg\u0026amp;container\u003dblogger\u0026amp;gadget\u003da\u0026amp;rewriteMime\u003dimage%2F*\" with \"https://4.bp.blogspot.com/-OpIou_2YDIE/VF-Ok6slF5I/AAAAAAAABOs/PK6OaIV8Y4I/s1600/UG82612A.jpg\" --\u003e\u003c!-- Blogger automated replacement: \"https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url\u003dhttp%3A%2F%2F4.bp.blogspot.com%2F-9HfeVdUrn44%2FVF-VCFTHerI%2FAAAAAAAABPM%2FY61pNiV4STs%2Fs1600%2Findex.jpg\u0026amp;container\u003dblogger\u0026amp;gadget\u003da\u0026amp;rewriteMime\u003dimage%2F*\" with \"https://4.bp.blogspot.com/-9HfeVdUrn44/VF-VCFTHerI/AAAAAAAABPM/Y61pNiV4STs/s1600/index.jpg\" --\u003e\u003c!-- Blogger automated replacement: \"https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url\u003dhttp%3A%2F%2F3.bp.blogspot.com%2F-Lm-kEGInK54%2FUqfm-IhB5zI%2FAAAAAAAAASY%2FjaGKtWeHSPQ%2Fs1600%2FYuthukama-sealFinal.jpg\u0026amp;container\u003dblogger\u0026amp;gadget\u003da\u0026amp;rewriteMime\u003dimage%2F*\" with \"https://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" --\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/504541343272907813/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/11/HelaUrumayeUpaya.html#comment-form","title":"3 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/504541343272907813"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/504541343272907813"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/11/HelaUrumayeUpaya.html","title":"ජනපතිවරණයේ දී හෙළ උරුමයේ උපාය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-9HfeVdUrn44/VF-VCFTHerI/AAAAAAAABPM/Y61pNiV4STs/s72-c/index.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"3"}}]}});